.::KAVIYEN KAVIYA 2::.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වේළුසුමන උබ හට ..........................ආයුබෝවන්
    දැක්කේ නැහැනේ උබ එළකිරියේදී ..................බන්
    සෙට් උන මිතුරු කැල ........................වාසනාවන්
    අයෙත් සෙට් උනොත් අපටත් ....................කියපන්


    සෙට් වෙමු කියනවා අපේ මේ ගස් ...නරියා
    මුඩිය පෑගුනත් ඇති ඕකට ...............වැඩියා
    හැපුමට හොඳයි තිබුනෝත් උරෙක් තඩියා
    බෝතල් දෙකක් කෙලිනට මම වෙමි දෙය්යා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෙට් වෙමු කියනවා අපේ මේ ගස් ...නරියා
    මුඩිය පෑගුනත් ඇති ඕකට ...............වැඩියා
    හැපුමට හොඳයි තිබුනෝත් උරෙක් තඩියා
    බෝතල් දෙකක් කෙලිනට මම වෙමි දෙය්යා.
    බෝතල් දෙකක් මට නම් බොන්නට........බැරි‍ය
    බාග‍ය මගේ ගානට හොඳටම................ඇති‍ය
    පමණට වැඩි‍ය බීලා විඳවනු..................බැරි‍ය
    ගානට ගැසුවොතින් කිසි අවුලක්...........නැති‍ය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපි වැනි අලුත් කබ්බොන් හට බි‍ය............වීලා
    මම නම් ගොසින් නැත කිසි විටකදි...........පැනලා
    වැඩි‍ය ආවොතින් මෙහි ‍යලි උඩ..............පැනලා
    රතු කරනව දැනගන් රෙප් ටික................කපලා


    රේප් කියන්නේ මොන මගුලක්ද ......... යකෝ
    උබට ඕව විකුණන්නට හැකිද ..............යකෝ
    හම්පඩ rexa එළකිරියේ පොරද .........යකෝ
    අ@ දෙක තලා ගන්නතුම හිදින් ,..........#කෝ
     
    • Like
    Reactions: Rex921

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රට හැමතැනම තරු වැටෙනව...........කිව්වාට
    මම නම් දැකලා නෑ ඒවා ඇස්.............දෙකට
    වැටුන නමුත් ඕවා එක එක...............තැනට
    ඒකෙන් තිබෙන පල‍ය කුමක්දැ‍යි............අපට

    පිළිගන්නට යමක් දෑසින් දැකිය .........යුතු
    කියනව අප මැතිදු කවියෙන් නොයෙක් ගතු
    වැර්ලෙස් එකෙන් කියනා නොදුටු ......තතු
    පිළිගනු කෙලෙස ඒවා නම් බොරුයි ....ගෙතු
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ඔෆිස් එකේ පුටුවෙන් නැගිටිනු බැරිය
    file මිටි ගණන් අත්සන් කල යුතුය
    ඊයේ ගහපු අයිසත් දියෙවෙන සුළුය
    බොසාට ඉව වැටුනොත් බේරෙනු බොරුය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෝතල් දෙකක් මට නම් බොන්නට........බැරි‍ය
    බාග‍ය මගේ ගානට හොඳටම................ඇති‍ය
    පමණට වැඩි‍ය බීලා විඳවනු..................බැරි‍ය
    ගානට ගැසුවොතින් කිසි අවුලක්...........නැති‍ය


    ඉස්සර මමත් ගත්ත බෝතල්ම .........ගණන්
    දුන්නා හැමෝටම අතල් දුසින් ..........ගණන්
    බැන්ද මමත් වියදම් කර මහා ............ඉහලින්
    දැන් මා ගෙදර හෝදනවා වළං ..........පිගන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රේප් කියන්නේ මොන මගුලක්ද ......... යකෝ
    උබට ඕව විකුණන්නට හැකිද ..............යකෝ
    හම්පඩ rexa එළකිරියේ පොරද .........යකෝ
    අ@ දෙක තලා ගන්නතුම හිදින් ,..........#කෝ
    රෙප් විකුණන්න පුලුවන්දැ‍යි මෙහි.......අහලා
    හෙමින් සැරේ උඹ මට රෙපකුත්.........එවලා
    මේවා දැකලා අම්බානක..............හිනැහීලා
    ඔන්න දුන්න උඹටත් මම ණ‍ය.........ගෙවලා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වේළුසුමන උබ හට ..........................ආයුබෝවන්
    දැක්කේ නැහැනේ උබ එළකිරියේදී ..................බන්
    සෙට් උන මිතුරු කැල ........................වාසනාවන්
    අයෙත් සෙට් උනොත් අපටත් ....................කියපන්

    මා ප්‍රිය මිතුර ඔබටද ආයුබෝ.........වේවා
    ඊයේ වැඩ නිසා එන්නට බැරි...........වූවා‍
    ඉද හිට සෙට් උනත් මම හොද පොඩි.හාවා
    එනවානම් උඹත් ගන්නෙමි අපි......නාවා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කාලෝ අයන්තියි දැන් රකුසට ............යන්න
    ළදරුවෝ සවොම දග කෙරුමෙන් ....වලකින්න
    අදමෙන් හෙටත් එන්නෙමි ඔවදන්.......දෙන්න
    කැනහිල් රැලට කෙසරිදු මෙන් ...බැබලෙන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන්චි පුතා;14462076 said:
    ඔෆිස් එකේ පුටුවෙන් නැගිටිනු බැරිය
    file මිටි ගණන් අත්සන් කල යුතුය
    ඊයේ ගහපු අයිසත් දියෙවෙන සුළුය
    බොසාට ඉව වැටුනොත් බේරෙනු බොරුය

