Millionaires -අදහස් අවශ්‍යයි

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    අද්‍යාපනයෙන් විතරක් බැහැ මචන්.. සාර්ථක businessman කෙනෙක් වෙච්ච හැමෝම අවදානම් ගන්න කැමති අය මචන්. හරියන්න උනත් වරදින්න උනත් කරනව මචන්.

    ලන්කාවෙ ගොඩක් උන්ට කෙල වෙන්නෙ සල්ලි යට කරන්න තියන බයට මචන්. අපේ රටේ එවුන් දන්නෙ සල්ලි bank එකෙ දාල පොලිය එනකන් බලාගෙන ඉන්නයි.. මාසෙ අන්තිමට පඩිය එනකන්. රාජකරිය දෙවකාරිය කියල business අයිතිකාරයටම වැදගෙන ඉන්නයි බන්. අන්තිමට company එකෙ අයිතිකාරයා ගොඩ යනව විතරයි.

    අත්දැකිමෙන් දන්නව බන්. Share market එක ගැන කියනකොට මෙකෙ ඉන්න එවුන් මුලිම කියන්නෙ අපො එක හරි යනවඩ. එක හොර ගුහවක් ඔව sure න කියන්නයි මචන්..

    up :yes::yes:
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාත් ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඔය හැම පෝසත් කෙනා ළගම තියෙන පොදු දෙයක් තමයි උන් පෝසත් උනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදලයි. සිද්ධාලේප මුදලාලි හන්දියක් ගානේ බාම් අරවා මේවා විකුණන කොට මිනිස්සු ඒවා ගත්තේ උන්ට ඒවා ඕන නිසයි. එතන මිනිස්සුන්ගේ අවශ්‍යයතාව තමයි වේදනාවට මොකක් හරි ප්‍රතිකාරයක් ගන්න එක. සිද්ධාලේප මුදලාලි ඒකට හරියට පිළියමක් තමන්ගේ ප්‍රඩක්ට් එක හරහා දුන්නා, මිනිස්සු ඒවා ගත්තා, මිනිහා පොල්ලා තියන්නේ නැතුව ගෙනුයින් විදියට බඩු දීපූ නිසා මිනිස්සු දිගට හරහට ඒවා ගත්තා, එතනින් විශ්වාසයක් ඇති උනා, පස්සේ බිස්නස් එක නැගලා ගියාම වෙනවෙන අවශ්‍යයතා ඔස්සේ දියුණු උනා. බිල් ගේට්ස් දියුණු උනෙත් එහෙමයි, ස්ටිව් ජොබ්ස් දියුණු උනෙත් එහෙමයි. උන් එළියට දාපු හැම ප්‍රඩක්ට් එකම මිනිස්සුන්ගේ මොකක් හරි අවශ්‍යයතාවක් තෘප්තමත් කරා. එතකොට බිස්නස් එකකට තියෙන්න ඕන දෙයක් තමයි, මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදීමේ හැකියාව, විශ්වාසනීය භාවය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක ලබාදීම. තව බිස්නස් එකේ නමත් වැදගත්, පෙනුමත් වැදගත්, ප්‍රසිද්ධියත් (මාර්කටින් එක හරහා). ඇපල් එක වගේ හොද ලුක් එකක් තියෙනවා නම් ගොඩක් මිනිස්සු ඒක ගන්න කැමතියි. භාණ්ඩය මිනිස්සු අතරට යවන්න හොද මාර්කටින් එකක් තියෙන්න ඕනේ. උබට හැකියාවක් තියෙන්න ඕනේ ඇයි මිනිස්සු මගේ ප්‍රඩක්ට් එක, සර්විස් එක ගන්න ඕනේ කියලා. එතකොට පෝසතෙක් වෙන්න පුලුවන් විභවය තියෙන්නේ අන්න එතනයි.


