You spoke to your CRUSH for the first time. Share your experience.

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මටත් ඔහොම සීන් එකක් මතකයි..... මම ඒලෙවල් වලට අවුරුද්දකට කලින්... ඒ අක්ක ඒලෙවල් කරන අවුරුද්දෙ.... මායි යාලුවෙකුයි බස් එකට නගින්න ඉද්දි එයා ආව..... පලවෙනියට දැක්කෙත් එදා.... මගෙ යාලුව එයාව දන්නව..... ඌ කතා කරා.. මන් ගියෙ නෑ එතනට...... ඊලග සතියෙත් ඒ දවසෙම ඒකි ආව..... එදා යාලුව නෑ...... ඒකි ලගටම සෙට් වෙන විදිහට ප්ලෑන් කරල බස් එකට නැග්ග.... ටික දුරක් යනකන් කිසි කතාවක් නෑ...... ඊට පස්සෙ මන් ඇහුව එක පාරටම අක්ක මේ පාරද ඒලෙවල් කියල (දැන දැනම :P).... කටහඩත් ටිකක් වෙව්ලනව වගේ තේරුන.... පට්ට බයෙන් ඇහුවෙ... ඒකි කිසි අවුලක් නැතුව හිනා වෙලා ඔව් මල්ලි.. ඔයා ලබන පාරද ඇහුව..:love: ඒ අක්ක මන් හිතුවටත් වඩා මාර හොදයි.... පට්ට ලස්සනයි..... අන්තිමට බහින්න කිට්ටු වෙද්දි මං කිසි ගානක් නැතුව ඔහේ හිතන්නෙවත් නැතුව ගොනා වගේ කියවනව මුලින් බය උනාට..... :D....ඊට පස්සෙ දාස් දෙකතුනක් ඈතින් දැක්ක.... කතා කරන්න බැරි උනා..... ලගදිනම් දැක්කෙ නෑ.....:(
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    මම ලව් කරපු කෙල්ලට phone එකක් තිබුණේ නැහැ.කට්ට කාල ගෙදර නම්බර් එක හොයගත්ත.හරියටම මගෙ උපන්දිනේ දවස එනකම් ඉවසන් ඉදල ඉදල ඒ දවසේ කෝල් එකක් ගත්ත.පට්ට ලස්සන වොයිස් එකකින් "හෙලෝ":love: කිව්ව.පපුවත් ගැහෙනව.බොහොම අමාරුවෙන් ට්‍රයි කරල "මම ඔයාට ගොඩක් අදරෙයි":love::love: කියලත් කිව්ව.ඒකි හා කියලත් කිව්ව:yes:.මම ඉතින් බය නිසාම phone එක කට් කරා.පහුවදා ඉස්කොලෙදි කෙල්ලගෙ තාත්ත මාව හොයාගෙන ආව.:no::no:එකිගේ තාත්ත මට සිංහල උගන්නන සර්.සර් තමයි මට කිව්වේ මම කලින් දවසේ ආදරෙයි කියල තියෙන්නේ කෙල්ලට නෙවෙයි ඒකිගේ නැන්දට ලු.:baffled::baffled:මාව මුළු ඉස්කෝලෙම නෝන්ඩි:P.
     
    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    O/l karanakam keli 10 vitara talk Kara behetakawat akak setwune ne,ape scl aka mix akak.a/l karanakota akak setwuna akat satiyen ewarawuna,after a/l setwuna akat 5yr ewarawuna.:(:(:(:(:(
     
    Last edited:

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    :baffled::baffled::baffled::D:D:D:D
    කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ.. :baffled:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    a/l කරන්න ආපු අලුත මාසයක් විතර පස්සෙන් ගිහින් කෙල්ලගෙන කැමැත්ත හවස ගෙදර යනකොට. පහුවදා උදේ කැමති කියල ලියුමක් දුන්න. ඒකෙ ආතල් එකට කොල්ලො ටිකත් එක්ක බීච් එකට ගිහින් බිව්වා ක්ලාස් කට් කරල. හවස කෙල්ල හම්බ වෙන්න ඉන්නකොට ඒකිගේ යාළුවා ලියුමක් ගෙනත් දුන්න කැමති නෑ කියල. පැය 8 ලව් එකට.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    මගේ නම් පලවෙනි crush එක මුස්ලිම් කැල්ලකට ,මුස්ලිම් කීවට මැලේ .ඔලුවහන් සීන් නෑ .පට්ට ලස්සනයි ඉතින් .කවදාවත් කතා කරලා නෑ .fb එකේ ඇති වෙන්න මල් නම් කැඩුව.A /L කාලේ සීන් එකක්.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න තව කතාවක්

