.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ..මෙහෙම හරියන් නෑ අනේ...අපි එක එක මාතෘකා දාල ඒවට කවි ලියමුද..තනුජක අයිය මොකද කියන්නෙ..:rolleyes:
    විශේෂ මාතෘකා නොදී තිබුනාට
    සමහර විටදි කවි ලි‍යෙන්නෙ ඒ ලෙසට
    මදක් බලන් ගොස් ඔබ මෙහි පසුපසට
    මාතෘකා ඉබේ සැදිල කවි වලට
     

    thanujaka

    Well-known member
  • විශේෂ මාතෘකා නොදී තිබුනාට
    සමහර විටදි කවි ලි‍යෙන්නෙ ඒ ලෙසට
    මදක් බලන් ගොස් ඔබ මෙහි පසුපසට
    මාතෘකා ඉබේ සැදිල කවි වලට

    ත්‍රෙඩ් එකෙ දැම්ම මම උනාට මෙහි නංගෝ
    නග්ගල ගත්තෙ මමම නෙමෙයි වෙන ඈයෝ
    රෙක්ස පැන්තරා වැනියෝ දර ඇද්දෝ
    උන් අකමැති නොවේනං අවුලක් නැතියෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ත්‍රෙඩ් එකෙ දැම්ම මම උනාට මෙහි නංගෝ
    නග්ගල ගත්තෙ මමම නෙමෙයි වෙන ඈයෝ
    රෙක්ස පැන්තරා වැනියෝ දර ඇද්දෝ
    උන් අකමැති නොවේනං අවුලක් නැතියෝ
    ආතල් එකට අපි මෙහි කවි ලිව්වාට
    පටන් ගත්තෙ උඹනෙ මචන් මේ නූල
    කැමති දෙ‍යක් කි‍යපන් අදහස් ලෙසට
    හැකි ලෙස අපිත් හැඩකර ගමු කවි නූල
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    ආතල් එකට අපි මෙහි කවි ලිව්වාට
    පටන් ගත්තෙ උඹනෙ මචන් මේ නූල
    කැමති දෙ‍යක් කි‍යපන් අදහස් ලෙසට
    හැකි ලෙස අපිත් හැඩකර ගමු කවි නූල

    අයිය මොකද කියන්නෙ ඒ පිළිබදව
    මාතෘකාවක් දුන්නොත් හොද නැදද
    මං අලුතින් ආපු නිසා කවි පොතට
    ඕගොල්ලන්ගෙ අදහසටයි මුල් පුටුව
     

    thanujaka

    Well-known member
  • අයිය මොකද කියන්නෙ ඒ පිළිබදව
    මාතෘකාවක් දුන්නොත් හොද නැදද
    මං අලුතින් ආපු නිසා කවි පොතට
    ඕගොල්ලන්ගෙ අදහසටයි මුල් පුටුව

    කට්ටිය කැමතිනං නගෝ අදහසට
    පුලුවන් වේවි ඔබෙ අදහස නංවන්න
    මාතෘකාවක් දෙනවා කිව්වාට
    මටනං තාම වැඩෙ හරියට ක්ලික් නැතිය:no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයිය මොකද කියන්නෙ ඒ පිළිබදව
    මාතෘකාවක් දුන්නොත් හොද නැදද
    මං අලුතින් ආපු නිසා කවි පොතට
    ඕගොල්ලන්ගෙ අදහසටයි මුල් පුටුව
    ඕන දෙ‍යක් මට නම් අවුලක් නැති‍ය
    මම නම් තවම කවි‍යට ආධුනික‍යි ‍ය
    දුන්නොත් කවුරු හෝ මාතෘකා පද‍ය
    හැකිලෙස ලි‍යමි මාතෘකාවට කවි‍ය
     

    thanujaka

    Well-known member
  • ආතල් එකට අපි මෙහි කවි ලිව්වාට
    පටන් ගත්තෙ උඹනෙ මචන් මේ නූල
    කැමති දෙ‍යක් කි‍යපන් අදහස් ලෙසට
    හැකි ලෙස අපිත් හැඩකර ගමු කවි නූල

