හැබැයි ඇත්තටම මේක නීතියක් විදියට ගෙනාවත් ලංකාවෙ ISPල කොහොම මේකට රිඇක්ට් කරයිද දන්නෙ නෑ. මේක ගොඩක් දිග කතාවක්. ලංකාවෙ තියෙන මාෆිය අතරේ ප්‍රධානම මාෆියාවක් තමයි ඩේට මාෆියාව. මුං ඩේට අසාධාරණ ගණං වලට විකුණල මිනිස්සුන්ගෙ හොඳට හොයනව. ටෙලිකම් වගේ කම්පැනි බිලියන ගනන් ප්‍රොෆිට් හොයනව අන්තිමේදි. මෙහෙම හූරගෙන කෑවොත් එහෙම හම්බවෙන්න ඕන නේ.
ඔය සිද්දිය තේරෙන්නෙ නැත්නම් ඔයාලටම තාර්කිකව හිතුවොත් තේරුම් ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් SLT එකේ 1GB Data රුපියල් 100ක් පැනල. ඒත් ZOOM එකට දෙනව 30GB රුපියල් 195ට. එතකොට හිතාගන්න පුලුවන් මුංගෙ මාෆියාවෙ තරම.
හැබැයි ඔය තරම් ඉල්ලමක් වගේ තියෙන ඩේට මාෆියාව එක සැරේ නතර කරගන්න තරම් ISPල මෝඩවෙයි කියල මම හිතන්නෙ නෑ. තව ටිකක් මිනිස්සුන්ව වටේ යවයි. කොහොමත් TRCSL එක ජනතාවගෙ පැත්තෙ නෙමෙයි ඉන්නෙ ඉන්ටර්නෙට් කම්පැනි ටික පෝෂණය කරන්න බැඳිල ඉන්නෙ එයාලත්.