.::KAVIYEN KAVIYA 2::.

~twinkle~

Banned
  • Nov 10, 2012
    146
    9
    18
    පදවැල් අතර වරෙක රැඳුනු මතක මැකී
    කොතරම් ලියවුනත් නැත රසයක් පෙරකී
    නැවතත් එබඳු රසයක් ලැබුමට නොහැකී
    අඳුරෙන් පිරුනු තනිකම රැඳුනු වසරකී :(
    කණගාටුවකි මුහුණේ නම් පෙනෙන්නේ
    තරමක් දුකෙන් පෙලෙන බවකි හැගෙන්නේ
    ඔබෙ යම් දොම්නසකි කවියෙන් කියන්නේ
    හැකි අයුරකින් අපි තනිකම මකන්නේ :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍එළකිරි මචන් උබ කවි ලියනවා හැඩට
    වෙලාව නං කවදන් නැහැ බන් වැඩට
    දැන් නං මචන් බඩගිනි දැනෙනවා දඩට
    මොනවා හරි දාගෙන එන්නන් බඩට
    එලකිරි මචන් ගිහින් සිත් ලෙසට කාපන්
    පුලුවන් වෙලාවට ආපහු වරෙන් මචන්
    උඹ එන වෙලාවට මම මෙහි හිටි‍යෝතින්
    අනිවා ලි‍යන්නම් පිලිතුරු කවි පද‍යෙන්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එලකිරි‍යේ ඉස්සර හිටි කවිකරුවන්
    නැතිකල අඩුවෙලා ඇත ඒ කවි රස‍යන්
    අඳුරු මතක නැති කෙරුමට හැකි විලසින්
    ගලපාලමු කවි පද ඉදිරි‍ය දකිමින්

    මතකද එදා එලකිරියේ කවි මිහිර
    ආවා සිතට දැකලා මේ බස් වහර
    පෙරදා ලියු නිසදැස් පදපෙල් මිතුර
    නැවතත් දකිනු හැකිනම් අද ත්‍රේඩ් අතර :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කණගාටුවකි මුහුණේ නම් පෙනෙන්නේ
    තරමක් දුකෙන් පෙලෙන බවකි හැගෙන්නේ
    ඔබෙ යම් දොම්නසකි කවියෙන් කියන්නේ
    හැකි අයුරකින් අපි තනිකම මකන්නේ :)
    එලකිරි‍යේ Doly නංගි නැතිකලට
    කවි නූලේ ලොකු අඩුවක් දැනේ මට
    ඈ ‍යලි නො එන්නට හැරදා ගි‍ය කලට
    තවමත් දුකක් ඇත අපගේ හිත් වලට
    :(:(:(
     

    thanujaka

    Well-known member
  • සුද්දන් ඇවිත් කල ඒ මහ විනාස‍ය
    තවමත් මේ රටේ නැතිවීලා නැති‍ය
    හෙල බස ටිකෙන්ටික ‍යන්නේ වල වෙත‍ය
    එ‍ය නැවතීම දැන්නම් හරි අපහසු‍ය

