Elakiri ජෙප්පෝ Official CLUB

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    රටට වින කරන ජෙප්පෝ ගැන කතා කරලා වැඩක් නෑ සහෝ :no::no:
    කාටත් දැන් තියන ප්‍රශ්නෙ කව්ද බයියෝ කියන්නෙ:oo::oo:?

    එයාලගෙ අරමුණ මොකක්ද:dull::dull:?
    කව්රු වෙනුවෙන්ද වැඩ කරන්නෙ:confused::confused:?
    ඕව නේද:yes::yes:?

    ඒ හැමෝටම උත්තර දෙන්න තමා මේ ත්‍රෙඩ් එක හැදුවෙ. :yes::yes:

    හැමදාම සිංහල ජාතියේ පැවැත්ම අනාගතය හෙට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. ඔයාලට මතක ඇති ඔයාලගෙ සහෝදර සහෝදරියො මාමල නැන්දල අම්මල තාත්තල ඒ වෙනුවෙන් ජිවිත පුජා කරා. එයාල පුජ කරපු ජිවිත නිසා අද හැමෝටම මේ බයක් නැතුව ඕන තැනක යන්න පුළුවන් :cool::cool:

    ඒ කාලෙ හිටියෙ නැත්නම් අද ඊයෙ ඉපදුන කෙනෙක් නම් අහන්න මේකෙ ඉන්න ප්‍රවිනයෙක්ගෙන් :angry::angry: දත්කිබුලල, රිදිලාTMල ඒවාට සාක්ෂි දරාවි ඒ බිහිසුණු අතීතයත් එක්ක ජිවත් උන මිනිස්සු තමයි ඒ. :sorry::sorry:

    හරි දැන් කතාවට බහිමු :dull::dull:
    ඇයි අද වෙද්දී මේ එලකිරියෙ ඉන්න අතීතය නොදත් දරුවන් බයියන් සමග වයිරයකින් පෙළෙන්නෙ? :confused::confused:
    හරි එක්කෙනෙක් හරි උත්තර දෙන්න, හරි යුද්දේ අමතක කරමු කව්ද බදියුර්දින් ගෙදර යවන්න විශ්වාස බන්ගයක් ගෙනාවේ? :yes::yes: UNPද? ජෙප්පො ද? නෑ නෑ නෑ නෑ එදා ඉදන්ම රටට විපතක් වෙද්දී ඒ වෙනුවෙන් අරගල කරේ ඔය උබල බනින බයියෝ විතරයි. මේ ස්ක්රින්ශෝට් එක එකට සාක්ෂි දරාවි :(:(

    uqqoPjk.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් අපි පටන් ගමු..කව්ද මේ ජෙප්පෝ

    family-members-mourn-the-loss-of-a-loved-one-who-was-killed-by-jvp-picture-id741094



    ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැමූ ආදරණීයයකු අහිමි වූ පවුලක සාමාජිකයින්

    ජවිපෙ විසින් බිම් බෝම්බ පිපිරීමෙන් මරා දමනු ලැබූ පොලිස් නිලධාරියෙකුගේ අවමංගල්ය උත්සවයක.



    family-gathered-around-open-coffin-mourning-at-funeral-for-policeman-picture-id50661490


    ජවිපෙ ඝාතක කල්ලිවල ගොදුරක් 1989 ජනවාරි 1 වනදා මාතරින් පිටත මාර්ගයක්

    victim-of-the-jvp-death-squads-lies-along-a-road-january-1-1989-of-picture-id637672410

    ජනතා විමුක්ති පෙරමුණ විසින් විනාශ කළ බස් රථයක්


    women-walking-by-burned-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-picture-id50421599

    ජවිපෙ විසින් කැඳවනු ලැබූ සම්පූර්න දින වැඩවර්ජනයක දී...

    city-scene-during-full-day-strike-called-by-marxist-jvp-aka-sinhalese-picture-id50579860

    මාක්ස්වාදී ජවිපෙ විසින් විනාශ කරන ලද බස් රථයක්


    burned-out-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-liberation-picture-id50460045

