යොවුන් වියට එනකොට ඉතිං ඔය ගොඩ දෙනෙක්ට ආදරේ හිතට දැනෙන්න ගන්නවා.. ඒක තමා ඉතිං ලොකුම ප්‍රශ්නෙ..
පුංචි කාලෙ ඉතිං ඔහොම දෙයක් නැහැනේ.. කෙල්ලො කොල්ලො කියලා විශේෂයක් නෑ.. හරිම සමගියෙන් සෙල්ලම් කලා.. හැබැයි පහු පහු වෙනකොට ගෑණු ළමයි අපෙන් හෙමින් හෙමින් ඈත්වෙලා ගියා..
මම හිතන්නෙ ගෙවල් වලින් බර බරේ ඇති.. සමහර අය නම් ගෙවල් අතෑරලා ගිහිනුත් එක්ක..
නූලට අදාල නැති මගුලක්නේ මම මේ කතා කරන්නෙ..
මට වගේම ගමේ අනිත් කොල්ලො කෙල්ලොන්ටත්.. 6 වසරෙදිද කොහෙද මම මුලින්ම කොම්පියුටර් එකක් ගත්තෙ.. හැබැයි TV Game එකක් නම් තිබුණා.. ඒකත් පට්ට ආතල් ඉතිං.. ඒ කාලෙ අපිට ඕක හරි ලොකුයි..
පුංචි කාලෙ අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙම සෙල්ලම හිතේ තියාගෙන.. ගෙදර ආපු ගමන්ම ඉතින් අම්මා මූණ කට සෝඳවලා බලෙන්ම බත් කවනවා.. නැත්නම් ඉතිං සෙල්ලම් කරන්න දිව්වොත් බත් එක මතක් වෙන්නෙ නැහැනේ..
කාපු ගමන්ම ඉතිං දුවන්නෙ හතර වටේ ඉන්න කොල්ලො කෙල්ලො හොයාගෙන..

හතර වසරට විතර යනකොට එන්න එන්නම අපිට සෙල්ලමට ගෙවල් වලින් ලැබිච්ච නිදහස එන්න එන්නම වගේ අඩුවෙලා ගියා.. මොකද ශීෂ්‍යත්වය නිසා.. තාත්තා බර බරේ දාන්න ගත්තා පාඩම් කරන්න කියලා.. ඒත් ඉතිං දවසට පැය දෙක තුනක්වත් සෙල්ලම් කරනවා අම්මට නාහෙන් අඬලා ෂේප් එකක් දාගෙන..
ඉස්කෝලෙදි නම් මැච් එකක් ගහනවා P.T ටයිම් එකක් ලැබුණම.. ඒකත් ඉතිං නිකං එපා වාහෙට පලා බෙදනව වගේ තමා.. සමහර එවුන් කෙල්ලො ගැන හීන මවනවා.. තවත් එවුන් විභාගෙට කෙලවෙයි කියලා හූල්ලනවා.. ඔන්න ඔය වගේ සීන් තිබුණා..
ඒක ඉවර වුණාට පස්සෙ ඉතිං ලොකුම ලොකු කරදරේ තමා A/L.. ඔය A/L කාලෙදි තමා මගේ ෆස්ට් ලව පටන්ගත්තෙ.. ඒකට හෙනහුරා ගැහුවා වැඩි කලක් නොගිහින්ම.. ඒ ගැනම හිතලා ඉතිං පාඩම් වැඩ අතපසු වුණා.. හිතපු තරම් හොඳට මට උසස්පෙළ ගොඩදාගන්න බැරි වුණා.. හැබැයි ෆේල් වුනේ නම් නෑ.. 
ඇත්තම කිව්වොත් නිදහසේ ගෙදර ඉන්නවත් ටයිම් එකක් නෑ.. කාර්යාලෙ වැඩ වලට හිරවෙලා හරිම ඒකාකාරී ජීවිතයක් ගතකරන්නෙ.. ජීවිතේ මහා බරක් කියලා දැනෙනවා.. අර පුංචි කාලෙ තරම් සැහැල්ලුවක් නෑ.. ඒ කාලෙ ජීවිතේ හරියට හිස් අහසෙ පාවෙන පුළුන් රොඳක් වගේ සැහැල්ලුයි..
යාලුවො මුණගැහෙන්නෙත් හරිම අඩුවෙන්.. ඉතුරු වෙලා ඉන්නෙත් එකෙක් දෙන්නෙක් විතරයි.. ගොඩ දෙනෙක් කසාඳ බැඳලා..
