Teminator ෆිල්ම් පැහැදිලි කිරීම

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    726
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Teminator ෆිල්ම් පැහැදිලි කිරීම

    මචන්ලා මන් මේ අද කියන්න යන්නේ Terminator ෆිල්ම් සිරිස් එක ගැන. :eek:මේක හෙන අවුලක්. ලගදි ආව Geniys ෆිල්ම් එක බලලා තමා ආසාව ආවේ ඔක්කොම බලන්න.:yes:
    මොකද Terminator2 විතරයි බලල තිබ්බේ. එකත් ඉතින් 2005 වගේ තමා. CD player එකක් ගත්ත අලුත මුලින්ම ගෙනාව ෆිල්ම් එක. හෙහෙ :P:P

    මේ තියෙන්නේ ලින්ක් ටික. මුලින්ම බලල ඉන්න ෆිල්ම් ටික පිළිවෙලට. :eek:

    T1 : http://hdmovie14.net/watch/the-terminator-1984/fullmovie-putlocker-megashare9.html ( IDM එකෙන් බාලා බලන්න පුළුවන් )

    T2 : http://hdmovie14.net/watch/terminator-2-judgment-day-1991/fullmovie-putlocker-megashare9.html

    T3 : http://putlocker.ms/watch-terminator-3-rise-of-the-machines-online-free-2003-putlocker.html

    Salvation : http://putlocker.ms/watch-terminator-salvation-online-free-2009-putlocker.html

    Genisys : http://www.mkvtube.com/terminator-genisys-2015-mkv-480p-hdrip-500mb-mt/ (නැත්තම් හෝල් එකට දුවලා ගිහින් බලලා එන්න :nerd:)



    terminator-genisys-arnold-posters.jpg


    ආරම්භය :මේකයි සින් එක. මේක තනිකර ලුප් එකක් යන එකක්. මුලින්ම ආවේ කිකිලිද බිත්තරේද වගේ එකක්. :baffled::baffled:මේකේ ඇත්තටම තේරෙන්නේ නැති කෑලි ගොඩක් තියෙනවා.:growl::growl:

    1995 දී Skynet කියලා එකක් තියෙනවා. මේක හදන්නේ මිනිස්සු එත් මේක මිනිස්සු නෙවේ පාලනය කරන්නේ. ඔක්කොම මැෂින්. රොබෝවරු. මිනිස්සු ඇත්තටම කරන්නේ තමන්ගේ
    වැඩ පහසු කරන්න කෘතීම බුද්ධි තියෙන CPU develop කරනවා. අන්තිමට ඒ කෘතීම බුද්ධි හිතනවා උන්ගේ පැවැත්මට ලොකුම බාධාව මිනිස්සු කියලා. ඒ හින්ද Skynet එක
    මිනිස්සු මරන්න ගොඩක් දේවල් කරනවා. 1997 අගෝස්තු 27, Skynet එක ලොකු ප්‍රහාරයක් මිනිස්සුන්ට එල්ල කරනවා. මේකට කියන්නේ 1st Judgement Day එක කියලා.
    මේකෙන් බිලියන 3ක් මිනිස්සු මැරෙනවා. මේකෙන් බේරෙන මිනිස්සු Resistance කියලා එකක් හදා ගන්නවා. එකේ නායකයා John Connor කියලා එකෙක්. 2029 දී Skynet එක
    තීරණය කරනවා time machine එකකින් Terminator T-800 කියන මිනිස් රුපයට සමාන එකෙක්ව 1984ට යවන්න John Connor ගේ අම්මව මරන්න. ඒ කියන්නේ Sarah
    Connor ව. ( T-800 Terminator was Skynet's first cybernetic organism, with living tissue over a hyperalloy endoskeleton.සිංහලෙන් කියන්න තේරෙන්නේ නැතෝ )
    2029 දීම John Connor , Kyle Reese කියලා (John ට වඩා තරුණයි) එකෙක්ව 1984 එවනවා Sarah Connor ව බේරන්න.





    Terminator (ආවේ 1984)

    මේකේ කතා කරන්නේ 1984 කාලේ ගැන.
    මේ කාලෙට T-800 (නපුරු එකා) එනවා Sarah ව මරන්න. Kyle Reese එනවා Sarah ව බේරන්න. අන්තිමට Sarahයි Kyle කාරයයි love කරනවා. කරලා බබෙක් හදනවා. (හදන්නේ කොහොමද කියල අහන්න එපා ඉතින්:P:P)
    කොහොමහරි අන්තිමට Kyle, Sarah ව බේරලා T-800 මරනවා. Kyle මැරෙනවා මේකෙදි.
    Skynet උත්සාහය අසාර්ථකයි.


