කොහොමද අයියෙ සෑහෙන කලකින් දුටුවේමල්ලියේ මමත් හිටියේ කම්මැලි වීලා
බැලුවා User CP එක ක්ලික් කරලා
දැක්කා ත්රෙඩ් එක තියෙනවා එහි රැදිලා
නිකමට වගේ බැලුවා මම ක්ලික් කරලා
පහු ගිය ටිකේ නිදහස හිත නැහැ රැදිලා
මැරුවා රිසානා උන් ඇගේ හිස සිඳලා
ඒ ගැන දුකක් ඇත මගේ පපුවේ රැදිලා
රජාට ගිහින් එන්නට හිතෙනවා කෙලලා
ඇත්තට දුකයි මල්ලියේ ඇය ගැන අහලා
ගෙතුවා පද ටිකක් මම ඒ දුක දැනිලා
දැමුවා නූල මා "කවි කොලයක්" කියලා
මල්ලි තවම නැහැ නොවැ ඒ ටික බලලා
උනුසුම යන්ට කලියෙන් හිස සිඳ ඇගේ
ගැටුනා තවත් නූලක් දෙනයන මාගේ
කැම්පස් එක ඇතුලේ ගුටි කෙලියක් වාගේ
නොහැගෙයි වරද මා හට කව්රුද කාගේ
පලකට නොමැත මා තව එහි තතු බලලා
දැම්මා කමෙන්ට් එක හැගෙනා දේ ලියලා
කවි රස බෙදා ගැනුමට එන විට දුවලා
මල්ලී ඔයත් යන්නට ගොස් ඇත පැනලා
මාස ගණනකට පසු ඔබ මෙහි ආවේ
ඔබ ඔය කියන කවි ටික මම නෑ දුටුවේ
එනමුත් යමක් පවසන්නට මම සිතුවේ
සිංහල අපේ තිබෙනා උණුවෙන හිතට
දැනුනත් ඇගේ මරණය ගැන ඒ ලෙසට
මොලයක් හැඟීමක් නැති අර ඌරන්ට
අපමෙන් හැඟීමක් නෑනේ කිසිම විට
මවකට සිටින වටිනා දෙය දරුවාය
මිනිසා මෙන්ම සතුන් හටත් එය පොදුය
එනමුත් ඇගේ මව හට ගාණක් නැතිය
දෙවියන් ඇයව මැරුවා යැයි පවසයිය
ඇගේ මවටවත් එය ගාණක් නැති නම්
ඇගේ ජාතියම මුනිවත රකිනවනම්
පැත්තක සිටින අපිට තියන කැහිල්ල නම්
අපිටත් මොටද අමාරුවක් සිතනව මම්
හැඟීමකින් ඔබ ඇය ගැන ලියනු ඇතී
එනමුත් ඌරන්ට එය ගාණකුත් නැතී
දෙවියන් දුන් තීතිය යැයි සිතන් ඇතී
ඕවා ඉතින් කතාකරල වැඩක් නැතී
ඇයගේ නමින් නූල් ගොඩක් පලවූවත්
මම නම් ඒවා බැලුවෙම නෑ නිකමටවත්
අම්මට නොමැති නම් අවුලක් කොහොමටවත්
අපිටත් කිසිම අවුලක් නෑ එච්චරවත්
සමාවෙන්න ඔබගේ හිත රිදුනා නම්
ඔය සිද්ධිය මේ ලෙසටයි දකින්නෙ මම්
තවමත් ඔබ මෙහි රැඳිලා ඉන්නව නම්
ලියමුද කවි තරඟෙට වාගේ එහෙනම්