    8 වසරේ ඉද්දි දහම් පාසල් ආපු 7 වසරේ කෙල්ලෙක්ට හිත ගිහිල්ලා තිබ්බේ. මම ඉතින් පන දාගෙන ලයින් දානවා. මෙන්න යකෝ දවසක ඒකි මගේ ලගට ඇවිල්ලා කියපි "මගේ යාලුවා **** ඔයාට කැමතියි කිව්ව. ඔයාගෙන් උත්තරයක් අහගෙන එන්න කිව්වා" කියලා. මට නිකන් සද මෝල් වගේ. මම ටෝක් කරපු කෙල්ල මගෙන්ම වෙන කෙල්ලෙක්ට කැමතිද අහනවානේ. මම කිව්වා හවසට කියන්නන් කියලා. යාලුවෝ ටික උපදෙස් දුන්නා නියම චාන්ස් එක උබට. ඒ හින්දා හවසට කියපන් උබ අනිත් කෙල්ලට නෙමෙයි ඔයාටයි කැමති කියලා. යාලුවන්ගේ උපදෙස් පරිදි මම එහෙම කිව්වා. ටික දවසකින් එයත් කැමතියි කිව්වා.

    ලව් එක මාස 3ක් වගේ තිබ්බට පස්සේ මොකෙක් හරි අලුගුත්තෙරුවෙක් කෙල්ලගේ ගෙදරට කියලා අපි යාලුයි කියලා. ඉතින් එදා ඉදන් දහම් පාසල් එන්න නෑ කෙල්ලට. මට හම්බවෙන්න විදිහකුත් නෑ. එහෙම්ම මට ඕක අමතක වෙලා ගියා. එ/ලෙවල් පන්ති යන දවසක මට බස් එකේදි හම්බ උනා. ඒ දවස් වෙද්දි මගේ හිතේ එයා ගැන කිසිම දෙයක් තිබ්බේ නෑ. ඒත් ගොඩ දවසකින් දැක්ක හින්දා ගිහිල්ලා කතා කලා.

    අවුරුදු 5කට පස්සේ අදද අයියේ ඔයාට මගේත් එක්ක කතා කරන්න මතක් උනේ කියලා ඇහුවා. මගේ පපුව ගලෝගෙන වැටුනා ඒක අහපුවාම. මම ඉතින් ටිකක් වෙලා කතා කරල ගියා. දැන් නං බැදලාද කොහෙද
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :oo::oo::oo::frown::frown:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම ලව් කරපු කෙල්ලට phone එකක් තිබුණේ නැහැ.කට්ට කාල ගෙදර නම්බර් එක හොයගත්ත.හරියටම මගෙ උපන්දිනේ දවස එනකම් ඉවසන් ඉදල ඉදල ඒ දවසේ කෝල් එකක් ගත්ත.පට්ට ලස්සන වොයිස් එකකින් "හෙලෝ":love: කිව්ව.පපුවත් ගැහෙනව.බොහොම අමාරුවෙන් ට්‍රයි කරල "මම ඔයාට ගොඩක් අදරෙයි":love::love: කියලත් කිව්ව.ඒකි හා කියලත් කිව්ව:yes:.මම ඉතින් බය නිසාම phone එක කට් කරා.පහුවදා ඉස්කොලෙදි කෙල්ලගෙ තාත්ත මාව හොයාගෙන ආව.:no::no:එකිගේ තාත්ත මට සිංහල උගන්නන සර්.සර් තමයි මට කිව්වේ මම කලින් දවසේ ආදරෙයි කියල තියෙන්නේ කෙල්ලට නෙවෙයි ඒකිගේ නැන්දට ලු.:baffled::baffled:මාව මුළු ඉස්කෝලෙම නෝන්ඩි:P.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,290
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    7 වසරෙදි හිටං ක්‍රෂ් එකක් තිබුන අල්ලපු පන්තියෙ කෙල්ලෙක් ගැන. 11 වසරෙදි කෙල්ල තනි වෙච්ච වෙලාවක් බලල ගියා ටෝක් කරන්න. බොහොම අමාරුවෙන් "බා... බා" ගාල ශබ්දයක් කටින් පිටකරගත්ත :sorry:. ඊට පස්සෙ මම ලැජ්ජාවෙන් හිටියෙ කෙල්ලගෙ මූණ බලන්නත්. A/L ඉවර වෙනකල්ම කෙල්ල මාව උදේම දැක්කොත් ගුඩ් මෝනිං කියලත් කිව්ව. සමහරවිට මට කැමැත්තෙන් ඉන්න ඇති. :dull: