DRIVING LICENSE එක RENEW කරන්න

kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    1587118687-Validity-of-expiring-driving-licenses-extended-till-end-of-COVID-19-pandemic-L.jpg


    මගේ ලයිසන් එක එක්ස්පයර් වෙනව ලබන සතියෙ .
    මෙඩිකල් එක කරගන්න ඔන්ලයින් බුකින් එකක් දාගත්ත නුවර YMBA එකේ තමා තියෙනව කියන්නෙ .

    යද්දි මොනවද එතනට කලින් අරන් යන්න ඕනි. කච්චෙරියෙන් එහෙම මොනාහරි අරගෙන යන්න ඕනිද ?
     
    • Like
    Reactions: Ozone4

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පරණ ඩ්‍රයිවින් ලයිසන් එක (Old Version) සේම් ඩීටේල්ස් දාලා Old Version එක වගේම ප්‍රින්ට් කරගන්න විදිහක් නැද්ද?
     
    • Dislike
    Reactions: nicjosh83

    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    • Like
    Reactions: kasun090354t

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උබට හදිස්සියක්ම උනත් rmv වේරහැර නම් මේ දවස් වල යන්න එපා මට බඩු පැකට් උනා ඕකට ගිහින් corona අඩු උනාම පලයන් 🙂
     
    • Like
    Reactions: Roxxy2K

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    NIC එක (අපැහැදිලි නම් විදේශ ගමන් බලපත ගෙනියන්න)
    පරණ license එක
    පෑනක් (රටේ දැන් තත්වය අනුව)
    කකුල් උඩට කරලා නවන්න පුළුවන් කලිසමක් ඇදන් යන්න. නැත්නම් වාතයක් වෙනවා.
    Online booking එක දානකොට සල්ලි ගෙවුවේ නැත්නම් මුදල් අරගෙන යන්

    මෙඩිකල් එක අරගෙන එදාම license එක මෝටර් රථ එකට භාර දෙනවනම් අළුත් කරන්න කලු පෑනක් අරගෙන යන්න අනිවාර්යෙන්ම. මෝටර් රථ එකෙන් දෙන application එක පුරවන්න ඕන කලු පෑනකින් විතරයි
    Photo කෑලී 3ක් ඕණ මෝටර් රථ එකට භාර දෙනකොට



    සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම​

    • අයදුම්කරු පෞද්ගලිකව පෙනීසිටිය යුතුය.
    • අයදුම්කරු වයස අවුරුදු 17 සම්පූර්ණ කර සිටිය යුතුය.
    • ජාතික හැදුනුම්පත හෝ ජාතික හැදුනුම්පතේ අංකය ඇතුළත් වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය. (පද්ධතිය ජාතික හැඳුනුම්පත නිරීක්ෂණය කිරීම මගින් ක්‍රියාත්මක වේ)
    • අදාල ක්‍රියාවලිය තුළ දී අදාළ ඡායාරූප ලබා ගනු ඇති බැවින් ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවේ.
    • ඔබ දුර බැලීම සඳහා ඇස් කණ්නාඩි භාවිත කරන්නේ නම් ඒවා රැගෙන එන්න.
    • ඔබ කිසියම් රෝගයක් සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නේ නම් (උදා: දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදිය) නියමිත වේලාවට ඔබගේ ඖෂධ ලබා ගන්න.

    බර වාහන සඳහා නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම​

    • අයදුම්පත් දිනයට පෙර අවම වශයෙන් ගතවූ වසර 2 ක කාලයක් සඳහා සැහැල්ලු වාහන බලපත්‍ර (B සහ B1 වාහන පංති පමණක්) හිමියකු විය යුතුය.
    • ජාතික හැදුනුම්පත හෝ ජාතික හැදුනුම්පතේ අංකය ඇතුළත් වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය. (පද්ධතිය ජාතික හැඳුනුම්පත නිරීක්ෂණය කිරීම මගින් ක්‍රියාත්මක වේ.)
      • මෝටර් බස්රථ සහ මෝටර් ලොරි කාණ්ඩය සඳහා බලපත්‍ර ලබා ගැනීම සඳහා අඩි පහක අවම උසකින් යුක්ත විය යුතු ය.
      • බර වාහන රියදුරු බලපත්‍රය සඳහා ඉගෙනුම්/පුහුණු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්කරු වයස අවුරුදු 20 සපුරා සිටිය යුතුය.
      • බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්කරු වයස අවුරුදු 21 සම්පූර්ණ කර සිටිය යුතුය.

    රියදුරු බලපත්‍ර අළුත් කිරීම සඳහා​

    • පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ පැරණි රියදුරු බලපත්‍රය රැගෙන ආ යුතුය.

    අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම​

    • ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ අධිකරණය විසින් නිකුත් කරන ලද ලිපිය.
    • සේවාදායකයා බන්ධනාගාරයේ සිට ඉදිරිපත් කර ඇත්නම් ඔහු අත්අඩගුවට පත්ව පැමිණ සිටිය යුතුය.

    මාර්ග බලපත්‍රයක් ලබා ගැනීම​

    • පැහැදිලි ජාතික හැඳුනුම්පතක් හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ බර වාහන රියදුරු බලපත්‍රය රැගෙන යා යුතුය.

    වෛද්‍ය පරීක්ෂණය සඳහා රැගෙන ආ යුත්තේ මොනවාද?

    නව අයදුම්කරුවෙකු සඳහා නම්,
    • ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය.
    බලපත්‍රය අළුත් කිරීම සඳහා නම්
    • ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය
    • පැරණි රියදුරු බලපත්‍රය
    • ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය හෝ ඒ දෙකම නැතිවී ඇත්නම්, මාස හයක් ඇතුළත ලබා ගත් පොලිස් වාර්තාවක් රැගෙන එන්න. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත් රියදුරු බලපත්‍රයෙහි තොරතුරු රැගෙන එන්න.
    එය උසාවි යොමු කිරීමක් නම්
    • ජාතික හැඳුනුම්පත සහ උසාවිය හෝ රථවාහන පොලිසිය විසින් යොමු කරන ලද ලිපියක්.
    මාර්ග බලපත්‍රයක් සඳහා නම්
    • ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය

    ------ Post added on Aug 17, 2021 at 10:55 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,192
    113
    Gotland
    උබට හදිස්සියක්ම උනත් rmv වේරහැර නම් මේ දවස් වල යන්න එපා මට බඩු පැකට් උනා ඕකට ගිහින් corona අඩු උනාම පලයන් 🙂

    මගේ එක එක්ස්පයර් වෙලා මාස 10ක් වෙනව
    උබට මොකද උනේ වේරහැර ගිහිං ?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    1. මෙඩිකල් ටෙස්ට් එකට දිනයක් වෙලාවක් වෙන්කරගත්ත. NTMI website එකෙන් නැත්තන් E channeling website එකෙන් booking එකක් දාගන්න පුළුවන්. මං ගියේ නුගේගොඩට. Rs. 800යි ගාන. ටෙස්ට් කරන දවසට ආයේ සල්ලි ගෙවන්න ඕන නෑ. https://ntmi.lk/oas/ හෝ https://www.echannelling.com/.../--DRIVING-LICENCE...

    2. මට තිබුනේ 10.30 ට appointment එක. 10 වෙද්දී එතෙන්ට ගියා. ගිය ගමන් ඇතුලට ගත්තා. මතක ඇතුව පෑනක් අරන් යන්න. ගේට්ටුවෙන් ඇතුල් වෙලා 10m විතර යද්දී දකුණට දොරක් තියනවා. එකෙන් ඇතුල් වෙන්න. එතන තියන පලවෙනි කවුන්ටර් එකෙන් (Reception) appointment එකේ විස්තර හරිද කියල චෙක් කරලා උසයි බරයි බලල ටෝකන් එකක් දෙනවා.

    3. ඊළඟට registration. කවුන්ටර්ස් තුනක් විතර තියනවා. එතෙන්ට ගිහින් ටෝකන් එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. එතනදී phone number එක එහෙම submit කරන්න ඕනේ. Photo එකකුත් ගන්නවා එතන තියන Webcam එකකින්.

    4. ඊට පස්සේ blood test එක. ඒ තට්ටුවෙමයි lab එක තියෙන්නේ. කවුන්ටර්ස් 6ක් විතර තියනවා. එතනට ගිහින් ටෝකන් එකයි, ලයිසන් එකයි, NIC එකයි දෙන්න තියෙන්නේ. ඇගිල්ලට පොඩි කට්ටකින් විදිනවා විතරයි. Blood sample එක ආරගත්තට පස්සේ එතන වැඩේ ඉවරයි.

    5. ඊට පස්සේ උඩ තට්ටුවට යන්න ඕනේ physical examination එකට. උඩ තටුවට ගිහින් ඉඳගෙන ඉන්න තියෙන්නේ. අපේ ටෝකන් අංකෙ කතා කරනවා ටික වෙලාවකින්. Display නම් දාල තිබ්බේ නැහැ. හයියෙන් කෑගහනවා අංකෙ කියල 😉


    6. අංකෙ කතා කලට පස්සේ එක සැරේ 5ස් දෙනෙක් විතර doctor ගාවට එක්කන් යනවා. ගිහිල්ල ගැප් තියල හිටෝනවා. ඊට පස්සේ අතපය joints වැඩකරනවද, ඇස් පේනවද, කන් ඇහෙනවද කියල චෙක් කරනවා. මේ වෙනකොට අපේ printed medical certificate එක doctor ගාවට ඇවිල්ලා තියෙන්නේ. එකේ තියන නම ගම NIC number විස්තර හරිද කියල double check කරලා, medical certificate එක උඩ අපි sign කරලා එලියට එනවා.

    7. ඊළඟට ටිකක් වෙලා ඉඳගෙන ඉන්න තියෙන්නේ. ආයේ අපේ අංකෙ කියල කෑගහනවා. Medical certificate එක අපේ අතට දෙනවා. එතනින් වැඩේ ඉවරයි. මට මේ ටිකට පැයයි ගියේ.

