අලුතින් පේන්ට් කරලනං පොඩි අවුලක් තියෙනව. දිරුම් හදන්නෙ නැතුව කැඩ්ලොයි පුරවල වහල උඩින් පේන්ට් කරල තියෙන්න පුලුවන්.
බොඩියට තට්ටු කරල බොල් සද්ද එනවද බලන්න.
වින්ඩ් ස්ක්‍රීන් එකට වතුර බාල්දියක් ගහල ඩෑශ් බෝඩ් එකට යටින් වතුර එනවද බලන්න.
වාහනේ යට රිංගල ෆ්ලෝ බෝඩ් තත්වය අනිවා බලන්න.
පුලුවන්නං බීඩින් එහා මෙහා කරල මළකඩ තියෙනවද බලන්න
ට්‍රයල් යන කොට හැම ගියර් එකකම සාමාන්‍ය ඒකාකාර වේගෙකින් ගිහින් බලන්න ගියර් පනිනවද කියල.
ඕවර් රේස් කරලත් පැදල බලන්න හීට් කරනවද කියල,
රේඩියේටරේ ඇරල ස්ටාට් කරල රේස්කරල බලන්න වතුර බුබුලු එනවද කියල,
රේඩියේටර් මූඩියෙ, ඔයිල් මූඩියෙ යට පැත්තෙ කස්ටඩ් ක්‍රීම්, වටලප්පං වගේ තියෙනවද බලන්න

ඔයිල් මූඩිය ඇරල ඔයිල් වාශ්ප එනවද බලන්න (ඒකනං ඉතිං ඔය වයසෙ වාහනේක සාමාන්‍ය දෙයක්)
වතුර නැතුව කූලන්ට් එහෙම දාල තියෙනවනං, ac කරල තියෙනවනං හීට් කරනවද කියල ටිකක් විශේෂයෙන් බලන්න .
ඊට අමතරව ඉතිං වාහනේ පැත්තට අදිනවද, එන්ජින් බේ එකේ, චැසි බාර්වල ඇද කුද තියෙනවද, පොත ඔර්ජිනල්ද වගේ දේවල් බලන්න.
රෙපෙයාර් නැති පරණ වාහන හොයන්න අමාරුයි. ගත්තට පස්සෙ මොකක් හරි සෙට් වෙනව. ඒ හින්ද ගත්ත ගමං මොඩිෆයි කරන්න වගේ දේ වලට යන්නෙ නැතුව සල්ලි ටිකකුත් අතේ තියාගන්න.
මේ මගේ අත්දැකීම,
https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/