    ජවිපෙ විසින් කැඳවනු ලැබූ ඇඳිරි නීතිය

    city-scene-during-full-day-strike-called-by-marxist-jvp-aka-sinhalese-picture-id50579861

    ටයර් සැයක්

    burned-body-of-victim-of-terrorist-rebel-organization-jvpsinhalese-picture-id50661486

    Violence wrought by JVP

    violence-wrought-by-extremist-rebel-jvp-aka-sinhalese-peoples-front-picture-id50661482
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP විසින් යවනු ලැබූ මරණ වරෙන්තු

    jvp_9.jpg

    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    jvp_16.jpg

    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    felled-trees-blocking-road-in-example-of-sinhalese-jvp-rebel-attempts-picture-id50586508



    JVP බෝම්බ පිපිරීමෙන් විනාශ වූ වාහනයක්

    twisted-wreckage-of-vehicle-destroyed-by-mineblast-wrought-by-rebel-picture-id50661483

    ඉවරයි කියල හිතුවට ඉවර නැහැ...තව තියනවා

    සමුහ ගාතනයක්.....ටයර් සෑයක්

    smoke-surrounds-a-mass-grave-site-august-31-1989-in-dikwella-sri-picture-id741115

    පුළුස්සා දැමු බස් රථයක්

    an-unidentified-man-rides-a-bike-near-a-burnt-bus-august-31-1989-in-picture-id741127

    ජවිපෙ විසින් බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්

    dhraman250703..jpg

    JVP ය විසින් අපවත් කරනු ලැබූ ස්වාමීන් වහන්සේලාගෙන් හතරනමක්....
    වමේ සිට

    (1)Ven. Poddaramulle Pemaloka Chief Sanghanayake of Thotamuna, Kalutara
    (2) well-known preacher Ven Kotikawatte Saddhatissa,
    (3) Ven.Welthota Pannadassi of Matara
    (4) Ven. Beligalle Mahinda, Chief Incumbent of Purana Viharaya, Middeniya.

    dha02..jpg

    JVP ය විසින් අපවත් කරනු ලැබූ Catholic / Christian පුජක තුමන් වන Fr. Michael Rodrigo of Subaseth Gedera, Alukawila, Buttala, Kataragama සහ Pastor. P. Lionel Jayasinghe of the Lanka Deva Sabhawa of Tissamaharama.


    dha04..jpg

    1988/89 JVP වීරක්‍රියා

    JVP-violence-in-1988-8902.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    60691958_2342033669386168_5391727172589191168_n.png


    60812235_2342013622721506_234144033381810176_n.jpg


    එජාපයේ කතෝලික මන්ත්‍රීවරු සහ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බදුර්දීන්ට ගෙනාපු විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දෙනව කියල ප්‍රසිද්ධියෙ කියල තියනවා.

    ඒ අතරෙ ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගේනවා.

    තමන් පිහිටවපු ආණ්ඩුව කැඩෙනවට (නමට විපක්ෂෙ ඉන්න ) දෙමළ සන්ධානෙ කැමති නෑ.

    ඒ වගෙම ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය දිනන්න නම් බදුර්දීන්ගෙ පක්ෂයෙ 5 දෙනාගෙ සහය එජාපයට අත්‍යාවශ්‍යයි.

    ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරද්දන්න නම්, තමන්ට එරෙහි විශ්වාසභංගය පරද්දන්න එජාපයෙ සහය දෙන්න කියල බදුර්දීන් කියනව.

    බදුර්දීන්ට විරුද්ධව ඡන්දෙ දෙන්න හිටපු එජාපයෙ කතෝලික මන්ත්‍රීවරුන්ට සහ දෙමළ සන්ධානයෙ මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙනවා තමන්ගෙ ආණ්ඩුව රකින්න.

    කෑලි වලට කැඩිල යන්න තිබුන ආණ්ඩුව, ආපහු එකට එකතු වෙනවා ජවිපෙන් ගෙනාපු විශ්වාසභංගය නිසා.

    ජවිපෙ ගෙවන මුදලට සාදාරණය ඉෂ්ඨ කරන්නෙ එහෙමයි.