    සිංහල බැරි ලෙසට කතාව හරිහැඩය
    කඩ්ඩ කොටන්නට හැකිනම් වැඩකරුය
    සිංහල කමට රටේ කිසිත් තැන නැතිය
    එහෙව් රටක සිංහල කම් රැකේවිද:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතකද එදා එලකිරියේ කවි මිහිර
    ආවා සිතට දැකලා මේ බස් වහර
    පෙරදා ලියු නිසදැස් පදපෙල් මිතුර
    නැවතත් දකිනු හැකිනම් අද ත්‍රේඩ් අතර :)
    ඉස්සර සිටි‍ය මහ කවි කරුවන් අතරේ
    සුහද තරඟ‍යක් තිබුනානේ මිතුරේ
    කාල‍ය හෙමින් ගත වීලා ‍යන අතරේ
    එ‍ය නැති වුනේ ඇ‍යිද‍යි මට නොතේරේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ‍එළකිරි මචන් උබ කවි ලියනවා හැඩට
    වෙලාව නං කවදන් නැහැ බන් වැඩට
    දැන් නං මචන් බඩගිනි දැනෙනවා දඩට
    මොනවා හරි දාගෙන එන්නන් බඩට
    කවි ලොව පෑයු දිදුලන තරු...........අඹරේ
    චා එස් එල් නාමය කවදත්........නොමැරේ
    මතකද එදවස කීවා අපි කවි..........යමරේ
    ලීයට ලීය හමු විය මොරටුවේ........මෙපුරේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංහල බැරි ලෙසට කතාව හරිහැඩය
    කඩ්ඩ කොටන්නට හැකිනම් වැඩකරුය
    සිංහල කමට රටේ කිසිත් තැන නැතිය
    එහෙව් රටක සිංහල කම් රැකේවිද:sorry:
    ගොඩ සුද්දන් ලෙස උන් උඩ පැන්නාට
    හැකි බම්බුවක් නැත ඔ‍ය බූරුවන් හට
    බොරුවට සිංගිරීසි‍යෙන්ම කෙටුවාට
    එක භාෂාවකුත් නොහැකි‍ය ඕකුන්ට
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    එලකිරි‍යේ Doly නංගි නැතිකලට
    කවි නූලේ ලොකු අඩුවක් දැනේ මට
    ඈ ‍යලි නො එන්නට හැරදා ගි‍ය කලට
    තවමත් දුකක් ඇත අපගේ හිත් වලට:(:(:(
    ඇගේ අඩුව මෙහි සැමදා රැදේය මිතුර
    එක මකන්න අපි සැම අසමත් වේය
    යම් තරමකින් හෝ එය මෙහි මකාදමන්න
    තනුජක අයිය ගත් පියවර අගනේය:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි ලොව පෑයු දිදුලන තරු...........අඹරේ
    චා එස් එල් නාමය කවදත්........නොමැරේ
    මතකද එදවස කීවා අපි කවි..........යමරේ
    ලීයට ලීය හමු විය මොරටුවේ........මෙපුරේ
    මොරටුවෙ ඩ‍යල් දෙකක් ‍යලි ඇත සෙට් වීලා
    ඇති ලෙස පෙනේ මේ නූලම හැඩ කරලා
    මිතුරන් දෙදෙන දැන් ආපහු එකතුවෙලා
    ලි‍යමු බලන්නට කවි පද රස කරලා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    කවි ලොව පෑයු දිදුලන තරු...........අඹරේ
    චා එස් එල් නාමය කවදත්........නොමැරේ
    මතකද එදවස කීවා අපි කවි..........යමරේ
    ලීයට ලීය හමු විය මොරටුවේ........මෙපුරේ

    අම්මටසිරි පැන්තර් උඹ දැක්ක කලක්
    මතකද මචන් ඒකාලේ කෙලපු ගුලක්
    කවි කොතනද උඹ කවදත් එතන පොරක්
    මොරටුව උනත් වෙන්නේ නැහැ උඹට නරක්
     
    • Like
    Reactions: Pink panther

    thanujaka

    Well-known member
  • ගොඩ සුද්දන් ලෙස උන් උඩ පැන්නාට
    හැකි බම්බුවක් නැත ඔ‍ය බූරුවන් හට
    බොරුවට සිංගිරීසි‍යෙන්ම කෙටුවාට
    එක භාෂාවකුත් නොහැකි‍ය ඕකුන්ට
    තම රට බසේ රසය නොදත් අමනුන්ට
    තවත් බසක රසය කෙසේ වැටහෙත්ද
    සියරට ගුණය එහිදු අගය නැති උන්ට
    වෙනත් බසක් පිහිටුවොතින් අරුමය ය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇගේ අඩුව මෙහි සැමදා රැදේය මිතුර
    එක මකන්න අපි සැම අසමත් වේය
    යම් තරමකින් හෝ එය මෙහි මකාදමන්න
    තනුජක අයිය ගත් පියවර අගනේය:yes:
    ඇ‍ය නැති අඩුව සැමදා මෙහි තිබේවි‍ය
    එ‍ය පුරවන්න කිසිවෙකුටත් නොහැකිම‍ය
    එනමුත් දැන් එ‍යත් සිදුවී හමාර‍ය
    එබැවින් ඉදිරි‍යක් ගැන සැලකි‍ය ‍යුතු‍ය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තම රට බසේ රසය නොදත් අමනුන්ට
    තවත් බසක රසය කෙසේ වැටහෙත්ද
    සියරට ගුණය එහිදු අගය නැති උන්ට
    වෙනත් බසක් පිහිටුවොතින් අරුමය ය
    නොකි‍යා මමත් කිව්වේ ඕ‍ය ටිකම‍යි ‍ය
    ඔහොම එවුන් හට එක භාෂාවක් බැරි‍ය
    කතාව නම් උන්ගේ මහ ලොකුවෙන් ‍ය
    එනමුත් උන්ට පුලුවන් ***ක් නැති‍ය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මොරටුවෙ ඩ‍යල් දෙකක් ‍යලි ඇත සෙට් වීලා
    ඇති ලෙස පෙනේ මේ නූලම හැඩ කරලා
    මිතුරන් දෙදෙන දැන් ආපහු එකතුවෙලා
    ලි‍යමු බලන්නට කවි පද රස කරලා