    මිලියන පතියෙන් වෙනකොට මචන්, උබට සල්ලි ක්‍රම දෙකකට හොයන්න පුලුවන්. එකක් රට ඇතුලේ මිනිස්සුන්ගේ සල්ලි, අනෙක් එක රටෙන් පිට විදේශ සල්ලි. විදේශ විනිමය උබට රටට ගේන්න පුලුවන් නම් ගොඩක් හොදයි, ඇත්තටම උබට කරන්න පුලුවන් දේවල් ගොඩයි විදේශ මාර්කට් එකකට යනකොට, නමුත් කම්පිටිෂන් එක වැඩියි, නමුත් මචන් මම කලින් කිව්වා වගේ. විශ්වාසනියත්වය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක දෙන්න පුලුවන් හැකියාව, පෙනුම, බ්‍රැන්ඩ් එක, මාර්කටින් එක තියෙනවා නම් උබට ගේමක් නෑ මාර්කට් එක අල්ලගන්න.

    ෆයිවර් එකේ උනත් ගොඩක් වගේ හිටියට, උන්ගේ කිසිම කොලිටි එකක් නෑ. හරි නමක් නෑ, ප්‍රිමියම් ලුක් එකක් නෑ. හැමෝම කැමතියි ලස්සන පෙට්ටියක, ලස්සන කවරයක, ලස්සන දේවල් මිළදි ගන්න. එතකොට ලස්සනට භාණ්ඩය දෙන්න පුලුවන්, ඒක හරි වැදගත් බිස්නස් එක දියුණු වෙන්න. ඩෙබ් සයිට් එහෙක උනත් මිනිස්සු කැමති ලුක් එකටයි. ඉතින් උබට හැකියාව තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා අදුනගෙන එක උන්ට සාධාරණ මිළකට ඉක්මන් විදියට ගුණාත්කම විදියට දෙන්න.

    ඒ කොහොම උනත් පෝසතෙක් වෙන්න අමාරුයි, මොකද ඒකට ලක් එකත් ඕන වෙනවා. පොඩ්ඩක් මුලදි මහන්සි වෙලා මිනිස්සු හොයාගන්නත් ඕන වෙනවා,(මාර්කටින් එක උපරිමයෙන් තියෙන්න ඕනේ) නමුත් කරගෙන යනකොට අමාරුවක් නෑ. හැම වෙලාවේම උබ අඩියක් උඩට නගිනකොට උබට ගොඩක් මහන්සි වෙන්න වෙනවා, නමුත් එකම අඩියේ ඉන්න එච්චරම අමාරු නෑ, ඒ වගේම උඩම අඩි වලදි උබට මුලදි වගේ මහන්සි වෙන්න ඕන නැති උනත්, ගොඩක් උපක්‍රමශීලි වෙන්න වෙනවා නැත්නම් යාහු එක වගේ විකුනන්නයි වෙන්නේ.



    උබ කියල තියන දෙ හරියටම හරි මචන්. ගොඩ යන්නනම් මිනිස්සුන්ට ඔනි එත් දැන් නැති දෙයක් හොයාගන්න ඔනි මචන්(ව්‍යාපාර අවස්තා හදුනාගන්න ඔනි)

    ඊලගට අවදානම් ගන්න පුලුවන් විදිහෙ මානසිකත්වයක් තිය්ව්න්න ඔනි. අලුත් දෙයක් කරන්න බය වෙල අමරුයි

    ඊලගට අනිවාර්යයෙන්ම කැපවිමත් තියෙන්න ඔනි මචන්..

    තව සමාජෙ වෙනස් විදිහට වෙනස් වෙන්නත් පුලුවන් වෙන්න ඔනි. නැත්නම් nokia එකට උන දෙ වෙන්නෙ මචන්..
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙකයි මචන් උබ කිවුව වගෙ ඉන්ජිනේරු කෙනෙක්ට මිලියනපතියෙක් වෙන්න පුලුවන් හැබැයි එහෙම වෙන්නනම් අනිවාර්යයෙන්ම දැනට නැති අලුත් දෙයක් හොයාගන්න වෙනව මචන්. Mark - facebook , bill - windows , steave - apple .. .

