'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සඳහන්කළ ටිකේ ඉතා වැදගත් දෙයක් තිබුණා!! මම හිතන්නේ කාටවත්ම පෙනෙන්න නැතුව ඇති!! විඥාණය උපකාරයෙන් නාමරූප පවතින බවත්, නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින බවත් මිස, විඥාණයක් තනිව පවතින්නේ නෑ!! විඥාණය තනිව 'ගමන්කරන්නේ' නෑ!! කියන කරුණ ඔය ටිකෙන් පැහැදිලි වුනා!!! හුඟ දෙනෙක් කියනවා නේ, 'මම කියල කෙනෙක් නෑ... විඥාණයක් තමයි තියෙන්නේ... ඒක තමයි මැරුණම ගිහින් වෙන ශරීරයකට අතුල්වෙන්නේ...' එහෙම කියල. කෝ? එහෙම යන කතාවක් මෙතන නෑ නේ!!

    සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච කයක් සක්‍රිය උනේ, සජීවී උනේ විඥාණය උපකාරයෙනුයි!! ඒ කියන්නේ, නිකම්ම නිකම් කය, එහෙම නැතම් රූපය, 'නාමරූප' වුනේ විඥාණය නිසයි!!! අනික් අතට, රූපයක් (කයක්) තිබුණ නිසයි විඥාණයට එය සක්‍රිය කරන්න ලැබුණේ!!! කය නොතිබුනා නම්, මොකක් සක්‍රිය කරන්නද?? ඊළඟට, කය කියන්නේ නැසී වැනසී යනසුළු, අනිත්‍ය දෙයක්... ඒ කය බිඳිලා යනකොට ක්‍රියාකාරිත්වය කොහොමත් ඇණහිටිනවා!! ඉතින්, මේ ජීවිතය කියන්නේ විඥාණය සහ නාමරූප එකිනෙකේ උපකාරයෙන් පවතිනතාක් පවතින, එයින් එකක් හෝ බිඳවැටුණු සැනින් විනාශවී යන තාවකාලික දෙයක් විතරයි!!! ඊට වඩා යමක් මෙතන නෑ!!! පැහැදිලිද??

    'නළ කළාප' සුත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ විඥාණයත්, නාමරූපත් යන දෙකම බට මිටි දෙකකට (මිටි බැඳපු බටගස් ගොඩවල් දෙකක්) උපමා කරලා කිව්වා, "මේ මිටි දෙක එකකට එකක් හේත්තු කරලා කෙලින් සිටුවල තියන්න පුළුවන්... හැබැයි එකක් හරි ඇද්දොත් දෙකම වැටෙනවා!" කියල... ඒ ඇරෙන්න එක මිටියක් බිම පෙරලෙනකොට අනික් මිටිය වෙන කොහෙවත් යන්නේ නෑ!! තේරුණාද?? ඒ කියන්නේ, පණ ගියොත් (ප්‍රාණය නිරුද්ධ උනොත්) කය බිඳිලා විනාසවෙලා යනවා... ජීවය පවත්වන්න බැරි ගනනට කය බිඳුනොත් පණ යනවා (ප්‍රාණය නිරුද්ධ වෙනවා)!!

    බුදුහාමුදුරුවෝ මේ විඥාණයත් නාමරූපත් දෙක පවතින්නේ එකටමයි!! වෙන්ව පවතින දේවල් නෙවෙයි!! කියන එක පැහැදිලි කලේ මෙන්න මෙහෙමයි!! උන්වහන්සේ ඇහුවා, මවක් හා පියෙක් එක්වූ පමණින් විඥාණයක් බැසගන්නේ නැතුව, දරු පිළිසිඳ ගැනීමක් (කලලයක් හටගැනීම) සිදුවෙනවාද? කියල. එහෙම නොවෙන බව දන්නවා නේ? නැත්නම් දැනගන්න!! ශාරීරික අඩුපාඩු මොකුත්ම නැති, ඒත් දරුඵලත් නැති උදවිය අනන්තවත් ඉන්නවා!! ඒ කර්ම විපාක නිසා විඥාණයක් සම්බන්ධ නොවීම හන්දයි!!!

    ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුවා කලලයක් හටගත්තට, අතරමගදී ඒ කලලයෙන් විඥාණය චුත වුනොත් (නැතුව ගියොත්) ඒ කළලය උපතක් දක්වා වර්ධනය වෙනවද? කියල. එහෙම වෙන්නේ නැහැ නේ!! මැරුණු කළලය අයින් වෙනවා, නැත්නම් අයින් කරන්න වෙනවා, මිසක් ඒක තව දුරටත් වර්ධනය වෙන්නේ නෑ!! උන්වහන්සේ ආයේ ඇහුවා, ඉපදුනු දරුවෙකුගේ විඥාණය චුත වුනොත් ඒ 'දරුවා' තව දුරටත් හැදී වැඩෙයිද? ලොකු මහත් වෙයිද? කියල. නැහැනේ... අන්න එකයි කතාන්දරය!! මේ දාන සේරම 'සෙල්ලම්' විඥාණයයි, නාමරූපයි අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතිනතාක් කල් පමණයි!!! සම්බන්ධය කැඩුනද, කතාව අහවරයි!! අහවරයි (ඉවරයි) කිව්වට, ඇත්තටම නම් ඉවර වෙන්නේ 'මේ ජීවිතය' විතරයි!!! 'මුළු කතන්දරේ' නැත්නම් සංසාර කතාව, එහෙම ලේසියෙන් අහවර වෙන එකක් නෙවෙයි!!! ඉතින්, මේ ඇවිල්ලා, පඨවි/ආපෝ/තේජෝ/වායෝ/අවකාශ හා විඥාණ කියන ධාතු හැටියට අරගෙන බලනකොට ජීවිතයේ ඇති යථා ස්වභාවයයි!!!

    ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුවා බොහොම වැදගත් දෙයක්!! හිතාගන්න පුලුවන්ද? උන්වහන්සේ ඇහුවා, නාමරූප නැත්නම් විඥාණයට ජරා-මරණ තියනවාද??? කියල... තියනවද?? නෑ නේද?? ජරාවට පත්වුණේ/වෙන්නේ, ලෙඩවුනේ/වෙන්නේ, නැසී වැනසී ගියේ/යන්නේ මේ සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච කය නේ... මේ 'අපි'ය කියල සලකන කයේ ක්‍රියාකාරිත්වය, වඩාත්ම නිවැරදිව කිව්වොත් විඥාණයේ ක්‍රියාකාරිත්වය, ජරා-මරණ වලට ගොදුරු වුනේ ඒ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච කය නිසා නේ... නේද?? කයක් නැතිවුනා නම් ජරා-මරණ නෑ!!! ඉතින්, අපිට මේ සංසාර දුකින් එතෙරවීම, ණිවන් අවබෝධ කිරීම, කියන මාතෘකාව ගැන කතාකරන්න සිද්ධවුණේ ඉවරයක් නැති ජරා-මරණ වලින් නිදහස් වීම සඳහා නේ... එහෙමනම්, කයෙන් නිදහස් වුනා නම් ප්‍රශ්ණේ විසඳෙනවා!!! හැබැයි කයක් නැතුව 'අපි'ට පවතින්න පුළුවන් කමකුත් නෑ!!! ඉතින්, ඒ කියන්නේ, ජරා-මරණ නැතිවෙන්න නම් 'අපි' නැති වෙන්නම ඕනේ!!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    එහෙනම් කව්ද මේ භවයේ ඉඳල ඊළඟට භවයට යන්නේ? එතකොට බුදුන් වහන්සේ දේශනා කලේ ඇයි මා පෙර භාව වල මේ මේ මිනිසුන් ලෙස සිටියා කියල. එතකොට ඒ පෙර භවයෙන් මේ භාවයට ඇවිත් මා බුද්ධත්වයට පත්වුනා කියල කිව්වේ ඇයි? එතකොට ඔබ කියන විදිහට කවුරුද මේ භාවයට ආවේ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එහෙනම් කව්ද මේ භවයේ ඉඳල ඊළඟට භවයට යන්නේ? එතකොට බුදුන් වහන්සේ දේශනා කලේ ඇයි මා පෙර භාව වල මේ මේ මිනිසුන් ලෙස සිටියා කියල. එතකොට ඒ පෙර භවයෙන් මේ භාවයට ඇවිත් මා බුද්ධත්වයට පත්වුනා කියල කිව්වේ ඇයි? එතකොට ඔබ කියන විදිහට කවුරුද මේ භාවයට ආවේ?