එහෙම වුණාම ඉතින් ගොඩක් අය වෙනස් වෙනවනේ.. බැන්ඳට පස්සෙ ඉතිං යාළුවොත් එක්ක ආතල් ගන්න බැහැනේ.. කරන්න ගොඩක් දේවල් තියෙනවනේ..
තවත් සමහර අය පිටරට වැඩ වලට ගියා.. වැඩි දුර අධ්‍යාපනයට පිටරට ගියා.. දැනට අපේ සෙට් එකේ ඉන්නෙ මාත් එක්ක කොල්ලො තුන්දෙනයි.. අපි තුන්දෙනා ඉතිං දවසක් වෙන් කරගෙන සෙට් වෙනවා.. පුංචි ෆන් එකක් ගන්න.. එච්චර තමා ඉතිං සතුටකට තියෙන්නෙ..

හික්ස්... මට මතකයි බං මම ඉස්කෝලෙදි (3 වසරේ හරි 4 වසරේ හරි) එහා පැත්තේ ඉඳගෙන හිටිය එකා නැගිටලා ආයුබෝවන් කියල ඉන්දගනිද්දී මං ඌට පැන්සල තිබ්බ පුටුවේ උඩට හිටින්න..
ඒක උල උගේ ඇනුන පස්සේ.. මිනිරන් කුරේ කෑල්ලක් ඇතුලට බස්සද කොහෙද.. තුඩ.
ඊටපස්සේ හෙන සිං ඒක. ඌ අඩාගෙන ගිහින් ටීචට කිව්වා.. පස්සේ ඔෆිස් එකට අරං ගිහින් බේත් දැම්ම..
පහුවදා අම්මල ඇවිල්ල හෙන සිං ඒක... වට කරගෙන ටීචර් ල වට කරගෙන.. (මම අම්බානෙකට බය වෙලාඊට පස්සේ.. දැන් අම්මල ඇවිල්ල උගේ පස්ස පත්තබ් බලන්න, අල්ලන්න පොරකනවා
)
පස්සේ මාත් බලන් හිටිය ඉතින් ඌ වටේ කරන් කට්ටිය හෙන සිද්දියක් දී ගෙන ඉන්නවා.. මාත් ඉතින් ඔහේ ඉඳල ගෙදර ආව![]()
මෙයත් කරන වැඩ. 
මාත් ඔහොම නූලෙන් බේරුන ඒව තියෙනව ඉතින් ගහගන්න ගිහින්
සෙල්ලං කරන්න දැන් නම ගියොත් ඇවිදගන්න වත දුවා ගන්නවත් බෑ බං මේ Compuetr ඉස්සරහට වෙලා වාඩි වෙලාම.. මෙහෙම ගියොත් නම ලෙඩ වෙලා මැරෙන්නේ... පහුගිය ටිකේ ඒ නිසා ටිකක් සෙල්ලං කරා වෙලාව තමා නැත්තේ![]()
මේ සිද්දීයනම් මට කවදාවත් අමතක නොවෙන සිද්දියක්... මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා..
මමයි(6yrs) පොඩි මල්ලියෙකුයි(1 or 2yrs) මිදුලේ සෙල්ලම කර කර හිටියා...අපි කාර් වලින් සෙල්ලම් කර කර හිටියේ..අපි පොලු අරගෙන ඒවගේ ඇණ එහෙම තිබ්බා ඉතින් ඒවා ගනන් නොගෙන අපි ඒවායින් පාලම හැදුවා මාත් ඒ මල්ලිට මෙහෙම මෙහෙම කියල, කියල දීල පාලම් හැදුවා...ඔහොම ටික වෙලාවක් සෙල්ලම් කර කර ඉන්නකොට මං ඒ මල්ලිගේ කාර් එකක් අරගෙන එලවන්න ගත්තා මෙන්න ඒ මල්ලියට මල පැනල අර ඇණ තිබ්බ පොල්ලක් අරගෙන ගහපි මගේ ඔලුවට...බුදු අම්මෝ...මං කෑ ගැහුව සද්දෙට උඩහා මාමා ඇවිත් බැලුවේ..ලේත් ගලනවා හොඳටම..කොහොම හරි ඒ මාමා තමයි මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ..මගේ ඒ වැදුණු තැන හරියට හතරස්සව කොන්ඩේ බූ ගැවා
...එහෙම කරලා හිරිවට්ටල මැහුම් දැම්ම 2ක්
...
