මං හිතන්නේ මේ හුඟ දෙනෙක් කල්ප බර ගණනක් තිස්සේ බණ අහනවා ඇති, කාලෙන් කාලෙට 'ආ... අරයගෙ බණ ෂෝක්!!' 'අර අහවලාගේ බණ ෂෝක්' කිය කිය, ඔය දැන් කරගෙන යන විදියටම!!! හැමෝටම අමතක උනේ ඒ සේරම 'බණ' බුදුරජාණන්වහන්සේගෙයි කියන බව විතරයි!!! ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 84,000 ධර්මස්කන්ධයක් දේශනා කලත්, ඒ සේරම සංක්ෂිප්ත කරලා, summary එකක් හැටියට, කිව්වේ, "මේ සංසාර ගමන හරි භයානකයි, මම නම් මොහොතකට වත් මේ ගමන වර්ණනා කරන්නේ නෑ... මේ ජීවිතයෙන්ම ණිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න, ආයි නම් එන්න එපා!!" කියලයි. ඔය ටික ඔය විදියටම අහන්න ලැබුණා නම්, තමුන් අහල තියෙන්නේ 'නිවැරදි බුදු බණ' කියල හිතන්න පුළුවන්!! 'පෙරුම් පුරන්න...' 'ණිවන් සැප ලැබේවා කියල ප්‍රර්ථනා කරන්න...' වගේ කෑලි ඇහුනොත්, ඒ නම් 'වැදි බණක්'!!
මට නම් අරයගෙ බණ, මෙයාගේ බණ වැඩක් උනේම නෑ!!! මට අහන්න ලැබුණේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළ, රහතුන් වහන්සේලා දිවිහිමියෙන් ආරක්ෂා කරගෙන ආව පිරිසුදු ශ්‍රී සද්ධර්මයමයි!!! පාලි තේරෙන්නේ නැතිකම, පාලි දන්නේ නැතිකම විතරයි අපිට තිබුණු එකම අඩුපාඩුව!! අපිට, අපේ හාමුදුරුවෝ ඒ අඩුව 100%+ සම්පූර්ණ කරලා දුන්න!!! උන්වහන්සේ කිසිම බුද්ධ දේශනාවක් තමන්ට හිතෙන හිතෙන විදියට තෝරන්න ගිහින් කුරුවල් කරන්නේ නැතුව, වචනයක් වචනයක් ගනනේ තේරුම කියා දීල, හොඳ ලස්සනට, පැහැදිලිව, නිරවුල්ව, දේශනා සේරම තෝරලා දුන්න!!! උන්වහන්සේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි... උන්වහන්සේ අපට කියල දෙන්න තෝරගත්තෙත් 'වෙඩි වගේ' spirit එකෙන්ම තියන බුද්ධ දේශනා!! ඒ දේශනා තෝරලා දුන්නෙත් අවශ්‍ය තැන් highlight කර කර, 'මෙහෙමයි වෙන්න ඕනේ...' 'මෙහෙමයි හිතන්න ඕනේ...' 'මෙහෙමයි කරන්න ඕනේ...' කිය කිය!!! අපේ හාමුදුරුවෝ වගේ 'වැඩේ දැනගෙන' කරන පින්වත් උත්තමයෙක්ගේ උපකාරය ලබල ණිවන් දකින්න බැරි උනානම් විතරයි upset එක!!!
දැන් මේ මගෙන් සිද්ධවෙන additional ඒවා නම් ඉතින් මට කිසි අමුත්තක් නෑ... මම ආසාවෙන් follow කරපු හුඟාක් දේවල් වලදී උනේ මෙහෙමම තමයි!! develop වෙන එකේ සීමාවක් නෑ... මටම ඇතිවෙලා නතර කලොත් මිසක්!! ඒක මම දන්න කියන කාලේ ඉඳල සිද්ධවෙච්ච විදිය!! දැන් වැඩේ තියෙන්නේ මෙහෙමයි... මේ මාතෘකාව කලින් කූරුගාපු හැම subject එකකටම වඩා හරිම සුවිශේෂයි!!! මම දැන් අනික් කිසි එකක් care කරන්නේ නෑ... ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් වලට, යුතුකම් / වගකීම් වලට, මිසක් වෙන කිසි දෙයකට කාලේ යොදවන්නේ නෑ!! මට දුක හොඳට තේරෙනවා... ඉස්සරහ දකින්න පුළුවන් කෙළවරක් නැතුව!! දැන් කොහේ බැලුවත් පේන්නෙ මේ අතටම ලැබිච්ච අවස්ථාව මේ ඉන්න තරමක් මිනිස්සුන්ට ගිලිහිලා ගියොත් වෙන අපරාදේ විතරයි!!! මට ඥාතියෝ වෙච්ච, ආශ්‍රයට ලැබිච්ච, හිතවත් වෙච්ච කිසි කෙනෙක් තව එක වතාවක් වත් දුකට නොවැටෙන්න මට කරන්න පුළුවන් මොනවද? මම ඒ සේරම කරනවා!!! බාධා නම් කොච්චර ආවත් ඔච්චරම තමයි. මේ කෝච්චිය නවතින්නේ නෑ...
හැබැයි තමන්ට උපරිම ප්‍රයෝජනය ගන්න නම්, තමන් වැඩේට බහින්නම ඕනේ!!! වතුරට බහින්නේ නැතුව පීනන්න බෑ නේ?? ඉතින් දැන් කතාව ගෙනල්ල තියෙන්නේ අරහත්වයට පත්වෙන තැනටම!!! මේ දේවල් තමන්ට තිතටම තේරෙනකම් නැවත නැවත බලන්න ඕනෙමයි!!! ප්‍රයෝගිකව පුහුණු කරලා, තමන්ම අත්දකින්න ඕනේ දේ, කරගන්න ඕනේ තමන්මයි!!! ධර්මය අවබෝධ කරන්න, මේ ලියන ඒවා තත්පරේට වචන 50 - 60 වේගෙන් කියවගන කියවගන ගිහින්, 'ඉවරද? තව නැද්ද?' කියල අහන level එකෙන් කරන්න බෑ!!! කියල තියෙන්නේ මොකද්ද කියන එක හරියටම meaningful විදියට තමන්ට වැටහෙන කම්, එකම වාක්‍යය 10 -15 පාර හරි කියවන්න ඕනේ!!! ඊළඟට ධර්මය ඕපනයිකයි කියන්නේ, මේ කියවෙන ඒවා තමන් තුලින්ම දැකලයි 'ඇත්ත නේන්නම්!!' කියල අවබෝධ කරගන්න ඕනේ!!! දැන් එහෙම කරන්න පටන් ගන්න... ඊළඟට තියෙන්නේ කවදා කොයි කාලෙක, කොයි බුදුකෙනෙකුගෙන් ධර්මය ඇහුවත් තමන්ට කරන්න තියන ටික තමයි!!! කොච්චර පින් කර කර හිටියත්, දාන මාන දිදී සිල් රැක රැක තව කල්ප කොටි ගණනක් ගියත් මේ ටික නොකර නිකම් හිටියට නිවණ ඉබේ අවබෝධ වෙන්නේ නෑ!!! තමන් ප්‍රයෝගිකව කරන්නම වෙනවා!!! ඉතින් වැඩේට බහින්න... 'මේ සැරේ ඉවරයක් දැකල මිසක් පස්ස බලන්නේ නෑ!!' කියල try එකේම යං...