    poddak hitapan ban pahenne nathuwa:growl::growl::P:lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මාර seen එක නේද? අපි නැතිවෙනවා! කියන්නෙ... බය හිතෙන්නේ නැද්ද?? ඇත්තටම නම්, බය උනා කියල වැඩක් නැහැ!!! අපිට නැතිවෙන්නම වෙනවා!!! දේශනාවල සඳහන්වෙන විදියට, බුදුහාමුදුරුවෝ බ්‍රහ්මලෝක වලට වැඩමකරලා, ඒවායේ ඉන්න බ්‍රහ්මයන්ට මේබව කිව්වම, මහා හතර රියන් බ්‍රහ්ම රාජයෝ පවා හතරගාතේ දාල ඇදගෙන වටුනාලු, "අහෝ! අපි අනිත්‍යයි ලු!" "අහෝ! අපි නැතිවෙනවා ලු!" කිය කියා!! ඒත් කරන්න කිසිම දෙයක් නැහැ!!! දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මිනිහෙක්, හරකෙක්, මී හරකෙක්, මී හරකෙක් වගේ මිනිහෙක්, මොකෙක් උනත් සත්වයෙක් නේ... සත්වයෙක් නම්, අර කලින්ම සඳහන්කරපු සතර ආකාරයෙන් එක විදියකට 'ඉපදුන' කෙනෙක්!! ඉපදෙන සත්වයාට කොහේ, කොයි ලෝකේ, ඉපදුනත් ලැබෙන්නේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච (සකස්වෙච්ච) කයක්!! සන්කතයක්!!! ඒ සකස්වෙච්ච කයෙහි ස්වභාවය නැසී වැනසී යන සුළුයි... අනිත්‍යයි!! ඒ හන්ද, සත්වයා අනිත්‍යයි!!! මමත් අනිත්‍යයි... උඹලත් අනිත්‍යයි... අනිත්‍ය වෙලා යනවට කවුද කැමති? ඒත් කරන්න කිසිම දෙයක් නෑ... දුකයි!!! සත්වයෝ කාටවත්, තමන්ව තමන්ට උවමනා විදියට, තමන් කැමති විදියට, පවත්වන්න බැහැ! තමන්ගේ වසඟයෙහි තියාගන්න බැහැ! අනාත්මයි!!!

    ඔන්න අපි කවුරු කවුරුත් අවබෝධ කරගන්න ඕනේ යතාර්ථය!! ත්‍රිලක්ෂණය!!! මේ 'අපි' නැත්නම් ඔය ඕනේ කෙනෙකුට දැනෙන 'මම' අනිත්‍යයි!!! දුකයි!!! අනාත්මයි!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කවුද දැන් මේ ජීවිත වල සත්‍ය විස්තර ඉපදෙනකොටම දැනගෙන හිටියේ?? කවුරුවත්ම නෑ!!! අඩුම ගනනේ, බුදුවීමට පෙරුම්පුරන බෝසතානන්වහන්සේ නමක් වත් මේ මොකවත්ම දන්නේ නෑ!!! හැමෝම යන්නේ කළුවරේ යන ගමනක්!!! බෝසතානන්වහන්සේ නමක් තමන්වහන්සේ විසින්ම උත්සාහ කරලා කරලා මේ වැහිලා තියන සත්‍ය අවබෝධ කරගනිද්දී තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ!!! බුද්ධත්වයට පත්වෙලා තමයි දැනගන්නේ, "මේ අවිද්‍යාව නිසානේ මෙච්චර දුකක් වින්දේ..." කියල!!! මතක නේ, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේත් "අනේක ජාති සංසාරං..." කියල උදානයක් කලේ??

    ඉතින් දැන් ඔයාලට තියෙන්නෙත් අර හතර රියන් බ්‍රහ්මරාජයෝ වහේ හතරගාතේ දාල වැටිලා, තුෂ්නිභූත වෙලා, 'අන්දෝස් වෙලා' ඉන්න නෙවෙයි!!! බුද්ධිමත් මනුෂ්‍යයන්ට මේ සත්‍ය දැනගන්න ලැබුණාම, උද්දාමයට පත්වෙලා කියලා තියෙන්නේ, "ආශ්චර්යයි ස්වාමිනි!!! කළුවරේ සිටිය කෙනෙකුට එළියක් දුන්නා වගෙයි... වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි... මුනින් නවල තිබුණු එකක් උඩුකුරු කළා වගෙයි... කියලයි!!! සත්වයා මේ 'ජීවිත' පිලිබඳ සත්‍ය නොදන්නා තාක් තමයි සංසාර ගමනක් නිර්මාණය වෙන්නේ!!! අවිද්‍යාව තමයි මුල!!!

    අපිට මෙච්චර කාලෙකට උනේ ඔය 'තමන්' යයි සැලකූ ජීවිතය අනිත්‍ය දෙයක්ය, අනිත්‍ය බැවින් දුකක්ය, අනිත්‍ය හා දුක් සහිත දෙයක් බැවින් මෙය 'මම'ය 'මාගේ'ය කියා සිතීමට, පිළිගැනීමට, නුසුදුසු බව නොදැන සිටීමයි!! අන්න එතන ඉඳලයි අපිට වැරදුනේ!!! ඒ නොදැනුවත්කම නිසා අපි මේ අනිත්‍ය දෙයට දැඩිව බැඳිලා සිටියා... පැවැත්මට ආසා කළා... දිගින් දිගට පවතින්න බලාපොරොත්තු ඇතිකරගත්තා... අනිත්‍ය දෙයට අනිත්‍ය වී යාමට ඉඩ නොදී 'අල්ලාගෙන සිටීමෙන්' අපි විහින් අමාරුවේ වැටුනා!!! බොහෝ දුක් කරදර වලට මුහුණ පෑවා!!! මතක නේ... ගෙවාගෙන ආව සංසාරේ අපි වැඩිපුරම ඉඳල තියෙන්නේ නිරය, පෙරේත හා තිරිසන් ලෝක වල බව බුදුහාමුදුරුවෝ කිව්වා නේ... අන්න ඒ සේරම සිද්ධවුණේ ඔය නොදැනුවත් කම, 'අවිද්‍යාව' නිසයි!!!

