Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඉන්නව හැමදාම කියා බොරුව කරා
    අදා වගේ ලිස්සන යන්න ටෝක් කරා
    හිමීට හිමීට කතා කරන එක නතර කරා
    මාව දාල සුදු හාමිනේ මැරි කරා

    එළිසමය lept 😕
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    තෙපලා වදන් දුරකථනෙන් මා ප්‍රේමකළා
    දින සති මාස වී අවුරුදු පෙරලිලා
    මතකයි හැර ගියා අද මෙන් පවසාලා
    මා මෙන් කෙනකු නෑ කිසි දා හමුවීලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    කොට මොඩලය පිකප් කියනවා ඔහෙලා
    රයිඩර් හොඳයිනං එවුවා වැල්...... බයිලා
    ටයිමිං බලා දැම්මොත් ගියරය..... වනලා
    බසයක් උණත් ගත හැක කටු හැට පැනලා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    වට්ටක්කා වගෙයි ගස්සනකොට නුබෙ පස්ස
    ඉන්නවා කිවා මරෙනා තුරු මා එක්ක
    මා මලා දාක වෙන දීගෙක යනු කිව
    මොඩයා මමයි රැවටෙන හැමදාම
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කොට මොඩලය පිකප් කියනවා ඔහෙලා
    රයිඩර් හොඳයිනං එවුවා වැල්...... බයිලා
    ටයිමිං බලා දැම්මොත් ගියරය..... වනලා
    බසයක් උණත් ගත හැක කටු හැට පැනලා
    මමත් ඔහොම හිතලා දවසක් මල්ලි
    ඔක්කොම ගියර් දාලයි පෑගුවේ එල්ලී
    වංගුව ගන්න යනකොට නැවිලා පැද්දී
    දුන්නක් කැඩිලා ගියේ පල්ලට මොර දෙද්දී
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මමත් ඔහොම හිතලා දවසක් මල්ලි
    ඔක්කොම ගියර් දාලයි පෑගුවේ එල්ලී
    වංගුව ගන්න යනකොට නැවිලා පැද්දී
    දුන්නක් කැඩිලා ගියේ පල්ලට මොර දෙද්දී
    වාහනයක් ගන්නා විට දැනගන්න
    ආරක්ශාවක් නිතරම කරගන්න
    මමත් නියම කපුවෙකි හොඳ වැඩ දන්න
    පන්දහසකුයි පොල් ගෙඩියයි ගෙනඑන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    වෛරය සමානයි කෙරු ප්‍රේමයට
    දුක්වී පලක් නැත එය නරකය දෙන්නාට
    ඉන්නා එකට සලකාගෙන හිටියොත් යසට
    දෙන්නගෙ ලමයි ඇරලත හැකි ස්කෝලේ එකට
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    වාහනයක් ගන්නා විට දැනගන්න
    ආරක්ශාවක් නිතරම කරගන්න
    මමත් නියම කපුවෙකි හොඳ වැඩ දන්න
    පන්දහසකුයි පොල් ගෙඩියයි ගෙනඑන්න
    අනේ කපු මහත්තයෝ කරුණා වන්ත
    ගස් විතරයි පොල් නෑ පිරිලා වත්ත
    දහ දාහක් ම දෙන්නම් සතියේ අන්ත
    රැකලා දෙන්න කෝ හොරු කඩනා වත්ත
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    අනේ කපු මහත්තයෝ කරුණා වන්ත
    ගස් විතරයි පොල් නෑ පිරිලා වත්ත
    දහ දාහක් ම දෙන්නම් සතියේ අන්ත
    රැකලා දෙන්න කෝ හොරු කඩනා වත්ත
    උඹයි, මායි නටනා මේ.............. නාඩගමින්
    නූල යනව පැනලා වැට දෙවට.......... උඩින්
    කතරගමින් ආවත් නැග මොනර..... පිටින්
    කඳටත් බැරිය ගන්නට ගොඩ නූල.. මඩින්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    උඹයි, මායි නටනා මේ.............. නාඩගමින්
    නූල යනව පැනලා වැට දෙවට.......... උඩින්
    කතරගමින් ආවත් නැග මොනර..... පිටින්
    කඳටත් බැරිය ගොඩ ගන්නට නූල මඩෙන්