දොස්තරලා මාමට කියල තිබ්බා..හොඳ වෙලාවට ගෙනාවේ කියලත්...![]()
මෙයාටත් වෙන වැඩ. ඒකනම් ඉතින් බරපතල සිද්ධියක් අපේ ගේ ඉස්සරහා ඉන්න මනුස්සයා ඒ පොලිසියේ අයි පී උනා කියහංකො![]()
නැතුව![]()
මම දැක්කා දවල් මේ ත්‍රේඩ් එක නංගියගෙ.. ඒත් කොමෙන්ටුවක් දාන්න රෑ වෙනකම්ම හිටියා.. මොකද සුන්දර ළමාවිය ගැන කියන්න ගොඩක් දේවල් තියෙන නිසා..
ඔය ගැන කතා කරනවා නම් අපි කාගෙත් සුන්දරම කාලෙ අපේ ළමා කාලෙ.. ඇත්තටම හරිම සැහැල්ලුවෙන්, නිදහසේ ජීවිතේ ගෙවලා දමපු කාලයක්.. ජීවිතේ ගැන ලොකුවට බලාපොරොත්තු තිබුණෙ නෑ.. ඕකට හේතුත් තියෙනවා ඉතිං.. අපි ඉතින් හැමදාම එකම තැන ඉන්නෙ නැහැනේ.. දවසින් දවස, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය අපි කාලයත් එක්ක වෙනස් වෙනවා.. ඒ කිව්වෙ වයසට යනවා.. ඒ හැම තත්පරයකම වගේ අපි ජීවිතේට යම් දෙයක් එකතු කරගන්නවා.. හොඳ හෝ නරක.. ඉතිං අපි එන්න එන්න දැනුමින් පරිපූර්ණ වෙනවනේ.. කාලයත් එක්ක අපේ ජීවිතයට අභියෝග, ප්‍රශ්න ඔය හැමදෙයක්ම එන්න ගන්නවා.. ඉතින් දැන් නම් අපිට හිතෙන්නෙ ජීවිතේ හරිම බරක් කියලා..යොවුන් වියට එනකොට ඉතිං ඔය ගොඩ දෙනෙක්ට ආදරේ හිතට දැනෙන්න ගන්නවා.. ඒක තමා ඉතිං ලොකුම ප්‍රශ්නෙ..
පුංචි කාලෙ ඉතිං ඔහොම දෙයක් නැහැනේ.. කෙල්ලො කොල්ලො කියලා විශේෂයක් නෑ.. හරිම සමගියෙන් සෙල්ලම් කලා.. හැබැයි පහු පහු වෙනකොට ගෑණු ළමයි අපෙන් හෙමින් හෙමින් ඈත්වෙලා ගියා..
මම හිතන්නෙ ගෙවල් වලින් බර බරේ ඇති.. සමහර අය නම් ගෙවල් අතෑරලා ගිහිනුත් එක්ක..
නූලට අදාල නැති මගුලක්නේ මම මේ කතා කරන්නෙ..
මගේ පුංචි කාලෙ ගැන කියනවා නම් ඒ කාලෙ තමා මම ගොඩක්ම සතුටින් ඉඳපු කාලෙ.. මතක්වෙන හැම වෙලාවකම වගේ හිතට ලොකු දුකක් දැනෙනවා.. අපේ ඉස්කෝලෙ.. ඉස්කෝලෙ යාලුවො.. ගමේ සෙට් එක.. ඔය හැම කෙනෙක්ම.. මොකද දැන් ඔය කවුරුවත් ආසාවටවත් දකින්න නෑ.. එකෙක් දෙන්නෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නෙ.. හිතට දුකක් දැනෙන්නෙ ඒ නිසා..
මට ඉතිං ඒ කාලෙ කොම්පියුටර් තිබුණෙ නෑ..මට වගේම ගමේ අනිත් කොල්ලො කෙල්ලොන්ටත්.. 6 වසරෙදිද කොහෙද මම මුලින්ම කොම්පියුටර් එකක් ගත්තෙ.. හැබැයි TV Game එකක් නම් තිබුණා.. ඒකත් පට්ට ආතල් ඉතිං.. ඒ කාලෙ අපිට ඕක හරි ලොකුයි..
පුංචි කාලෙ අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙම සෙල්ලම හිතේ තියාගෙන.. ගෙදර ආපු ගමන්ම ඉතින් අම්මා මූණ කට සෝඳවලා බලෙන්ම බත් කවනවා.. නැත්නම් ඉතිං සෙල්ලම් කරන්න දිව්වොත් බත් එක මතක් වෙන්නෙ නැහැනේ..
