


අපෙත් එකෙක් ඉඳල රෑ කාල ගියා ගියාමයි දැන් මාසගානක් තාමත් නෑ 
උන් පිටිපස්සෙන් එනව පූසටවත් ඇහෙන්නෑ.. කටුස්සෙක් වත් කෑවද දන්නේ නෑ බන්
අපේ කලින් හිටපු පූසටත් එහෙම සීන් එකක් උනා
ඇගට පණ නැති වෙලා හිටියේ බෙහෙත් දුන්නට ගොඩ ගියෙත් නෑ
බලපන් කටු අකුලක හරි කොහේ හරි වැටිලා ඉන්නවද දන්නේ නෑ පණ නැතුව
අපිට තියෙන දුක මුන්ට නෑ බන් ඇල්ලුවොත් හූරනවා හෙන ඔලුවෙන් ඉන්නේ අපේ එකානම්





මේකා තඩි පූස් නාම්බා බන්...ඌට ගෙදර දාලා යන්න කිසිම හේතුවක් නම් තිබුන් නෑ.කෑම,බීම,නෑම නීට් එකට ලැබුනා.....පොඩි එකෙක්ද බං ? පොඩි එකෙක්වනං යවන්න එපා..අපෙත් එකෙක් ඉඳල රෑ කාල ගියා ගියාමයි දැන් මාසගානක් තාමත් නෑ
ලොකු පූසෙක් නං සමහර වෙලාවට සති ගනං අතුරුදහන් වෙලා ඉඳල ආපහු එනව.. අපේ ලොකු පූසො දෙන්නෙක් ඉඳල එකෙක් සතිගානක් හෙව්ව නෑ.. පස්සෙ දවසක ඇවිල්ල..
කෝකටත් හොයල බලපං..
කබරයො එහෙම ඉන්නවනං පූසව යවන්න එපා.උන් පිටිපස්සෙන් එනව පූසටවත් ඇහෙන්නෑ..
මේකා තඩි පූස් නාම්බා බන්...ඌට ගෙදර දාලා යන්න කිසිම හේතුවක් නම් තිබුන් නෑ.කෑම,බීම,නෑම නීට් එකට ලැබුනා.....




ඔකුන්ට කාලෙකට මද කිපෙනවා වගේ වෙනවා බන් කන්නේ බොන්නේ නෑ අවලමේ යනවා අපේ එකෙක් ඉන්නවා ඌ එන්නේ වැකේෂන් එකට විතරයි .
හූරනව නෙමේ කන්නමයි අල්ලන්නෙ..
හෙන හයිය ග්ලොඋස් තියෙනව.. වෙල්ඩිං වැඩ කරන අය එහෙම දාන අළු පාට වගේ.. ඒ දෙකක් ගනිං.. පූසව බෙහෙත් ගේන්න එහෙම එක්කගියෙ ඒව දාගෙන.. හැපුවත් දැනෙන්නෑ![]()


ලස්සනයි බන් cuteමේ ඉන්නේ අපේ එකා
ඌ හපන්නේ හෙමින් බන් ළගට ඇවිල්ලා ඌව ඇල්ලුවොත් කනවා හැබැයි රිදෙන්නේ නෑ
නියපොතු නම් වදිනවා සුදු හම පේන්නම
තාම සෙල්ලම් වයස්නේ බන්
කර්ටන්, සෝෆා, මේස රෙදි ඉවරයි ගන්න දෙයක් නෑ මූ විකලා හූරලා
ඒත් ගහන්නවත් හිතෙන්නේ නෑ බන්
උන් දන්නවද ඕවා



අඩේ අපෙත් කළු පුසෙක් උන්නා ඔය වගේ මෑන්ස් පුරුදු වෙලා හිටියා පාරෙන් එහා පැත්තේ ගෙදරකට යන්න රෑට රෑට ..පස්සේ දවසක් මේකා ආවේ නෑ හෙව්වා හෙව්වා හම්බුනෙත් නෑ .. ඊට පස්සේ තමයි අර පාරෙන් එහා පැත්තේ ගෙදර අන්කල් කාරයා කිව්වා රෑ දැක්කා කබරයෙක් මොකක්ව හරි ඇදන් යනවා කළුවර නිසා දැක්කේ නෑ කියලා .. පස්සේ ඔහොම සතියක් 1 1/2 ක් විතර ගියා ගෙදර අයත් පට්ටෙට දුක් උනා
දවසක් පෝය දවසක අපේ අල්ලපු වැටේ තියෙන තේකොල ෆැක්ටරිය පැත්තෙන් පුසෙක් කෑගහනවා ඇහෙනවා ඒත් කොහෙන්ද සද්දේ එන්නේ කියලා හිතා ගන්න බෑ .. අම්මටසිරි පොඩ්ඩක් හොයලා බැලුවම අර පුසා මෙන්න අර ඇතුලේ තියෙන හුලං එලියට ඇදලා දාන ෆෑන් එකක් අස්සෙන් ඔලුව දාලා දෑල් එක කෑගහනවා.. ගෙදර උන්ට පට්ට හැපී ඉතින් මේකා මලා කියලානේ හිතුවේ
පස්සේ ෆැක්ටරියේ උන්ට කිව්වම අයිති කාරයෝ නැතුව සිකුරිටි එකේ උන්ට දොරවල් අරින්න බැලූ ගබඩාවල.. පහුවෙනිදට අරන් දෙන්නද අහලා ... ඉතින් හිටියා ...
මෙන්න මේකා කෑගහන සද්දේ වැඩි උනා විතරයි සිකුරිටි අය ලොකු ලොරියක් ගෙනල්ලා අර වා කවුළුව ගාව නවත්තලා ලොරියේ වහලේ උඩට නැගලා අරුව අරන් දුන්නා ..
හම්මේ මේකා තනිකරම තේකොල පාටයි ...
සතියකට විතර ඇතිවෙන්න තේ කොළ ඇඟේ .. මොනවා නැතත් සුද්දෝ පුස් ෆ්ලෙවර් එකෙන් තේ බොයි මාසෙකින් විතර
බයවෙන්න එපා උබලගේ එකාත් එයි කොහේ හරි ඉඳන්
![]()









මේ ඉන්නේ අපේ එකා
ඌ හපන්නේ හෙමින් බන් ළගට ඇවිල්ලා ඌව ඇල්ලුවොත් කනවා හැබැයි රිදෙන්නේ නෑ
නියපොතු නම් වදිනවා සුදු හම පේන්නම
තාම සෙල්ලම් වයස්නේ බන්
කර්ටන්, සෝෆා, මේස රෙදි ඉවරයි ගන්න දෙයක් නෑ මූ විකලා හූරලා
ඒත් ගහන්නවත් හිතෙන්නේ නෑ බන්
උන් දන්නවද ඕවා




යාළුවනේ!අපේ ගෙදර පූසා ඊයේ රෑ 8 ට විතර බත් කාලා එළියට බැස්සා තාම ගෙදර ආවේ නෑ.කළින් කවදාවත් මෙහෙම අතුරුදහන් වෙලා ඉදලා නෑ.මම වත්ත පුරා හැම තැනකම බැලුවා ඉන්නවද?කියලා.........නෑ....පුදුම දුකක් තියෙන්නේ.ඔයාලාගේ අත්දැකීම් තියෙනවද?මට කියන්නකෝ..එහෙම අතුරුදහන් වෙලා ඉදලා කාලයකින් ආය ගෙදරට ආපූ පූසන් ගැන.පොඩ්ඩක් කියන්නකෝ................