මහ රෑ 1 ට විතර වතුර ගෑවුනු තන පිඩැල්ල මතින් දුවගෙන ආපු එයා එක පාරටම දුන්නෙ අසලංකට හාදුවක් නළළට....
ඒ බෝල ඇස් ලැජ්ජාවෙන් බාගෙට පියේ උනේ ඇයි කියලා දැනං හිටියෙ පිටිපස්සෙන් ඒ දිහා බලාගෙන හිටපු ධනංජය විතරමයි...
" හැමෝම ඉස්සරහා ඇයි එහෙම කලේ..."
අසලංකට වචන පැටලුණේ ඔය ඔක්කොම උනාට පස්සේ ඇතුලට ගියපු වෙලාවක....
" ඔයා දෙක දුවනකොට මට ඉන්න තැනත් අමතක වුනා මැණික....."
පිත්තට බෝලෙ වගේ ලොවට හොරා ඒ ලියැවුණු ආදර අන්දරය එදා මුළු ලෝකෙටම විවෘත කළේ අර නලලට දුන්න හාදුව....
ඒත් එදා සදීර දෙන්නෙක් අතර තුන්වෙනියෙක් වෙයි කියලා ඒ ධනංජය හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති.. රතු කුඩේ යටින් කාලෙකට කලින් බස් එකේ ගියපු කතාව කොල්ලට මතකයක්ම විතරක්ම වුණා...
මැච් එක ඉවර වෙලා අසලංක බෑග් එකත් අරගෙන හෙමිහිට බස් එකට නගින්න යනකොට ඒ පිටිපස්සෙන් ආවේ අර හාදුවේ අයිතිකාරයා....
" සදීර "
" කියන්න "
අසලංක අර බෝල ඇස් වලින් එයා දිහා ලැජ්ජාවෙන් බැලුවේ තාම දාඩිය පිරුනු නළලේ අර පිරිමි තොල් දෙකේ සීල් එක වැදිල තිබුන නිසා....
" ඔයා නෙමෙයි මගේ නළලේ කොටලා තියෙන්නෙ "
අසලංක එහෙම කියලා ලේන්සුවකින් නළල පිහිදා ගත්තේ බබා කොටපු එයාවත් සදීරගේ රොමාන්තික හාදුව නිසා නැති වෙයි කියලා බයට... ඒ ආදරය මොනවගෙන් අඩුවක්ද.... ඒත් මොකක්දෝ හේතුවකට ඒ සිප ගැනීම එදා අවසාන සිප ගැනීම බවට පත්වුණේ ඇයි කියලා දැනං හිටියෙ ෆයිනල් එකේ කප් එක උස්සන්නෙ කොහොමද කියල දැන්ම ඉදන් සැලසුම් සහගතව හිත හිතා හිටපු ධනංජය කොල්ල විතරමයි....
මේ දේවල් මෙහෙම සිද්ධ වෙනකොට දසුන්ට මතක් උනේ අසලංක ධනා එක්කත් කුඩේ යට ගියා නේද කියලා.....
ක්‍රිකට් ටීම් එකේ මෙහෙම එක එක භයානක හැසිරීම් දකිනකොට කොල්ලගේ හිතේ පාට පාට කොඩියක් ලෙලදෙන්න ගත්තේ ඇයි කියලා මේක කියවන ඔයාටවත් තාම හිතාගන්න බැරුව ඇති..
රැඳී සිටින්න..
මේ පොලු ගලවන.....
තණපිඩලි මත ලියැවුණු
(තුන්කොන්)
නළලට හාදු අන්දරය.....
Copied


------
Post added on Sep 16, 2023 at 8:25 AM