Suffering after Divorce

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    තනි මතේම ඉන්න අම්මල තාත්තලගෙ බයිලා ඔලුවට දාගෙන වැඩ කරන ගෑනියෙක් කියලා හිතෙන්නෙ.ඔහොම ගෑනු කිව්වොත් කිව්වා..
    බැන්දට පස්සෙ කුලියට හරි අරන් අවුරුද්දක් වත් වෙනම ඉන්නඕනෙ.. දෙමව්පියොත් දැනගනන්න ඕනෙ ඕනවට වඩා ඇගිලි නොගහ ඉන්න...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    ලංකාවේ 90%ක් ගෑණු කොච්චර පොෂ් ජොබ් කරත් හෙන ගොබ්බයි බං. වයසට ගිහින් බඳිනවට තොපිලට හොඳ පාඩම් ඕවා
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    ගැහැණියක්ව සොයා ගිය මිනිසකුගේ කතාවක්


    By Dhananjaya Karunarathne

    පහුගිය කාලයේ මම වර්තමාන කසාදය සහ ආදරය ගැන තරමක් වෙනස් පහේ පර්යේෂණාත්මක නාට්‍යයක් නිෂ්පාදනය කළා, ඒක තාමත් රංග ගත වෙමින් පවතිනවා. ඒ නාට්‍ය හදන්න අපි නාට්‍ය කණ්ඩායම කසාද බැඳලා ඉන්න අයගේ කසාද කතා එකතු කරලා, අපේම කසාද ද ඇතුළුව පොඩි රිසර්ච් එකක් කලා. එතනදී මට අහන්න ලැබුණු විවිධ අයගේ කසාද කතා වලින් එකක් මම හිතුවා ඔබත් එක්ක බෙදා ගන්න තරම් වටිනවා කියලා. කිසියම් මනෝ විද්‍යාත්මක පදනමක් තියෙන මේ කතාව ආදරය සහ පවුල් ජීවිතය සම්බන්ධ එක් යථාර්ථයක් විතරක් විදිහට හිතන්න. මේ කතානායකයා කියනා යථාර්ථයට පරිබාහිරව තවත් බොහෝ සත්‍යන් තියෙන්න පුළුවන්. මූලික වශයෙන් කසාදය සම්බන්ධයෙන් කියැවුණ ද පොදුවේ ඕනෑම මානව සම්බන්ධතාවකට මේ දහම අදාළ කරගන්නත් පුළුවන්.

    ඉතින් කතානායකයා දැනට වයස අවුරුදු 60 ක පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන මම ඇසුරු කරන සාමාන්‍ය සිංහල පුද්ගලයෙක්. ඔහු හා විවිධ අවස්ථාවල කතා බහ ඇසුරින් තැනින් තැන මතු වුණ මේ තොරතුරු ඔබගේ කියවීමේ පහසුව තකාත් ඔහුගේ අනන්‍යතාවය සැඟවීමටත් අන්තර්ගතයට හානියක් නොවන සේ සුළු ආටෝපයක් සමඟ සංස්කරණය කරලයි තියෙන්නේ. මෙන්න ඔහුගේ කතාව.

    මම මුලින්ම කසාද බැන්දේ අවුරුදු තුනක් විතර ආදරය කරලා අවුරුදු විසි අටේදී .නමුත් බැඳලා අවුරුදු තුනකින් විතර අපි ඩිවෝස් වුණා. සාමාන්‍යයෙන් මම බොහොම සාමකාමීව රණ්ඩු සරුවල් නැතුව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. නමුත් එදා මම ඒ බැන්ද ලේඩි එදිනෙදා ජීවිතයේ කිසිම වැදගත්කමක් නැති දේවල් වලට මං එක්ක රණ්ඩු වෙන්න, ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තා. ක්‍රමයෙන් මට ඉතා දරුණු විදිහට අපහාස කරලා කේන්ති ගියාම බණින්න ගත්තා. රණ්ඩු වෙන්ඩ එපා කියලා මම එයාව විවේචනය කළ එකට විතරක් එයා මට කාලකණ්නියා කියලා බැණලා තියෙනවා. මඟුල් ගෙදර දවසේ පවා ඇඳුම් ප්‍රශ්නයකට මට බල්ලා කියලා බැන්නා. කිසිම දෙයක් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව කලබල වෙලා ගැටුම් ඇති කරගන්නවා. කේන්ති ගියාම අනිත් කෙනාව පච කරන්න තියන හැම දෙයක්ම කියනවා. සාමකාමීව ඉඳිමු කියන එකට මගේම උවමනාවට කරපු සියලුම සාකච්ඡා වැඩසටහන් වැඩ කලේ නෑ. එයාට එයාගේ ස්වභාවය වෙනස් කර ගන්න බෑ කියලා මට තේරුණා. ක්‍රමයෙන් මමත් එයා නිසා රණ්ඩු වෙන කෙනෙක් බවට පත්වෙමින් තිබුණා. ඒගොල්ලොන්ගෙ ගෙදර අය කීවේ පවුල් ජීවිතය ඔහොම තමයි ඒකට තමයි දුක සැප කියන්නෙ ඒක බෙදාගෙන කන්ඩ කියලා කිව්වා.

    මේ විදිහට තේරුමක් නැතුව ගැටුම් දුරදිග යන කොට, එයා එයාගේ ගෙදර අයට සහ එයාගේ යාහළුවන්ට මගේ නැති වැරදි කියමින් මාව පාවා දීලා ආත්මානුකම්පාව ලබා ගන්න හදනවා. මේ හේතුව නිසා බැඳලා අවුරුදු දෙකක් යනකොට මට එයා ගැන කිසිම හැඟීමක් ගෞරවයක් නැතුව යන්න ගියා. ඊට පස්සේ මට එයාට කියන්න සිද්ධ වුණා මට ඔයා ගැන කිසිම හැගීමක් දැන් නම් නෑ කියලා. එහෙම ඉවසගෙන ජීවත් වෙන්න ගියා නම් මගේ ජීවිතය එකම අපායක් වෙන්න ඉඩ තිබුණා. වාසනාවට අපිට ඒ වෙනකොට දරුවන් හිටියේ නැහැ.

    අපි දික්කසාද වුණා.

    මම හිතුවා මම ආයෙ බඳින්නේ නෑ කියලා. ඊට පස්සේ මම අවුරුදු දහයක් විතර යනකන් තනිකඩයෙක් විදිහට හිටියා. අර වේදනාවෙන් ගැලවෙන්න මේ කාලයේ මම රටවල් කීපයක ඔහේ ඇවිදින්න ගියා.

    ඒත් ක්‍රමයෙන් අවුරුදු හතලිහ වෙන කොට වගේ මට මොකක්ද පාළුවක් දැණුනා, තනියම ඉන්නවාට වඩා තව කා හරි එක්ක බෙදා හදාගෙන ඉන්න තියෙනවනම් හොඳයි කියල හිතුනා. සාමාන්‍යයෙන් මම විවේකය සහ සාමකාමීත්වය රස විඳින්න ගොඩක් කැමති කෙනෙක්. ඒ කියන්නේ ඔහේ ගෙදරට වෙලා ඉන්න, ඔය පාර්ක් එකක මුහුදු වෙරලක ඇවිදලා කැමති වෙලාවක කැමති කෑමක් කාලා බුදියගන්න, හැන්දෑවට ගෙදර ඉස්සරහට වෙලා අහස දිහා බලාගෙන බියර් එකක් ගහන්න නැත්නම් ඔහෙ පොතක් කියවන්න. ඒක එහෙම වෙන අතරේ තවත් කවුරු හරි මා එක්ක සාමයෙන් ඉන්න එකයි මට ඕනේ වුණේ.

    ඒත් මට තේරෙන්නේ නැහැ ඊළඟ ගෑණි කොහොමද තෝරා ගන්නේ කියලා. මේ වෙනකොට රොමැන්ටික් ආදරය කියන්නේ හරි සංකීර්ණ දෙයක් මම ඒක දන්නෙත් නෑ ඒක හරි අමාරු වැඩක් වගේ මට දැණිල තිබුණේ. මම කලින්වයිෆ් එක්ක මුල දී ඒ රොමැන්ටික් ආදරේ කියන එක අඩු නැතිව කළා. ඒත් කසාදයක් ගෙනියන්න ඒකට බෑ. සාමයෙන් ඉන්න දන්නේ නැති කිසිම තැනක එහෙම රොමෑන්ටික් ආදරයක් ඇති වුණාට ඒකට පවතින්න බෑ. අනික මගේ පෙණුමත් දැන් රොමෑන්ටික් නෑ කියලයි මට හිතුනෙ. ඉතින් මට ඕනේ වුණේ මහා පරම ආදරයක් නෙමෙයි, දරුවන් නැතත් කමක් නෑ කවුරු හරි සාමකාමීව මාත් එක්ක එකට ජීවත් වෙන්ඩ කාරුණික මනුස්සයෙක් විතරයි. කොහොහම හරි මම හිමීට අපේ ලංකාවේ මගේ අම්මලා තාත්තලා පවුලේ කට්ටියට කිව්වා ගැහැණියක් හොයන්න පටන් ගන්න කියලා.

    මේ කාලයේම වගේ කිසියම් මනෝ විද්‍යාඥයෙක් ලියල තිබුන ආටිකල් එකක කියල තිබුණ දෙයක් මගේ හිතේ තදින් වැදිලා තිබුණා. ඒ තමයි බොහෝ විට පවුල් ජීවිතයේ අඹුසැමි දරුවන් අතර සම්බන්ධතාවයට බලපාන්නේ කසාද බැන්ද දෙදෙනා ඒ අයගේ දෙමව්පියන් සමග කුඩා කාලයේ හැදෙන විට තිබුණ පවුල් පරිසරයයි කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු කසාදය විදිහට අවිඥ්ඥාණකව දකින්නේ තමන්ගේ දෙමවුපියන්ගේ කසාදයයි කියන එක. මම ඒක මගේ කලින්වයිෆ් එක්ක දාලා බැලුවම හරියටම හරි කියලා හිතුනා. ඊට අමතරව තවත් මම දන්න බොහෝ අයට දාලා බැලුවමත් හරියටම හරි. හැබැයි හැම විටම නෙමේ, ගොඩාක් අවස්ථාවල. මගේ පවුලත් ඒ තරම්ම සාමකාමී පවුලක් නෙමෙයි, මගේ තාත්තා ඉවසීමක් නැතිව කෑ කෝ ගහන, සාමාන්‍ය විදිහට ගැටුම් ඇති කරගන්න පවුලක්. නමුත් මම පස්සෙ ඒක තේරුම් අරන් වෙනස් වුණා. ඒ නිසා කෙනෙකුට එහෙම වෙනස් වෙන්න බෑ කියලා මම හිතන්නේ නෑ. නමුත් තමන්ගේ ස්වයං උවමනාවෙන් එහෙම වෙනස් වෙන්න හැමෝටම බෑ.

    මගේ කලින්වයිෆ්ගෙ පවුලේ දෙමවුපියන් දරුවන් නිතරම රණ්ඩු වෙනවා. අම්ම තාත්තට මං ඉස්සරහම මේ කාලකණ්නියා කියලා බැණලා තියනවා. ඒ ගොල්ලන්ගේ තාත්තත් කිසිම දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතිව කලබල වෙලා කෑ කෝ ගහගෙන ප්‍රශ්ණ විසඳගන්න හදන ප්‍රචණ්ඩ උද්දච්ච මිනිහෙක්. හොඳින් කාල ඇඳල ඉන්න තරම් වත්කමක් තිබුණු සාමාන්‍ය පවුලක් විදියට ජීවිතයේ එදිනෙදා දේවල්, රුචි අරුචිකම්, බෙදා හදා ගැනීම් රණ්ඩු නොවී විසඳ ගන්ඩ ඒගොල්ලො දැනගෙන හිටියේ නෑ. මට හිතෙනවා ඒ වගේ රණ්ඩුවෙන සමාජයක් ඇතුලේ හැදෙනකොට එකිනෙකා ගැනත් තමන් ගැනත් අඩු වටිනාකමක් හා අඩු ගෞරවයක් දැනෙන්නෙ කියලා. ඒ් වගේම එතකොට ගොඩක් දුරට නෙගෙටිව් ආකල්ප වර්ධනය වෙනවා. ආදරය හෝ සතුට කියන්නේ කිසියම් දවසක දී අපි ගෙයක් හදනවා වගේ වැඩ කරලා ඉවර වෙලා අත්පත් කරගන්න දෙයක් නෙමෙයි, ප්‍රශ්ණ සමඟ යන මේ මොහොතේම අපි ගත කරන කන බොන බුදිය ගන්න එකට ඉන්න ආකාරය තුළ තියෙන එකක්. පවුල කියන්නේ මනුෂ්‍ය අභ්‍යාස පුරුදු කරන මූලික පාසලයි, බඩු හදන ෆැක්ටරියයි. ඉතින් මම කඩවල් වලින් නැතුව මේ පාර කෙලින්ම ෆැක්ටරියටම ගිහින් හදන හැටි බලලාම ගන්න හිතුවා!

    මනුෂ්‍ය සම්බන්ධතාවල තියෙන විශේෂම ගුණය වෙන්න ඔ්න එදිනෙදා ජීවිතයේ සිදුවන දේවල්, බෙදා ගැනීම්, නැතිවීම්, අමතකවීම්, වැරදීම්, අතපසුවීම්, හරියටම තේරුම් ගන්නට නොහැකිවීම් - ව්‍යාකූලතා, රුචි අරුචිකම් හා විවිධත්වයන් ආදී ජීවිතයේ නොවැලැක්විය හැකි යතාර්ථය ඉදිරියේ ඒවා රණ්ඩු නොවී සාමකාමීව විසඳා ගැනීමට ඇති හැකියාවයි. පුද්ගලයින් දෙදෙනෙක්ගේ ඉදන් ජාතීන් දෙකක් දක්වා ඕනෑම තැනක සාමය හා සහජීවනය ඇති වෙන්නේ අන්න ඒකට තියන හැකියාව හා උවමනාව හරහා පමණයි.

    මේ නිසා මගේ දෙමව්පියන් ලංකාවේදී මට ගැලපෙන කෙනෙක් හොයනකොට මම බලන්නැයි කීවේ කුලය, පන්තිය, දේපල, ආගම,කේන්දර නෑදෑයෝ මේ කිසිම දෙයක් නෙමෙයි දෙමව්පියෝ සමග ජීවත් වුණේ කොහොමද කියන එක විතරයි. කොයිතරම් සාමකාමීව එකට ඉන්න පවුලක් ද කියන එක. මොකද සාමකාමීව ඉන්නවා කියන එක තුල තියනවා සාපේක්ෂව බුද්ධිමත් කියන එක ද ඇතුළුව අර බොහෝ ගුණයන් අත්පත් කරගෙන තියෙන බව. ඉන් අදහස් කරන්නේ නෑ විවාද
    නොඑකඟතා ඇති වෙන්නේ නෑ කියන එක, ඉන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් ඒවා සාමකාමීව එකිනෙකාට හිංසාවක් අගෞරවයක් නොවන ලෙස විසඳා ගන්න තරම් දියුණුයි කියන එකයි. මට අනුව පවුලක හෝ සමාජයක සතුට අසතුට බෙදී යාමේ රේඛාව හරියටම වැටිලා තියෙන්නේ අන්න එතනයි.

    ගෙදරින් මට පින්තූර විස්තර එවමින් කියපු දෙයක් තමයි ඕනෑ තරම් ගෑණු ඉන්නවා නමුත් අර වගේ පවුල් පසුබිමක් තියෙන අය හොයා ගන්න දැන් හරිම අමාරුයි කියලා. මම කිව්වා මම තදින් තීරණයක් අරන් තියෙන්නේ එහෙම හමුනොවූනොත් බඳින් නෑ කියලා. ඉතින් මට කොහොම හරි ගෑණු කෙනෙක් හොයන්න ඒගොල්ලො කවදත් මහන්සි වුන හින්දා විවිධාකාර පර්යේෂණ කරමින් අවුරුදු එක හමාරක් වගේ කාලයක් තුළ, මගේ ද තොරතුරු නිරීක්ෂණයෙන් පස්සේ පවුල් හතක් තෝරා ගත්තා. ඒවායින් පවුල් තුනක් අවසානයට තෝරගෙන ඒ තුනටත් තවත් කීප පාරක්ම ගිහිල්ලා එක්කෙනෙක් තෝරාගත්තා. ඒ ගියහම මම ඉතා තදින් නිරීක්ෂණය කළේ පවුලේ සාමාජිකයින් අතර සම්බන්ධතාවය තියෙන්නේ කොහොමද කියන එකයි. ඒ කාරණයට අමතරව ඒ ගැහැණුන් එක්ක තනියම කතා කරනකොට මම තව අතුරු කාරණා දෙකක් ගැන උනන්දු වුණා. මම ඇහුව ප්‍රශ්නය තමයි ඔයා කොහොමද ඔයාගේ පව්ලේ කට්ටියගේ වටිනාකම් සහ හරයන් ගණන් බලන්නේ, ඒ කියන්නේ අම්මයි තාත්තයි මට කන්ඩ බොන්ඩ දීලා හදා වඩා ගත්තා මං ආදරෙයි කියන සුලබ ප්‍රකාශයට වඩා පවුලේ සාමාජිකයින්ගේ හරයන් හා විටිනාකම් එයා හඳුනගෙන තියෙන්නේ කොහොමද කියන එක. විවිධ දේවල් හරහා මම අනිත් කාරණය සඳහා නිරීක්ෂණය කළේ කොයිතරම් අද වර්තමාන සාමාන්‍ය ජීවිතය සහ මිනිසුන් ආදිය ගැන යථාර්ථවාදී අවබෝධයක් තියෙනවද එහෙම නැත්නම් පාවෙන චරිතයක්ද කියන එක. අද එලියට බැස්ස මොහොතේ ඉඳන් වෙළෙන්දාගේ ඉදන් පස්සෙන් එන පිරිමින් දක්වා විවිධ උපක්‍රම වලින් රවටන කොට තමන්ගේ සහ පවුලේ ආරක්ෂාව ගැන හිතන්න කොයිතරම් ස්මාර්ට් ද කියන එක. ඔචච්රයි බැලුවේ.

    අවසානයේ මට හමුවුණේ පහත රට ක්‍රිස්තියානි නමුත් එතරම් ආගමික නැඹුරුවක් නැති දරුවන් තුන් දෙනෙකුගෙන් දෙවැනි දරුවා වුන කාන්තාවක්. බොහොම සාමාන්‍ය මිනිස්සු. ඥාතියෙකු සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සම්බන්දතාවයක් බිඳ වැටිලා එයා ද ආදරේ ගැන යම් කලකිරීමකින් හිටියේ. කොහොම හරි ඒ පවුලේ සියලුම දෙනා හරිම සමගියෙන් හිටියේ. නිතර ජොලියෙන් විහිළු කර ගන්නවා. හරි සතුටු මුහුණු තිබ්බේ, බැරෑරුම් මුහුණු නෙමෙයි. ළමයි ලොකු වුණාට නිතරම අම්මව තාත්තව බදාගෙන ඉන්නවා. ඒ පවුලෙ කට්ටිය සමහර හැන්දෑවල එකතුවෙලා බැඩ්මින්ටන් ගහන්න පුරුදුවෙලා හිටියා. ඒ වගේ එකට විනෝද වෙන ගොඩක් පුරුදු ඒගොල්ලොන්ට තිබුණා. එක පාරක් ගියහම ඒ ගෙදරට මට ආයේ යන්න හිතුනා. මට හිතුනා මගේ කලින්වයිෆ් මේ වගේ පවුලක මේ වගේ තාත්තා කෙනෙක් යටතේ හැදුණ නම් අපි තාමත් ආදරයෙන් ඉන්නවානේ කියලා. මට හමුවුනු මේ අලුත් පවුල කොයි තරම් මගේ හිත සන්සුන් කළාද කියනවා නම් කලින් වයිෆ්වත් එයාගෙ තාත්තා ඇතුළු පවුලත් උපේක්ෂාවෙන් බලන්න මට හැකිවුණා, ඒ කිසිවෙක් මේ ලක්ෂණ උපතින් ගෙනා අය නෙමෙයි.

    කසාද බැඳලා ආපු දවසේ ඉඳන් එයා මා එක්ක හිටියේ එයාගේ පවුලේ අය එක්ක හිටිය විදිහටමයි. මගේ ඇඟේ දැවෙටෙන්නෙ කරේ එල්ලෙන්නේ එයාගේ තාත්තගේ කරේ එල්ලුන විදිහටමයි. අද මට අවුරුදු විස්සක විතර ළමයින් දෙන්නෙක් ඉන්නවා, ඒගොල්ලො අපි එක්ක ඉන්නෙත් ඒ විදිහටමයි. අපි දැන් බැඳලා අවුරුදු විස්සකටත් වැඩි වෙනවා පිලිගන්න එකම දවසකවත් අපි බැණගෙන නෑ රණ්ඩුවෙලා නෑ, නිකන් මුහුණ එල්ල ගත්ත දවසක්වත් මට මතක් වෙන්නෙ නෑ.

    අපි දෙන්නා ගොඩක් වෙනස්. එයා ගොඩක් සමාජශීලී බාහිර ක්‍රියාකාරකම් වලට කැමති කෙනෙක්. මම ඒවාට සම්බන්ධ වෙන්නේ නැතුව පැත්තක ඉඳන් නිහඬව රසවිදින්න කැමති කෙනෙක්. එයා ක්‍රිස්තියානි, මම බෞද්ධ.ආගම සම්බන්ධයෙන් අපි දෙන්නම හැසිරුණේ සාමාන්‍යයෙන් අපි ගෙවල්වල පුරුදු පුහුණු වෙලා තියෙන මට්ටමට විතරයි. වැඩිය ඇඟට ගත්තෙ නෑ. එයත් දෙවියන් ඉන්නවද නැද්ද කියලා හරියටම දන්නේ නෑ මාත් නිවන් යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියල හරියටම දන්නේ නෑ. අපි ඒවා ගැන සීරියස්ව කතා කරල නෑ , හිනාවෙවි කථා කරන්නේ. අපි දෙන්නගෙම තිබුණා හරියටම දන්නැති දේවල් ගැන වාද කරන් නැතිව ඒවා මග අරින ස්වභාවය.

    කොහොමහරි අළුත් කසාදය පටන් ගන්නකොට මට එයා ගැන තිබුණේ ආදරයකට වඩා යම් ගෞරවයක් විශ්වාසයක් වගේ එකක්. අපි ආදරය කරන්න නෙමෙයි උත්සාහ කළේ, සමගියෙන් ඉන්න. ඒ නිසා මුල ඉඳන්ම ආදරය කරනකොට ඇතිවන අඩුපාඩු කියලා ජාතියක් මං එයා තුළ හොයන්න ගියේ නෑ. කිසිම නීතියක් රීතියක් දැම්මෙත් නෑ. එයාට එයාගේ පාඩුවේ ඉන්න දුන්නා. අර මූලික පරීක්ෂණවලින් මට එයා ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙලා තිබුණා. හැබැයි අපි දෙන්නම මුලින්ම කතා කර ගත්තා අපි එක පාරටම හමුවුන නිසා ආදරය හෙමීට ඇතිවෙන්න ඉඩ හරිමු අපි කවදාවත් එකිනෙකාගේ හිත් රිදවෙන කිසිම දෙයක් කියන්නැතුව මොනවා නැති වුණත් අපි සමගියෙන් ඉමු කියන එක. ආදරය හොයන්න ගිහින් සමගිය නැති වෙනවට වඩා සමගියම ආදරය කියලා මම හිතන්න උත්සහ කළා. කලින් ආදරය යුද්ධයක් විදිහට දැණුනනම් මේ පාර ආදරය සාමය විදියට දැණුනේ.

    මම ඇවිදිල්ලා කිසිම විශේෂ හැකියාවක් නැති අඩුම ගානේ සිංදුවක්වත් හරියට කියන්න බැරි කෙනෙක්, ඒ නිසාද මන්දා මාව කාටවත් ඒ තරම් වැඩක් නැති කෙනෙක් කියලා මට පුංචි හීනමානයකුත් තිබුණා. මගේ කලින්වයිෆ්ට කේන්ති ගියහම මට කාලකණ්නියා කියලා නිතර බැණපු එකත් සමහර විට මේ තත්ත්වය වැඩි කරන්න ඇති. නමුත් මට පුදුම හිතෙන්න ගත්තා ටිකෙන් ටික මගේ දරුවන් මාව වීරයෙක් විදිහට සලකන කොට. මම වගේ එකෙක් කොහොමද වීරයෙක් වුණේ කියලා මම නිතර කල්පනා කරල තියනවා. මගේ දරුවන්ට මාව වීරයෙක් කරලා පෙන්නුවේ එයයි. එකක් එකටම එයාගේ අම්මා එයාගේ තාත්තාව වීරයෙක් කරන්න ඇති. තාත්තා සැබෑ වීරයෙක් වන්නේ අම්මාගේ අතින් බව මම ඉගෙන ගත්තේ එයාගෙන්. මම කොයිතරම් සාධාරණව අහිංසකව ඉන්න හදන මනුස්සයෙක් ද කියන එක මම දැනගත්තෙත් එයාගෙන්. මම ලෝකයේ ලස්සන දේවල් හොඳ දේවල් හොයා ගන්නත් ඒවා කිසිම කුහකත්වයක් නැතිව අගයන්නත් කොයිතරම් දක්ෂද ඒක මොනතරම් විශාල දුර්ලභ ගුණයක් ද කියන එක මම දැනගත්තෙත් එයාගෙන්. මම එයාට දීලා තියෙන නිදහස සහ විශ්වාසය ලෝකේ ලොකුම දේවල් වලින් එකක් කියලා මම දැනගත්තේ එයාගෙන්. ඒවා එයාට ගොඩක් ලොකු දේවල් වුණා. මගේ දරුවන්ට මාව වීරයෙක් කරන්ඩ ඒ ටික විතරක් එයාට ඇති වුණා. මම කාගෙ හරි කුඩා දරුවකුගේ රචනාවක් වගේ දෙයක් අගයනවා එයා දැක්කොත් ඒක එයා ආසාවෙන් බලාගෙන ඉඳලා මගේ මහා ලොකු ගුණයක් විදිහට දරුවෝ එක්ක කියනවා. කොටින්ම මම කවුද කියන එක මම හරියටම දැනගත්තේ එයාගෙන්. මගේ අර හීනමානය නැතිවෙලා ගිහිල්ලා මට මොකද්ද අලුත් ජවයක් ජීවත් වෙන්න ලැබුණා. මට අද එයා විශේෂ එයා මගේ දරුවන්ගේ අම්මා නිසාවත් මගේ බිරිඳ නිසාවත් මට උයලා පිහලා දෙන නිසාවත් නෙමෙයි එයා අපේ පවුලේ මනුෂ්‍ය සම්බන්ධතා නිර්මාණය කරපු නිසයි. ජීවිතය කියන්නේ හරයන් නිර්මාණය කර ඒවා බෙදා ගැනීමයි සතුට කියන්නේ එය අත්පත් කරගැනීමේ ආශ්වාදයයි. ජීවිතය කොයිතරම් අර්ථවත්ද සුන්දරද කියලා මට හිතෙන්න ගත්තා.
    ආදරය කියන්නේ ඒකටයි.

    ලොවේ සියළු මිහිරි දේ
    කැටි කොට මැව්වා වගේ
    ඇගේ සුගුණ සාගරේ
    මම කිමිදෙමි නිරතුරේ ..