    Terminator: The Judgment Day (ආවේ 1991)

    මේකේ කතා කරන්නේ 1995 කාලේ ගැන. Cyberdyne කියලා සමාගමක් කලින් ආව T-800 අතක් හා CPU එක හොයාගෙන එවේ තාක්ෂනයෙන් Skynet කියලා එකක් හදනවා. ඒ කාලේදී Sarah ගෙයි Kyle ගේ බබා John Connorට අවුරුදු 10යි.
    2029 න් Skynet T-1000 රොබෝව එවනවා Johnව මරන්න. (living tissue over a metallic endoskeleton, the T-1000 is entirely made of a liquid metal called "mimetic polyalloy",
    meaning it can reform into any shape it touches of the approximate size. )
    2029 john T-800 රොබෝවෙක් හොයන් ඌව re-program කරනවා හොද මිනිහෙක් විදියට 1995 ගිහින් john ව බේරන්න.
    T-800 හොද එකා T-1000 මරනවා. Cyberdyne එක විනාස කරල Terminator අතයි , CPU එකයි විනාස කරනවා. 1997 Judgment day එක වැළකෙනවා.
    T-800 හොද එකත් මැරෙනවා අන්තිමට.


    Terminator: Rise of the machines
    (ආවේ 2003)

    කතා කරන්නේ 2004 කාලේ ගැන.
    Sarah, Acute myeloid leukemia කින් 1997 මැරෙනවා කියලා මේකෙදි John කියනවා. මේකෙදි කතා කරන්නේ John Connor ගැනයි Kate Brewster කියලා කෙල්ලෙක්
    ගැනයි. මේකෙදි T-850 කියලා re-program කරපු රොබෝව 2032 ඉදල එවන්නේ Kate Brewster. මොකද 2032 දී John , T-850 අතින් මැරෙනවාලු.
    2004ට Kate එවපු T-850ගේ task එක තමා තරුණ John වයි Kate වයි බේරන එක. උන් දෙන්නව මරන්න 2032 ඉදල Terminator TX කියන කෙලි ටෙර්මිනේටර් 2004ට එනවා.
    (TX ට බාහිර එලෙක්ට්‍රොනික් item පාලනය කිරීමේ හැකියාව තියෙනවා.)
    USAF එක Skynet එක redevelop කරනවා.
    අන්තිමට T-850 , TX මරනවා. T-850ත් මැරෙනවා.
    Kate හා John බේරෙනවා.
    එත් 2nd Judgement Day එක 2004දී වෙනවා. මිනිස්සු මැරෙනවා.


    Terminator: Salvation
    (ආවේ 2009 )

    මේකේ කතා කරන්නේ 2003යි 2018 ගැනයි. මේකෙදි Marcus කියලා අපරාධකාරයෙක්ව අමුතු විදියට මරනවා. (මරනවා වගේ එකක්) ඌ එකපාරටම 2018 නැගිටිනවා.
    උට Kyle Reese කියලා පොඩි කොල්ලෙක් හම්බෙනවා. කොහොමහරි Skynet එකෙන් Kyle වයි තව මිනිස්සු ටිකකුයි උස්සනවා මිනිස්සු වගේ පෙන රෝබෝලව හදන්න. (2018 දී T-800 හදලා නෑ. T-600 විතරයි ඉන්නේ)
    Human Resistance එකෙන් Skynet එකට පහර දෙන්න හදනවා. ඒක John කල් දාන්න කියලා මිනිස්සුන්වයි Kyle වයි බේර ගන්නවා. John එතකොටත් දන්නවා උගේ තාත්තා Kyle කියන පොඩි එකා කියලා.
    මිනිස්සුන්ව බේරන්න Marcus උදව් කරනවා.


    Terminator: Genisys
    (ආවේ 2015)

    මේකෙදි තනිකරම කලින් ෆිල්ම් වල වෙච්ච සිද්දි ටික මකලා දානවා. කතා කරන කාලේ 1973 , 1984, 2014, 2017

