කෙල්ල Nursing දිගටම ඉන්නවනං, අද ඔතනින් අයින් උනත් පස්සේ වෙන තැනකින් ඔය වගේ වැඩක් set වෙන්ඩ පුළුවන් නේ. ගෙදර නවත්තගත්තත් බැරි වෙලාක්වත් ගෙවල් ලගට කුකුලෙක් ආවොත් මොකෝ වෙන්නේ, එතකොට ගෙවල් මාරු කරනවද? මට නන් කියන්ඩ තියෙන්නේ යන යකා යනවා වෙලාව ආවම, මොන දහන් ගැටේ ගැහුවත් තියාගන්ඩ. කෙල්ල වැනෙන චරිතයක් නන්, ඒකි සල්ලි , status දැක්කම යන එකියෙක් නන් දැන්ම යන එක හොඳයි පස්සේ යනවට වඩා. අනික සමාජයේ ඉන්දැද්දී ඔය වගේ දේවලට ඇති තරන් මූන දෙන්ඩ වෙනවනේ. එතකොට ඒකිට ඉව එන්ඩ ඕන කොහොමද තැනේ හැටියට ඉන්නේ කියල. උඹ අනවශ්‍ය විදිහට call කරන්ඩ ගිහින් ඒකිට හිතුනොත් උඹ සැක කරනවා කියල, උඹට අවාසි පැත්තටයි වැඩේ වෙන්නේ. සාමාන්‍ය විදිහට කතා කරපන්. close එකේ ඉදපන්. දුර හින්ද ඒකි නැති පාළුව දැනෙනවා වගේ කියපන්. දවසේ වෙන දේවල් අහපන්. ඒකිට උඹ ගැන ලොකු විස්වාසයක් තියනවනං, උඹ අනවශ්‍ය විදිහට සැක කරන්නේ නෑ කියන එක තේරෙනවනං උඹට doca කියන ඒවා එකක් නෑර කියයි. doca එන විදිහේ අවුලක් පෙනෙද්දී උඹ, කියල දීපන් ඌ එන්ඩ යන පොටයි, ඒකෙන් ගැලවෙන්ඩ කරන්ඩ පුළුවන් දේවලුයි. මුලදී හිතයි උඹ ඉරිසියාවට කියන දේවල් කියල. ඒත් පස්සේ පස්සේ doca එන පොට හරියටම කියන්ඩ පුළුවන් උනොත්, තේරුම් ගනී උඹ ඒ දේවල් කියන්නේ මොකටද කියල. උඹ meter එකේ ඉදපන් කෙල්ලගේ හැසිරීම් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන. එක්කෝ උඹට sure කරන්ඩ පුළුවන් කෙල්ලෙක් ඉතුරු වෙයි. නැත්තන් ඒකි යන දිහාක යයි.