කාපු ගමන්ම ඉතිං දුවන්නෙ හතර වටේ ඉන්න කොල්ලො කෙල්ලො හොයාගෙන..
අපේ වත්ත ඒ තරම් ලොකු නෑ.. ඒක නිසා සෙල්ලම් කරන්න පොට් එකක් නෑ.. හැබැයි අපේ වත්තට පහල තියෙනවා තඩිම තඩි වත්තක්.. ලොකු පිට්ටෙනි කෑල්ලකුත් එක්ක.. ඉතින් අපි ඔක්කොම එකතුවෙලා සෙල්ලම් කරන්න යන්නෙ ඔය පිට්ටෙනියට තමයි.. හරියටම මාත් එක්ක කොල්ලො 8 දෙනෙක් හිටියා ඒ කාලෙ.. කෙල්ලො නම් දෙන්නයි හිටියෙ.. ඒ දෙන්නත් අපිත් එක්ක සෙල්ලම් කරන්න එනවා..
ඔය කාලෙ කරපු සෙල්ලම් නම් ඉතිං ගස් කොඩි.. අයිස් පයිස්.. හොරා පොලිස්.. ඔන්න ඔය වගේ දේවල් තමා.. ඔය සිංදු ඒවා මේවා කියන්න නම් මම ඉස්සර හරිම අකමැතියි.. අනිත් අය නම් කියනවා.. මම අහගෙන ඉන්නවා.. දැන් නම් ඒ හැටි මතකයක් නැහැ.. එකක් මතකයි.. ඒකත් හරිද මංදා..
මහ මුහුදේ නැවක් ගියා එංගලන්තෙට..
නැවේ හිටිය තට්ට මාමා පැන්නා මුහුදට...
මුහුදේ හිටපු ගල් මෝරා ඇන්නා තට්ටේට..
තට්ට මාමා ගොඩ ආවේ ලේ පෙරාගෙන..
හෙමින් හෙමින් ඉතිං කාලය අපිටත් නොදැනිම ගෙවිලා ගියා..හතර වසරට විතර යනකොට එන්න එන්නම අපිට සෙල්ලමට ගෙවල් වලින් ලැබිච්ච නිදහස එන්න එන්නම වගේ අඩුවෙලා ගියා.. මොකද ශීෂ්‍යත්වය නිසා.. තාත්තා බර බරේ දාන්න ගත්තා පාඩම් කරන්න කියලා.. ඒත් ඉතිං දවසට පැය දෙක තුනක්වත් සෙල්ලම් කරනවා අම්මට නාහෙන් අඬලා ෂේප් එකක් දාගෙන..
9, 10 වගේ පංති වලට යනකොට ඇත්තටම සෙල්ලක්කාර ජීවිතේ අපෙන් ඈත් වෙලාම ගියා.. ටියුෂන් පංති යන්න ගත්තම ඉතිං මොන සෙල්ලම්ද.. ඉස්කෝලෙ ගිහින් ඇවිත් බත් එක කාපු ගමන්ම ටියුෂන් පංති යනවා..ඉස්කෝලෙදි නම් මැච් එකක් ගහනවා P.T ටයිම් එකක් ලැබුණම.. ඒකත් ඉතිං නිකං එපා වාහෙට පලා බෙදනව වගේ තමා.. සමහර එවුන් කෙල්ලො ගැන හීන මවනවා.. තවත් එවුන් විභාගෙට කෙලවෙයි කියලා හූල්ලනවා.. ඔන්න ඔය වගේ සීන් තිබුණා..
ඉතිං ක්ලාස් ගිහිල්ලා ගිහිල්ලා, පාඩම් කරලා කරලා O/L හරිම අමාරුවෙන් ගොඩදාගත්තා..ඒක ඉවර වුණාට පස්සෙ ඉතිං ලොකුම ලොකු කරදරේ තමා A/L.. ඔය A/L කාලෙදි තමා මගේ ෆස්ට් ලව පටන්ගත්තෙ.. ඒකට හෙනහුරා ගැහුවා වැඩි කලක් නොගිහින්ම.. ඒ ගැනම හිතලා ඉතිං පාඩම් වැඩ අතපසු වුණා.. හිතපු තරම් හොඳට මට උසස්පෙළ ගොඩදාගන්න බැරි වුණා.. හැබැයි ෆේල් වුනේ නම් නෑ..