    උපුටා ගැනීමකි

    61172232_449914435782853_8456629110758703104_n.jpg

    :P
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    තව තියෙනවා.... කොට්ටෙන් මුහුණ වහල කකුල් දෙක ඈත් කරපුවම මොණ ගෑණිත් එකයි කියල කි‍්‍රයාවෙන්ම ඔප්පු කරල පෙන්නුවේ.... පුංචි අම්ම මොකද අම්ම මොකද....?::frown:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    anduwa gennath support eka dunnalu neda. dannathi nisa ahuwe

    එතන උනේ UNP විසින් ජෙප්පන්ව මුලාකර චන්ද ලබා ගැනීමක්. දැන් ඒ දේ නිවැරදි කරගන්න ජෙප්පන් ක්‍රියාත්මක වී ඇත මෙම වීඩියෝව එයට සාක්ෂි දරයි

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    48396701_2083879418302194_4937971509923676160_n.jpg


    49544863_2083879444968858_4604474626603483136_n.jpg


    ජෙප්පන්ටත් අමතක අලුත් පරපුර කියන රස්තියාදු ගැටව් නොදන්න ජෙප්පන්ගෙ සුන්දර අතීතයෙන් බිදක්.....

    ඇතුළු බුද්ධිමතුන් ඝාතනයන්; මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක්!

    ජවිපෙ 2වැනි කැරැල්ලේ මුල් අවධියට වඩා 1988 මුල් භාගය වනවිට වඩාත් වේගවත්ව සහ සාර්ථක ක‍්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට හැකිවිය. ඒ ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට අලූතින් එක්වූ නව බලවේගයන්හි ක‍්‍රියාකාරිත්වයයි. ඔවුන් හැකියාවන් සහ දක්ෂතාවයන් අතර ඉහළම තැනක් ගත්තද දේශපාලන දැක්ම අතින් අතිශය දුර්වල පුද්ගලයින් පිරිසක් විය. අත්දැකීම් සහ දේශපාලන පරිණත බව පැරණි සාමාජිකයින්ගෙන් දැකගත හැකි වුවද නව සාමාජිකයින්ගේ දේශපාලන දෘෂ්ඨියේ නොමේරු බව නිසා ජවිපෙ පිරිහීමේ ලක්ෂණ ඇරඹිණි. එහෙත් එය ජවිපෙ විසින් නොසලකා හරින ලදී. අවසානයේ එය ජවිපෙ දෙවන කැරැල්ල විප්ලවීය අවසානයක් දක්වා ගෙනයෑම වෙනුවට බරපතළ ව්‍යවසනයකින් කෙළවර වීමට හේතු විය.

    එජාප ආණ්ඩුව 1988 ආරම්භය දක්වා ප‍්‍රයත්න ගනු ලැබුවේ ජවිපෙට එරෙහිව ආරක්ෂාකාරි පියවරයක් අනුගමනය කර එය හසුරුවා ගැනීමටය. ඒ සඳහා සාර්ථක වැඩපිළිවෙලක් නිර්මාණය කළද එය සාර්ථක නොවීය. ජවිපෙ විසින් ආරක්ෂක භටයින් සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහිව 1989 ප‍්‍රහාර එල්ල කරන තෙක් ජවිපෙට එරෙහිව සැබෑ ලෙසම සටන් කළේ පුද්ගලයින් දෙදෙනෙකි. ඒ කර්නල් ලකී අල්ගම සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පේ‍්‍රමදාස උඩුගම්පල පමණි. කර්නල් ලකී අල්ගම ජවිපෙ භීෂණයට වඩා දැඩි ප‍්‍රති භීෂණයක් මුදා හරිමින් ප‍්‍රථමයෙන් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේද පසුව දකුණු පළාතේද ජවිපෙ දැඩිව මර්ධනය කළේය.

    සරසවි පිවිසුමට 1987 සුදුසුකම් ලැබුවේ 31,079කි. ඉන් සරසවියට ඇතුල්කර ගත්තේ 6,143කි. එය 1986 ඇතුළත් කර ගත් ගණනටද වඩා 65ක අඩුවීමකි. එමෙන්ම 1988 සරසවි පිවිසුමට සුදුසුකම් ලැබුවෝ 34,490ක් සිටියද ඉන් සරසවියට ඇතුළත් කර ගත්තේ 4,636කි. මෙය තවත් විශාල වශයෙන් අඩුවීමක් වූ අතර වැඩියෙන්ම අසාධාරණය ලක්වූයේ ග‍්‍රාමීය පවුල්වල දූ දරුවන්ය. මෙය 1982 ක‍්‍රියාවට නැගූ අධ්‍යාපන ධවල පත‍්‍රිකාව අනුව වක‍්‍රවාකාරව සිදුවූවකි.

    දෙවන කැරැල්ලේදී සිදුවූ බරපතළ වැරදි කිහිපයක් අතර පුද්ගල ඝාතන ත‍්‍රස්තවාදය, රාජ්‍ය දේපළ විනාශ කිරීම විය. කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ මොරටු සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානද ජවිපෙ මගින් ඝාතනය කරන ලදී. එයට හේතුව වූයේ සරසවිවල සිසුන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව නිසි පියවරක් ඔවුන් නොගත් හෙයින් බව දන්වා තිබිණි. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වඩාත්ම බලවත්ව තිබුණේ පේරාදෙණිය, ජයවර්ධනපුර සහ රුහුණු සරසවියන්හි විය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ රහසිගත කටයුතු වෙනුවෙන් පෙරමුණ ගත්තේ හිල්ඩා, අක්බාර් නෙල්, මාර්සා, යන පිරිමි නේවාසිකාගාරයන්ද භික්ෂු නේවාසිකාගාරය වන ඒ 4 ය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ අධ්‍යාපන කඳවුරු පැවති අතර ජයවර්ධනපුර සරසවියේ සටන් සරඹ පුහුණුවීම්ද රුහුණු සරසවියේ කෘෂි පීඨයේ අවි පුහුණුවද පැවැත්විණි.

    මෙම කාලය තුළ සරසවි ශිෂ්‍ය මර්දනය ඇරඹී තිබිණි. ආණ්ඩුව සියලූ විශ්ව විද්‍යාල විසුරුවා හැර ඒවා විවෘත විශ්ව විද්‍යාල බවට පත්කරන බවට ප‍්‍රකාශ කර තිබිණි. 1986 මහාචාර්ය බාලසූරියගේ වාර්තාව මගින් නිර්දේශ කළේ වෛද්‍ය උපාධිය හැර අනෙක් සෙසු උපාධි දිස්ත‍්‍රික්කයේ පාසැල් තුළ ලබාගැනීමට අවස්ථාව සැකසීමය. හමීඩි වාර්තාව 1987දී සරසවියේ පළමු වසරේදී සහතිකයක් ලබා ඉවත්වීමට හැකි යෝජනාවක් ගෙන ආවේය. කිංස්ලි සිල්වා 1987 ඉදිරිපත් කළ වාර්තාව මගින් යෝජනා කළේ උසස් පෙළ සරසවිවලට බඳවා ගැනීමේ ලකුණු ඉහළ දැමූ අතර දිස්ත‍්‍රික් පදනම අහෝසි කිරීමටය. එහෙත් මේ කිසිවක් ක‍්‍රියාත්මක කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ඉඩ ලබා නොදුන්නේය.

    කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ මොරටුව සරසවියන්හි එජාප ආණ්ඩු හිතවාදී සහ ජවිපෙ විරෝධී ශිෂ්‍ය සංගම් වෙත උපකුලපතිවරුන්ගේ නිල නොවන සහාය ලැබුණු බවට ජවිපෙ චෝදනා කළේය. ජවිපෙ සහ ජවිපෙ හිතවාදී සරසවි සිසුන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි පරිපාලන අංශ විසින් ලබාදෙන ලද තොරතුරු මත බව ජවිපෙ කියා සිටියහ. ශිෂ්‍ය මර්දනයට සහායදීම සම්බන්ධයෙන් කොළඹ සහ මොරටුව සරසවි පාලකයින්ට ඔවුන්ගෙන් චෝදනා එල්ල විණි.

