Nissan leaf

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    2016 බජට් එකෙන් නිසාන් ලීෆ් එකෙ ගණන් වැඩි වෙච්ච එක නිසාන් ලීෆ් කියන කාර් මොඩල් එකටවත් ඒකෙ පාවිච්චි කරල තියෙන තාක්ෂණයටවත් සම්බන්ධ කාරණයක් නෙවෙයි . කවුරුන් මොන දේ කිව්වත් මොන දේ බලාපොරොත්තු වුනත් නිසාන් ලීෆ් කියන්නේ ලෝකය පුරාම සාර්ථක වෙච්ච අපි වගේ තෙල් සම්පත නැති රටවල් වලට හොඳින් ගැලපෙන වාහනයක්. පොඩි කාලේ ඉදලා ගාරාජ් ගානේ ලගින්නේ නැතිව ස්කෝලේ ගිහින් තියෙන අය දන්නවා "තිරසාර සංවර්ධනය" කියලා සංකල්පයක් ගැන.

    සාමාන්‍ය ටැක්ස් රේට් එකක් ගහපු ගමන් වාහනය ගාණ මෙච්චර නගිනවා කියන එකෙන්ම තේරෙනවා වාහනයේ කොච්චර ඔප්ෂන් තියෙනවද කියන එක.

    මේක පිටපස්සෙ තියෙන්නෙ මරා ආණ්ඩුව පෙරලන්න වියදම් කරපු හම්බ තෙල් සල්ලි. මේ දේ තාවකාලික දෙයක් විතරයි. මේකත් හරියට මේ බජට් එකෙන් නැතිව ගිය සුපර් ගේන් ටැක්ස් එක වගේ ලබන අවුරුද්දෙ අයින් කරන්න බලාගෙන ගහපු ටැක්ස් එකක්. තෙල් හම්බයන්ගේ හිතත් සතුටු කරලා රවියගෙ තෙල් නැව් ටිකේ ලීස් ටිකත් ගෙවලා ඉවර වෙච්චි ගමන් මේ ටැක්ස් එක ආයෙමත් නැතිව යනවා. ඒ නිසා කලබල නොවී අවුරුද්දක් ඉවසන් ඉන්න එක තමා ගත්ත අයට කරන්න තියෙන්නෙ .

    අපි ජීවත් වෙන්නෙ කැරකෙන ලෝකයක. සැරින් සැරේ හෙල්ලුනාට අවුරුදු බිලියන ගාණක් මේ ලෝකය කැරකුනේ එකම පැත්තට. කවදාවත් ආපස්සට කැරකුනේ නැහැ. ඒක හැමදේටම අදාල සදාතනික සත්‍යයක්.

    හැමෝටම සුභ දවසක් !​

    හැච් බැක් කාර් එකක් ගත්ත එකෙක් මෙන්න මෙහෙම කිව්වලු.......

    "සාමාන්‍ය ටැක්ස් රේට් එකක් ගහපු ගමන් වාහනය ගාණ මෙච්චර නගිනවා කියන එකෙන්ම තේරෙනවා වාහනයේ කොච්චර ඔප්ෂන් තියෙනවද කියන එක."


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;19334739 said:

    හැච් බැක් කාර් එකක් ගත්ත එකෙක් මෙන්න මෙහෙම කිව්වලු.......

    "සාමාන්‍ය ටැක්ස් රේට් එකක් ගහපු ගමන් වාහනය ගාණ මෙච්චර නගිනවා කියන එකෙන්ම තේරෙනවා වාහනයේ කොච්චර ඔප්ෂන් තියෙනවද කියන එක."


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ane manda ban mun nan lankawatama hariyana un tama.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    ane manda ban mun nan lankawatama hariyana un tama.


    මචන් මව් පියන්ට සහ මිය ගිය නාකින්ට පින් පිනිස වැඩිය එපා අව්රුදු 10ක් 15ක් පරන S class බෙනස් එකකට මාව පරිස්සමට මල් වට්ටියක් වගේ අල්ලලා නග්ගවපන්කෝ ඔප්ශන් පොඩ්ඩක් බලාගන්න:(:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මම වගේ road bike එකක් ගනින් සිංහලු.

