water based paint for wood furniture

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වෝටර්බේස් නොකර මෙන්න මේ වගේ පාට සොලිඩ් ලුක් එකක් එන්න පේන්ට් කරන්නෙ කොහොමද බං..? අලුතෙන් දාපු දොර ජනෙල් වලට කරන්න කියලා බැලුවේ. පිටටදීලා කරනවට වඩා හෙමීට අපිම කරගන්න කියල බැලුවේ.
    125381698_1594729190707283_3204481968516784072_o.jpg


    87044438_205149410854348_704765242344734720_n.jpg
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    කට්ටක් කන්න වෙනවා මචන්. වාර්නිෂ් ලැකර් තිබුනොත් ස්ටේන් එක අල්ලන්නේ නෑ.

    1. ග්‍රන්ඩර් එකෙන් ගහනකොට වැලි කොලේ ගම් එකක් වගේ එනවා -

    a)_ මචන් උඹ use කරපු ගේජ් එක මොකක්ද? සාමාන්‍යයෙන් 60 ඉඳන් පටන් ගනින්, ග්‍රන්ඩර් එකට හැබැයි ඇත හුරු වෙන්න ඕනි. නැත්තම් කපල යනවා අලි වලවල් හැදෙන්න. පිළිවෙලට පලයන් 60>80>100>120. ඩිස්ක් 4ක් තියාගනින් වෙන වෙනම. 60,80 වගේ පාවිච්චි කරද්දී අත බර කරලා අල්ලන්න එපා. slightly grinder එක අල්ලපන්. එක දිගට අල්ලාගෙන ඉන්න එපා කොලේ ගිනියම් වෙනකම්, එතකොට තමයි වැලිකොලේ paint ඇලෙන්න ගන්නේ. මතක තියාගනින් කලබල වෙලා remove කරන්න බෑ, ඉවසීම තියෙන්න ඕනි.

    b)_ grinder කරලා ඉවර උනාම මතක ඇතුව putty දාන්න ඕනි places වලට දාපන්, jat තමා සාමාන්‍යයෙන් ගන්නේ, උඹේ stain color එකට අනුව wood putty ගනින් (තේක්ක,මහෝගිනි, කොස්, වොල්නට් etc )...

    c)_ putty වේලෙන්න තියල(අව්වේ තියන්න එපා) ඊළඟට sander එක පාවිච්චි කරපන්

    d)_ඊළඟට sander එක පාවිච්චි කරපන් මතුපිට ගොඩක් හොඳ finishing එකක් ගන්න, එකට 150 හෝ 180 කොළ ගනින්, හැබැයි ලීය ගොඩක් තද එකක් නම් 150 වගේ බොහෝ දුරට ඇතිවෙයි. එතනදිත් ඕනෙවට වඩා බර දෙන්න එපා sander එකට. උඹ හරියට කලොත් අලුත්ම වගේ පට්ට finishing එකක් ගන්න පුළුවන්. හැබැයි කලබල වෙන්න නම් එපා...

    2. paint remover liquid නම් තියනවා ලැකර් යවන්න, සමහර විට වාර්නිෂ්තුත් යනවා. හැබැයි මචන් මම නම් දන්නා එකෙකුට කියන්නේ නෑ ඒවා පාවිච්චි කරන්න කියල. මොකද සමහර වෙලාවට ලීයේ පැල්ලම් හිටිනවා.

    3. ලැකර් යවන්න ඕනි නම් heat gun එකක් පාවිච්චි කරන්න පුළුවන්. එත් උඹට finishing එක ගන්න sanding කරන්නම වෙනවා.

    මම නම් හිතන්නේ හොඳම grinder & sander use කරන එක. මතක තියාගනින් පට්ටම් එහෙම grinder කරනකොට වැඩිය අල්ලන්න එපා. නැත්තම් ජනේලයක් උනත් වැහුවම හිදැස් පෙන්න පුළුවන්. උඹට තේරෙනවනේ කියන දේ. අනිත් එක මචෝ sayerlak පාවිච්චි කරපන්. පොඩි වාසිය බලන්න එපා. අත්දැකීමෙන් කියන්නේ...ඒ finishing එක වගේම කල් පැවැත්ම අනිත් එවල තියනව කියල නම් හිතන්න එපා.

    පරිස්සමට වැඩේ කරපන් :yes: :yes: :yes:, ජය!!!
    ස්තුතියි යාලුවා ........... හෙට වැඩක් කරන්න හිතාගෙන ඉන්නෙ නියම උපදෙස් ටිකක් ලැබුනා........ සැහෙන්න වටිනවා මට