    අධ්‍යාපන ධවල පත‍්‍රිකාවට එරෙහිව 1981දී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සමඟ සාකච්ඡාවක් ලබා ගන්නා ලදී. එයට ශාන්ත බණ්ඩාර, ඞී.එම්. ආනන්ද, කොළඹ සරසවියේ වයි.පී. සිරිසේන, පේරාදෙණියේ ධර්මවර්ධන මුණසිංහ, රුහුණේ රණසිරි, පොල්ගොල්ලේ ධර්මදාස, කැළණියේ වීරසිංහ, ජපුරේ එච්.බී. හේරත් සහ පියසේන සමරසිංහ සහභාගි විය. ශාන්ත බණ්ඩාර ඉතා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කළ අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර අසීරු තත්ත්වයකට මුහුණ පෑවේය. ශාන්ත බණ්ඩාර සාකච්ඡා මේසයෙන් මහාචාර්ය විජේසුන්දරගේ විරෝධතාවය මත ඉවත් කළ අතර පසුව එම කරුණු විවාදාත්මකව ඉදිරිපත් කළේ එච්.බී. හේරත්ය.

    මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර රසායන විද්‍යාව පිළිබඳව ප‍්‍රථම පශ්චාත් උපාධි සමර්ථයෙක් විය. කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචර්යවරයකු වශයෙන් 1947දී සේවට බැදුනු ඔහු එහි අංශ ප‍්‍රධාන තනතුරට 1978දී පත්විය. ඉන් වසර 5කට පසු ජීව රසායන විද්‍යාව පිළිබදව මහාචාර්ය ධුරයට පත්වූ අතර කොළඹ සරසවියේ උපකුලපතිවරයා වශයෙන් 1979දී පත්විය. පොදු රාජ්‍ය මණ්ඩලීය සරසවි සංගමයේ සභාපති තනතුරට 1983දී පත්වූ මහාචාර්ය විජේසුන්දර කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් කොලේජ් හවුස්හි සිය කාර්යාලය තුළ සිටියදී 1989 මාර්තු 8වැනිදා පෙරවරු 10.10ට කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්විය. ඔහු පදිංචිව සිටියේ කොල්ලූපිටිය 7වැනි පටුමගේ අංක 111 දරණ නිවසේය.

    ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදී සිය පෞද්ගලික ගුවන්යානයත් සමඟ උඩුගුවනේදී 1983දී අතුරුදන් වූ උපාලි විජයවර්ධනගේ වැඩිමහල් සොහොයුරිය වූ අනෝජා විජේසුන්දර සමඟ ආවාහ වූ මහාචාර්ය විජේසුන්දරට වෙඩි තබා ඝාතනය කළේ ලයනල් රණසිංහය. පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා, මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ මහාලේකම් නන්දලාල් ප‍්‍රනාන්දු ඇතුළු 41 දෙනෙකු මරා දැමූ බවට පොලිසිය ඔහුට චෝදනා කළේය. හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දුගී පවුලක ඉපදුන ලයනල් රණසිංහ ජවිපෙට එක්වූයේ 1978දීය.

    මහාචාර්ය විජේසුන්දර ඝාතනය කිරීමට ලයනල්ට සහාය වූයේ බෙනට් සහ ජයන්ත විසිනි. එකල පුංචි බොරැල්ලේ නවාතැනක සිටි ලයනල් 1989 මාර්තු 8 වැනිදා උදෑසන 7ට දෙල්කදදී බෙනට් හමුවූ අතර කොළඹ සරසවි උපකුලපතිවරයා අධ්‍යාපන ධවල පත‍්‍රිකාව හැදීමට සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමට මුල්වී ක‍්‍රියාකළ අයෙකු බැවින් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නේය. විජේරාම හන්දියේදි හමුවු තවත් තරුණයෙකු යතුරු පැදියකින් පැමිණියේ බ‍්‍රවුන් පේපර් කොලයක ඔතා තිබූ ආයුධ දෙකක් සමඟය. එක් ආයුධයක් වූයේ 9 මි.මීටර් පිස්තෝලයක් සහ රිවෝල්වරයකි. පිස්තෝලයට පතුරම් 8ක්ද රිවෝල්වරයට පතුරොම් 6ක්ද විය. විජේරාම වෙල අසලට ගොස් පිස්තෝලය අහසට අල්ලා ඔහු වෙඩිල්ලක් තබා එය පරික්ෂා කළේය.

