HuntsMan

Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මම අලුත් computer එකක් assemble කරා. machine එක on වෙනවා. ඒත් display එන්නෙනැ. ඇයි එහෙම වෙන්නෙ? i5 (4690k) 4th gen, z97-k motherboard, 8gb ram
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දන්නා කෙනෙක්ගෙන්වත් උත්තරයක් එනකන් bump එකක් දාගෙන යන්න :)
    .
    මගේ මැෂිමේ ඉස්සර වෙලා තිබ්බේ intel G41 desktop board එකක්... ඒක ගිය සතියේ පිච්චුනා. :no: :no::no: ඊට පස්සේ දැන් ඒකට දාපු board එකේ model number එක තියෙන්නේ Esonic G41 desktop board කියලා.
    දැන් මැෂිම ටිකක් ලොකු වැඩක් කරන කොටත් stuck වෙන්න ගන්නවා. මන් මේක පොඩ්ඩක් හොයල බලනකොට මොගේ මැෂිමේ Disk Usage එක 90%-100% වගේ මට්ටමක තියනවා කියල පෙන්නන්නේ... :baffled::baffled::baffled:

    URL]

    Hard disk එක samsung 500GB / SATA 3.0 එකක් :oo::oo::oo: transfer rate එකත් හොදටම බැහැලා... :oo::oo::oo: cpu එකේ HDD LED බල්බ් එකත් පත්තු වුනු ගමන්මයි තියෙන්නේ :( මේකට මොකක්ද අවුල වෙන්න ඇත්තේ. board එකේ කේස් එකක්ද? නැත්නම් සොෆ්ට්වෙයා වලින් වෙන දෙයක්ද මේක? පුළුවන් නම් ඔයාලගේ මැෂින් එකේ disk rate එකත් කොටාගෙනම යන්න මෙතන :) :yes:




    පිච්චුනා නම් ඊට කලින් UPS එකක් ගනින්, නැත්නම් ඕකත් පිච්චෙයි. ගොඩක් එවුන් UPS එකකට වියදම් කරන්න ලෝභයි නමුත් ඒකෙන් කරන සේවය ගොඩක් ලොකුයි. ගොඩක් වෙලාවට motherboards පිච්චෙන්නේ electricity overload එකක් වුනාමයි, voltage spike වුනාමයි ,මේ දෙකම UPS එකක් තියෙනකොට වැළකිලා System එක ආරක්ෂාකාරි වෙනවා, හිතපන් උබ ගන්නවා ලොකු ගෙයක් ,ඒකේ රත්තරන් පුරවනවා ඊට පස්සේ ඒක එහෙම්මම තියෙන්න අරිනවා මුරකාරයෙක් නැතුව, එතකොට මොකද වෙන්නේ, හොරු ඇවිත් උබගේ බඩු ගෙනියනවා නේ? ඒ වගේම තමයි මේකත් ලක්ෂ ගාණක් දීලා system එකක් හදලා ඔහේ තියෙනවා voltage එකේ ප්‍රශ්ණයකදි ආරක්ෂාවෙන්න ක්‍රමයක් නැතුව එතකොට වෙන්නේ අනතුරක් වුනගමන් system එකම පිච්චිලා යන එකයි. මතක තියාගන්න computer එකක් හදනකොට 3 phase multiplug එකකුයි, UPS එකකුයි දාගන්න.

    අනික් එක බලන්න නම් මචන් හොද screenshot එකක් දාපන් අපිට process පේන්නම.

    මෙන්න මේ වගේ screenshot එකක් දාපන් කෝ

    aO16ht5.png

    ...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ ?? :no: mehema karala 4n eken net yanna hadaganna hoda software ekak nadda :confused:



    Network වර්ග දෙකක් තියෙනවා Wifi වලදි, එකක් ad hoc අනික infrastructure. Android phones ගොඩක් වෙලාවට infrastructure විතරයි support.

    Wifi Adapter එකක් තියෙනවද hotspot feature (infrastructure ) එක support කරන?
    Windows 7 තියෙනවද?
    එහෙනම්. මෙහෙම කරන්න.

    Windows වල Service එකට ගිහින්
    Start -> Services
    WLAN Auto Config Enable කරන්න ,ඊට පස්සේ ඒක උඩ Right click කරලා -> Properties -> Startup type එකට Automatic දෙන්න.