    නෑ මචන් ඒක වැරදියි, අළුත් දෙයක් හොයාගන්නම ඕන නෑ, ගුගුල් එක මුළින්ම ලෝකයට සර්ච් ඉන්ජින් එකක් එළියට දානකොට තව ඕන තරම් සර්ච් ඉන්ජින් තිබ්බා, ගූගුල් චැට්, ස්කයිප් එළීයට එනකොට යාහු/AOL වගේ චැට් සර්විස් ඕන තරම් තිබ්බා, ෆ්බි එක එනකොටත් Hi5/මයි ස්පේස් ඕන තරම් තිබ්බා, ෆෝන් වලට එනකොට සැම්සුන් , නොකියා, සෝනි තියෙනකොට ඉන්දියන් උන්, චයිනීස් උනුත් ෆෝන් එළියට දැම්මා, අයිෆෝන් එනකාලේ නොකියා එක කින්, අන්ඩ්‍රොයිඩ් එනකාලේ ඇපල් එක ගොඩක් දියුණුයි. නමුත් උන් දියුණු උනේ නැත්ද? දියුණු උනා. එතකොට අළුත් දෙයක් කරන්න ඕන නෑ, අළුත් වෙන එකේම නෙවෙයි ගේම තියෙන්නේ. තමන් ඉදිරිපත් කරන දේ කොලිටි එක, සාධාරණ මිළකට දීම, පහසු ලෙස ලභාගැනීමේ සහා භාවිතා කිරිමේ හැකියාව, පෙනුම, බ්‍රැන්ඩ් එකේ නම, මාර්කටින් එක (ජනප්‍රියභාවය මිනිස්සු අතර), ආයෝජනය , තව වැදගත්ම දෙයක් වෙන ලෝකලයිශේෂන් එක මේවගේ ගොඩක් වේරියබල්ස් තියෙනවා. ෆ්බී එකේ දැනට ගොඩක් ප්‍රශ්ණ තියෙනවා, අන්න ඒවා අදුනගෙන, ෆ්බී එක වගේ සෝෂල් නෙට්වර්ක් එකක් නිර්මාණය කරන්න පුලුවන් නම් එදාට ෆ්බී එක ගෙදර යවන එකත් ගේමක් නෑ. ෆ්බී එක මයි ස්පේස් එක, hi5 වගේ ගොඩක් සයිට් එදා ගෙදර යව්වෙත් එහෙමයි.

    ලෝකලයිශේෂන් එක කියන්නේ මචන් මෙහෙම දෙයක්. උබ යම් කිසි ප්‍රඩකට් එකක්, සර්විස් එකක් එළියට දානකොට ඒක ටාර්ගට් කරන රටේ භාෂාවට, සංස්කෘතියට ගැලපෙන විදියට එළියට දාන එකටයි ලෝකලයිශේෂන් කියන්නේ. එහෙම කරාම අදාළ රටේ මිනිස්සු ගන්නවා. උදාහරණයට, චයිනීස් උන් ෆ්බී එක වගේ 100 දැම්මත් උන්ට බෑ බටහිර උන්ව ඇදල ගන්න මොකද එතන ලෝකලයිශේෂන් එකක් නෑ. නමුත් උන් ලෝකලයිශේෂන් එකක් සහිතව උදාහරණයට Baidu , QQ වගේ දැම්මොත් වෙනරටවල මිනිස්සු උන්ගේ සර්විස් එක ගන්න අදිමදි කරන්නේ නෑ, ikman වගේ සයිට් උන්ත් එහෙමයි උන් ස්විඩිස් කොම්පැනි එකක් නේද? නමුත් උන්ගේ ඔක්කොම වගේ සිංහලෙන් තියෙනවා ඒක නිසා ඒක ලංකාවේ ජනප්‍රියයි, නමුත් ඒක ස්විඩිස් වලින් තිබ්බා නම් මිනිස්සු යයිද? ෆ්බී එක උනත් ජනප්‍රිය වෙන්න හේතුව සිංහලෙන් ගොඩක් දේවල් තියෙන එක. මීට අමතර ලෙස අදාළ රටේ ඔෆිස් එකක් වගේ තියෙනවා නම් , ඒ රටේම මිනිස්සු සේවකයන් විදියට ඉන්නවා නම් ඒ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය තව වැඩි වෙනවා. ලෝකලයිශේෂන් එක ගොඩක් වැදගත් මේක නිසයි.