    අම්මටසිරි පැන්තර් උඹ දැක්ක කලක්
    මතකද මචන් ඒකාලේ කෙලපු ගුලක්
    කවි කොතනද උඹ කවදත් එතන පොරක්
    මොරටුව උනත් වෙන්නේ නැහැ උඹට නරක්
    පාලු කවි මඩුවේ පද වැල්..........අමුණමින
    සැසියයි උඹයි ඇදි ගේමේ වත..........දකින
    නව කවියෝ අද මේ හුය වෙත.......සපැමිණ
    ඔසවා තබයි සුදුසට මරු තැන..........දෙමින
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    කොහෙ යන්නද මෙහෙ වර කවි ලියන්නට :frown:
    කන්න මොටද වපුරමු අපි හැමදාම
    උඹල වගේ ගොවියන් එයි නම් මෙහෙට
    දොළොස් මසම සශ්‍රිකයි කවි මඩුව:P

    නායක තුමා දැම්මට උඹ මට සද්දේ
    අම්බානක් වැඩ බන් මට හෙන යුද්දේ
    කවියක් දෙකක් දානවා මම ඒ මැද්දේ
    අන්තිම කවිය ලිව්වේ ගිය අවු රුද්දේ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කණගාටුවකි මුහුණේ නම් පෙනෙන්නේ
    තරමක් දුකෙන් පෙලෙන බවකි හැගෙන්නේ
    ඔබෙ යම් දොම්නසකි කවියෙන් කියන්නේ
    හැකි අයුරකින් අපි තනිකම මකන්නේ :)

    දොම්නස වැස්ස කලුවර මට මුව පෙන්නා
    තරුවක් වගේ ඈතින් ඉඳ හිනහෙන්නා
    පදවැල් අතර නතරව සිත සැනසෙන්නා
    හමනා සුලඟ මෙන් හිමිහිට වැලපෙන්නා


    ඉස්සර සිටි‍ය මහ කවි කරුවන් අතරේ
    සුහද තරඟ‍යක් තිබුනානේ මිතුරේ
    කාල‍ය හෙමින් ගත වීලා ‍යන අතරේ
    එ‍ය නැති වුනේ ඇ‍යිද‍යි මට නොතේරේ

    අමුනමි පේලි හතරක් ලියමින් පිලිතුරූ
    ලියමිනි නිදිමතක් මා හිසට එන තුරු
    පෙර එක් දිනක් මෙන් දකිනට පද අමයුරු
    ගලපන් මලේ කවියක් එක් කර අකුරු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාලු කවි මඩුවේ පද වැල්..........අමුණමින
    සැසියයි උඹයි ඇදි ගේමේ වත..........දකින
    නව කවියෝ අද මේ හුය වෙත.......සපැමිණ
    ඔසවා තබයි සුදුසට මරු තැන..........දෙමින
    සුදුස්සාට සුදුසු තැන‍යි හමදාමත්
    වි‍ය ‍යුත්තෙත් එ‍ය‍යි ලොවේ හැම තැනමත්
    පැන්තර් හට ලබා දුනිමි නි‍යම තැනත්
    වාද නොකර සිටි‍යේ ඒ නිස‍යි මමත්
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    ඇ‍ය නැති අඩුව සැමදා මෙහි තිබේවි‍ය
    එ‍ය පුරවන්න කිසිවෙකුටත් නොහැකිම‍ය
    එනමුත් දැන් එ‍යත් සිදුවී හමාර‍ය
    එබැවින් ඉදිරි‍යක් ගැන සැලකි‍ය ‍යුතු‍ය
    ඔයාල වගෙ තව අය ආවොතින් මෙහි
    මුලු එලකිරියම වේ කවි මඩුවක් මිහිරි
    නමුත් බලන් අයියේ කරුමයෙක් මෙනි
    කවි ලියන්නෙ ඇත්තෙ හරි ස්වප්ලයකී