    මම නම්, 'ණිවන් අවබෝධ කරලත් ඉවරයි!!' කියාගෙනම field එකට බැස්සේ, ණිවන් දැකපු නිසයි!!! අවිද්‍යාව කුඩේකුඩු කරනවා කිව්වේ, ඒකත් කරන හන්දාමයි!!! මේක උවමනාවෙන් බලන කෙනෙකුට ආයේ 'සංසාරේ යන්න' ලැබෙන්නේ නෑ!!! කිව්වෙත්, සත්‍ය වටහුනාට පස්සේ ඔයාල කවුරුවත් ආයේ මුලාවේ වැටෙන්නේ නෑ... ඉතින් එතනින් එහාට ආයේ සංසාර කතා බෑ!!! එක්කෝ මෙතැනින්ම ඉවරයි!!! නැත්නම් බොහෝවිට තව එකකින්ම ඉවරයි!!! කොහොමත් ආයේ ආසාවටවත් අපාය පැත්තේ යන්න නම් ලැබෙන්නේ නෑ... උපරිම 7යි තමයි!!! ඒකත් දෙවි-මින්සුන් අතරේ පමණයි!!! ඉතින්... බය වෙන්න එපා!!!

    දැන් අපි යම් ප්‍රමාණයකට 'සත්‍ය' දැක්කා!! මෙතන 'ආත්මයක්' කියල එකක් නෑ!!! දෙවියෝ ගාවට යන්න දෙයක් නෑ... ආයේ එහෙම කතා කියන්නත් එපා!! හොඳද? එහෙම උනොත් වහාම මුල්ලේරියාවට 'ට්‍රාන්සර්' කලයුතු කෙනෙක්:yes: වෙනවා... ඒකයි!!!

    මේ මාතෘකාව හරී රසයි!!! මේ තමයි ගෞතම බුදුරජාණන්වහන්සේ අපට දීපු දායාදය!!! උන්වහන්සේව සරණ යන්න!!! උන්වහන්සේ අපිට ඇත්ත කියලා දෙනවා... 'ඇත්ත' පෙන්වලා දෙනවා... 'ඇත්ත' දැනගත්තට පස්සේ, ඇත්ත තෙරුම්ගත්තයින් පස්සේ අපි ආයේ කරදරේ වැටෙන්නේ නෑ... ඉතින් බුදුරජාණන්වහන්සේව පිළිගන්න... විශ්වාසකරන්න... උන්වහන්සේගේ අවබෝධය අදහා ගන්න!!! යමෙක් අවබෝධයෙන් යුතුව බුදුරජාණන්වහන්සේ සරණ ගියොත් එයාට ආයේ කවදාවත් සසර අනතුරක් නෑ!!! 'යේ කේචි බුද්ධං සරණං ගතාසේ - න තේ ගමිස්සන්ති අපායං' කියලයි කියා තිබෙන්නේ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දිවෙන් දැනගන්නේ ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි රස, කහට රස, කුණු රස වගේ 'රස ජාති'න්ය කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා!! හරි නේද?? රසක් දැනගන්නේ දිවෙන් නේ... ඇඟේ වෙන වෙන තැන්වලට 'රස' දැනෙන්නේ නැහැනේ? සිංහල කෙනෙකුට සීනි ටිකක් දීල, 'කාල බලල රස කියන්න...' කිව්වොත්, එයා කියාවි 'පැණි රසයි!' කියල. english කෙනෙකුට දුන්නොත්, එයා කියාවි එයාගේ භාශාවෙන් sweet කියල. මේ විදියටම දෙමල කෙනෙක් නම් දෙමලෙන්... වෙන රටක කෙනෙක් උනොත් ඒ අයගේ භාශාවෙන්... 'පැණිරස' බව කියාවි නේ... නේද?? ඒත් අපි පුංචි කාලේ ඉඳලා ළමයෙක්ව රැවැට්ටුවොත් සීනියි, ලුණුයි මාරුකරලා දීල?? "ආ පුතේ මෙන්න සීනි" කියල ලුණු චුට්ටක් දෙනවා... "ආ... මෙන්න මේවා තමයි ලුණු" කියකිය සීනි දෙනවා... එයා ඉන්න තැන්වල කතාබහ කරද්දීත් ලුණුයි සීනියි මාරු කරකර කතාවෙනව... "අනේ මේ තේ එකට ලුණු මදියි... තව ලුණු ටිකක් දාන්න" "මොනවද මේ කෑම? මේවා කටේ තියන්න බෑ! සීනි වැඩියි!" කියා කියා. මක් වෙයිද? මේ ළමයට සීනියි, ලුණුයි මාරුවෙයි නේද?? අපිට ඕනේ නම් පුළුවන් තවත් ළමයෙක්ව රවට්ටන්න! එයාට උගන්වනවා සීනි කියන්නේ 1, ලුණු කියන්නේ 2 කියල... කොහොමට හිටීද? ළමය කියන්නේ මොකුත් දන්නේ නැහැ නේ... කියල දෙන දේ නේ ඉගෙන ගන්නේ! ඉතින් කාලයක් යනකොට එයා සීනි අඳුන ගන්නේ 'එක' කියල... පැණි රහට කියන්නේ 'එකරස' කියල... ලුණු හඳුනගන්නෙ 'දෙක' කියල... ලුනුරසට කියන්නේ 'දෙකරස' කියල... හැබැයි ඉතින් අවුලක් වෙන එකකුත් නැහැ!! මොකද කොහොම හඳුනගත්තත් රස ඒවමයි නේ...

