මේකෙ උන් ගොඩක් කියල තියෙනව වගේ මගේ මොකක් හරි මට නොතේරෙන පට්ට පර්සනැලිටි අවුලක් තියෙනව වගේ. මම මගේ බොක්කෙන් මොකාට මොන දේ කරත් කිසිම ඇගයීමක් නෑ මට කොකා පෙන්නව ඇරෙන්න. ඒත් සමහර උන් අනිත් උන් ගැන පොඩ්ඩක් වත් ඩෝන්ට් කෙයා හිටියත් උන්වමයි අනිත් උන්ටත් ලොකු. මට මේව තේරෙන්නෑ බන්.
අනිත් එක මෙහෙම මගේ ප්රශ්නත් කියල එළකිරියේ ත්රෙඩ් දාන එකත් චාටර් නේද? කෙල්ලෙක්ටත් වඩා මගේ හිත දුර්වලයි වගේ. මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් උන්ට මේ වගේ ඒව නතින් වගේ.
ඒත් මට නම් පට්ට විදියට මේ වගේ පොඩි දේවලුත් හිතට තදින්ම වදිනව. ඒකයි බන් මේකෙ දැම්මේ මොකද දන්න උන්ට ඕව කිව්වොත් ආපහු මටම හරවල ගහනව. ඒකයි.
නමුත් අද ඉඳන් මම මේ වගේ ඒව දාන්නෑ බන්. කොහොම හරි පට්ට ගල් හතක් හදාගන්න ඕන. එකෙක් පන ඇද ඇද පාර හිටියත් බලන්නෙ නැති ගානට.

මං හිතන්නේ ඔයා ගොඩක් සංවේදී කෙනෙක්, ඒකයි පොඩි දෙයකින් වුනත් වැඩියෙන් හිත රිදෙන්නෙ

කවදාවත් කාටහරි උදව් කරනකොට, ආපහු තමන්ට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා

,තමන්ට දේවල් බලාපොරොත්තුවෙන් උදව් කරල, ඒවා නොලැබුනාම හිතට දුකයි

කරන උදව්වක් හිත සතුටින් කරන්න

එයා කරපු වැඩේ වැරදියි,

ගොඩක් අය පණ දෙන්න වගේ ඉන්නේ තමන්ගේ වැඩේ කරගන්නකන් විතරයි

ඒ නිසා එහෙම දේවල් ගැන හිතල තමන්ගේ හිත නරක් කරන ගන්නවට වඩා තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න එක හොඳයි