    නූල මචං මගේ නෙමෙයි හැමගේය
    මේක පටන් ගත්තෙ මමයි එය හරිය
    තනි අතකින් තලන්නෙ අත්පුඩි කෙලෙස
    මගේ එක අතක් වන්නේ උඹලාය :yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටිය කැමතිනං නගෝ අදහසට
    පුලුවන් වේවි ඔබෙ අදහස නංවන්න
    මාතෘකාවක් දෙනවා කිව්වාට
    මටනං තාම වැඩෙ හරියට ක්ලික් නැතිය:no:
    අලුත් දෙ‍යක් නෙවෙ‍යි එ‍යා පවසන්නේ
    කවුරුන් හෝ මාතෘකාවක් දෙන්නේ
    අන් අ‍ය එ‍යට පිලිතුරු කවි සප‍යන්නේ
    මේ ලෙස තම‍යි මට නම් එ‍ය වැටහෙන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නූල මචං මගේ නෙමෙයි හැමගේය
    මේක පටන් ගත්තෙ මමයි එය හරිය
    තනි අතකින් තලන්නෙ අත්පුඩි කෙලෙස
    මගේ එක අතක් වන්නේ උඹලාය :yes:
    ඇත්ත තම‍යි උඹ නම් මේ පවසන්නේ
    තනි අතකින් අත්පුඩි තලනු කෙලෙසින්නේ
    කට්ටි‍ය නාවොතින් කවි පද නැතිවෙන්නේ
    එතකොට ‍යලිත් මේ ත්‍රෙඩ් එක ‍යට ‍යන්නේ
     

    thanujaka

    Well-known member
  • අලුත් දෙ‍යක් නෙවෙ‍යි එ‍යා පවසන්නේ
    කවුරුන් හෝ මාතෘකාවක් දෙන්නේ
    අන් අ‍ය එ‍යට පිලිතුරු කවි සප‍යන්නේ
    මේ ලෙස තම‍යි මට නම් එ‍ය වැටහෙන්නේ

    දැන්නෙ බොලේ මටත් වැඩේ ක්ලික් වූයේ
    අමුතු දෙයක් නෙමෙයි මචං එයා කියන්නෙ
    ඉස්සෙල්ලත් ඕක තමයි අපි කෙරුවේ
    නිල විදිහට කරන්නටයි ඈ පවසන්නෙ
     

    thanujaka

    Well-known member
  • ඇත්ත තම‍යි උඹ නම් මේ පවසන්නේ
    තනි අතකින් අත්පුඩි තලනු කෙලෙසින්නේ
    කට්ටි‍ය නාවොතින් කවි පද නැතිවෙන්නේ
    එතකොට ‍යලිත් මේ ත්‍රෙඩ් එක ‍යට ‍යන්නේ

