එහෙමනම් DIMM socket එකේ ලෙඩක් වෙන්න ඕනේ, එක වැඩකරන RAM එකක් අරගෙන ඒක socket දෙකටම ගහලා බලන්න වැඩද කියලා, එතකොටත් ලෙඩේ එනවා නම් motherboard එකේ DIMM socket එකේ ලෙඩක් (DIMM socket කියන්නේ RAM slot ඒකටයි)
එහෙම නැත්නම් මේ software එක දාලා RAM දෙකම bechmark කරන්න
http://www.memtest86.com/
එතකොට RAM වල ප්‍රශ්ණයක් තියෙනවා නම් පෙන්වයි.
අනෙක් එක. මතක ඇතුව RAM එකක් ගන්න කොට RAM දෙකේම frequencies සමාන වෙන්න ගන්න. ඒ කිව්වේ 800MHz නම් එකක ,අනෙක් එකෙත් frequency එක 800MHz වෙන්න ඕනේ, 1033MHz නම් දෙකේම එකම අගය වෙන්න ඔනේ එතකොට sure එකට හොදට වැඩ කරනවා.
අනෙක් එක BIOS වල settings ප්‍රශ්ණයක් නම් ඔහොම වෙන්න පුලුවන් (memory timing අවුල් ගියාමත් ඔහොම වෙන්න පුලුවන්), ඒකට හොදම වැඩේ
motherbord එකේ බැටරි එක ගලවලා විනාඩියක් වගේ එළියේ තියලා, ආයි ගහන්න, නැත්නම් motherboard එකේ ඇති BIOS reset කරන pin socket එකක්, ඒකේ pin 3ක් තියෙනවා. (ඒක බොහෝම පොඩියි නමුත් motherboard manual එක බැලුවොත් හොයාගන්න පුලුවන්)
මේකේ පොඩි plug එකක් ගහලා තියෙන්නේ පින් 2කකට, අනෙක් පින් 2කට ඒක ගැහුව ගමන් BIOS reset වෙනවා නමුත් ආයි original position එකට pin එක ගහන්න නැත්නම් computer එක start වෙන්නේ නෑ (මටත් මේක වුනා) ඒ වගේම CMOS වලට ගිහින් (DEL ඔබලා computer එක start වෙනකොට) Load Optimized default දාන්න එතකොට settings optimized level එකට එනවා.
අනෙක් එක, OS එකේ ලෙඩක්ද කියලා බලන්න, මේකට ක්‍රම 2ක් තියෙනවා.
එකක් desktop එකට ඇවිත්
admin හැටියට command prompt එක අරගෙන (start menu එකෙන් ගන්න)
chkdsk /f ගහන්න ඊට පස්සේ restart කරන්න.
අනෙක් එක. windows repair කරන්න, ඒකට Windows load වෙනකොට F8 ඔබලා menu එකට ගිහින් repair windows ඔබන්න ඕනේ.
අනෙක් එක Virus ප්‍රශ්ණයක්ද බලන්න, ඒකට Malwarebyte වගේ anti virus guard එකක් දාලා full system scan එකක් දෙන්න ඕනේ.
thanks machan, කරල බලමු. මෙකෙන් නොදන්න ගොඩල් දෙවල් ඉගෙන ගන්න පුලුවන්. හැමොටම වැදගත්.
) ඒ වගේම CMOS වලට ගිහින් (DEL ඔබලා computer එක start වෙනකොට) Load Optimized default දාන්න එතකොට settings optimized level එකට එනවා. 

අනෙක් අයත් තමන් දන්න ඒවා දාන එක ලොකු උදව්වක්.