    No fuel
    No maintanance
    No tax
    No shit :lol::lol:


    road-bike3_l.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;19334793 said:
    මචන් මව් පියන්ට සහ මිය ගිය නාකින්ට පින් පිනිස වැඩිය එපා අව්රුදු 10ක් 15ක් පරන S class බෙනස් එකකට මාව පරිස්සමට මල් වට්ටියක් වගේ අල්ලලා නග්ගවපන්කෝ ඔප්ශන් පොඩ්ඩක් බලාගන්න:(:(

    :lol::P
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මම වගේ road bike එකක් ගනින් සිංහලු.

    No fuel
    No maintanance
    No tax
    No shit :lol::lol:

    පිස්සුද ඌයි:lol:...
    දැවැද්දට හම්බු වෙන ඇල්ටෝ එකක් මේන්ටෙන් කරනවාට වඩා යනවා බන්, ඔය බයිසිකලයක් මේන්ටේන් කරන්න:P..
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලීෆ් එකට කෙලෝපු එකනම් මහ කැ* වැඩක්. අර කියන්නා වගේ ලීෆ් ගන්න එකාට සෝලා පැනල් එකක් අඩු මිලට ගන්න ක්‍රමයක් හදලා දුන්න නම් තෙල් විදුලිය පරිභෝජනය අඩුවෙනවා. ටවුන්වල එවුන්ට උනත් පිළිකා නොහැදී හුස්මක් ගත්තැකි දුම අඩුවන හින්දා. දැන් ඉතින් නළුවෙක් නොව මොළයක් කියාගෙන ආපු එකා ඒකටත් කෙළියනේ. දැන් චාජින් ස්ටේශන් හදන එකත් නවතියි. ලීෆ් සදාකල් ඔබ මගේ වෙයි. මෝඩ හැත්ත
     

    poloflme

    Member
    Jan 27, 2012
    19
    1
    3
    රත්තරං;19331685 said:

    මාර මොලේ.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අපිටනම් පේන්නේ ඕකේ අනික් පැත්ත

    දැන් ගත්ත උන්ට කෙලවෙන්නේ මෙහෙමනේ

    1.ලක්ශ 60ක් දීලා ඕක දැන් බලු බල්ලෙක් ගන්නේ නෑ

    2.ආනයනය සම්පූර්නෙන්ම වාගේ නවතිනවා

    3.එතකොට මේ එකම වර්ගයක එකම මොඩල් එකක එකම කාලසීමාවක ගෙන්නලා නැවතිච්ච අටමගල වාගෙකට චාජින් පොයින්ට් හදන්න මෝකෙක්ටවත් පස්ස පැත්තේ අමාරුවක් නෑනේ.. ගෙවල් වලින්ම චාර්ජ් කර කරා ඉන්න පුලුවන්

    4.ඕක ගෙන්නුවේ සුලු කාලෙනේ. තව අව්රුදු 5කින් 6කින් ඔය එකම මොඩල් එකක වාහන කිහිපයකට මොකෙක්වත් ස්පෙයා පාර්ට්ස් ගෙනත් තියාන ඉන්නේ නෑ. ලොකු ලෙඩක් ආව ගමන් සදා වලේ. මාස ගානක් කට්ට කාලා කෑලි ගෙන්නන්න වෙනවා...

    5.නිසාන් ලීෆ් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉවරෙටම ඉවරයි

    අපිටනම් කියන්න තියෙන්නේ R.I.P nissan leaf කියල තමා:(:(:(:(


    ආතල් එකට ගත්ත උන් පැදල විසි කරයි. ලෝන් දාලා ඇටදෙකත් උගස්තියලා වදුරන්ගෙන් බන අහලා බ්‍රෑන්ඩ් නිව් පුකේ අමාරුවට නෙට් එකෙන් රිවිව්ස් කියෝලා ගත්ත උන්ට කියන්න තියෙන්නේ ඉඩමක් බදු අරන් මංඥොක්කා වත් දාපල්ලා ආයේ මුල ඉදන් සල්ලි හොයාගන්න ඇල්ටෝ එකක් වත් ගන්න:lol::lol::lol::lol:


    PS-ටෙස්ලා පදින උන්ට මේ කියපුවා අදාල නෑ. උන් ටෙස්ලා ගන්නේ පැට්‍රල් ලීටරේට හිගාකන්න බැරි කමටවත් අඩුව
    බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසාවත් නෙමේ. ටෙස්ලා කෝටි දෙකකින් වැඩි උනත් පදින එකා පදිනවා. ස්පෙයාර්ස් ඕනේනම් වීසා ගහන් ෆ්ලයිට් බුක් කරන් ගිහින් ගෙනෙයි උන්.. මොකෝ ලීෆ් ගන්න "හේතු" නෙමේනේ උන්ට තියෙන්නේ

    Ethin Nissan leaf eka hodai kiyana eun eka gani. Tesla hodai kiyana wedipura salli thiyana eun eka gani. eka unge kemeththa. ubatawath matawath eken paduwakwath labayakwath nene. y uba nikan kadeyanne???
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    රත්තරං;19334699 said:
    මගේ පුද්ගලික මතය (100%ට 100%ක් පුද්ගලිකයි ).. පරන යුරෝපියන් වාහන ගන්න එපා බන්..:no::no::no: ගන්නවනම් අලුත්වා ගනින්.. අලුත් පිට ඒවා තමා කාර්:):):)

    උබේ නහයෙන් ඇඩිල්ල නිසාම තමයි ලීෆ් වලට කෙල උනේ

    නැත්නම් උබ කිව්වා වගේ ටෙස්ටින් වාහනයක් නෙවි ලීෆ් එක

    උබට තියෙන්නේ දෙස්පර්ශලිසේසෝන් ඩිඉසෝරඩර් කියන ලෙඩේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උබේ නහයෙන් ඇඩිල්ල නිසාම තමයි ලීෆ් වලට කෙල උනේ

    නැත්නම් උබ කිව්වා වගේ ටෙස්ටින් වාහනයක් නෙවි ලීෆ් එක

    උබට තියෙන්නේ දෙස්පර්ශලිසේසෝන් ඩිඉසෝරඩර් කියන ලෙඩේ
    හා:lol:

    උබ සිංහයා වගේ ත්‍රෙඩ් එක දැම්මෙනම් ලීෆ් එක දැන් ගනන් ගියා ගත්ත උන් ගොඩ, රත්තරං පීචන් උනා කියල නේද?:lol::lol:

    දැන් උබ කියනවා ලීෆ් එකට කෙල උනාලු:lol::lol:

    ඉස්සෙල්ලා උබේ ලෙඩේ හොයාගනින්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda

    උඹට එක විසි කරලා අලුත් එකක් ගන්න සල්ලි තියනව නම් අවුලක් නෑ.එහෙම නැති කාර් එක විකුණලා ඒ සල්ලිත් දාල ඊට වඩා හොද වාහනයක් ගන්න ඉන්න අයට සොරි තමයි. ආව කාලෙ මිනිස්සු කතා වුනා auto ගියර් බොක්ස් හිර වෙනවා කැලයක් මැද හිරවුනොත් සොරි තමයි කියල. හැබැයි බන් 1970 බෙන්ස් කාර් වලත් ඔටෝ ගියර් බොක්ස් ලන්කාවට ආව කියල ගොඩක් උන් දැනගෙන හිටියෙ නෑ :lol:. ඔටෝ ට්‍රාන්ස්මිසන් ගොඩක් පරණ ටෙක්නොලජි එකක්. ලන්කාවෙ ඔටෝ ට්‍රාන්ස්මිෂන් ප්‍රසිද්ධ වෙන්නෙ 90 අග භාගයේ. එතකොට ඒක ප්‍රඩක්ෂන් ලෙවෙල් එකේ අවුරැදු ගානක් තිබිලා ෆේල් වෙන්න ඕන තැන් වෙලා ටෙස්ට් වෙලා තිබුනෙ. 90 ගණන් වල ඔටෝ කාර් එකක් මැනුවල් කාර් එකකට වඩා ගාණත් අඩුයි. අද ඒකෙ අනිත් පැත්ත. ඔය වගේම සීන් එකක් තමයි ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් ලන්කාවට එනකොට ලන්කාවෙ වුනේ. ෆ්‍රන්ට් වීල් වල ලෙඩ වැඩියි කිව්ව. අද හැම එකම වගේ ෆ්‍රන්ට් වීල්. හැබැයි ඔය ටෙක්නොලොජි හොදට පබ්ලික් ටෙස්ට් වෙලා ආව ඒවා.
    නිසාන් ලීෆ් එහෙම නෙවෙයි. ඉලෙක්ට්‍රික් කාර්ස් හදලා ගොඩක් කල් වුනාට මාස් ප්‍රඩක්ෂන් පටන් ගත්තෙ ලගදි. ටෙස්ලා මුලින් දැම්මා. පස්සෙ මිට්ෂුබිශි, පර්ජො..... උඹ බපන් යුටියුබ් ලීෆ් ගත්ත එවුන්ගෙ රිවීව්, බැට්‍රියේ චාර්ජ් එක ගිය අවුරැද්දෙන් අඩුවෙලා කියලා කී දෙනෙක් කියල තියනවද?. ටොප් ගියර් රිවීව් එකක් දෙනවා සුපිරියටම. උඹලා හිතනවා නම් ලීෆ් පට්ට ස්ටේබල් මොඩ්ල් එකක් කියලා ඇයි එහෙනම් නිසාන් අලුත්ම මොඩ්ල් එකක් 2016ට එලියට දැම්මෙ?. ටෙස්ලා අවුලක් නෑ. මොකද කාර් එක ඔන්ලයින් අප්ඩේට් කරගන්නවා ෆෝන් වගේ. බලපන් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ, පැජරෝ, බෙන්ස් S ක්ලාස්, BMW 7, 5 එට්c අවුරැදු 7- 10 කිසි වෙනසක් නැතුව එවනවා. අන්න ඒව තමයි ස්ටේබල් මොඩ්ල්ස්. ටැක්ස් එක ගැහුවත් නැතත් තාම නිසාන් ලීෆ් ගන්න කල් වැඩි. ඒක තමයි ඇත්ත සීන් එක. යුරෝප් නෙවෙයිනෙ බන් මේ. මේක ලන්කාව. ලන්කාවෙ හුලග හමන්නෙ වෙනස් විදිහකට. උඹට සල්ලි තිබ්බට ලීෆ් ගන්න හැමෝම සල්ලි තියන එවුන් නෙවෙයි. ගොඩක් එවුන් එක එකාගෙ කෙප්ප වලට අහුවෙලා සල්ලි කීයක් හරි ඉතිරි කරගන්න ගන්නෙ. බහුතරයක් උන් වාහන් ගැන දන්නෙ ඩ්‍රයිව් කරන්න විතරයි. ඒක නිසා තාමත් කියන්න එප ලීෆ් පට්ට, තව ගනින් කියල. මොන හේතුවක් නිසා හරි රටක මාකට් එකෙන් ලොස් වුන වාහනයක් කවදාවත් ඒ රටේදි පට්ට වාහනයක් වෙන්නෙ නෑ. ඇත්ත කතාව ඒකයි. ඒක නිසා තව එකෙක්ට ලීෆ් එක හොදයි ප්‍රමෝට් කරන්න එපා. බහුතරය උඹ වගේ නෙවෙයි. (පුළුවන් නම් උඹ වාහනේ විකුණලා කියපන්කො මට ඔන්න විකුණුවා කියලා )

    එලම කතාව​
    2010 වෙනකොට ලංකවෙ හයිබ්‍රිඩ් වාහන තිබුනෙ ගොඩක්ම අඩුවෙන්. 2010 බජට් එකෙන් තමයි හයිබ්‍රිඩ් වාහන වලට ගොඩක් බදු සහන දුන්නෙ අන්න එතකොට ලංකාවට හිටු කියල සෙකන්ඩ් ජෙනරේශන් ප්‍රියස් එන්න ගත්ත. ලංකාවෙ රජයන් බදු සහන දෙනව අළුත් වාහන මාකට් ට්‍රෙන්ඩ්ස් හදන්න ට්‍රෙන්ඩ් එක ඇතිවෙලා ලංකාවට හයිබ්‍රඩ් එන්න ගත්තහම 2011 දි හයිබ්‍රඩ් සහනය ටිකක් අඩු කරනව නමුත් එච්චරටම බලපෑමක් මාකට් එකට වුනේ නැති තරම් ට්‍රෙන්ඩ් එක හැදුන නීසා. 2014 බජට් එකට කලින් EV ජනප්‍රිය නෑ 2014 බජට් එකෙන් සහනයක් දුන්නට පස්සෙ leaf එක ටිකක් ජනප්‍රිය වෙන්න ගත්ත. පස්සෙ 2015 supplementary budget එකෙන් තමයි ලොකුම සහනය දුන්නෙ අනිත් වාහන වලට සාපේක්ෂව, එතකොට ලීෆ් වැහි වහින්න ගත්ත. කොහෙමත් ලංකාවට වාහන ගෙන්නන්නෙ බදු සහන වල උපරිම ප්‍ර යෝජනය අරන් අර 1000 CC සහනය දුන්නට පස්සෙ අර1000 CC බදු සහනයයි හයිබ්‍රිඩ් සහනයය් දෙකම තිබුන WagonR එක ආවේ. මමත් විශ්වාස කරනව EV වලට බදු සහන දුන්න වේලාසන වැඩියි විශේෂයෙන් ලංකාව වගේ පුනර්ජනනීය බලශක්ති වලින් විදුලි සැපයුම සීමා සහිත වෙච්ච රටකට ලීෆ් එච්චර ප්‍රාෙයා්ගික නෑ එක පාරක් ආරෝපණය කරාම යන්න පුලුවන් දුරයි, මිලත් එක්ක බැලුවාම. මේ තියෙන්නෙ japan වල වාහන මාකට් ස්ටැට්ස්
    http://www.best-selling-cars.com/japan/2015-q3-japan-best-selling-car-brands-and-models/

    http://bestsellingcarsblog.com/2015/11/japan-october-2015-toyota-sienta-and-daihatsu-cast-impress/
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වැඩිපුර කතා කරන්න බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. ඒත් මගේ පෝස්ට් එක කීප සැරයක්ම quote වෙලා තියෙන හින්දා ටිකක් ප්‍රතිචාර දක්වන්න හිතුනා. දැන්නම් multi quote එහෙමනම් හරියට මතකත් නැහැ. quote වෙලා තියෙන පිළිවෙලට මගේ අදහස් දක්වන්නම්.


    පැටියා;19334274 said:
    :lol:

    Figure-1-Electricity-Generation-in-Sri-Lanka-by-Source-(%25)---2000-to-2012.jpg


    ලංකාවෙ විදුලිය ජනනය කරන්නෙ 100% වතුරෙන් කියලද හිතං ඉන්නෙ? :lol:

    මේ කාරණය ගැන කාරුණු තුනක් දක්වන්න පුළුවන්.

    1. මේ තියෙන්නෙ 2012 තත්ත්වය. නමුත් දැනටත් මේකේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඒත් තාප ජනන විදුලිය ප්‍රතිශතය 2015 අඩු වෙලා තියෙනවා. ඒත් ඒක නෙවෙයි මගෙ පලවෙනි කාරණය. මේ තත්ත්වය ඉහළ කොත්මලේ, උමා ඔය වගේ දැනට අවසාන අදියෙරෙ තියෙන ජල විදුලි ව්‍යාපෘති එක්ක වෙනස් වෙනවා. එක එක දේශපාලන සහ සමාජයීය හේතු හින්දා ඒවා පරක්කු වුනත් ලබන වසර 1 - 2 ඇතුලත ඒ ව්‍යාපෘති දෙකම අවසන් වෙනවා. ඒ කෙටි කාලීන තත්ත්වය.

    2. දිගු කාලීනව කොහොමත් පුනර්ජනන ශක්තීන් ලංකාවේ ඇති වෙනවා. එතකොට කොහොමත් මේ ප්‍රස්ථාරය වෙනස් වෙනවා. ලංකාවේ හදන්න බැරි වුනත් ඉන්දියාවෙන් න්‍යෂ්ඨික විදුලිය ගන්න සැලස්මක් ගැන පහුගිය කාලේ කතා වුණා. මතුපිටින් වෙන කතාවක් ගියාට නැති වෙච්ච අබ්දුල් කලාම් හදිස්සියේ ලංකාවට ආවෙත් එකටයි. ඒ නැතත්, සූර්ය තාපය, සුළං බලය හා මුහුදු රළ පාවිච්චි කරලා විදුලිය නිපදවීමේ හැකියව ලංකාවට තියෙනවා.

    3. අවසන් කාරණය වශයෙන් අපි හිතමු මේ මොකුත්ම හරියන්නෙ නැතුව අපි 100% තාප බලයෙනුයි විදුලිය නිපදවන්නෙ කියලා. නිසාන් ලීෆ් එකේ කිලෝ මීටරයකට යන්නේ රු. 3 -4 ත් අතර ගාණක්. ඒක රු. 117 වෙන පෙට්‍රොල් ලීටරයක ගාන දාලා ගණන් හදලා බලපුවම 40-45 kmpl අගයක් නිසාන් ලීෆ් එකේ තියෙනවා. වෙන මොන රෝද හතරේ වාහනේ ද එච්චර kmpl එකක් තියෙන්නේ?
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රත්තරං;19334739 said:

    හැච් බැක් කාර් එකක් ගත්ත එකෙක් මෙන්න මෙහෙම කිව්වලු.......

    "සාමාන්‍ය ටැක්ස් රේට් එකක් ගහපු ගමන් වාහනය ගාණ මෙච්චර නගිනවා කියන එකෙන්ම තේරෙනවා වාහනයේ කොච්චර ඔප්ෂන් තියෙනවද කියන එක."


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ane manda ban mun nan lankawatama hariyana un tama.

    රත්තරං;19334793 said:
    මචන් මව් පියන්ට සහ මිය ගිය නාකින්ට පින් පිනිස වැඩිය එපා අව්රුදු 10ක් 15ක් පරන S class බෙනස් එකකට මාව පරිස්සමට මල් වට්ටියක් වගේ අල්ලලා නග්ගවපන්කෝ ඔප්ශන් පොඩ්ඩක් බලාගන්න:(:(

    කාලයත් සමග පරිණාමය වෙච්ච සාමාන්‍ය මට්ටමක හරි IQ අගයක් තියෙන අයෙකුගෙ මොළයට හැකියාව තියෙනවා දෙයක් දිහා සාපේක්ෂව බලන්න.

    1. අළුත් S Class එකක් ගන්න සල්ලි තියෙන එකෙක් නිසාන් ලීෆ් එකක් දිහා හැරිලවත් බලන්නේ නැහැ.

    2. අවුරුදු 15 කට වඩා පරණ යුරෝප් කාර් එකකට කර ගහන්න තරම් මොළේ උණකුයි වෘෂණ කෝෂ වල උග්‍ර චර්ම රෝගයකුයි තියෙන එකෙකුත් නිසාන් ලීෆ් එකක් ගැන හිතන්නෙ නැහැ.

    අවුරුද්දට කිලෝ මීටර් 15000 - 20000 ක් දුවන, ඒකෙන් 90% - 95% ඔෆිස් යන එන එකටයි, එදිනෙදා වැඩ වලටයි දුවන මාස් පඩි කාරයෙක් හරි ගෙදර තව වාහනයක් තියෙන එකෙක් හරි තමා නිසාන් ලීෆ් එක ගැන හිතන්නේ.

    ඒ අය වැටෙන කුලකයට තිබුනු ඔප්ෂන් වලින් හොඳම ඔප්ෂන් එකක් තමා නිසාන් ලීෆ් කියන්නේ. නමුත් බජට් එකත් එක්ක ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ ලෝකය පාලනය වෙන ස්වභාවික ධර්මතාවයන් සහ වෙළඳපොළ පාලනය වෙන විද්‍යාත්මක නියමයන් තියෙනවා. ඒ හින්දයි මම කියන්නේ මේක කීප දෙනෙකුගෙ අවශ්‍යතාවය මත කරපු තාවකාලික දෙයක් කියලා.

    මල් වට්ටි සහ මල් වඩම් අනවශ්‍යයි !
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    2016 wala lak 50k dila leaf ekak aragena , 2017 budget eken ayeth leaf eke gana lak 27ta withara adu karoth nam 2016 gattha untanam sorry thmai