    කලකට උඩයි යලි කලකට යට යනවා
    හිටපු ගමන් හොද කවියෝ සෙට් වෙනවා
    දැන් නං මචං මෙහි කවියෝ හිග වෙනාවා
    තව කලකින් ත්‍රෙඩ් එක වැහිලම යනවා :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන්නෙ බොලේ මටත් වැඩේ ක්ලික් වූයේ
    අමුතු දෙයක් නෙමෙයි මචං එයා කියන්නෙ
    ඉස්සෙල්ලත් ඕක තමයි අපි කෙරුවේ
    නිල විදිහට කරන්නටයි ඈ පවසන්නෙ
    කලින් සිද්ද වුනෙත් ඒක තම‍යි මචන්
    මෙ‍යා ඒක කරමු කි‍ය‍යි නිල වශ‍යෙන්
    දෙනවා නම් මාතෘකාවක් දීපන්
    ලි‍යමු කවි ටිකක් අපි හැම සතුටු සිතින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලකට උඩයි යලි කලකට යට යනවා
    හිටපු ගමන් හොද කවියෝ සෙට් වෙනවා
    දැන් නං මචං මෙහි කවියෝ හිග වෙනාවා
    තව කලකින් ත්‍රෙඩ් එක වැහිලම යනවා :(
    කලින් කලට කවි කරුවෝ හිග වෙනවා
    එකලට මේ වගේ ත්‍රෙඩ් නම් ‍යට ‍යනවා
    උඩ එන කලට අපි කවි පද ගලපනවා
    වැහෙන්න නම් ඉඩ කිසි ලෙස ඉඩ දෙන්නැතුවා
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කලකට උඩයි යලි කලකට යට යනවා
    හිටපු ගමන් හොද කවියෝ සෙට් වෙනවා
    දැන් නං මචං මෙහි කවියෝ හිග වෙනාවා
    තව කලකින් ත්‍රෙඩ් එක වැහිලම යනවා :(
    එහෙම වෙන්න ඉඩ නොදෙමුකො අපි අයිය
    කොහොම හරිම ගමු ත්‍රෙඩ් එම යලි නංවා
    උත්සහ කලොත් ඕවා වැඩ නොවෙ අයියා
    කවි කම් පුරුමු මේ මුලු වෙබ් පිටුව පුරා
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කලින් කලට කවි කරුවෝ හිග වෙනවා
    එකලට මේ වගේ ත්‍රෙඩ් නම් ‍යට ‍යනවා
    උඩ එන කලට අපි කවි පද ගලපනවා
    වැහෙන්න නම් ඉඩ කිසි ලෙස ඉඩ දෙන්නැතුවා
    මේ වගෙ අයියලා ඉන්නා තුරු මෙතනා
    කිසි දින නොම වැසේවී මේ කවි මඩුවා
    කවිකම් කරන්නට අයියා නං හපනා
    පටන් ගමුද නව ආරක් අද ඉදලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම වෙන්න ඉඩ නොදෙමුකො අපි අයිය
    කොහොම හරිම ගමු ත්‍රෙඩ් එම යලි නංවා
    උත්සහ කලොත් ඕවා වැඩ නොවෙ අයියා
    කවි කම් පුරුමු මේ මුලු වෙබ් පිටුව පුරා
    එහෙම වෙන්න නොදෙමු කි‍යා කිව්වාට
    එහෙම වෙනව තම‍යි පෙලක් කල් වලට
    උඩට ගන්න full try එක දුන්නාට
    ගන්න නම් නොහැක ඉහලට කිසි ලෙසට
     

    thanujaka

    Well-known member
  • කලින් සිද්ද වුනෙත් ඒක තම‍යි මචන්
    මෙ‍යා ඒක කරමු කි‍ය‍යි නිල වශ‍යෙන්
    දෙනවා නම් මාතෘකාවක් දීපන්
    ලි‍යමු කවි ටිකක් අපි හැම සතුටු සිතින්

    මට නං මචං මෙලෝ අදහසක් නැතුවා
    මාතෘකාවක් නං ඔලුවේ නැතුවා
    උඹෙ අදහසක් ඇත්තන් දමපං ලියලා
    නැත්තන් ඉතින් නංගිගෙ පිහිටක්ම තමා:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ වගෙ අයියලා ඉන්නා තුරු මෙතනා
    කිසි දින නොම වැසේවී මේ කවි මඩුවා
    කවිකම් කරන්නට අයියා නං හපනා
    පටන් ගමුද නව ආරක් අද ඉදලා
    මොන හපනෙක්ද මම අලුත් ය කවි ලොවට
    මහ කවි‍යෙකුත් වෙලා නැතේ කිසිම විට
    දන්නා ලෙසට කවි ගලපමි හැකි ලෙසට
    හුදෙක් පුංචි සිත් සතුටක් ලබන්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නං මචං මෙලෝ අදහසක් නැතුවා
    මාතෘකාවක් නං ඔලුවේ නැතුවා
    උඹෙ අදහසක් ඇත්තන් දමපං ලියලා
    නැත්තන් ඉතින් නංගිගෙ පිහිටක්ම තමා:sorry:
    මගෙ හිතටත් කිසිම දෙ‍යක් එන්නැති‍ය
    එබැවින් අදහසක් කිව නම් නොහැකිම‍ය
    වැස්සක් එන නිසා දැන්නම් කෙලවේ‍ය
    සමහර විටදි මට ‍යන්නට සිදු වේ‍ය
    :baffled::baffled::baffled: