FULL FACE AWLA

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ECE_full_face_helmet.jpg


    මොකක්ද බන් මේකේ තේරුම.?
    fullface හෙල්මට් එකක් දාගෙන යන ඒක තහනම් කරලා.
    රටක අපරාද වෙන ඒක අඩු කරන්න පුලුවන්ද බන්.?
    බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා ඒ දවස්වල
    full face හෙල්මට් එකක් ගත්තේ. දැන් ඒක විසි කරන්නද කියන්නේ මුන්.
    යහපාලනය ගෙන්න කියල පාරට බැහැල . ගුටි කාලා.
    මරණ තර්ජන සේරම විද දරාගෙන අන්තිමට යහපලානේ අපිටම ඇරියා වගේ දැනෙනවා.
    මම බොරුවක් කියල හිතනවානම් මගේ පරණ ත්‍රෙඩ් ඇති මට උන දේවල් කියල දාපු. යහපලානේ වෙනුවෙන් කොච්චර පීඩනයකින්ද සටන් කලේ කියල තේරුම් ගන්න පුළුවන් ඒවගෙන්.

    මන් කියන්න අවේ බන් මේකයි. අපි ඉන්නේ දියුණු වෙන සමාජයක . ඇයි එහෙම වෙලත් අපේ මේ අපිට වඩා ඉහලින් ඉන්න මිනිස්සු අපිවම පාගන්න හදන්නේ.?
    අපිම නේද ඒ මිනිස්සුන්ව ඉහලින් ඔසවල තියාගෙන ඉන්නේ.. දැන්නම් මචෝ මේ සෙල්ලම එපා වෙලා තියෙන්නේ.

    මොනවද උබල හිතන්නේ මේ ගැන.

    සැ.යු.. මම මේ මහින්ද මාමව අපහු ගෙන්න ඕනේ කියල එහෙම නෙමෙයි කිවේ හරියැ....