    ඊළඟට අපි මේ ලුණු/සීනි පටලවල, වරද්දවල කියල දීපු දෙන්නත් එක්ක තව රට රටවල් වලින්, එක එක ජාතිවල මිනිස්සු 100ක් විතර එකතුකරගෙන, එයාලට ලුණු චුට්ට චුට්ට දීල 'කාල බලල රස කියන්න' කිව්වොත් හැමෝම ලුණු වලට එයාල කියන නම කියාවි!! සීනි චුට්ට චුට්ට දුන්නම තම තමන් සීනි අඳුන්වන වචනය කියාවි!! නේද? ඒත් කිසි කෙනෙකුට ලුණු චුට්ටක් රස බැලුවම සීනි වගේ දැනෙන එකක් වත්, සීනි ටිකක් රස බැලුවම ලුණු වගේ දැනෙන එකක් වත් නැහැ නේද? මොකද කොයි දිවත් රස දැනගන්නේ එකම විදියට නේ... හරි නේද? දැන් මෙතන වෙන්නේ මොකද්ද කියල තේරුණාද?? මේ තියෙන්නේ දැනගන්නවා, හඳුනාගන්නවා කියන සිදුවීම් දෙක!! මිනිස්සු කොච්චර ගත්තත් එයාලගේ දිවවල් වලින් ලුණු රස, පැණිරස දැනගන්නේ එකම විදියට!! ඒත් ඒ දැනගන්න දේ හඳුනාගන්නේ තම තමන් ඉගෙනගත් දේට අනුව!! ඒ වගේම මේ වෙනකම් කවදාවත් විඳලා නැති රසයක් දැනුනොත් ඒක හඳුනගන්නත් බැරිවෙනවා!! ඇයි ඒ?? හඳුනාගන්න ඒ රසය කලින් විඳලා දන්නේ නැහැ නේ... කලින් ඒ රසය විඳලා, කොහෙදිද ඒ රසය වින්දේ... මොනවයින්ද ඒ රසය වින්දේ... කියල ඊට අදාළ මතකයක් තිබුනොත් පමණයි හඳුනාගන්න පුළුවන්!!! තේරුණාද?? ඇත්තටම මේ රස විඳීම කියන එකම ලොකු, සංකීර්ණ ක්‍රියාවලියක්!! අපි ඔය මොකවත්ම දන්නේ නෑ... අපි හිතාගෙන ඉන්නේ 'මම රස විඳිනවා...' 'මට රස දැනෙනවා...' කියල!! එච්චරයි!! එතනින්ම කතාව upset!!!

    හැබැයි ඉතින් ලෝකේ කොයිකාටත්, බුදුරජාණන්වහන්සේ නමකගෙන් හෝ බුදුරජාණන්වහන්සේගෙන් අසා දැනගත් උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකු ගෙන් අහලා දැනගත්තොත් මිසක්, මේවා තනිවම දැනගන්න ලැබෙන්නේ නෑ!! බුදුරජාණන්වහන්සේ මේ 'ශරීර කූඩු' ඇතුලේ වෙන හැමදේම අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙවෙයි හැමෝටම කියලත් දුන්න... හැබැයි හුඟදෙනෙක් දන්නේ නැහැ!! අන්න ඒකයි මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්න, ණිවන් අවබෝධ කරගන්න බැරිවෙලා තියෙන්නේ!! ඉතින් මේ කියන කරුණු බලලා මතක තියාගෙන කල්පණා කරකර බලන්න... ඔය තම තමන්ගේ ඇඟවල්වල වෙන්නෙත් මේවම තමයි... ඒ බව හොඳට සැකහැරලා දැනගන්න!! 'ඇත්ත නේන්නම්!' කියල තේරෙනකොට, දන්නෙම නැතුව සංසාර දුකෙන් නිදහස්වෙලත් තියේවි!!!

