මට වයස 47යි. මම රැකියාවක් ඉල්ලා මීට පෙර post එකක් දැම්මා එයට ලැබුණු අවස්ථා වලට ඉල්ලුම් කලත් මා හට රැකියාවක් ලැබුනේ නැත. පුවත් පත් වල රැකියා වලට කතා කලත් කැඩිලා තිබ්බ දකුණු අත හොද කරගෙන එන ලෙස දන්වන ලදී. (ඒ රැකියා manpower)දැන් මගේ අත ගොඩක් හොදයි. මට අතින් ලියන්න පුළුවන් මට්ටමට මගේ අත හොදයි. අත දිගරින්න තව 15% වගේ තමයි කියලා ඊයේ ක්ලිනික් ගියාම doctor කිවුවේ. කලින් රැකියාවට අත හොද වුණාම එන්න කියලා තිබ්බේ.එත් මම රැකියාවක් සොයා ගන්න බැලුවේ මට රැකියාවක් නැතුව අමරුනිසයි. මමcall කරාම කියනවා වැඩ අඩු නිසා දැන් ගන්න බැ කියලා. (නුගේගොඩ /teshirt වල ප්‍රින්ට් ගන්න තැනක්.(මගේ අත කැඩුනේ රැකියාවට ගිහිල්ලා මාස 6 ක් යන්න කලින් නිසා මාව ස්ථිර කරලා නැ. ) කොරෝනා කාලේ lokdown කරාම මේකේ කෙනෙක් කලින් කරපු උදව් වෙන් සහ රජයෙන් ලබා දුන් මුදල් වලින් පිරිමහා ගන්න පුළුවන් වුණා. අන්ත අසරණ වෙලා ඉන්නේ. ඉදිරියට දරුවන්ගේ පාසල් වාරය එන නිසා මට සුදුසු බර වැඩ නැති රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මට ඒ වුදව්ව කලොත් ලොකු දෙයක්. මට comuter දැනුම තියෙනවා. මම මගේ උපරිම උනන්දු වෙන් සහ කැපවීමේන් වැඩ කිරීමට පොරොන්දු වෙනවා. මම දිගින් දිගටම post දාන්නේ උදව්වක් ඉල්ලන්න කෙනෙක් නැති නිසයි. (මගේ medical report අවශ්‍ය අයෙකුට ඉදිරිපත් කල හැක.)