    8. ඊළඟට 0112677877 ට කෝල් එකක් දෙන්න වේරහැර දිනයක් වෙලාවක් වෙන්කරගන්න. සේවා නියෝජිතයෙක්ට කතා කරනවා වගේ මදක් රැදී සිටින්න කියන්නේ නෑ. Fully automated. අංක ඔබ ඔබ instructions follow කරන්න තියෙන්නේ. ලඟම තියන දිනයයි වෙලාවයි හම්බවෙනවා. එදාට බැරිනම් වෙන දවසක් දාගන්නත් option එකක් දෙනවා (confirm කරන්න අංක 1 ඔබන්න, වෙනත් දිනයක් ලබාගැනීමට අංක 2 ඔබන්න වගේ). මේ booking එක දාගන්න වැඩිම උනොත් විනාඩියක් යයි. මට ලැබුනේ සති දෙකකට පස්සේ දවසක් (04.01.2021 9.08 AM). SMS එකක් එනවා booking එකේ විස්තර ඔක්කොම දාල. මෙතන හොඳ වීඩියෝ එකක් තියනවා full process එකම

    9. ඉතින් අද ගියා වේරහැර. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි විතරයි අරන් ගියේ. ෆොටෝකොපි මුකුත් ඕන නෑ. උදේ 9 යි හරියටම වෙලාව. Main gate එකේදී SMS එක පෙන්නලා booking number එකයි NIC number එකයි කිවුවා. එයාල අද දවසෙ booking list එක චෙක් කරලා මගේ booking එක verify කරලා ඇතුලට යන්න දුන්න. මේ විධියට තව checkpoints 2 කින් විතර appointment එක චෙක් කලා main gate එකේ ඉදන් ඇතුලට යන අතර මගදිත්.

    10. කෙලිම්ම ගියා H hall එකට. H hall එකට ඇතුල් උන ගමන් වම් පැත්තේ තියන කවුන්ටර් එකේ හිටපු receptionist, ආයෙමත් appointment එක verify කරලා මට ටෝකන් එකක් දුන්න. ඊට පස්සේ විනාඩි 2ක් 3ක් ඉඳගෙන ඉන්න වුනා. ඊට පස්සේ security එකෙන් අපිව ඇතුලට ගත්තා. අංකෙ කතා කලේ නැහැ. හිටපු 10 දෙනාවම වගේ ඇතුලට ගත්ත.

    11. ඊට පස්සේ documents checking. කවුන්ටරස් 1-18 ඕන එකකින් ගිහින් ඉදගන්න කිවුවා. මුල් ටිකේ කට්ටියට හිටපු හින්ද මං අග හරියේ එකකින් ගිහින් වාඩිඋනා. NIC එකයි, ඩ්‍රයිවින් ලයිසන් එකයි, medical certificate එකයි බාරදුන්න. මහපට ඇගිලි දෙකේ fingerprints scan කලා. Photo එකක් ගත්තා. Digital display එකක් උඩ sign කළා. එතන වැඩේ ඉවරයි. මගේ documents 3ම ආපහු දුන්නා. අලුතෙන් printout එකකුක් දුන්නා (MTA30 Application for Driving License). එකේ sign කරන්න කිවුවා.

    12. ඊට පස්සේ කවුන්ටර්ස් 19+ එකකට යන්න කිවුවා. එතනින් මගේ documents 3යි අර අලුතින් දුන්නු MTA30 printout එකයි ආපහු ඉල්ලගත්තා. ඒ ටික check කරලා ආපහු දුන්නා. එත් එක්කම මට Temporary Driving License එකේ A4 printout එකකුත් දුන්න (DMT33). ඒක valid මාස 4 කට.

    13. ඊට පස්සේ කවුන්ටර් 30+ එකකට යන්න කිව්වා සල්ලි ගෙවන්න. Counter 30 එකේ cashier ට NIC, පරණ driving license, medical certificate, MTA 30 printout සහ temporary driving license printout කියන document 5 ම submit කළා. එතනින් ඒ ටික චෙක් කරලා ගෙවන්න කිවුවා Rs.1700 ක්. ඒක ගෙවුවාම රිසිට් එකක් හම්බ වුනා. අර ඔක්කොම documents ටිකත් ආපහු දුන්න. පරණ ඩ්‍රයිවින් ලයිසන් එක එයාල තියාගත්තේ නෑ. Temporary driving license එකේ යටම sign කරලා use කරන්න කිවුවා.

    14. වැඩේ ඉවරයි. වේරහැර මේ ඔක්කොටම ගියේ විනාඩි 22යි. 😊


    මේකෙන්ම කොපි කරගත්ත පෝස්ට් එකක්. මේක හරි මම ගත්ත කාලේ .
     
    • Like
    Reactions: hodakolla

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    danahisa gawata nawanna puluwan kalisamak adan palayan.
    spects danawanam ekath aran yanna.
    NIC, old license eka.
    salli aran yanna(dan kohomda danne nh ganan)
    eeta passe un kiyana kiyana counters walata yanna thamai thiyenne.