සඳහන්කළ ටිකේ ඉතා වැදගත් දෙයක් තිබුණා!! මම හිතන්නේ කාටවත්ම පෙනෙන්න නැතුව ඇති!! විඥාණය උපකාරයෙන් නාමරූප පවතින බවත්, නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින බවත් මිස, විඥාණයක් තනිව පවතින්නේ නෑ!! විඥාණය තනිව 'ගමන්කරන්නේ' නෑ!! කියන කරුණ ඔය ටිකෙන් පැහැදිලි වුනා!!! හුඟ දෙනෙක් කියනවා නේ, 'මම කියල කෙනෙක් නෑ... විඥාණයක් තමයි තියෙන්නේ... ඒක තමයි මැරුණම ගිහින් වෙන ශරීරයකට අතුල්වෙන්නේ...' එහෙම කියල. කෝ? එහෙම යන කතාවක් මෙතන නෑ නේ!!
සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච කයක් සක්‍රිය උනේ, සජීවී උනේ විඥාණය උපකාරයෙනුයි!! ඒ කියන්නේ, නිකම්ම නිකම් කය, එහෙම නැතම් රූපය, 'නාමරූප' වුනේ විඥාණය නිසයි!!! අනික් අතට, රූපයක් (කයක්) තිබුණ නිසයි විඥාණයට එය සක්‍රිය කරන්න ලැබුණේ!!! කය නොතිබුනා නම්, මොකක් සක්‍රිය කරන්නද?? ඊළඟට, කය කියන්නේ නැසී වැනසී යනසුළු, අනිත්‍ය දෙයක්... ඒ කය බිඳිලා යනකොට ක්‍රියාකාරිත්වය කොහොමත් ඇණහිටිනවා!! ඉතින්, මේ ජීවිතය කියන්නේ විඥාණය සහ නාමරූප එකිනෙකේ උපකාරයෙන් පවතිනතාක් පවතින, එයින් එකක් හෝ බිඳවැටුණු සැනින් විනාශවී යන තාවකාලික දෙයක් විතරයි!!! ඊට වඩා යමක් මෙතන නෑ!!! පැහැදිලිද??
'නළ කළාප' සුත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ විඥාණයත්, නාමරූපත් යන දෙකම බට මිටි දෙකකට (මිටි බැඳපු බටගස් ගොඩවල් දෙකක්) උපමා කරලා කිව්වා, "මේ මිටි දෙක එකකට එකක් හේත්තු කරලා කෙලින් සිටුවල තියන්න පුළුවන්... හැබැයි එකක් හරි ඇද්දොත් දෙකම වැටෙනවා!" කියල... ඒ ඇරෙන්න එක මිටියක් බිම පෙරලෙනකොට අනික් මිටිය වෙන කොහෙවත් යන්නේ නෑ!! තේරුණාද?? ඒ කියන්නේ, පණ ගියොත් (ප්‍රාණය නිරුද්ධ උනොත්) කය බිඳිලා විනාසවෙලා යනවා... ජීවය පවත්වන්න බැරි ගනනට කය බිඳුනොත් පණ යනවා (ප්‍රාණය නිරුද්ධ වෙනවා)!!
බුදුහාමුදුරුවෝ මේ විඥාණයත් නාමරූපත් දෙක පවතින්නේ එකටමයි!! වෙන්ව පවතින දේවල් නෙවෙයි!! කියන එක පැහැදිලි කලේ මෙන්න මෙහෙමයි!! උන්වහන්සේ ඇහුවා, මවක් හා පියෙක් එක්වූ පමණින් විඥාණයක් බැසගන්නේ නැතුව, දරු පිළිසිඳ ගැනීමක් (කලලයක් හටගැනීම) සිදුවෙනවාද? කියල. එහෙම නොවෙන බව දන්නවා නේ? නැත්නම් දැනගන්න!! ශාරීරික අඩුපාඩු මොකුත්ම නැති, ඒත් දරුඵලත් නැති උදවිය අනන්තවත් ඉන්නවා!! ඒ කර්ම විපාක නිසා විඥාණයක් සම්බන්ධ නොවීම හන්දයි!!!
ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුවා කලලයක් හටගත්තට, අතරමගදී ඒ කලලයෙන් විඥාණය චුත වුනොත් (නැතුව ගියොත්) ඒ කළලය උපතක් දක්වා වර්ධනය වෙනවද? කියල. එහෙම වෙන්නේ නැහැ නේ!! මැරුණු කළලය අයින් වෙනවා, නැත්නම් අයින් කරන්න වෙනවා, මිසක් ඒක තව දුරටත් වර්ධනය වෙන්නේ නෑ!! උන්වහන්සේ ආයේ ඇහුවා, ඉපදුනු දරුවෙකුගේ විඥාණය චුත වුනොත් ඒ 'දරුවා' තව දුරටත් හැදී වැඩෙයිද? ලොකු මහත් වෙයිද? කියල. නැහැනේ... අන්න එකයි කතාන්දරය!! මේ දාන සේරම 'සෙල්ලම්' විඥාණයයි, නාමරූපයි අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතිනතාක් කල් පමණයි!!! සම්බන්ධය කැඩුනද, කතාව අහවරයි!! අහවරයි (ඉවරයි) කිව්වට, ඇත්තටම නම් ඉවර වෙන්නේ 'මේ ජීවිතය' විතරයි!!! 'මුළු කතන්දරේ' නැත්නම් සංසාර කතාව, එහෙම ලේසියෙන් අහවර වෙන එකක් නෙවෙයි!!! ඉතින්, මේ ඇවිල්ලා, පඨවි/ආපෝ/තේජෝ/වායෝ/අවකාශ හා විඥාණ කියන ධාතු හැටියට අරගෙන බලනකොට ජීවිතයේ ඇති යථා ස්වභාවයයි!!!
ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුවා බොහොම වැදගත් දෙයක්!! හිතාගන්න පුලුවන්ද? උන්වහන්සේ ඇහුවා, නාමරූප නැත්නම් විඥාණයට ජරා-මරණ තියනවාද??? කියල... තියනවද?? නෑ නේද?? ජරාවට පත්වුණේ/වෙන්නේ, ලෙඩවුනේ/වෙන්නේ, නැසී වැනසී ගියේ/යන්නේ මේ සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච කය නේ... මේ 'අපි'ය කියල සලකන කයේ ක්‍රියාකාරිත්වය, වඩාත්ම නිවැරදිව කිව්වොත් විඥාණයේ ක්‍රියාකාරිත්වය, ජරා-මරණ වලට ගොදුරු වුනේ ඒ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච කය නිසා නේ... නේද?? කයක් නැතිවුනා නම් ජරා-මරණ නෑ!!! ඉතින්, අපිට මේ සංසාර දුකින් එතෙරවීම, ණිවන් අවබෝධ කිරීම, කියන මාතෘකාව ගැන කතාකරන්න සිද්ධවුණේ ඉවරයක් නැති ජරා-මරණ වලින් නිදහස් වීම සඳහා නේ... එහෙමනම්, කයෙන් නිදහස් වුනා නම් ප්‍රශ්ණේ විසඳෙනවා!!! හැබැයි කයක් නැතුව 'අපි'ට පවතින්න පුළුවන් කමකුත් නෑ!!! ඉතින්, ඒ කියන්නේ, ජරා-මරණ නැතිවෙන්න නම් 'අපි' නැති වෙන්නම ඕනේ!!!

වෙනවා... ඒකයි!!!
joke එකක් වගේ...