    ඊට පස්සේ

    wifi card එකක් තිබ්බට මදි ඒක infrastructure mode එකට support කරන්න ඕනේ. එහෙම support ද කියලා බලන්න, මේක ගහන්න notepad එකේ

    netsh wlan show driver
    pause

    ඊට පස්සේ ඒක save කරන්න showDrivers.bat කියලා
    දැන් බලන්න driver එකක් පෙන්වනවාද කියලා, පෙන්වනවා නම් වැඩ නැත්නම් උබේ wifi card එක support නෑ.

    Support නම්..........

    Notepad එකේ මෙහෙම ගහන්න ,ගහලා WlanCreate.bat කියලා save කරන්න.
    (තව එකක් මචන්ලා මේ code ගහනකොට Admin Mode එකෙන් ගහන්න නැත්නම් වැඩ කරන එකක් නෑ.
    right click -> Run as admin)

    netsh wlan set hostednetwork mode=allow ssid=WifiName key=WifiPassword
    netsh wlan start hostednetwork
    netsh wlan show hostednetwork
    pause

    ඊට පස්සේ තව file එකක් හදන්න, WLanStart.bat කියලා ඊට පස්සේ ඒක save කරන්න, කරලා මෙහෙම ගහන්න.

    netsh wlan start hostednetwork
    pause

    ඊට පස්සේ උබට Wifi එකට connect වෙච්ච අයව බලාගන්න ඕනේ නම්. NetWorksShow.bat file එකක් හදලා පහළ තියෙන ඒවා ගහන්න.

    netsh wlan show hostednetwork
    pause

    ඊට පස්සේ මේවා Run කරන්න Double click කරලා.
    (තව එකක් මචන්ලා මේ code ගහනකොට Admin Mode එකෙන් ගහන්න නැත්නම් වැඩ කරන එකක් නෑ.
    right click -> Run as admin)

    ඊට පස්සේ


    Control Panel\Network and Internet\Network Connections
    එකට ගිහින් උබේ තියෙනවානේ "Local Area Connection" කියලා connection එකක් (wired connection එක) ඒක share කරන්න මේ පහළ විදියට.
    මේක share කරන කොට මතක ඇතුව share කරන්න "Microsoft Virtual Mini Wifi adapter" එකත් සමග ,අනෙක් Wifi adapter එක නෙවෙයි.

    දැන් Internet වැඩ කරයි.

    4kSz9m3.png


    ඊට පස්සේ Phone එකෙන් Wifi Hotspot එක search කරලා, උබ මේ හදපු network එකට කලින් දීපු password එක දෙන්න (මම දුන්නේ WifiPassword කියලා) ඊට පස්සේ connect වෙන්න

    Computer එක Restart කරොත් මතක ඇතුව ආයි මේ File එක Right Click -> run as admin විදියට run කරන්න.
    WLanStart.bat


    ikman එකේ තියෙනවා Wifi adapter රුපියල් 800
    http://ikman.lk/en/150mbps-usb-wifi-adapter-for-sale-colombo

    Netlimiter 4 දාගන්න 3 තියෙන්නේ නම්, මොකද 3 ත් එක්ක මේ ක්‍රමය වැඩ නෑ.

     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම අලුත් computer එකක් assemble කරා. machine එක on වෙනවා. ඒත් display එන්නෙනැ. ඇයි එහෙම වෙන්නෙ? i5 (4690k) 4th gen, z97-k motherboard, 8gb ram

    ඕක වෙන machine එකකට ගහලා බලන්න, එහෙම වැඩනම් graphic card එකේ ප්‍රශ්ණයක්, එහෙම නැත්නම් monitor එකේ ප්‍රශ්ණයක්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇතුලට වරෙල්ලකෝ බන් ඉස්සෙල්ලා......
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා,,,මගේ ලැප් එකේ බ්ලූටූත් එක පාරටම වැඩ කරන්නැතුව ගියා...ඊට පස්සෙ මම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න හදනකොට මෙහෙම එනවා බන්...

    4greoj.jpg





    ඊට පස්සෙ මම ට්‍රයි කරා Device Manager එකෙන් Drivers අප්ඩේට් කරන්න..එතකොට මෙහෙම එනවා....


    rk0z81.jpg




    ඊට පස්සෙ බ්ලූටූත් එක පෙන්නන්නෙත් නෑ බන්...:dull::dull::dull:පල්ලෙහා මෙන්න මෙහෙම වැටෙනවා.:growl::growl::growl:


    5xrhhi.jpg



    මේක හදා ගන්න හෙල්ප් එකක් දියල්ලකෝ මචන්ලා....