    දෙවෙනි T-1000 Skynet එකෙන් 1973 යවනවා Sarah Connor ව පොඩි කාලෙදිම මරල දාන්න 2029 ඉදන්. ඒ කාලෙදිම T-800 කියන හොද එකාවත් 1973 යවනවා Sarah ව බේර ගන්න. යවන්නේ කව්ද කියලා දන්නේ නෑ.
    මොකද 1973 ට එන terminator ගේ මතකෙන් එයාව හැදුවේ කව්ද කියලා, එයාගේ මතකෙන් erase කරලා.
    Sarah මුට ලස්සන නමක් දානව Pops කියලා.
    ඊට පස්සේ එහෙම්මම 1984ට කාලය ගෙවෙනවා.
    John, Kyleව එවනවා 1984 ට.( Time machine එක ඇතුලේ ඉද්දි Kyleට පේනවා Skynet එකෙන් ආව එකෙක් Johnව මරන්න වගේ යනවා). කොහොමහරි Kyle 1984ට එනවා.
    ඊට පස්සේ Kyle හා Sarah එකතු වෙලා 1984 දී අනාගතේ තාක්ෂනයෙන් හදන time machine එකකින් 2017ට යනවා .
    ඒ අස්සේ 2029 දී Johnට , Skynet එකෙන් attack කරන නිසා ඌත් Skynet උන්ගේ පැත්තට යනවා. Skynet එකෙන් Johnව අමුතුම මිනිස්-රොබෝ කෙනෙක් කරනවා.
    ඊට පස්සේ නරක John 2014ට time machine එකකින් එනවා.
    ඊට පස්සේ උට 2017 දී 1984 ඉදන් ආව Kyle වයි Sarahවයි හම්බෙනවා.
    ඊට පස්සේ 1973 ඉදන් ජිවත් උන වයසක T-800 (Pops) එනවා මුන් දෙන්න හම්බෙන්න.
    Skynet එක මුළු ලෝකෙම අතට ගන්න හදන්නේ 2017 දී Genisys කියලා online system එකක් හදලා.
    ඊට පස්සේ අර වයසක Pops , John Connorව මරනවා.
    මරණවත් එක්කම Cyberdyne එක විනාස වෙනවා.
    Genisys කියන System එකට online එන්න වෙන්නේ නෑ Cyberdyne විනාස වෙන නිසා.
    එත් Genisys විනාස වෙන්නේ නෑ.
    Kyle හා Sarah ආපහු love කරනවා.:love::love:
    Kyleට උගේම පොඩි කාලේ එකාව 2017 දී හම්බෙනව අන්තිමට.

    Genisys කියන එක විනාස වෙලා නෑ කියන එක ෆිල්ම් එක ඉවර වෙලා යන කෑල්ලෙන් ඔප්පු වෙනවා. (Cast එකට පස්සේ යන්නේ මේ කැල්ල)
    මේ image එකේ තියන්නේ ඒක. (ඒ කියන්නේ අලුත් Terminator ෆිල්ම් එකක් එයි තව ටික කාලෙකින්)

    T%20genisys%20after%20cast.png








    මේ තියෙන්නේ Terminator Timeline එක.


    TerminatorTimelineV2_zpsccakgjoz.jpg




    For Arnold Schwarzenegger :yes::D

    mezomorfik.jpg


    2015 ෆිල්ම් එකේ තරුණ T-800 ඉන්නේ Brett Azar කියල කෙනෙක්:shocked::shocked:
    terminator-590x330.jpg


    මන් මේ සේරම මන් තේරුම් ගත්ත විදියට කියල දුන්නේ. මටත් තේරෙන්නේ නැති කෑලි තියෙනවා ඉතින්. Terminator ගැන සුපිරියට දන්නා අයත් ඉන්නවනේ කිරියේ.
    1984 දී පලවෙනි ෆිල්ම් එක ආව ගමන් බලපු අයත් ඇති.:dull::dull: අඩුපාඩු තියෙනවානම් ඒවත් කියල යන්න. හොදයි නම් ඉතින් සලකල යන්න. දැක්කේ නැති අයට බලන්න bump එකකුත් දාගෙනම යන්න ඉතින්. :):):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,666
    1,058
    113
    පට්ටම විස්තරයක් මචන්. අම්බානක ස්තූතියි මහන්සිවෙලා ලිව්වට.:D
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,653
    5,131
    113
    අපේ ගෙදර
    අලුත් එකත් ගත්තා. තාම බලන්න බැරි උනා.
    ස්තුතියි විස්තරේට.
    20+
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,464
    2,666
    113
    AKL, NZ and Kandy
    ටර්මිනේටර් කතාව හදපු ජේම්ස් කැමරොන් ඕක හදලා තියෙන්නේ කවදාවත් ඉවර වෙන කතාවක් විදියට නෙමේ. ආනගතෙන් වර්ත්මානෙට එක්කෝ ඉතිහාසෙට ගිහින් ආයේ වෙනස් කරනවා ස්කයි නෙට් ආයේ වෙනස් කරනවා කතාව ඇදගෙන යනවා. අලුත් එකත් හොඳයි හැබැයි සැල්වේෂන් තමයි මට අල්ලලාම ගිය එක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,691
    18,822
    113
    Gotland
    ටර්මිනේටර් රයිස් ඔෆ් දි මැෂින්ස් 2003 ආවේ. බැලුවේ 2004 දී. කිව්ව වගේම 2004 දි ජජ්මන්ට් ඩේ ඒක උනා December 26 Tsunami.
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    අම්මටසිරි,
    මෙච්චර සීන් එකක් තියෙනවද,
    ආපහු මුල ඉදලා බලන්න වෙනවා.
    TFS 7+
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    පට්ට. තේරුණා ටිකක්. මේ ටික බලන්න පට්ට ආසාවක් ආව බං