    ඇත්තටම නම් සීනි, ලුණු මාරුකරලා කියල දුන්න වගේ වැඩක් තමයි ඔය දේව මැවිල්ලක් කියල එහෙම තියන කතන්දර!! ඒවා අල්ලලා දාන්න. කවුරු කොහොම හිතාගෙන උන්නත් සීනි පැණි රහයි... ලුණු ලුණු රහයි... අන්න ඒවගේ අපි සේරම ඉන්නේ මේ සංසාර දුක කියන ලොකූ අවුලක!! ඒත් දැන් ඉතින් upset වෙන්න දෙයක් නෑ!! මේ යන්නේ ඒ සේරම අවුල් මෙතැනින්ම ඉවරයක් කරලා දාන්න!! විශ්වාසයකින් යුතුව බලාගෙන, ප්‍රයෝගිකව හිතන්න / කරන්න තියන ඒවා ඒ විදියටම කරගෙන දිගටම යමු...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලෝකේ කෑම බීම වලට තියන තැන බැලුවම, මිනිස්සු 'ජීවත්වෙන්න කනවා' කියන එක බොරුවක් වෙනවා!! වැඩිහරියක් එවුන් කන්න නේ ජීවත්වෙන්නේ!! නානාප්‍රකාර කෑමජාති හොය හොයා කන්න, එක එක කෑම වට්ටෝරු අනුව නොයෙකුත් නොයෙකුත් විදියට කෑම හද හදා කන්න, කොච්චර වදයක් විඳිනවද මේ 'මනුස්සය' කියන සතා?? ඇත්තටම සමහර කෑම ජාති මාර රහයි... කටට කෙළ උනනනවා මතක්වෙන මතක්වෙන සැරේට!! කොච්චර කෑවත් මදි!! ඒත් ඔහොම 'බදාගෙන' කන කෑම ඇත්තටම රස විඳින්නේ තමන්මද???
     
    • Like
    Reactions: conservative

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ලෝකේ කෑම බීම වලට තියන තැන බැලුවම, මිනිස්සු 'ජීවත්වෙන්න කනවා' කියන එක බොරුවක් වෙනවා!! වැඩිහරියක් එවුන් කන්න නේ ජීවත්වෙන්නේ!! නානාප්‍රකාර කෑමජාති හොය හොයා කන්න, එක එක කෑම වට්ටෝරු අනුව නොයෙකුත් නොයෙකුත් විදියට කෑම හද හදා කන්න, කොච්චර වදයක් විඳිනවද මේ 'මනුස්සය' කියන සතා?? ඇත්තටම සමහර කෑම ජාති මාර රහයි... කටට කෙළ උනනනවා මතක්වෙන මතක්වෙන සැරේට!! කොච්චර කෑවත් මදි!! ඒත් ඔහොම 'බදාගෙන' කන කෑම ඇත්තටම රස විඳින්නේ තමන්මද???

    ඇයි අපි රස කෑම කොච්චරවත් හොයා හොයා යන්නේ?? ආස්වාදය වින්දින්නනේ!!! ඉතින් ඕක කොච්චර කරත් ඉවරයක්‌ වෙන්නේ නැහැ. ඉතින් ආස්වාද පස්සේ යන එක අසාර දෙයක් ලෙස දකින්න ඕනේ.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේක තමයි ලෝකෝත්තර මෛත්‍රී භාවානාව!!!!

    සියලු සත්වයෝ සෝවාන් වී සතර අපා ගත දුකින් නිදුක් වෙත්වා
    සියලු සත්වයෝ සකෘදාගාමී වී කාම තන්හා , ව්‍යාපාද සමනයවී නීරෝගී වෙත්වා.
    සියලු සත්වයෝ අනාගාමී වී කාම තන්හා සහ ව්‍යාපාද නිරෝධවී සුවපත් වෙත්වා.
    සියලු සත්වයෝ අරිහත් පලයට පත්වී පංචස්කන්ධ දුකෙන් හා පන්චෞපාදානස්කන්ධ දුකෙන් මිදී නිවන් ලබත්වා.



     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇයි අපි රස කෑම කොච්චරවත් හොයා හොයා යන්නේ?? ආස්වාදය වින්දින්නනේ!!! ඉතින් ඕක කොච්චර කරත් ඉවරයක්‌ වෙන්නේ නැහැ. ඉතින් ආස්වාද පස්සේ යන එක අසාර දෙයක් ලෙස දකින්න ඕනේ.

    aththatama mokadda me 'ආස්වාදය'??
    mama danna tharamin oya kawuruwathma danne naa eka!!

    giraw wage kata paadamin, ඕක කොච්චර කරත් ඉවරයක්‌ වෙන්නේ නැහැ... ආස්වාද පස්සේ යන එක අසාර දෙයක් ලෙස දකින්න ඕනේ... kiya kiya kiwwata wadak naa maali, mokadda methana wenne kiyana eka thama thamanta hondatama therenna one!!!

    nathnam kochchara kiyawa kiyawa hitiyath prathiphalayak labenne naa. thawa kalpa 50-60 gihilla baluwath oyatiakama kiyawa kiyawa indeevi:lol::lol: amathaka karanna epa... oya hamoma atheethayedi mahana welaa indalath thiyanawaa!!:yes: harida??
     
    • Like
    Reactions: maheshsenadheera

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    මම කියල කෙනෙක් නැහැ, තියන්නෙ පංචස්කන්ධයක් විතරයි, තේරුම් ගන්නවනං මේක ඇති,
    ඇගිලි 5 මිට මෙලෙව්වම මිට එතකොට කලින් තිබ්බ ඇඟිලි 5 නැහැ, දිග අරියාම ඇඟිලි 5 කලින් තිබ්බ මිට නැහැ.. හරිද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලෝකේ වටේ ඇවිද ඇවිද කොච්චර රස කෑම හොය හොයා කෑවත්, මෙච්චර කාලෙකට ඒ කිසි එකක් රස විඳලා තියෙන්නේ 'තමන්' නෙවෙයි!!! ඉදිරියට තව තව කොච්චර හොය හොයා කෑවත් ඒවා රස විඳින්නෙත් තමන් නෙවෙයි!!! තේරෙන්නේ නැද්ද?? රස දැනෙන්නේ දිවට විතරයි!!! ඒත් ඒ දිව, සතරමහා ධාතුන්ගෙන් සැදුනු අනිත්‍ය දෙයක්... දිව කියන්නේ තමන් නෙවෙයි... තමන්ගේ දේකුත් නෙවෙයි!! මුළු ඇඟම පඨවි/ආපෝ/තේජෝ/වායෝ/අවකාශ/විඥාණ කියල ධාතු හැටියට වෙන්කරලා බැලුව මතක නැද්ද? (මතක නැත්නම් ආයි බලන්න!) සතරමහා ධාතු හැටියට බෙදල, වෙන්කරලා, බැලුවම මේ ඇඟේ 'මම'ය කියල සලකන්න පුළුවන් මොකවත්ම නෑ!!! ඒත්, රසයි... රසයි... කිය කියා කැව්වේ ඇඟට නේ!! ඉතින්, 'ආස්වාදයක් තියෙනවය' 'මම රස විඳිනවය' කිය කියා මේ කරලා තියෙන්නේ 'හීනයක් දකිනවා' වගේ දෙයක්!!! ඇත්ත නොදන්නා කමට ලොකු මුලාවක ඉඳගෙන කරපු දෙයක්!!! තනිකරම පිස්සුවක්!!! ඇත්ත වගේ පේනවා... ඇත්තටම වගේ දැනෙනවා... ඒත් ඇත්තක් නෙවෙයි!!

    දැන් අපි, බුදුහාමුදුරුවෝ මේ අපේ ඇඟවල් විස්තර කරලා, තෝරලා දීලා, තියන දෙවැනි ආකාරය ගැන බලමු! උන්වහන්සේ කිව්වනේ මේ ඇඟ කියන්නේ සංඥා ආයතන 6ක එකතුවක්!! කියල... ඇත්තටම නම්, මේවිදියට බලාගෙන බලාගෙන යනකොට 'මම' කියන එකාවත් පේන්න ගන්නවා!! ධාතු හැටියට බැලුවට ඒකා අහුවුනෙත් නැහැ නේ... ඉතින් බලමු!! නිකම් ආවට ගියාට නෙවෙයි... 'සිරාවට'ම බලමු!! practically බලමු!! අපි අපේ ඇඟවල් බදාගෙන නේ ඉන්නේ, 'මේ මම...' 'මේ මගේ ඇඟ...' 'මට මොකුත් උනොත් විනාසයි...' 'කාට හෙණ ගැහුවත් කමක් නෑ, මම බේරිලා ඉන්න ඕනේ...' වගේ කල්පනාවල් එක්ක! ඒ කල්පනාවල් චුට්ටක් පැත්තකින් තියල, ඇඟත් එක්ක පොඩ්ඩක් 'සෙල්ලම් කරලා' බලමු!! පීනන්න වතුරට බහින්නම එපාය!!! කට්ටියම කරන්නේ කියව කියව ඉන්න එක නේ... එහෙම බෑ ණිවන් දකින්න!! ණිවන් දකින්නේ නැතුව, වෙන වෙන කෙහෙල්මල් දැක්කට ඇති වැඩකුත් නෑ!!! ඉතින්, ප්‍රයෝගිකවම කරන්න!! කිසි දෙකට බයවෙන්න ඕනේ නෑ... පිස්සු හැදෙන්නේ / ජීවිතේ එපාවෙන්නේ / පවුල් අවුල්වෙන්නේ / රට ජාතිය පිරිහෙන්නේ වගේ අපබ්‍රංස මොකවත් වෙන්නේ නෑ!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    aththatama mokadda me 'ආස්වාදය'??
    mama danna tharamin oya kawuruwathma danne naa eka!!

    giraw wage kata paadamin, ඕක කොච්චර කරත් ඉවරයක්‌ වෙන්නේ නැහැ... ආස්වාද පස්සේ යන එක අසාර දෙයක් ලෙස දකින්න ඕනේ... kiya kiya kiwwata wadak naa maali, mokadda methana wenne kiyana eka thama thamanta hondatama therenna one!!!

    මේක වෙන හැටි මම දන්නවා!!! "ඇසට රූපයක් ගැටී චක්කු විඥානයක් පහල වේ. ආශ්වාදය හටගන්නේ ඒ විඥානය තුලයි. නැතුව ආශ්වාදය කියල එකක් ඒ බාහිර දේවල් වල නෑ. අපේ අවිද්‍යාව නිසයි එක හට ගත්තේ!!!" දැන් මෙහෙම හිතුවොත් හරිද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේක වෙන හැටි මම දන්නවා!!! "ඇසට රූපයක් ගැටී චක්කු විඥානයක් පහල වේ. ආශ්වාදය හටගන්නේ ඒ විඥානය තුලයි. නැතුව ආශ්වාදය කියල එකක් ඒ බාහිර දේවල් වල නෑ. අපේ අවිද්‍යාව නිසයි එක හට ගත්තේ!!!" දැන් මෙහෙම හිතුවොත් හරිද?

    conso,
    chuttak silence eke balagena yamuda? 'ඇසට රූපයක් ගැටී චක්කු විඥානයක් පහල වේ. ආශ්වාදය හටගන්නේ ඒ විඥානය තුලයි' mewage ehen mehen ahulagaththu bayila kaalith danna epa! mama serama karunu kiyannam aayema prashna mokawath hitinne nathiwenna??


    everybody,
    me daana karunu waradiyi kiyala hithenawaa nam, ehema hithena thaak thaman waradiyi!!!
    thamunta serama hariyatama therenakam nawatha nawatha balanna!!!
    thamunta kathandare ehempitin therunu dawasaka, meke daala thiyana ewa 100% aththa bawa therevi!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේක උවමනාවෙන්, කැමත්තෙන් බලන එක්කෙනෙක් වත් නැද්ද??
    ඉන්නවා නම් 'තරු ටිකක්' දාන්නකෝ!!
    Rate Thread කියල තියෙන්නේ... අන්න ඒවා.
    මට සැකයි, මේකට තරු දාන්න බැරිවෙන්න හදලද කියලත්... 'මාර' උන්නැහැට ඒකත් සුලුදෙයක්!!
    'තරු' ලැබුණත් නැතත් උවමනාවෙන් follow කරන උදවියට ප්‍රතිඵල දකින්න ලැබෙයි...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක උවමනාවෙන්, කැමත්තෙන් බලන එක්කෙනෙක් වත් නැද්ද??
    ඉන්නවා නම් 'තරු ටිකක්' දාන්නකෝ!!
    Rate Thread කියල තියෙන්නේ... අන්න ඒවා.
    මට සැකයි, මේකට තරු දාන්න බැරිවෙන්න හදලද කියලත්... 'මාර' උන්නැහැට ඒකත් සුලුදෙයක්!!
    'තරු' ලැබුණත් නැතත් උවමනාවෙන් follow කරන උදවියට ප්‍රතිඵල දකින්න ලැබෙයි...

    :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක උවමනාවෙන්, කැමත්තෙන් බලන එක්කෙනෙක් වත් නැද්ද??
    ඉන්නවා නම් 'තරු ටිකක්' දාන්නකෝ!!
    Rate Thread කියල තියෙන්නේ... අන්න ඒවා.
    මට සැකයි, මේකට තරු දාන්න බැරිවෙන්න හදලද කියලත්... 'මාර' උන්නැහැට ඒකත් සුලුදෙයක්!!
    'තරු' ලැබුණත් නැතත් උවමනාවෙන් follow කරන උදවියට ප්‍රතිඵල දකින්න ලැබෙයි...
    පෝස්ට් නොදැම්මහ්ට බලනවා සහෝ:D