    දන්නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යමු...
    2.gif









    එකපාරටම වැඩ කරේ නැත්තේ උබ මොනවා හරි කරාද? මොනවා හරි software/drivers දැම්මට පස්සේද වැඩ කරන්නේ නැති වුනේ නැත්නම් computer එක on කරන කොට වැඩ කරන්නේ නැතුව තිබුනද? නැත්නම් browser එකෙන් java වගේ තියෙන site එහෙකට ගියාද? ගිහින් permission දුන්නද? ළගදි windows update වුනාද? මේ හැම එකටම නෑ නම්, එහෙම උබේ bluetooth device එකේ ලෙඩක්, එකකට හරි ඔව් නම් එහෙනම් මෙහෙම කරන්න.

    system restore කරන්න, start menu -> system restore

    55e6d542-0b53-4a5f-ab70-9ce8734e2bde_0.jpg


    ඊට පස්සේ ගොඩක් පරණ date එකක් select කරලා, restore. ඒක වැඩ නැත්නම් Admin account එකකට ගිහින් (computer එකේ) උබේ ඒක admin වෙන්න ඕනේ. ආයි intel driver එක දාන්න. දාන්න කලින් ccleaner වගේ දාලා files remove කරලා දාන්න එතකොට වැඩ කරයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mage PC eka safe mode on kerenna puluwan but normal bane :oo::oo::oo::frown::frown: mokakda case eka??
    normal load wela eka parata display eke pata pata iri yanawa me wage..

    photo.JPG

    ඕකට හේතුව මේකයි, safe mode ගියාම වින්ඩොස් එක යුස් කරන්නේ microsoft ලගේ display driver එක, නමුත් normal mode ගියාම use වෙන්නේ manufacturer ගේ display driver එක. manufacturer ගේ display driver එක දැම්මම ඔහොම එනවා නම් ඒ කියන්නේ උබේ graphic card එකේ ලෙඩක්. ඒක safe mode එකේ පෙන්වන්නේ නැත්තේ safe mode එකේ advanced features use වෙන්නේ නෑ graphic card එකේ. උබේ graphic card එකට බඩු හම්බ වෙලා.

    adoooo mage onbord tiyenne... drivers aith dammata hariyana ekak nadda?:oo::dull::confused:

    onboard නම් onboard chipset එකේ ප්‍රශ්ණයක්, අරූ කියපු එක කරලා බලන්න ඕනේ නම් නමුත් එහෙම කරාට හරියන්නේ නෑ, උබේ ලග UPS එකක් තියෙනවද? PSU එක හොද branded එකක්ද? 3 phase power plug එකක් තියෙනවද ගෙදර්? ගෙදර current එක earth කරලද තියෙන්නේ? එහෙම නැත්නම් ඒක තමයි ඕකට හේතුව, ලීක් කරන් වලින් මුලින්ම හනි වෙන්නේ motherboard එකටයි. ඒක නිසා මතක ඇතුව system එකක් හදන කොට UPS එකක් ගන්න, 3 phase power plug එකක් ගන්න, ගෙදර current එක earth කරන්න.

    එහෙම ඕන නෑ. manufacturer ගේ driver එක uninstall කරන්න එතකොට windows driver එක install වෙයි, ඒකේ advanced features නෑ නමුත් ඒකෙන් normal mode එකේ ඉන්න පුලුවන් වෙයි.
    ........
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිංහල Subtitle වැඩ කරන විදියට DVD write කරන්න පුළුවන් Software තියෙනවද?

    Movie එකකට සබ් දෙන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා, එකක් තමයි hard sub අනික තමයි soft sub.
    hard sub කියන්නේ මොකක්ද කියන්න කලින් movie එකක් හැදිලා තියෙන විදිය දැනගන්න ඕනේ, movie එකක් හැදිලා තියෙන්නේ frames ගොඩක් එකතු වෙලයි, frame එකක් කියන්නේ පින්තූරයකටයි. ඒ පින්තූර ගොඩක් තත්පරයකට යම් කිසි ප්‍රමාණයකට චලනය වෙලා තමයි අපිට movie එක පේන්න ගන්නේ. මෙන්න මේ වගේ
    FEATURE.gif

