හැම කොල්ලෙක්ටම කෙල්ලෙක් ඉන්නවා වගේ (නැති වුනුත් ඉන්නවා !!!) හැම මේජර් කෝඩ් එකකටම relative minor එකකුත් තියෙනවා. ඒක හොයා ගන්න පුළුවන් ක්‍රමේ තමා මේජර් ස්කේල් එකේ නෝට්ස් වලට මයිනර් ස්කේල් එකක් නෝට්ස් සමාන නම් ඒ මයිනර් ස්කේල් එකේ root එක තමා relative minor එක වෙන්නේ...
C Major > C, D, E, F, G, A, B, C
A minor > A, B, C, D, E, F, G, A
ස්කේල් දෙකම same ! so C එකේ relative minor එක Am...
දැන් Am එකේ ෆැමිලි කෝඩ්ස් හොයන්නේ මෙහෙමයි. Am එකේ රිලේටිව් C නේ. C එකේ ෆැමිලි දෙකම තමා Am එකටත් ෆැමිලි වෙන්නේ. ඒ කියන්නේ Am, F, G... ඊට අමතරව F, G දෙකේ relative minor දෙකත් එනවා. ඒ කියන්නේ Dm, Em... ඒ දෙක ෆැමිලි නෙවේ. ෆැමිලි රිලේටිව්... සිංදුවේ හැටියට... ඒ කියන්නේ ස්කේල් එකේ හැටියට තමා.