    FB


    http://www.elakiri.com/forum/showthread.php?t=1923530
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම බැන්දේ 2018 මචෝ. මම බැන්ද ගනී මට වඩා 3 years වැඩිමල් , අපි දෙන්නම IT ෆිඑල්ඩ් එකේ. 3 years affair එකක් තිබුණා . love කරන කාලේ මට හැම අතින්ම එකී උදවු කරා(educational wise ,financial wise ) මට මගේ development එකට හොඳට help කරා. කවදාවත් මට කිසිම වංචාවක් , බොරුවක් කලේ නෑ . ඒකිගේ අම්මා තාත්තා පවා මට හොඳට සැලකුවා. මුලින් අපි දෙන්නම වැඩ කරේ එකම office එකේ(government). මම හිටියේ contract basis මුලින්. එතකොට තමයි එකී premanent ජොබ් title එකකට awe. office එකට enna කලින් අපි අඳුරනවා . IT Projects (වෙබ් development) kara. අපි clients ල හම්බවෙන්න ගියා එකට. ඔහොම ටික කාලයක් යනකොට මට ඒකිව සෙට් වේගන වගේ අවා . මමයි එයාගෙන් ඇහුවේ මුලින්ම. එය කිව්වා කැමතී කියල. ඊට පස්සේ තමයි දැනගත්තේ එයාගේ හිතෙත් මන් ගැන අදහසක් තිබිල තිබුන කියලා. කොහොම හරි සෙට් වෙලා අවුරුදු 2ක් වගේ යනකොට මම සෙනං එක අපේ ගෙදරට කිව්වා . ගෙදරින් කැමති උනේ නැහැ. අපි ගෙවල් වලින් ප්‍රශ්න අව නිසා මේක නවත්තන්නත් හැදුවා . ඒ උනාට මම ඒකිට පොරොන්දු උනා මම අනිවාර්යෙන්ම ඒකිව බඳිනවා කියල අපේ ගෙදරින් අකමැති උනත් .

    කොහොමහරි ඔය විදියට අවුරුද්දක් විතර ගියා. ඒකිගේ කේන්දරේ හැටියට ඒකිට හින්දයි කියල තිබුණේ 2017 november වලින් පස්සේ . කොහොම හරි ඔය කාලේදී office එකේ permanent vacancy එකක් awa. මමයි එයයි(as a promotion for her ) දෙන්නම apply කරා ඒකට. කොහොම හරි among 25 people අපි දෙන්නයි තව පිටින් apply කරපු දෙන්නෙකුයටයි තමයි interview call කරේ. මම කැපුනා . එකිටයි තව කෙල්ලෙකුටයි තමයි ජොබ් එක සෙට් උනේ. මම හිටියේ contarct basis නිසා ඒ වෙලාවේ එකී ජොබ් එක අතාරින්න හැදුව එතකොට එක මට සෙට් වෙයි කියල. මම කිව්වා එපා කියල. ඒ වගේ කැපකිරීම් මම වෙනුවෙන් කරා. තව ගොඩක් උදවු කරා. පස්සේ 3 months වලින් වගේ පස්සේ මට same fileld eke වෙන branch ekaka permanent ජොබක් සෙට් උනා.

    කොහොම හරි ගෙවල් වලින් කැමැත්ත අරගෙන අපි 2018 september වල marry කරා. එයාගොල්ලන්ගේ ගෙදර කට්ටිය vegitarian and non alkoholic . But කෙල්ල මාළු කනවා. මම Drink එක danawa. එකී කැමති නැ.(normal incident to us all). බඳින්න කලින් මම මගේ full history එක ඒකිට කිව්වා. මම එකී නිසා ciga ගහන එක නැවැත්තුව.


    කොහොමහරි එයාගොල්ලන්ගේ පැත්තෙන් wedding එකට බොන්න දෙන්නේ නෑ කිව්වා. එක kiwwe වෙඩිමට 1 week වාගේ කලින් . මම එදා ගැනිට බැන්නා. එදා තමයි මම පලවෙනි පාරට කෙල්ලට බැන්නේ . එකී කිව්වා wedding එකට කට්ටියට invite කරලා තිබ්බේ නැත්නම් wedding එක නවත්තනවා කියලා. wedding ekata kalin ra eki හොඳටම අන්දලා තිබුණා mama me karaganna yanne මෝඩ කමක් කියලා. කොහොම හරි මම අපේ ගෙදරට කිව්වා drinks දෙන්නේ නැ කියල . But අපේ තාත්තා wedding එක දවසේ අපේ පැත්තේ ayata බෝතල් 2ක් ගෙනල්ල බොන්න දුන්නා. මගේ යාළුවොත් එලියට ගිහිල්ල බීල ආවා.(out of my control). first night kella full upset එකෙන් hitiye.

    අපේ registration eka kareth wedding eka දවසේමයි. මම sign කරනකොට ඒකිට කවුද පිටිපස්සේ ඉඳන් කියනවා ඇහුනලු කෙටි අත්සනක් ගහන්න කියලා. මට සීන් එක එදා කිව්වේ නැ.පස්සේ kiwwe. මට සීන් එක මීටර් උනේ පස්සේ, මම ඊට පස්සේ වෙන වැඩකට අත්සනක් ගහනකොට එකී හොඳට මගේ අත්සන දිහා බැලුවා.

    අපි home coming eka දවසෙ රෑ හිටියේ හොටෙල් එකක මොකද මම හොටෙල් එක full day එකටම book කරපු nisa. next day මම අපේ ගෙදර ගිහිල්ල wife ව wifelage gedara තනියම yawwa. මම එක ලොකු වරදක් විදියට දැක්කේ න ඒ වෙලාවේ. පස්සේ එයාගොල්ලනගේ ගෙදර කට්ටිය කියල තිබබා බැඳලා පළවෙනි දවසෙම ගැනිව තනියෙන් ගෙදර එව්වා කියලා.

    කොහොම හරි marry කරාට පස්සේ one week වගේ මම හිටියේ wife ගේ ගෙදර. එතකොට කිසි අවුලක් තිබ්බේ නැ. සීන් එක settle වෙලා තිබ්බේ.

    අපි wife ge යාලුවෙක්ගෙ wedding ekakatath giya. මම අපේ ගෙදර පොඩි repair එකක් කර කර හිටිය නිසා wife ට two weeks වලින් wage gedara එන්න කිව්වා.

    කොහොම හරි කෙල්ල අපේ ගෙදර එන්න කැමති උනේ නෑ. දවස් 2කයි ආවේ. එට පස්සේ රණ්ඩු වෙලා ගෙදර ගියා. ඊට පස්සේ අපේ අම්මා එහෙට කතා කරල ඇහුවම එහෙන් කියල තිබුණේ wedding එක දවසෙයි home comming eka දවසෙයි අපේ අතින් වෙච්ච අඩු පාඩු. ඔය විදියට දෙපාරක් විතර ගෙවල් වලින් arguments ගියා. ඒ අතර එයයි මමයි පැය ගණන් මේ වෙච්ච දේවල් ගැන කතා කරා. හැමදාම කතාව ඉවර වෙන්නේ මුලින් පටන් ගත්ත තැනින්. මගේ වැරදිම තමයි කිව්වේ.