     
    • Like
    Reactions: allrights

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    Made my first million (10 lakhs) when I was 20 years by doing freelance projects with only AL qualification. Now doing the final year of degree and working for a company but now only making 50k a month :sorry: :sorry:

    making millions after completing undergraduate degree/ MBA will take about 10 good years. I hope you're talking about $1000000 when you mean "Millionaire" not sri lankan rupee million. Best feasible and most efficient way is to start a business. be it production or reselling, business can make millionaires in Sri Lanka and there are few millionaires I know (not personally know, I just know them) who don't even have ALs.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබ මිලියනපතියෙක් කියල අදහස් කරනෙනේ සල්ලි රුපියල් මිලියනයක් හොයාගන්නවා කියන එක නම්, ඒක සුලු දෙයක්, පොඩ්ඩක් කෑපවීම සහ ෆෝකස් එක තියෙන්න ඕන අනික පෑශන් එක. මනහසි වෙන්න, දුක් විදින්න ඕන නෑ.

    අද කාලේ සම්මන්යෙන් හොද රස්සවක් කරන එකෙක් රුපියල් ලක්ශයකට වඩා පඩියක් ගන්නවා, තාමත් ඊට අඩු පඩියකට කවුරුහරි වෑඩකරනවනම් උගේ මොකඛරි අවුලක් තියෙනවා.

    ඉගෙනගන්න ඕන අනිවාර්යෙන්, හෑබෑයි තමන් දෑනගන්න ඕන මොනවද ඉගෙනගන්න ඕන කියලා, ඔය අනන් මනන් ඩිප්ලෝමා, ලන්කාවේ කෝස්, සින්හලෙන් උගන්නන ඩිග්‍රී කරලා ජීවිතේට ගොඩ ඒමක් නෑ, අපි බෙන්ච්මාක් කරන්න ඕන ග්ලෝබල ලෙවල් එක, ලෝක ලෙවල් එක නෙමෙයි. මොන ෆීල්ඩ් එකක හිටියත් අනිවාර්යෙන් මෑනේජ්මන්ට් එකවුන්ටින්ග් ඉගෙන ගන්න ඕන, ෆයිනෑන්ස් ටිකක් ඉගෙන ගන්න ඕන. ඒකයි අද සිමා වලට මේ තරම් ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. බෑචුලර්ස් ඉග්‍රෙ එකක් කියන්නේ බේසික් කොලිෆිකේශන් එකක් විතරයි, අනිවාර්යෙන් තමනෙග ෆීල්ඩ් එකේ මාස්ටෙර්ස් එකෙක් තියෙන්න ඕන, මොන ෆීල්ඩ් එකේ වෑඩකරත් කමක් නෑ ගෙනෙරල් එම්බීඒ එකක් තියෙන්න ඕන. ඈකඩමික් ඩිග්‍රීයක් එක්ක ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් තියෙනවානම් සෑහෙන වටිනවා, මාකටින් ඩිග්‍රෙයක් එක්ක සී අයි එම්. මෑනේජ්මන්ට් ඩෙග්‍රෙ එකක් එක්ක සීමා.

    ඔය විදියට කොලිෆිකේශන්ස් ටික හදාගත්තට පස්සේ තමන්ගේ එක්ස්පීරියන්ස් එක ෆෝකස් කරන්න ඕන, තමන් කරන රස්සවෙ 100% හරියට දෑනගන්න ඕන, රිසර්ච් කරන්න ඕන, අලුත් දේවල් ඉගෙනගන්න ඕන. කවදාවත් එක තෑන දිගටම වෑඩ කරන්න හොද නෑ, දෑන් වෑඩ කරන තෑන තමන්ගේ ලිමිට් එක ඈචිව් උනාට පස්සේ ඊට වඩා උඩ ලිමිට් එකක ඔබ් එකකට යන්න ඕන. අනික කවදාවත් තුට්ටු දෙකේ කොම්පෑනි වලට වෑඩ කරන්න හොද නෑ, කිසිම කල්චර් එකක් නෑති, හද්ද ගොඩේ ගන්කබර ඔෆිස් වල වෑඩකරනවා කියන්නේ තමන් තමන්වම විනාද කර ගෑනීමක්. ට්‍රයි කරලා කොහොම හරි ෆෝචූන් 500 cඔම්පෑනියකට සෙට් වෙන්න ඕන. ඒවාගේ පඩියට වඩා ගන්න ගොඩාක් දේවල් තියෙනවා, වටිනම දේ තමයි එක්ස්පෝශර් එක.

    ඉතින් ඔය විදියට ජීවිතේ පොඩ්ඩක් හදාගත්තා නම් මිලියනපතියෙක් වෙන එක සිම්පල්.

    මේවා කිව්වම ගොඩක් උන්ගේ එක්ස්කියුස් එක තමයි අපිට ඔච්චර ඕව කරන්න ඉගෙනගන්න සල්ලි නෑ කියන එක. සල්ලි නෑත්තන් සල්ලි හොයාගනිල්ල. මොකුත් නිකන් හම්බ වෙන්නේ නෑ. දවසට වේලක් නොකා ඉදපන්, වාහනේ නොගිහින් බස් එකේ පලයන්. තව රස්සවක් කරපන් වීකෙන්ඩ් එකේ. නෑත්තන් රෑට තව වෑඩ කරපන්. රස්සව හරියට කරලා පඩි වෑඩි කර ගනින්. ජීවිතේ අවුරුදු පහක් දුක් විදපන් ඒ හොදටම ඈති.

    මේ ගොඩාක් දේවල් කිව්වේ අත්දීකීමෙන්. තව වෙන වෙන ක්‍රමත් ඈති. ඒත් සස්ටේනබල් ග්‍රෝත් එකක් ඕන නම් මේක තමයි පාර.
     
    • Like
    Reactions: shaminda peiris

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒ විභවය එන්නෙ අධ්‍යාපනය මඟින්ද ,එහෙමත් නැත්තම් සමාජ අත්දැකීම පමණක් ඇතිද කියන කාරණා ගැන පොඩි කතිකාවක් ඇති කරන්න තමා මගේ අදහස

    මචන් කවුරුම හරි හිතනවද සමාජ අත්දැකීම් නැතිව අධ්‍යාපනේ විතරක් ලැබුනම ඒක ඇති කියල? කවදාවත් නෑනෙ බන්. ඒක එහෙම වෙනවනම් බිල් ගේට්ස් අද මේ තැන ඉදියිද? අධ්‍යාපනේ කියන දෙයින් මොන තරම් න්‍යායන් ඉගෙනගත්තත් ඒක අපි ආදේශ කරගන්න වෙන්නෙ සමාජයට. ඒක හරියටම කරන්න පුලුවන් කෙනා තමන්ගෙ අධ්‍යාපන මට්ටම මොකක් උනත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවමයි.
    මැක්සිම් ගෝර්කි කියන මනුස්සයා තමන්ගෙ ජීවන අත්දැකීම් ගලාගෙන යන්න පුලුවන් විදියට පෙලගස්සවපු නිසයි මුලු ලෝකෙම එයාගෙ පොත් හොය හොයා කියවන්නෙ. පොතක් ලියන එක හොඳ බිස්නස් එකක් නෙමිද?
    කාලයට අවශ්‍ය විදියට තාලය ගන්න පුලුවන්වීමක් එතන තියෙන්නෙ. තමන්ගෙ හැකියාවන් මුදාහරින්න පුලුවන් වෙන්න ඕන. අවධානමක් ගන්න එක ජීවිතේම ඉවරවීමක් නොවෙන බව තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන. වැරදීම් තුලින් වෙන්නෙ ඉදිරියේදි ඇතිවෙන බාධාවන් අවම කරගැනීමක් බව තේරුම් ගන්න ඕන..............................
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජොබ් එකක් කරලා නම් මිලියන පතියෙක් තියා දහස්පතියෙක් වත් වෙන්න බෑ බන්. තමන්ගේ ම බිස්නස් එකක් කරනවා නම් සිම්පල් වැඩේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කවුරු කොහොම මොන දේ කිව්වත් උත්සාහයයි..
    අදාල දේ ගැන කැපවීමයි තියෙන්න ඕනේ....
    අපි හරි කම්මැලි මිනිස්සු...
    ඉපදෙන්නෙ කොලබ..
    සියලුම දේවල් විදිනව..
    අමුත්තක් නෑ..
    කැපවීම කියන්නේ මොකක්ද කියල හුගක් අයට හිතා ගන්නත් බෑ....
    යම් කිසි වියාපාරයක් නම් බලන්න ඕනේ ඒක වියාප්ත කරන්න පුලුවන් කොහොමද සහ කම්පීටිටර් ව අභිභවා යන්නේ කොහොමද කියල....
    මම කරන්නේ අන්ලොක්..
    වැඩේ කොලිටියට දෙනව..
    මගේ නමත් එක්ක මගෙ ගාන තීරනය වෙනව....
    සෙලියුලර් වල තව ඉහලට යෑමක් නෑ..
    සබන් වගේ..
    අවශ්යතාවය නිසා ගන්නව..
    එච්චරයි..
    මගෙ අනිත් බිස්නස් එක එහෙම නෙමෙයි...
    වෙනස් මාර්ග වල යවන්න පුලුවන්...
    අපේ රටේ තියන අනික් ප්‍රශ්නෙ තමයි වැඩ කරන්න ගන්න අය..
    සල්ලි කොච්චර දුන්නත් වන්ගුව ගහන්න ආවොත් ගැහුව තමයි..
    හුගක් අඩුයි ආයතනයට කැමැත්තෙන් වැඩ කරන අය.
    එතකොටත් ඉහල යන්න බලාගෙන වියාපාරෙ පටන් ගත්ත එකා ඉවරයි..
    කියන්න නම් ඕනේ තරම් දේවල් තියනව..
    මට හුගක් සතුටු උබල අඩුම ගානෙ මේ ගැන කතා හරි කරපු එකට..
    උදව්වක් ඕනේ උනොත් අහන්න..
    සල්ලි දෙන්න බෑ..
    අදහස් දෙන්නම්....
     
    • Like
    Reactions: cgrcanz

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    wallapatta tikak, akunu plate ekak, walampuriyek , nidaanayak, kmbul huuno tikak, goda daagathtanam nikamma miliyana pathiyek tamaii :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,068
    113
    වැඩ කරන තැන තමන්ගෙද අනුන්ගෙද කියන එක මත ආදායම බලපාන්නෙ නෑ. ඒක බොරුව් මතයක් වෙන්නෙ අපිට දෙන්නෙ ලක්ෂයක් කියල ගාන ෆික්ස් උනාම අපි ඒකට වැඩ කරන එක. වෙනසක් ඔනි නන් මුලින් වෙනස කරන්න ඕනි තමන්. උදාහරණ දීල පැහැදිලි කරන්න වෙලා මදි නිසා තේරුනේ නැත්තන් මෙහෙම හිතන්නකො සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනව කියන එක කොහෙත් මොන දේටත් බලපාන තියරියක්. හරියටම ඔය දේවල් ඉගෙන ගන්න පුළුවන් සෙවන් හැබිට් කියන පොත කියෙව්වොත්.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බම්ප්


    http://www.elakiri.com/forum/showthread.php?t=1722451

    මෙකෙ උබට ඔනි විඩිහෙ විස්තර ගොඩක් තියනව බන්.. පිටු නම් ගොඩක් තියනව පුලුවන්නම් හැම පිටුවම කියවපන් බන්. ගොඩක් විස්තර අපි කතා කලා එ thread එකෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,068
    113
    ජොබ් එකක් කරලා නම් මිලියන පතියෙක් තියා දහස්පතියෙක් වත් වෙන්න බෑ බන්. තමන්ගේ ම බිස්නස් එකක් කරනවා නම් සිම්පල් වැඩේ
    :P:P:Pඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න පුළුවන් නන් විතරයි බිස්නස් එක තමන්ගෙ වෙන්නෙ. අපිට ඕනිම වෙලාවක අද බෑ මට මේක කරන්න කියල නවත්තන්න බැරි මොනම හරි හේතුවක් තියෙනව නන් ඒක තමන්ට අයිති දෙයක් නෙවෙයි.,
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    http://www.elakiri.com/forum/showthread.php?t=1722451

    මෙකෙ උබට ඔනි විඩිහෙ විස්තර ගොඩක් තියනව බන්.. පිටු නම් ගොඩක් තියනව පුලුවන්නම් හැම පිටුවම කියවපන් බන්. ගොඩක් විස්තර අපි කතා කලා එ thread එකෙ

    මම ඔය ත්‍රෙඩ් එකෙ සබ්ස්ක්‍රයිබර් කෙනෙක්. ඒත් මට උවමනා උනේ වෙනස් කතිකාවතක් ඇති කරවන්න.බලමු අනෙක් අයගෙ රිප්ලයිස් එහෙම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ අම්මල තතලට නැත්තන් ..අදකාලේ නැගිටින්න අමාරුයි.....ගෙයක්වත් බැහැනේ මිලියන 10ක් වත් නැතුව....මගේ මෙවුවා එකනම් ..රට ගිහින් අවුරුදු 5ක් හොදට හම්බකරලා ..ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න එක ....මගේ අයිඩියා එක ලංකාවට ඇවිත් food ට්‍රුක් කම්පැනි එකක් පටන් ගන්න ......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ඉදලා පොඩියට පටන් ගන්නවානම් ....හොද නගරයක් ලනග ඉඩමක් ගොඩ දාලා ..පොඩියට කර සෙල් එකක් පටන් ගත්තනම් හරි...ඒ අතරේ පොඩියට ඉඩම් බ්රෝකරින්ග් වගේ පටන් ගත්තනම් හරි....හැබැයි වැඩේ ගොඩයනකල් ස්ථාවර අදායමක් තියෙන්න ඕනි ....ඔය ගම්වල බයිසිකල් , රත්තරන් වගේ උගස් ගන්න වැඩෙත් කැමතිනම් කරන්න පුළුවන්....
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම ඔය ත්‍රෙඩ් එකෙ සබ්ස්ක්‍රයිබර් කෙනෙක්. ඒත් මට උවමනා උනේ වෙනස් කතිකාවතක් ඇති කරවන්න.බලමු අනෙක් අයගෙ රිප්ලයිස් එහෙම

    වෙනස් කතිකාවතක් කිවුවෙ උබ මොන වගෙ දෙයක්ද බලාපොරොත්තු වෙන්නෙ මචන්.. එකෙත් ගොඩක් දුරට කත කරල තියෙන්නෙ දියුනු වෙන හැටි මචන්