    මේකට තමයි කියන්නේ frames per seconds කියලා.

    hard sub වලදි වෙන්නේ මේ හැම frame එකකටම subtitles අමුනනවා (හරියට අපි photoshop වලදි පින්තූරයක් අරගෙන ඒකට text එකතු කරලා ඒක ආයි image එකක් විදියට save කරනවා වගේ, එහෙම save කරාම අර අකුරුත් පින්තූරයේම කොටසක් වෙනවානේ? ආයි අපිට ඒ අකුරු වෙන් කරලා ගන්න බෑ නේ?), එතකොට ඒක hard, හරියට ගලේ කොටනවා වගේ ආයි අයින් කරන්න බෑ. soft sub කියන්නේ මීට වඩා වෙනස් දෙයකටයි, soft sub එකක් එන්නේ වෙනමම file එකකයි හෝ movie එක mkv container format එකෙන් එනවා නම් ඒ file එක ඒක(mkv file එක) ඇතුලේම තියෙනවා, මේ file එකක format එක තමයි srt. අපි movie එකක් run වෙන්න දාලා යම් කිසි player එකකදි පස්සේ srt file එකක් add කරගත්තම, අර player එකෙන් කරන්නේ movie එකේ අදාළ frame එකට සාපේක්ෂ ලෙස sub එක දෙන එකයි එතකොට අපිට movie එකත් සමග subtitles පේන්න ගන්නවා. මේක නිසයි ගොඩක් dvd players වලට soft sub වැඩ කරන්නේ නැත්තේ මොකද ගොඩක් dvd players වලට හැකියාවක් නෑ මේ srt files read කරන්න, විශේෂයෙන්ම srt file එකේ language එක සිංහලෙන් වගේ තියෙන කොට (සිංහල කියන්නේ unicode ,ගොඩක් dvd players support කරන්නේ නෑ unicode fonts වලට)

    මේ tutorial එක follow කරන්න, ඒකේ ඔක්කොම තියෙනවා.
    https://chibimink.wordpress.com/2012/01/29/making-hardsub-hard-subtitle-with-virtualdub/
    ....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං පොඩි උදව්වක් ඕන.

    මචං මට දැනගන්න ඕන මදර්බෝර්ඩ් එකකට හරියන ප්‍රොසා හරියට හොයාගන්නෙ කියලා. නැත්නම් ප්‍රොසාට හරියන මදර්බෝර්ඩ් එක හරියටම හොයාගන්නෙ කොහොමද කියලා. හැම බෝර්ඩ් එකකටම හැම ප්‍රොසෙක්ම හරියන්නෙ නෑ නේද.

    තව මචං පීසීඅයි එක්ස්ප්‍රස් වීජීඒ ස්ලොට් එකක් තියෙන බෝර්ඩ් එකකට ඕනම පීසීඅයි එක්ස්ප්‍රස් වීජීඒ එකක් හරියනවා නේද.

    පොඩ්ඩක් මේ ගැන කියපන් මචං.




    ඔව් processor එකක් තෝරගන්න කලින් මුලින්ම motherboard එකක් තෝරගන්න එතකොට අවශ්‍යය කරන කෑළි ටික ගන්න ලේසියි, ඒ කිව්වේ RAM,graphic card, processor එක, sata hard disk, power supply etc... processor එකක තියෙනවා BUS speed එක කියලා එකක්, lithography කියලා එකක් ,socket model කියලා එකක්. ඒ තුනම ගැලපෙනවා නම් ඒ processor එක ඒ motherboard එකේ use කරන්න පුලුවන්. rated fsb (front side bus) එක කිව්වේ 800MHz,1066MHzm, 1333MHz වගේ,Intel processors වල bus speed එක quad pump නිසා මේක 4 බෙදුවම හරි bus speed එක ගන්න පුලුවන්.
    එතකොට 800 නම් 200, 1066 නම් 266, 1333 නම් 333 වගේ. lithography කිව්වේ processor එකේ තියෙන transistors දෙකක් අතර ඇති දුරටයි, ඒක අඩුවෙන්න අඩු වෙන්න performance එක වැඩියි ,දැන් කාලේ ගොඩක් use වෙන්නේ 65nm,45nm, 32nm,22nm ඉස්සරහට 14nm එනවා. ඉතින් මේ ප්‍රමාණයේ processor එකකට motherboard එක support ද කියලා බලන්නත් ඕනේ. socket model කිව්වේ processor එකේ socket එකේ model number එකයි, ඒක LGA 775,1550,1555 වගේ තියෙනවා. 4th generation එකේ Hashwell එකට use වෙන්නේ 1550 socket එකයි, ඉතින් 4th gen processor එකක් ගන්නවා නම් ,motherboard එකේ socket model එක අනිවාර්යෙන්ම LGA 1550 විය යුතුයි. එතකොට sandy bridge/ivy bridge වගේ 2,3 gen ඒවා use කරන්නේ LGA 1155 socket එක.