දැන් නම් ඉතිං එක සෙල්ලමක්වත් නෑ..ඇත්තම කිව්වොත් නිදහසේ ගෙදර ඉන්නවත් ටයිම් එකක් නෑ.. කාර්යාලෙ වැඩ වලට හිරවෙලා හරිම ඒකාකාරී ජීවිතයක් ගතකරන්නෙ.. ජීවිතේ මහා බරක් කියලා දැනෙනවා.. අර පුංචි කාලෙ තරම් සැහැල්ලුවක් නෑ.. ඒ කාලෙ ජීවිතේ හරියට හිස් අහසෙ පාවෙන පුළුන් රොඳක් වගේ සැහැල්ලුයි..
යාලුවො මුණගැහෙන්නෙත් හරිම අඩුවෙන්.. ඉතුරු වෙලා ඉන්නෙත් එකෙක් දෙන්නෙක් විතරයි.. ගොඩ දෙනෙක් කසාඳ බැඳලා..
එහෙම වුණාම ඉතින් ගොඩක් අය වෙනස් වෙනවනේ.. බැන්ඳට පස්සෙ ඉතිං යාළුවොත් එක්ක ආතල් ගන්න බැහැනේ.. කරන්න ගොඩක් දේවල් තියෙනවනේ..
තවත් සමහර අය පිටරට වැඩ වලට ගියා.. වැඩි දුර අධ්‍යාපනයට පිටරට ගියා.. දැනට අපේ සෙට් එකේ ඉන්නෙ මාත් එක්ක කොල්ලො තුන්දෙනයි.. අපි තුන්දෙනා ඉතිං දවසක් වෙන් කරගෙන සෙට් වෙනවා.. පුංචි ෆන් එකක් ගන්න.. එච්චර තමා ඉතිං සතුටකට තියෙන්නෙ..
ඕක තමා ඉතිං කතාව.. මේ දේත් ඉතිං කියන්නම ඕනෙ නගේ..
දැන් ඉන්න ගොඩක් පොඩි ළමයින්ගෙ ළමාවිය අපිට වඩා හාත්පසින්ම වෙනස් වෙලා.. ඒ කියන්නෙ තාක්ෂණයත් එක්ක එයාලා ගමන් කරන්නෙ.. අපි වගේ ගස් කොඩි, අයිස් පයිස්, ගැංගි මුත්තං කරන්නෙ නැහැ එයාලා.. ආපු ගමන්ම කොම්පියුටර් එක තමා එයාලා අතට ගන්නෙ.. ඉතිං දවසෙම කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනවා.. මම නම් හිතන්නෙ ඒකෙ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනව කියලා.. පුංචිම කාලෙදි කොම්පියුටර් එකක් අරන් දෙන දෙමාපියො වැරදියි..
අනිත් එක එයාලා ටිකෙන් ටික ලොකු වෙනකොට සයිබර් එකට හෙමීට අඩිය තියන්න ගන්නවා.. ගෙදර ඉන්ටර්නෙට් නැති වුණත් කැෆේ එකකින් හරි ඒ වැඩේට බහිනවා.. දැන් ඉතිං හැම තැනම කැෆේ තියෙනවනේ.. ඉතින් මුලින්ම කරන්නෙ ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න එක.. ඕකෙන් ගොඩ දෙනෙක් තමන්ගෙ මුළු ජීවිතේම අවුල් කරගන්නවා.. ඒ ගැන නම් කියන්න දුකයි..
අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන අපේ ජීවිත වලට හොඳ දෙයක් ලං කරගන්න.. නරක දේවල් ජීවිතෙන් ඈත් කරන්න.. නැත්නම් ජීවිතේ ගොඩක් තැන් වරදින්න පුලුවන්.. දැන් ඉන්න පොඩි එවුන්ට හොඳ නරක කියාදෙන්න අමාරුයි.. උන් අපිට උගන්නන්න එනවනේ..
නංගිට බොහොම ස්තුතියි මේ වගේ වටිනා නූලක් දැම්මට.. ඔයාට ජය!!
පොඩි කාලේ මාව කාපු එකා අපේ අයිය තමයිමං එකක් කියන්නද ?![]()
![]()
ලියන්න දෙයක් නෑ කියහන්කෝ....![]()

හෑ.., පුංචි කාලේ කරපු දේවල් ගැන දාපු thread එක දැන් තවත් එක් මඩ thread එකක්ම වී ඇත...