    බලපන් මචන් rexa කියනා ............ වස්සා
    පුප්පගෙන බලයි දික් කරමින් ..........හොස්සා
    rep කපනවලු පරනලු ඒ ..............ලොක්කා
    දෙන්නට හිතයි පනිනට උගේ වම ......හක්කා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පිළිගන්නට යමක් දෑසින් දැකිය .........යුතු
    කියනව අප මැතිදු කවියෙන් නොයෙක් ගතු
    වැර්ලෙස් එකෙන් කියනා නොදුටු ......තතු
    පිළිගනු කෙලෙස ඒවා නම් බොරුයි ....ගෙතු
    පාරේ තිබෙන කලු ගල් කැට‍යක්.........දැකලා
    සමහරු කි‍ය‍යි උල්කාවක් වැනි...........කි‍යලා
    එම බොරුවට ගොඩක් එවුන්............රැවටීලා
    පතුර‍යි බොරුව හැමතැන එක දෙක......කරලා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ගාසෝ උබ නැතුව මුන් මට කරපු විනේ
    යට කලිසම පමණයි මට ඉතුරු උනේ
    අදත් ගේම ඉල්ලලා උබ හතර කොනේ
    පැනල ගියොත් ගහනවා උස්සලා පොලේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඉස්සර මමත් ගත්ත බෝතල්ම .........ගණන්
    දුන්නා හැමෝටම අතල් දුසින් ..........ගණන්
    බැන්ද මමත් වියදම් කර මහා ............ඉහලින්
    දැන් මා ගෙදර හෝදනවා වළං ..........පිගන්

    මට දුක සිතෙයි උඹ ගැන ඇත්තටම........මචං
    කරන්න ඕන දේ මම දැන් කියමි...........මචං
    හිත දැඩි කරන් පලයන් උඹ ගෙදර.........මචං
    බාරිට කියා හෝදවපං වලං.................මචං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෝ අයන්තියි දැන් රකුසට ............යන්න
    ළදරුවෝ සවොම දග කෙරුමෙන් ....වලකින්න
    අදමෙන් හෙටත් එන්නෙමි ඔවදන්.......දෙන්න
    කැනහිල් රැලට කෙසරිදු මෙන් ...බැබලෙන්න
    එල එල එහෙම නම් හෙට ‍යලි සෙට්.......වී‍යන්
    අද මෙන් ‍යලිත් ආපහු ඔවදන්..............දීපන්
    අපිට කි‍යා උඹ දඟ වැඩ නොකර...........ඉඳින්
    දවසේ ඉතිරි කාල‍ය සතුටින්.............ගෙවපන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෙප් විකුණන්න පුලුවන්දැ‍යි මෙහි.......අහලා
    හෙමින් සැරේ උඹ මට රෙපකුත්.........එවලා
    මේවා දැකලා අම්බානක..............හිනැහීලා
    ඔන්න දුන්න උඹටත් මම ණ‍ය.........ගෙවලා


    සිංහල කමට කවි කිවත් බැන....... වැදිලා
    නැ කිසි බේධ අපි සැමෝම යයි .....මැරිලා
    සමහර අයගේ සිංහල කම වල් ......වැදිලා
    ගන්නට ඕනි ඒ සැමදෙන ........ඇහැරවලා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    rexa ඇවිත් වැඩ දමනා සැටිද පෙනේ
    හඩු ගඳ ගසන රකුසා හට මොකද උනේ
    රෙප් ටික අරන් ඔබලා උගේ හැකර කටේ
    පන්නමු වදිනකම් ඌ එලකිරිය වටේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලපන් මචන් rexa කියනා ............ වස්සා
    පුප්පගෙන බලයි දික් කරමින් ..........හොස්සා
    rep කපනවලු පරනලු ඒ ..............ලොක්කා
    දෙන්නට හිතයි පනිනට උගේ වම ......හක්කා
    රෙප් කපනවට උඹ ඔච්චර බ‍ය.......නැත්තන්
    මට දැන් රෙපක් දුන්නේ ඇ‍යිදැ‍යි......කි‍යපන්
    කටමැද දොඩවනා උඹ වැනි.....හැලගෙම්බන්
    දැකලා ති‍යනවා මම නම් ඕන...........තරන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට දුක සිතෙයි උඹ ගැන ඇත්තටම........මචං
    කරන්න ඕන දේ මම දැන් කියමි...........මචං
    හිත දැඩි කරන් පලයන් උඹ ගෙදර.........මචං
    බාරිට කියා හෝදවපං වලං.................මචං


    හා හා ඇහෙයි බන් ඕව..................... ගැනිට
    විසුමක් වෙන්නේ නැහැ අදනම් අනේ..........මට
    පහුගිය දොහේ කියලා රෙදි ..............සොදන්ට
    කැවා ඉපල් පාරක් පු# හම .................යන්ට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංහල කමට කවි කිවත් බැන....... වැදිලා
    නැ කිසි බේධ අපි සැමෝම යයි .....මැරිලා
    සමහර අයගේ සිංහල කම වල් ......වැදිලා
    ගන්නට ඕනි ඒ සැමදෙන ........ඇහැරවලා
    ඉස්සර එ‍යට කෑගැහද්දි........එලකිරි‍යේ
    සමහර එවුන් ජාතිවාදි...........පැවසූ‍යේ
    ඒක හින්දා මම නෑ ‍යලි........කෑගැසු‍යේ
    මම පාඩුවෙ‍යි එදාට පසු...........සිටි‍යේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් ඇතේ දැන් ‍යන්නට...............සිදුවීලා
    ඉක්මනටම ‍යා‍යුතු වෙ‍යි මෙ‍ය...........හැරලා
    එහෙනම් ඉන්න සෙට් එකටම.......සුභ පතලා
    මම ‍යනවා දැන් මෙතනින්.........මාරු වෙලා