    හරියනවා මොකද PCI-E specification එකෙන් backward compatibility එකට සහාය දක්වන නිසා, ඒ කිව්වේ PCI-E 3 graphic card එකක්, PCI-E 1.1 motherboard එකකට ගහන්න පුලුවන් නමුත් එතකොට overall speed එක 1.1 speed එකෙන් එන්නේ. ඉතින් full performance එක ඕනේ නම් motherboard එකෙයි, graphic card එකෙයි දෙකේම PCI-E version සමාන විය යුතුයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට හොද වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයා එකක් ඕනේ.. ලස්සන ඉෆේක්ට් එහෙම තියෙන එකක්.
    හැබැයි ප්‍රීමියර් වගේ සංකීර්ණ ඒවා වෙන්න බෑ..
    ටොරන්ට් ලිංකුවක් ලබා ගත හැකි නං බොහෝ පිං
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට හොද වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයා එකක් ඕනේ.. ලස්සන ඉෆේක්ට් එහෙම තියෙන එකක්.
    හැබැයි ප්‍රීමියර් වගේ සංකීර්ණ ඒවා වෙන්න බෑ..
    ටොරන්ට් ලිංකුවක් ලබා ගත හැකි නං බොහෝ පිං

    Camtasia
    https://kickass.to/camtasia-studio-v8-4-4-incl-keygen-tsz-t9865747.html
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මගේ මැලේසියන් පේපැල් එක ලිම්ට් වුනා. ලිමිට් එක අයින් කර ගන්න උදව්වක් දෙනවද?

    Photo ID and Address Proof ඉල්ලලා තියෙනවා මොකද දැන් කරන්නේ. Fake ඒවා හදාගන්නත් ටෙම්ප්ලේට් හම්බවුනේ නෑ. හදලා හිරේ යන්න වෙයිදත් දන්නෑ :shocked:

    පේපැල් එකේ සල්ලිත් ටිකක් තියෙනවා. Fiverr එකෙන් කට්ට කාලා හොයාගන්න ටික. ඒකටත් කෙල කරානේ මුන් ටික. :angry:

    http://www.elakiri.com/forum/showthread.php?p=18327491#post18327491

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගේ මැලේසියන් පේපැල් එක ලිම්ට් වුනා. ලිමිට් එක අයින් කර ගන්න උදව්වක් දෙනවද?

    Photo ID and Address Proof ඉල්ලලා තියෙනවා මොකද දැන් කරන්නේ. Fake ඒවා හදාගන්නත් ටෙම්ප්ලේට් හම්බවුනේ නෑ. හදලා හිරේ යන්න වෙයිදත් දන්නෑ :shocked:

    පේපැල් එකේ සල්ලිත් ටිකක් තියෙනවා. Fiverr එකෙන් කට්ට කාලා හොයාගන්න ටික. ඒකටත් කෙල කරානේ මුන් ටික. :angry:

    http://www.elakiri.com/forum/showthread.php?p=18327491#post18327491


    ගෙදර බිල් දෙකක් යවන්න (scan කරලා), ID එකේ copy එකක් යවන්න.
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මචන් DDR2 2GB Dekstop Ram එකක් අඩුව ගන්න තැනක් කියපකො
    Colombo අවට
    Neo View එකේ 3250 වෙනවනේ
     

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    මතෘ කාව- නිල්දත් (බ්ලුටූත් )
    ප්‍රශ්නනය- මගේ ලැප් එකේ නිල් දත් වලින් ජංගම දුරකතනයට සම්බන්ද වෙන්න බැ?
    wifi conect වෙලා තමයි නෙට් එන්නේ.
    නිල් දත් key board & mouse බාවිතා කරන්නේ.
    වින්ඩ් 7 64 bit දාල තියන්නේ.
    device seach කලට පෙන්නනේ නැ