කස්ටියට මතකද ඉස්සර මේ වගේ බයිසිකල් එකේ අයිස් ක්‍රිම් අරන් එනවා විකුනන්න ,
![]()
![]()
bombai motai
ඉස්සර බෙල් එකේ සද්දේ ඇහෙනකොට දුවනවා ගිහිං කියනවා චුට්ටක් ඉන්න සල්ලි අරන් එන්නම් කියල..හොරෙන් සල්ලි උස්සනවා 

රුපියල් 5ක් හොඳටම ඇති...ගොඩාක් හම්බෙනවා 
![]()
ඉරි අල්ලලා තමයි බැටින් ඕඩර් එක හදන්නෙ.....අන්තිම එකා ගෙ ඉඳලා බෝලින් පටන් ගන්නෙ.
...අන්තිමට බැට් කරන්නේ මං ඉතින්..ඒත් ඔවෙර් ඉවර උනොත් මට බැට් කරන්නත් නැහැ
nice thread .it's feeling sooooooooo coool when reading this ......matanam mathaka podi kale igena gaththa kawiyak witharai ..
වත්තට යන්නම් මලක් කඩන්නම්
අම්මට දෙන්නම් දීල වදින්නම්
පොත් ටික ගන්නම් පාසෑල් යන්නම්
අකුරු ලියන්නම් ජයක් ලබන්නම්ම්....![]()

හොද පුතා;13776246 said:අත්තක පත්තක පාලු කනත්තක පොලොංගු දෙන්නෙක් විලංගු දාගෙන හව්වයි මුත්තේ හව් නාග තයිල කුප්පි තයිල පොල් අබරන පිස්තෝලේ ඩුම්
Jim pappa jim pappa linde wetila...kiyala sinduwaknan mathakai mathakai wage...![]()

නෑවක් උඩින් නෑවක් ගිය එන්ගලන්තෙට එකේ හිට්ය නොන කෙනෙක් පෑන්න මුහුදට කොඉ නොනා කලිසම මාලු කෑව කලිසම ටක් ට්ක් ටුක්
ඔට්ටුiiiiiiiiiiiiiiiiii








එකම්පෙත්ත, දෙකම් පෙත්ත, තුනම් පෙත්ත, හතරං පෙත්ත, පහං පෙත්ත 


හපොයි.. කඩං ගියාම කිව්වමයි මතක් උනේ...![]()
ලස්සන මොනරෙක් හැටියා... ගිය අවුරුද්දට කලිං අවුරුද්දෙ...
ඒක උඩ ඇරලා අපි ගෙදර ආවා... වෙලේ ගැට ගහලා... ගෙදරටත් නියමෙට පේනවා...
දවල් බත් කකා ඕක දිහා බලං ඉන්නකොට.. මෙන්න මේක කඩං යනවා
අයියෝ සල්ලි... අල්ලපු ගෙදර එකාටත් කථා කරං මෝට සයිකලේ අරං ගියා එලවගෙන...
කොහෙ හොයන්නද.. මාහේන පාර කියලා පාරක් තියෙනවා.. අන්න එහෙ තන්දක් තියෙනවා.. ඒ කන්දට තමයි පල්ලෙහා වෙලේ අරින සරුංගල් කඩං ගියාම යන්නෙ...
අපි ඔය මාහේන පාරෙ කන්ද හරියෙ බලලා ආයෙ හිස් අතින්ම එද්දි....
මෙන්න මීගහවත්ත පොලිසියේ මාමිලා දෙන්නෙක් එනවා ඉස්සරහට![]()
![]()
මගෙ ඩ්‍රයිවින් ලයිසන් එක ගෙදර... දෙන්නටම හෙල්මටුත් නෑ.. අනික කොහෙද ඉදං ආපු දෙන්නෙක් වගේ..![]()
කෝ කියලා ඇහුවා ලයිසන් ,හෙල්මට්...
මං කිව්වා ඒවා ගෙදර සර් කියලා...
ආ එහෙනං ගෙදර ගිහිං ඒවා අරං එනවා කිව්වා...
බයික් එක පොලිසියෙං අරං ගියා...
හපොයි අපි දෙන්න දුවගෙන දුවගෙන ගෙදර ඇවිත්... ලයිසන් එකත් අරං හෙල්මට් එකකුත් අරං ආයෙ පොලිසියට ගියා...
ඔන්න ඉස්සෙල්ලම මං දඩයක් කාපු දවස..
මීගහවත්ත පොලිසියේ රාලහාමිලා කවදාවත් සරුංගල් ඇරලා නෑ![]()
![]()
maara amaru kaarayone inne
anyway thx kiuwwa onna