    මම පොලිසියේ entry එකක් දැම්ම. එදා තාත්තා එක්ක අවා. පොලිසියේදීත් කිව්වේ හැමදාම කියන ටික.

    එයා අයෙත් එන්නේ නැ කිව්වා. මම 25 සැරයක් විතර එන්න කිව්වා. එන්න බෑ කිව්වා. කැමැත්තෙන් වෙන් වෙමු කිව්වා ඒ උනාට එයා එක කරේ නෑ මාව case eka file කරවන්න පෙලබෙව්වා . පස්සේ මම case eka file kara. මම වන්දි ඉල්ලුවේ නෑ .

    case eka යන අත්තරතුර මම එයාට call කරාට අන්ස්වෙර් kare නෑ. ඒ අතර තමයි මගේ යාලුවෙක්ට කතා කරලා මන් ගැන වැඩි විස්තර අහල තිබ්බේ. යාළුවට කියල තිබුණා මට කියන්න එපා කියලා . පස්සේ ඔය seen එක මම කලින් හිටපු office eke yaluwo ටිකකට කියලා. එයාගොල්ලේ අපි දෙන්නව ගෙනල්ල වැඩෙ settle කරන්න හදනකොට එකටත් එපා කියලා. එයගොල්ලන්ටත් කියල මට කතා කරන්න එපා කියල.

    එහෙම කියල තිබුණට එයා මාර විදියට suffer කරලා තියෙනවා කියල මට දැනගන්න ලැබුනේ case eka ඉවර උනාට පස්සේ.

    case එක යන කාලේදී මම ඒගැන කාටවත් කිව්වේ නෑ.


    :confused::confused::confused:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    මේක සියුම්ව බැලුවහම තේරෙනවා ගොඩක් පවුල් ප්‍රශ්න වලට මුල දෙමව්පියන්. ළමයි බැන්දයින් පස්සේ උන් කැමති විදියට ජීවත් වෙන්න දෙන්න ඕනේ. ප්‍රශ්න ඇති කරන්න ඕනේ නැහැ.

    හම්මෝ බැදලා දෙමව්පියන්ගේ ගෙවල්වල ජීවත් වෙන්න හිනෙකින් වත් හිතන්න එපා. බඩුම තමයි

    සහතික ඇත්ත මව්පියෝ හිතන්නේ ලමයි හැමදාම ලමයි කියල.
    මමත් බැන්ද අලුත අපේ අම්ම මාර විදියට වද දුන්නා වයිෆ්ට වයිෆ් මට කියන්නෙ නෑ කොලාහල ඇති වෙයි කියල බයට. අප්පච්චි අම්ම කියන දේ අන්තිමට ඔන පුකක් කරගනිල්ලා කියල මම ගේ හැදුව දැන් කිසි දෙයක් කියන්න එන්නෙ නෑ පුදුම නිදහසක්. අනික මම දැන් ඒ ගොල්ලෝ කියන දේවල් අහන්නෙමෙ නැති තරම්. මමත් උබලට කියන්නේ බදිනවනම් ගිහින් රෙන්ට් එකට හරි හිටපල්ලා ඒ මිනිස්සු කිසිම හේතුවක් නැතිව ප්‍රස්න ඇති කරනව. අපි දෙන්නම මව්පියෝ කියන දෙවල් ගනන් ගන්නෙත් නෑ අහන්නෙත් නෑ තරහ වෙන්න බෑරි නම් ඔන රෙද්දක් කියල ඉන්නව. ඒක හිතට මාර සැනසිල්ලක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    සහතික ඇත්ත මව්පියෝ හිතන්නේ ලමයි හැමදාම ලමයි කියල.
    මමත් බැන්ද අලුත අපේ අම්ම මාර විදියට වද දුන්නා වයිෆ්ට වයිෆ් මට කියන්නෙ නෑ කොලාහල ඇති වෙයි කියල බයට. අප්පච්චි අම්ම කියන දේ අන්තිමට ඔන පුකක් කරගනිල්ලා කියල මම ගේ හැදුව දැන් කිසි දෙයක් කියන්න එන්නෙ නෑ පුදුම නිදහසක්. අනික මම දැන් ඒ ගොල්ලෝ කියන දේවල් අහන්නෙමෙ නැති තරම්. මමත් උබලට කියන්නේ බදිනවනම් ගිහින් රෙන්ට් එකට හරි හිටපල්ලා ඒ මිනිස්සු කිසිම හේතුවක් නැතිව ප්‍රස්න ඇති කරනව. අපි දෙන්නම මව්පියෝ කියන දෙවල් ගනන් ගන්නෙත් නෑ අහන්නෙත් නෑ තරහ වෙන්න බෑරි නම් ඔන රෙද්දක් කියල ඉන්නව. ඒක හිතට මාර සැනසිල්ලක්

    Cycle repeats
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ගියදේ ගියා මචං උබට තවම 37 යි නේ.
    කාලය ඕනේ තරම් තියෙනවා ආයෙත් කසාදයක් කරගන්න .
    කොහොමත් පහු ගිය දේවල් ගැන ආයෙත් හිතන්න එපා
    අත ඇරපු කෙල්ල ගැන ආයේ හිතන්නත් හොයන්නත් යන්න එපා මොකෝ තේරුමක් නැහැ ..
    සමහර කොල්ලො ඉන්නවා 3 පාරක් කසාද බැදපු එවුන් . දැන් හොදට ඉන්නවා .
    ඉක්මනට වෙන කසාදයක් බලන්න
    පුලුවන්නම් වයස අඩු ගර්ල් කෙනෙක් හොයාගන්න
    වයස වැඩි කෙල්ලෝ බදින්න එපා

    yako 3 parak exam ekak liwwath epa wenawa,kohomada bn 3 parak badinne

    mama num badinne naa bn divorce unoth,kollekta one lokuma dee matanum hithenne manasika nidahasa bn,mona gaani genawath eeka nathnum wadak naa
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    සීන් එක කියෙවුවා මචන්, :rolleyes:
    ඔය උබේ පැත්තෙන් උබ දකින විස්තරේ නෙහ්, ඉතින් ඒකෙ විදියට සින් එක ගැන මේකෙ උන් බලල කියන ටිකම මමත් මෙතන කොටන්න යන්නෙ නෑ..
    මොකද ඒ කෙටිල්ලේ කිසිම තේරුමක් නෑ.. උබේ පැත්ත ගැන විතරක් කියවලා ප්‍රශෙන ගැන 50%ක් ඔලුවට දාගෙන දේවල් කියන එක එච්චර වැඩක් ඇති වැඩක් නෙමි..

    මෙහෙමයි මචන්, උබේ විස්තරේ අනූව, ඔය කෙල්ල ඔහොම්ම නිකන්ම එකපාරටම ගියා කියන්නෙ එක්කො ඒකි සයිකො සීන් එකේ ඉන්න කෙල්ලෙක් වෙන්න ඕනනෙහ්.. මොකද ඔය කියන ලපටි සීන් නිසා කෙල්ලෙක් ඩිවෝස් වෙනව කියන එක සම්තින්ග් බියෝන්ඩ් ද ලිමිට්ස් නෙහ්.. අපේ අම්මලාට ඒ අතින් මල් තියල උදේ හවස වදින්න ඕන අපේ තාත්තා ඉස්සර ආමි එකේ සෙට් එක එක්ක බීලා දෙන ගොන් පාට් එක්ක බලද්දී :rofl: ඒ අතින් උබේ කෙල්ල ඔය වගේ සිම්පල් සීන් එකකට කසාදෙ කඩා ගනී කියල හිතන්න බෑ බන් :no: මොකද බදින්න කලින්ම උබ කෙල්ලට කියලත් තියෙනවනෙහ් උබ බීල තියෙනවත් කියල. එහෙම එකේ වෙඩිම දවසෙ බොන්න දුන්න කියලා ඕක දඩමීමා කරගෙන කසාදෙ කුරුටුගාන ලෙවල් එකටම ගේන්න උබ ඔය කියන සීන් එකම විතරක් රීසන් එකක් වෙන්නහ් බෑ නෙහ් මචන් :rofl:

    කමක් නෑ කියමුකො, වුන දේවල් වෙලා ඉවරයි.. උබ ඒකිට ආයෙ එන්න චාන්ස් දුන්නනෙහ්.. නෑවිත් ඉන්න ගත්තු තීරනේ ඒකිගෙ. ඒකිටත් ඒවට සාදාරනයි කියන්න ඒකිගෙම හේතු තියෙන්න ඇති. ඒ නිසා උබ දැනටමත් හිතෙන් සෑහෙන්න නිදහස්.. අවුලක්නෑ.. උබට දැන් කරන්න තියෙන්නෙ ජීවිතේ ඔහොමම ඔතන නවතින්නෙ නැතුව ඉස්සරහට යන එක මචන්.. කරන්න ඕන දේවල් උබට ගොඩක් කොල්ලො ලස්සනට උඩින් කියල තියෙනව,ඒවම ආයෙ මමත් කියන්න යන්නෙ නෑ...

    වුනේ මොකක්ද කියල උබේ හිත හරියටම දන්නවනෙහ්.. උබ මෙතන ලියන්නෙත් සම්පූර්න කතාවෙන් 1%යි නෙහ්.. ඒ නිසා මචන් ඒක ඒකිගෙ තීරනේ.. ජීවිතේ ඉස්සරහට යන එක උබේ තීරනයක්.. මග නවත්තන් විදවන සීන් වල නවතින්නෙ නැතුව, ඉසරහට යන්නයි තියෙන්නෙ දැන්.. ඉස්සර වුනු වැරදි හදාගෙන, අලුත් එකක් හොයාගෙන, ආයෙ ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියන්න පුලුවන් වෙන්න කියල මං සහ කිරියෙ කොල්ලො සෙට් එකම එකෙන්ම සුභ පතනවා :yes::yes:;)
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Divorce එක නෙවෙයි ලොක්කා ප්‍රශ්නේ බැඳපු එකයි ප්‍රශ්නේ :rofl:

    බඳින්න ඕනෙම නම් සල්ලි තියෙන උඹට ලස්සනයි හිතෙන කෙල්ලෙක්ව බැඳගනින්
    ආදරේ අනං මනං බොරු විකාර
    මාස 6ක් විතර ආශ්‍රය කරාම තේරෙයි උඹට ඉවසන්න පුළුවන් ගති පුරුදුද තියෙන්නේ කියල
    ඒ හොඳටම ඇති බඳින්න

    හැබැයි උඹට දැන් බැඳපු ඒකිගේ අවුලක් නොතේරුනා නම් උඹේ අවුලක් තියෙනවා මොකක්හරි
    සාමාන්‍යයෙන් අපිට ඉවෙන් වගේ දැනෙනවනේ හරියටම ප්‍රශ්නේ නොතේරුණත්

    P .S.

    පස්සේ දැක්කේ ගෑනි උඹට වඩා වැඩිමල් කියල
    ඕකි ගිහිපු එක හොඳයි
    පිරිමි සංහතියට නින්දා කරන්නේ නැතුව අඩු වයසේ එකක් බන්දගනින් යකෝ

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    සහතික ඇත්ත මව්පියෝ හිතන්නේ ලමයි හැමදාම ලමයි කියල.
    මමත් බැන්ද අලුත අපේ අම්ම මාර විදියට වද දුන්නා වයිෆ්ට වයිෆ් මට කියන්නෙ නෑ කොලාහල ඇති වෙයි කියල බයට. අප්පච්චි අම්ම කියන දේ අන්තිමට ඔන පුකක් කරගනිල්ලා කියල මම ගේ හැදුව දැන් කිසි දෙයක් කියන්න එන්නෙ නෑ පුදුම නිදහසක්. අනික මම දැන් ඒ ගොල්ලෝ කියන දේවල් අහන්නෙමෙ නැති තරම්. මමත් උබලට කියන්නේ බදිනවනම් ගිහින් රෙන්ට් එකට හරි හිටපල්ලා ඒ මිනිස්සු කිසිම හේතුවක් නැතිව ප්‍රස්න ඇති කරනව. අපි දෙන්නම මව්පියෝ කියන දෙවල් ගනන් ගන්නෙත් නෑ අහන්නෙත් නෑ තරහ වෙන්න බෑරි නම් ඔන රෙද්දක් කියල ඉන්නව. ඒක හිතට මාර සැනසිල්ලක්

    පුතාගේ ගෙදරින් බලනවා දුව පුතාට හොදට සලකනවද කියල. දුවගේ ගෙදරින් එක අනිත් පැත්ත. පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් වලි තමයි
    අපිත් කරන ගොන් කමක් තමයි දෙන්නගේ ප්‍රශ්න ගෙදරට කියන එක. එක අවම කරන්න ඕනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,964
    72,066
    113
    මාලඹේ
    yako 3 parak exam ekak liwwath epa wenawa,kohomada bn 3 parak badinne

    mama num badinne naa bn divorce unoth,kollekta one lokuma dee matanum hithenne manasika nidahasa bn,mona gaani genawath eeka nathnum wadak naa

    බැදපු එකෙක් ඉන්නවා උගේ story එක කිව්වේ මට වෙන යාලුවෙක් :D එක මෙතැන ලියන්න ගියොත් දවස් දෙකක් යයි. එතෙන උගේ මොකක් හරි වැරද්දක් තියෙනවා . එකයි කෙල්ලෝ දාලා ගිහිං තියෙන්නේ:D
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Machan devorce wunu aththama hethuwa ubai wife i ne danne. Ae nisa hodama de dan aeka iwarai aeka atheethaya. Adupaduhadan issarahata palayan. Puluwan tharam busy weyan job ekath ekka gedara amma thaththa sahodarayo innawa nam ae aya ekka trip palayan gym palayan. Oaka nikanma amathala wela yai. Uba ewele karanna thibba hodama de kale kiyala hithapan.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    අතීතයේ ජීවත් වෙන්න එපා. වර්තමානයේ ජීවත් වෙයන්. උබේ story එකේ හරි වැරැදි මෙතැන ලියලා වැඩක් නැහැ.

    මොකද උඹ ආපහු ඒ ගෑනි marry කරන්නේ නෑ.
    දැං life එක යන්නෙ උබේ වර්තමානයේදී.
    අතිතය හිතන එක ගැන තේරුම ඉස්සෙල්ලා කල්පනා කරන්න. හොඳ තේරුමක් තියෙනව ද නැද්ද? හිතන එකෙන් වෙන හොඳ දේ මොකක්ද කියලා ඉස්සෙල්ලම අඳුරගන්න. ඊට පස්සෙ අතිතය ගැන හිතන්න positive දෙයක් තියෙනවා නම්. හැබැයි උඹ ට positive එක දෙයක් වත් ලැබෙන එකක් නැහැ.

    එතකොට උබට තේරෙනවා දැං කරන්න ඕන දේ මොකක්ද කියලා.

    කැරපොත්තෙක්, සතෙක් මරල ඌ ගැන හිත හිතා ඉන්න එක තමයි පව්. ඒක ඉවර කරන්න. එතනින් එහාට උබේ ජිවිතයට ඒ දේ බලපාන්නේ නැති තැනකට යනකන් move වෙන්න. Experience වටිනවා. නමුත් උබට දැන් second chance එකක් ඇවිල්ලා.. උඹ දැන් කරන්න ඕන හරි decisions ගන්න එක. Decisions ගන්නේ මොළයෙන්. මොලය ට decisions ගන්න උදවු කරන්ඩ. Stress එක අඩු කරලා. එතකොට මොලේ උබට උදවු කරයි හරි decision එකක් තෝරලා.

    ස්ට්‍රෙස්ස් අඩු කරන්න නම් දැන්ම ටිකක් රස්නේ වැඩියි. එකට ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ඕන.
    අර කිව්වා වගේ workout කරන්න යන්න.
    විටමින් C ටිකක් වැඩිපුර ගන්න.
    වැදගත් ගමනක් යන්න යනකොට, බස් එකකට නැග්ගම ට්‍රැෆික් නම් හෝ වාහනේ ඉක්මනට යන්න බැරි නම්, උපරිම වේගෙන් යන්න නම් තියෙන්නේ, එකට ගාටන එකට උබට කරන්න දෙයක් නැතිනම් උබ ආතල් එකේ ස්නැක් එකක් කකා ගමන ගියොත් ඊලගට කරන්න තියෙන දෙය decision එක නිවැරදි වෙන්න තියෙන chance එක වැඩියි උබ දාඩිය දාගෙන worry වේවි stress පිට ගිහින් ගන්න decision එකට වඩා. නමුත් කල්පනා කරපං හරියට.
    ඕනෑවට වඩා ස්ට්‍රෙස්ස් ගන්න එපා.
    workout කරොත් ගොඩක් උබේ ප්‍රශ්නේ ට රිලැක්ස් වෙලා හීට් එක බහිනකන් ටයිම් එකත් යනකන්, උබේ ලයිෆ් එක නතර වෙලා නැහැ ඉස්සරහට යනවා කියන ෆිලින් එක දැනෙයි.

    කොහොමත් වෙන කෙල්ලෙක් ගැන හිතන්න වෙනවා, one way or the other. ඒ නිසා ටයිම් එක යවල පොඩ්ඩක් ශේප් වෙන්න

    Welcome back to the market ;)

    Agreed , eth mokakda waradda adupaduwak thynwada kyla hoyala balanna ona, ekata solution ekak denna ona . naththm ayeth oya tikama thamai .

    Thamanta pena waradda newei aththatama waradda mokakda kyla hithala balanna. Minissu mokak hari unama thamanta therenne thaman hari anith kena waradi kyla. eka hari wennath puluwan waradi wennath puluwan .

    Reality eka therum aragnna , dawasen knk divorce wenna loku hethuwak thynna ona ne , ekata hethuwa hoyala balala adupadu hadagnna. waradi walin thamai api padam igena ganne .

    Good luck!
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    සහතික ඇත්ත මව්පියෝ හිතන්නේ ලමයි හැමදාම ලමයි කියල.
    මමත් බැන්ද අලුත අපේ අම්ම මාර විදියට වද දුන්නා වයිෆ්ට වයිෆ් මට කියන්නෙ නෑ කොලාහල ඇති වෙයි කියල බයට. අප්පච්චි අම්ම කියන දේ අන්තිමට ඔන පුකක් කරගනිල්ලා කියල මම ගේ හැදුව දැන් කිසි දෙයක් කියන්න එන්නෙ නෑ පුදුම නිදහසක්. අනික මම දැන් ඒ ගොල්ලෝ කියන දේවල් අහන්නෙමෙ නැති තරම්. මමත් උබලට කියන්නේ බදිනවනම් ගිහින් රෙන්ට් එකට හරි හිටපල්ලා ඒ මිනිස්සු කිසිම හේතුවක් නැතිව ප්‍රස්න ඇති කරනව. අපි දෙන්නම මව්පියෝ කියන දෙවල් ගනන් ගන්නෙත් නෑ අහන්නෙත් නෑ තරහ වෙන්න බෑරි නම් ඔන රෙද්දක් කියල ඉන්නව. ඒක හිතට මාර සැනසිල්ලක්

    Wenama geyak hadagena padinchi unama demaupiyo balagnne kauda? Mm danna godaak aya ehema innawa ammai thaththai thaniyama gedara innwa, lamai enne masa ganakata sarayak. eyala hulla hulla innwa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Wife thaniyen ariye ai ban? Ubeth waradi thiyenna athi. Kohomath wayasaka ganiyek bandama e ganige hithe guilty thiyena nisa nathi prashna awussala aran randuwak patan ganna thiyena chance wadi
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    santhosa weyan ban uba beruna kiyala. ohoma ahankara genu onema na ban.. ape ekith ohomai.



     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මචන්ලා මම බැඳපු ගමන් divorce වුන (). wedding එක දවසේ වෙච්ච සමහර සිද්ධි නිසා තමයි මේක මෙහම උනේ කියල ගෑණි කියන්නේ . මම ගෑනිට 25 සැරයක් විතර එන්න කිව්වා ඕවා අමතක කරලා. ඒ උනාට එකී අවේ නෑ . අන්තීමට මම case එක ෆිලේ කරා. case එක යන කාලෙදිත් මම call කරා එත් නො answer එකී ඒ කාලේදී හොඳට විඳවල තිබුණා. මගේ යාලුවෝ හම්බවෙලා මගේ ගෙදර් ගැන ඊම විස්තර අහල තිබුණා ඒ උනාට මට කියන්න එපා කියලත් තිබුණා. මම මේ සීන් එක දිවොර්චේ එක ඉවර වෙනකම්ම කාටවත් කිව්වේ නෑ. පස්සේ තමයි ඒ කාලේ අතරතුර වෙච්ච දේවල් දැන ගත්තේ. dan divorce එක ඉවරයි. දැන් මම suffer කරනවා . මම full presure එකක ඉන්නේ . මට මේකෙන් ගොඩ එන්න advice කරපල්ලා.

    mata-37
    ganita-40


    උඹේම ත්‍රෙඩ් එකක්. මේක බලපන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1808535