    පසුව විජේරාම හෝටලයකින් තේ බී පිස්තෝලය ලයනල් ඉනේ ගසාගත් අතර අනෙක් තරුණයා රිවෝල්වරය ඉනේ ගසා ගත්තේය. පසුව ලිපිගොනු කවරයක්ද අතැතිව කොළඹ සරසවියේ කොලේජ් හවුසියට ඇතුල්වූ ලයනල් සහ අනෙක් තරුණයා තරප්පුව දිගේ උඩට ගොස් උඩුමහලේ කාමරයට එක් අයෙකු එබී බැලූවේය. පසුව කාමරයේ සිටි අයෙකු ඉවතට යන තුරු සිට කාමරයට ඇතුල්වී මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක් තැබීය. කිසිදු ශබ්දයක් පිටතට ඇසුනේ නැත. ඒ 1989 මාර්තු 8 පෙරවරු 10.10ටය.

    ඇසිල්ලකින් උඩු මහලෙන් බිමට බැසගත් දෙදෙනා අනතුරුව යතුරු පැදියෙන් පලා ගියහ. හදිසියේ කාමරයට ආ අයෙකු උපකුලපතිවරයා වෙඩි වැදී ඝාතනයට ලක්වී ඇති අයුරු දුටු අතර වහාම ඔහු, මහාචාර්ය විජේසුන්දරව රෝහලට යැවූ අතර පොලිසිය සරසවිය වටකර සෝදිසි කළේය. වෙඩි තැබූ ලයනල් උදෑසන 10.30 වන විට සිය තාවකාලික නවාතැන වූ පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට පැමිණ තිබිණි.

    මොරටු සරසවියේ උපකුලපතිවරයා වූයේ මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානය. යාන්ත‍්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය පටුවතවිතාන ජවිපෙ මගින් ඝාතනය කළේ 1989 සැප්තැම්බර් 11 පෙරවරු 9.30 වෙඩිතැබීමෙනි. මොරටු සරසවියේ උපකුලපති මහාචාර්ය විලී මෙන්ඩිස් 1988 සැප්තැම්බර් 15 ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට මහාචාර්ය පටුවතවිතාන මහතා පත්වූයේ 1988 දෙසැම්බර් 5වැනිදාය.

    මොරටු සරසවි උපකුලපතිවරයාද වෙඩිතබා ඝාතනය කළේ සිය කාර්යාලය තුළදීය. උපකුලපතිගේ පෞද්ගලික සහකාර මහබදුගේ සිසිල් ෂෙල්ටන් ප‍්‍රනාන්දු (54) ප‍්‍රකාශ කළේ පිස්තෝලයක් අතැතිව කාර්යාලයට පැමිණි දුඹුරු කලිසමක් සහ සුදු කමිසයක් ඇඳ සිටි අවුරුදු 23ක පමණ තරුණයෙක් උපකුලපතිගේ බෙල්ලට වෙඩි පහරක් තැබූ අතර එය වැදුනු විගස මහාචාර්ය පටුවතවිතාන හිස මේසය මත තබාගත් බවය. තවත් වෙඩි පහරවල් 2ක් තැබීමෙන් පසු ඔහු පිටත්ව ගිය අතර උප කුලපතිවරයා රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බවය. උපකුලපතිවරයාගේ මරණය පිළිබඳව මහේස්ත‍්‍රාත් පරික්ෂණය පවත්වන ලද්දේ මොරටුව මහේස්ත‍්‍රාත් රෝහිණී වල්ගම විසිනි.

    එහිදී සරසවි ප‍්‍රධාන ආරක්ෂක නිළධාරි ආර්.පී.කේ. රණවීරටද වෙඩි තැබීමෙන් මරුමුවට පත්විය. රණවීරට වෙඩි තබන විට එය සියැසින් දුටු අය අතර කටුබැද්ද සරසවියේ ආරක්ෂක නියාමකයින් වූ කළුතන්ත‍්‍රිගේ චන්ද්‍රසේකර පීරිස් (47) සහ සිල්වා ද විය. යතුරු පැදියකින් දෙදෙනෙකු පැමිණ මෙය සිදුකළ අතර එම යතුරුපැදියේම නැගී ඔවුහු පලා ගියෝය.

    ආදී ආනන්දියෙකු වූ මහාචාර්ය පටුවතවිතානගේ බිරිඳ ඩොරති වූ අතර දරුවන් දෙදෙන දිල්රුක්ෂි සහ චතුර විය. පටුවතවිතානගේ දේහය මොරටුව සරසවියේ තැන්පත් කිරීමෙන් පසුව පානදුර නව නගර ශාලාව අසළ ඔහුගේ නිවසට ගෙන ගොස් ආදාහනය 1989 සැප්තැම්බර් 14 ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී.

    පේරාදෙණිය සරසවියේ සහකාර ලේඛකාධිකාරි ඞී. ඊ නාගහවත්තද කැරලිකරුවන් විසින් පේරාදෙණිය සනාතන මන්දිරයේ 1989 ඔක්තෝබර් 4 වෙඩිතබා ඝාතනය කරන ලදී. ඊට පසුදින තරුණයින් 18දෙනෙකුගේ මළසිරුරු 14ක් ගලහ පාරේ ස්මාරකය අසළද තවත් සිරුරු 4ක් පේරාදෙණිය සරසවි සනාතන මන්දිරය අසළද විය.

    -ලලනි සුරවීර

    :baffled:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere

    තව තියෙනවා.... කොට්ටෙන් මුහුණ වහල කකුල් දෙක ඈත් කරපුවම මොණ ගෑණිත් එකයි කියල කි‍්‍රයාවෙන්ම ඔප්පු කරල පෙන්නුවේ.... පුංචි අම්ම මොකද අම්ම මොකද....?::frown:

    :baffled:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    ඉස්සර ජෙප්පො අයුක්තිය අසාධාරණය කම්කරුවගෙ පීඩිත ගැටළු එක්ක හිටියට මෑතක ඉඳල එහෙම නෑ වගේ දැනෙන්නෙ.... පීඩිත පන්තියේ දාඩිය සුවඳට වඩා ධනවාධීන්ගෙ විලවුන් සුවඳට ඇලුම් කරන බවක් පේන්නෙ... වෙනද හොල්ලන කැටයට වඩා හැන්දෑවර ලැබෙන බීප්කේස් එකට කට ඇරගෙන ඉන්න බවක් පේන්නෙ...
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113

    තව තියෙනවා.... කොට්ටෙන් මුහුණ වහල කකුල් දෙක ඈත් කරපුවම මොණ ගෑණිත් එකයි කියල කි‍්‍රයාවෙන්ම ඔප්පු කරල පෙන්නුවේ.... පුංචි අම්ම මොකද අම්ම මොකද....?::frown:

    :shocked::shocked:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් එතකොට රිෂාඩ් බදියුදීන් ද JVP එක දකින පිඩීත පුද්ගලයා?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ඉස්සර ජෙප්පො අයුක්තිය අසාධාරණය කම්කරුවගෙ පීඩිත ගැටළු එක්ක හිටියට මෑතක ඉඳල එහෙම නෑ වගේ දැනෙන්නෙ.... පීඩිත පන්තියේ දාඩිය සුවඳට වඩා ධනවාධීන්ගෙ විලවුන් සුවඳට ඇලුම් කරන බවක් පේන්නෙ... වෙනද හොල්ලන කැටයට වඩා හැන්දෑවර ලැබෙන බීප්කේස් එකට කට ඇරගෙන ඉන්න බවක් පේන්නෙ...

    අනිව සහෝ :(
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    දැන් එතකොට රිෂාඩ් බදියුදීන් ද JVP එක දකින පිඩීත පුද්ගලයා?

    අනිව උන් හැසිරෙන විදියට එහෙම වෙන්නත් බැරි නෑ :(
     
    Last edited: