ඔය වැනි දේ වලට කවි පද ලියන්නට
මොන්ගල් වී නැතිය මම නම් ඒ ලෙසට
වෙන කිසි දෙයක් ගැන නිකමට හිතන්නට
හැඩගැසිලා නැතිද ඔබගේ ඔලු කට්ට![]()
ඔබ ඔය තරම් ....
අදහස් අතින් සරුනන් .....

අනුනට කර කර ඉන්නේ සරදම්

කවියක් දැමිය හැකිනේ අලුතින්


ඔය වැනි දේ වලට කවි පද ලියන්නට
මොන්ගල් වී නැතිය මම නම් ඒ ලෙසට
වෙන කිසි දෙයක් ගැන නිකමට හිතන්නට
හැඩගැසිලා නැතිද ඔබගේ ඔලු කට්ට![]()




නොලැබෙන කෙනෙක් ගැන සිත සිත හූල්ලමින්
ඔබ ඔය තරම් ....
අදහස් අතින් සරුනන් .....
අනුනට කර කර ඉන්නේ සරදම්
කවියක් දැමිය හැකිනේ අලුතින්![]()
මට නිකම් මෙතන පොර වෙන්න නම් කිසිම වුවමනාවක් නෑ අයියේ. ඔයා ඔය කියලා තියන කතාවට දිගටම කවි ලියන්න පුලුවන් නම් මෙතන කවි ලියන්න එන අය කවුරු හරි කලින් දවස් දෙකේ මොනව හරි ලියනවා. හරි...... එහෙනම් කවුරු හරි ඕකට කවියක් ලියනකම් මම කිසිම දෙයක් නොදා ඉන්නම්.





සොඳුරු පද වැල් පිරී
කවි සිතුම් පුබුදු කල
අපේ රස කවි නූල
කීම හෙමින් මේ ලෙසට තනි වෙලා ........
එදා කවි පද බැන්ද
රස හැඟුම් පුබුදු කළ
දයාබර සොයුරු කැල
කිමද අද හෙමි හෙමින් වෙන් වෙලා ............
වීඩා බර මනසකට
මුදු සිසිල තවරන්න
යලි බඳිමු මියුරු පද
සොයුරනේ අපි සැවොම එක් වෙලා .............![]()



තිබුනත් ආසාව මෙය ඉහලට ගන්නහෙමින් හෙමින් යලි ත්‍රෙඩ් එක යටගැහිලා
පෙර සිටි කිවිදො ඇත කවිකම් අත හැරලා
ඇතොත් වෙලාවක් ලියන්න කවි ගොතලා
එන්න පෙරට ගමු ත්‍රෙඩ් එක නග්ගාලා.......!!!!



තිබුනත් ආසාව මෙය ඉහලට ගන්න
කට්ටිය එන්නෙ නැත කවි පද ගලපන්න
හැකි හැම විටම කවි ලිව්වා ගොඩගන්න
බැරිම තැනදි ඉඩ හැරියා යට යන්න![]()
පහුගිය ටිකේ ආවා යසටම කවියෝ
දැන් ඒ උන්දැලෑ එන්නෙ නෑ ගොයියෝ
තනියෙන් කොහොම කවි කියම්ද මං අයියෝ
එන්න එන්න මේ පැත්තට කම්මලියෝ
උඩ එයි නැවත යට යයි හැමදා......... එහෙමයි
හිත කියන්නෙ උඩ, නොම යනු සැඟවි... කැතයි
යලි ඉපුලුනෝතින් එයනම්........... යසයි යසයි
නව කවි වදන් එළිවෙයි තව........ රසයි රසයි
කලින් කලට කිවි ත්‍රෙඩ් එක උඩ එනවාකල් ගත වෙලා යනවිට යහමින් නැවත
කවිකම් කරන්නට ඈයෝ එයි නිබද
අද නැති නමුදු කවියෝ පෙරමෙන් සරුව
ත්‍රෙඩ් එක දකිද්දී එයි පෙර කවියෝ පිබිද
සති අන්තයට වැඩ නැති බව සිතුවාටසති අන්තයත් ආවා හෙමිහිට මෙහෙම
දැනුනා හිතට ලොකු අස්වැසුමක් එවිට
ඉන්නා විටදි නිවාඩු පාඩුවේ මම
ආවා මෙහි ඇතිද බලන්ට කවියො අද



අම්මපා ඒකාලේ මේකේ හිටියේ කවියෝ විතරයි බන්

සති අන්තයට වැඩ නැති බව සිතුවාට
වැඩ මහ ගොඩක් තිබෙනවමයි ඒ දිනට
සතිය පුරා හෝදපු නැති රෙදි ගොඩට
හෝදන වැඩේ දැමුවා මම හෙට දිනට![]()