    ආවා කරන්නට ගුරුකම් බිස්නස් මේ හුලියා
    කතරගමත් දැන් නෑ නොවෙ දෙවියා
    පොල් නැත කඩේ ඇතේ පිටි පොල් කිරියා
    කෑවා නේද මේ නූලත් හොර කපුවා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    තිබුණත් බෙන්ස් බී.එම් පුම්බල බොඩිය
    නඩත්තුවට ගේ දොර උගසත් මදිය
    ගන්නත් ලේසි නෑ එවුවයෙ මිළ වැඩිය
    දාහෙන් සම්පතයි මටනං මගෙ සනිය
    hitagena kavi da?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ආවා කරන්නට ගුරුකම් බිස්නස් හුලියා
    කතරගමත් දැන් නෑ නොවෙ දෙවියා
    පොල් නැත කඩේ ඇතේ පිටි පොල් කිරියා
    කෑවා නේද මේ නූලත් හොර කපුවා
    කරනා ගුරුකමක් වැරදී නැත.............. මළයා
    යකුන් බඳින මගෙ වැඩ නොදනිද........ නරියා
    කට මැද දෙඩෙවුවොත් දැනගන් උඹ ගෙරියා
    එවනව පිල්ලියක් තොටනං වල්...... හෙලයා
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ගත්තා කුදලලා කොලුවව ඇය කරට
    අරගෙන විසිකරා ලාඩා එක තුලට
    කෙල්ලත් නැගල පෑගුව එය ලෑල්ලට
    පසුවයි තරු පෙනුනෙ වීලා තිබු දෙයට

    නැගුනේ ජීප්පෙට මොස්කවු පාර.. ලඟින්
    ඇහැරුනෙ කානු පල්ලේ බල්ලෙක් ගාවින්
    තිබුණේ නැතේ කලිසමවත් හපොයි ඉතින්
    කොලුවා සුද්ද වූයේ කෙල්ලෙක්ගෙ අතින්
    පැයකට පසුව සිහි ආ විට හොඳ කොල්ලා
    විමසා බැලුව කලිසම කොහිදැයි අල්ලා
    දමලා ගිහින් තිබුනිය එය අත හැරලා
    කකුලක් ඉස්සුවා ළඟ සිටි වල් බල්ලා

    කලිසම ගලෝලා කිමදෝ කලේ කියා
    කුතුහලයකින් හොඳකොල්ලා පිරී ගියා
    සල්ලිත් රැගෙන කොලු පතිවත තබා ගියා
    මළපැන කලිසමත් අරගෙන මූ ගෙදර ගියා :ROFLMAO: :ROFLMAO:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කරනා ගුරුකමක් වැරදී නැත.............. මළයා
    යකුන් බඳින මගෙ වැඩ නොදනිද........ නරියා
    කට මැද දෙඩෙවුවොත් දැනගන් උඹ ගෙරියා
    එවනව පිල්ලියක් තොටනං වල්...... හෙලයා
    අයියේ කපූ කර දෙනවද පොඩී වැඩක්
    කවුදෝ එකෙක් කර ඇත මට විනයක්
    නංවා මරුත් සිදුකර එය "රිවස් එකක්"
    රැකලා දෙනුද අසරණ මා නොකර බියක්.....😁😁
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    hitagena kavi da?

    නෑ අපි බුදියන් ඉන්නේ,උඹත් වරෙන් බුදියගෙන කවි ලියමු :ROFLMAO:

    අයියේ කපූ කර දෙනවද පොඩී වැඩක්
    කවුදෝ එකෙක් කර ඇත මට විනයක්
    නංවා මරුත් සිදුකර එය "රිවස් එකක්"
    රැකලා දෙනුද අසරණ මා නොකර බියක්.....😁😁
    විනේ කපන්නට අපේ කපු මලයාට
    විනාඩියයි වේගේ තප්පර හැටට
    හැබැයි රිවස් කරන්නේ නෑ මේ කපට
    පලයන් අරන් බටු ගෙඩියක් අත් දෙකට
    ------ Post added on Nov 25, 2021 at 7:55 PM