umba hari, kawuru hari.. mata oppu karapan, pennapan, niwana kiyala ekak thiyanawa kiyala? api eththatama kohomada danne niwanak thiyanawada nedda kiyala? apita niwana me jeewithedi windinna behe ne, niwana eththatama therum ganna merennama oni ne, kotinma newatha ipadeemak ne kiyana eka, api eeka kohomada danne? api kohomada oppu karanne budu hamuduruwo newatha ipadila ne kiyala? api kawuruth ape giya athma gena danne nehe ne. ane manda ban.. harima sankeernay.. mata nam niwanak denma oni ne, niwan yanna issella godak weda thiyanawa karanna..
ඔබ හරියටම හරි. සරලවම/කෙටියෙන්ම කිවුවොත් "ලිංගික සමිබන්ධයක් පැවැත්විය හැක්කේ නීත්‍යානුකුල භාර්යාවක්/භාර්යාවන් සමඟ පමණයි"


ඒ සහෝගේ මතය.. සහෝ ප්දස සංයෝජන වල තියෙනවා විචිකිච්චාව කියලා එකක්.. ඒ කියන්නේ සැකය සැකය ගැන කතා කරද්දි අපි බුද්ධාදී අට තැන්හි සැකයක් ගැන කතා වෙනවා.. අන්න ඒ බුද්ධාදී අට තැන් වල ඔය නිවන ගැනත් සඳහන් වෙනවා.. අපි පෘතජ්ජනයින් නිසා ඔය සැකය ඇතමුන්ට තියෙන්න පුලුවන්... නිවන් යන්න අපිට පින නැති නිසයි සහෝ මේ සසරේ තවම දුක් විඳීන්නේ.. නමුත් මෙතේ බුදුන් හෝ දැක නිවන් යෑම මගේ අරමුනයි.. ඒ කෙසේ වෙතත් ධර්මය රකින්නාව ධර්මය විසින් රකිනු ලැබේ කියන නිසා ඒ අනුව පුලුවන් තරම් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා...
සහෝගේ මුල් මතය මම හිසටත් ඉහලින් පිළිගන්නවා.. අපි ජිවිත සංකීර්ණ කර ගැනීම නෙමෙයි ධර්ම කරුණු දැන සිටීමයි වැදගත්.. නමුත් තමුන්ට එතනින් ඔබ්බට අවශ්‍යයනම් පමණක් ඒ අනුව තම ජිවිතය ගෙන යන්න පුලුවන්.. සහෝ බහු භාර්යයා කතාවට විසඳුම දෙන්නම් ඕක පොඩ්ඩක් skip කරලා තියන්නකෝ... මට ඒකට ටික වෙලාවක් ඕනේ...

හෑ මම මුස්ලිම්.? උඹ මගෙත් කොන බලෙන් කප්පවන්නද හදන්නේ.? උඹ මම මුස්ලිම් කියල හිතන්ද බං මෙච්චර වෙලා බහු භාර්යයා සීන් එක දැම්මේ.? හිටපන් ඉවසලා ඒ ගැන දෙන්නම් අනිවා ළඟදිම.දැන් එතකොට උඹ අල්ලහ ව නෙමෙයිද අදහන්නේ???![]()
එල එල කියවලා බලලා උත්තරයක් දෙමුකෝ....![]()
බෞද්ධ දර්ශණය practical විදියට යොදාගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. ත්‍රිපිටකය කියවන්න, ඒ කියන දේවල් එහෙන් පිටින්ම ක්‍රියාවකට නගවන්න කලින් අවබෝධ කරගන්න
තව දෙයක් මේ එක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා.
"විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?"
නෙමෙයි
"භාරකාරයෝ ඉද්දි ඔවුන්ගේ අවසරය නොමැතිව ලිංගික එක්වීම පවක්ද.?"
තව කෙනෙක් කිව්ව වගේ කාත් කවුරුවත් නොමැති ගෑනු කෙනෙක් එක්ක (job එකක් කරලා ජීවත් වෙන) විවාහ නොවී කාගෙන්වත් අවසර නැතිව ලින්ගිකව එක්වන්න පුලුවන්නේ...

හෑ මම මුස්ලිම්.? උඹ මගෙත් කොන බලෙන් කප්පවන්නද හදන්නේ.? උඹ මම මුස්ලිම් කියල හිතන්ද බං මෙච්චර වෙලා බහු භාර්යයා සීන් එක දැම්මේ.? හිටපන් ඉවසලා ඒ ගැන දෙන්නම් අනිවා ළඟදිම.
සහෝ Off Topic කතා කරන්න එපා..කාත් කවුරුවත් නැති තනිව ජීවත් වෙන කෙනෙක් එක්ක හැසිරෙද්දි කැඩෙන විදිහ මම ත්‍රෙඩ් එකේම කියලා තියනවා සහෝ.. කියන්න තියෙන්න මුල සිට කියවන්න ආයේමත්.. මේ ත්‍රෙඩ් එක මම දාපු ඔක්කොම තව එක පාරක් මුල ඉඳන් කියවලා කරුණු එකිනෙක පෙළ ගස්සව ගන්න.. මේකත් හරියට ජාලයක් වගේ එක සූත්‍ර දේශනාවක කරුණු අනික් සූත්‍ර දේශනාවත් එක්ක සම්බන්දයි.. නැතුව මේ එක තැනකින් කෑල්ලක් අල්ලගෙන ඒක තර්ක කරලා ඒකට අනික් තැනින් මම සම්බන්දේ දුන්නාම ඒ තැනින් කොනක් අල්ලගෙන ආයේ කියන්න එපා.. ඕකේ සමස්ත විස්තරය අරගෙන හිතින් මෙනෙහි කරලා බලන්න ඔබටම අවශ්‍යය මම පුන පුනා කියන පිළිතුර ලැබේවි.. ඒත් තේරෙන්නේ නැතිනම් ඔය සූත්‍ර වල PDF භාගන කරගන්න මම තැනක් දෙන්නම් නිවී හැනජිල්ලේ තීරණය කරන්න තනිව කියවීමෙන්.. ඔබට තෙරුවන් සරණයි..
මම කිව්වේ හොයන් ඇවිල්ල උත්තර දෙන්න කියලා... ඒ වගේම ඔය අනිත් අය අහන ඒවටත් උත්තර දෙන්න. එතකොට අපිට උනත් දන්නේ නැති දේවල් දනගන්න පුලුවන් තර්ක කරලා ඒවා තව ගැඹුරෙන් අවබෝධ කරගන්න පුලුවන්...අර උඹ මුස්ලිමද කියන එක වැරදිල ගැහුනේ ඒක මම අර හොනස්ට් කිලර් ගේන් අහන්න ගිය එකක්... ඒකට වෙන්න ඕනී![]()
කොහෙද off topic?
අර මගදි ඔබ තුමාට උත්තර නැති උනේ. අන්න ඒ වෙලේ මම කිව්වේ නෑනේ මේ මාතෘකාව ගැන සියල්ල දැනගෙන ඇවිත් ත්‍රේඩ් දාන්න, එහෙන් මෙහෙන් කෑල්ලක් අල්ලගෙන අවිත් ත්‍රෙඩ් දාන්න එපා කියලාමම කිව්වේ හොයන් ඇවිල්ල උත්තර දෙන්න කියලා... ඒ වගේම ඔය අනිත් අය අහන ඒවටත් උත්තර දෙන්න. එතකොට අපිට උනත් දන්නේ නැති දේවල් දනගන්න පුලුවන් තර්ක කරලා ඒවා තව ගැඹුරෙන් අවබෝධ කරගන්න පුලුවන්...
ඔව් ඔව් හෙමිහිට කියවහන්.. කියවලා මදි තමුන් දන්න දෙයක් මතයක් මෙතන ඉදිරිපත් කරන්න.. දැනුම බේදාගැනීමක් තමයි වටින්නේ බදා ගැනීමට වඩා....මේ ත්‍රෙඩ් එක කියවලා මාව නිකන් කරකවලා අත ඈරලා වගේ... හෙමිහිට කියවන්න වෙනවා වගේ තේරුම් ගන්න......![]()
දැන් සහෝ ඕකෙන් අදහස් කරන්නේ මම ගෙනහැර දක්කවු ත්‍රිපිටකයේ කරුණු වැරදියි කියන එකද.? පොඩ්ඩක් පැහැදිලි කලානම්..මම කියවල තියෙන විදියට ධනවාදයෙ දැන් අපි ජීවත් වෙන යුගයෙ තියෙන එක විශේෂ ලක්ෂණයක් තමයි ඔය ඉස්මතු වෙලා තියෙන්නෙ ... ඒ කියන්නෙ තමන්ට කැමති කැමති දේවල් කරගන්න ආගම දහම පවා වෙනස් විදියට අර්ථකතනය කරගන්නව ... ඕනම බලු වැඩක් කරල ඒක හරි කියල සාධාරණීකරනය කරගන්නව ... මේ යුගයට අනුව කිසි කෙනෙක් වැරදි නෑ ... හැමෝම හරි කියන එක තමයි දෘෂ්ටිවාදය
මොකක්.?? නෑ ඔය යසිරුවා ඉස්සර මට හැම රෙද්දටම Ridila™ ගගා හිටියා චැට් වලදි. ඒකයි මන් මේ බැලුවේ පස්සේ තමයි තේරුනේ.. මොකක්ද ඔය කොපිරයිට් ක්ලබ් එක.? හෝව් හෝව් Off Topic ධර්ඹ කරුණු පමණයි.Ridila™ මේක අපේ MC එකේ තිබ්බ වචනයක්..... කොපි රයිට් අපේ MC Club එකට......![]()
අනිත් එක තමයි ලිංගික ජීවිතය කියන එක බඳින්න කලින් විඳින එක මෝඩකමක් (මට හිතෙන විදියට ). ගොඩක් අසාර්ථක විවාහයන්ට හේතුවත් ඕකම තමයි මට හිතෙන්නේ. විවාහ ජීවිතය කියන එක අලුත්ම අත්දැකීමක් නොවෙන්න පටන්ගත්තහම මොකක්ද ඇතිවෙන තත්වය..

කොල්ලෙක් හැදෙන්න නම් ගොඩක් හොඳ කෙල්ලෙක් ලැබෙන්නත් ඕනෙ. මම දන්නව මට ලැබිල ඉන්න කෙල්ල මට ලැබුනේ මම කලින් ආත්මෙක කරපු ලොකු පිංකමක් නිසා කියල..එයා එ තරමටම හොඳයි. අපි දෙන්නම ගොඩක් ධාර්මික විදියට ඉන්නව කාටවත් කරදරයක් නැතිව..මම මෙහෙම කතා කරාට මට තාම වයස 19යි. තව ජීවිතයේ ගොඩක් කල් තියෙනවා දුක විඳින්න. පුලුවන් තරම් විදියට හැම දෙයක්ම මැදහත් සිතින් විඳ දරාගන්න උත්සාහ කරනවා.. 


“අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” - අබ්රහ්මචර්යයෙන් වැළැකෙන ශික්ෂාපදය සමාදන් වෙමි. මෙය අෂ්ටාංග ශීලයෙහි තෙ වැනි ශික්ෂාපදය යි. මෙහි ‘අබ්රහ්මචරිය’ නම් ශ්‍රේෂ්ඨ නොවන හැසිරීම යි; මෛථුන සේවනය යි. ‘වේරමණී’ යනු විරාමණය යි; වැළැක්වීම යි. ‘සික්ඛාපදං’ නම් ශික්ෂා කොටස යි. ‘සමාදියාමි’ යනු රකින්නට හිතා බාරගැනීම යි. මෙය පැවිද්දන් ගේ නිත්‍ය ශීලය යි. ගිහියන් ගේ උපොසථ ශීලය යි. එ නම්, පෙහෙවී වාසය කරන දිනයන්හි පමණක් රක්නා ශීලය යි. උපොසථ ශීලයෙහි දී බ්‍රහ්මචර්ය යන්නෙන් මෛථුන සෙවන විරතිය කියැවෙතත් ධර්මයෙහි චතුර්විධ බ්‍රහ්මචර්යයෙක් ප්‍රකාශ වේ.
ඒ චතුර්විධ බ්රහ්මචර්යය නම්, කෞමාර බ්‍රහ්මචර්ය ය, ස්වදාරසන්තුෂ්ඨි බ්‍රහ්මචර්ය ය, ස්වපුරුෂසන්තුෂ්ඨි බ්‍රහ්මචර්ය ය, තපොගුණ යුක්ත බ්‍රහ්මචර්ය ය යන සතර යි.
1. කෞමාර බ්රහ්මචර්යය නම් කුමර - කුමරියන් ගේ ශ්‍රේෂ්ඨ පැවැත්ම යි; හැසිරීම යි. ආවාහ විවාහ වන්නට පෙරැ වූ ස්ත්‍රී පුරුෂයෝ කුමරි - කුමර නමින් හැඳින්වෙති. තම තමන් ගේ කුමාරභාවය කුමාරිභාවය කිලිටි කැරැගන්නේ නැති වැ එය රැකෙන සේ මනා කොට පැවැතීම කෞමාර බ්රහ්මචර්යය නම් වේ. කෞමාර බ්‍රහ්මචර්යයෙහි ඇති වටිනා කම අපේ තරුණ තරුණියනට නිතර නිතර මැ කියා දිය යුතු වේ. එය බුදුරජාණන් වහන්සේ ගේ ධර්මපදයක් මුල් කැරැගෙන මැ කළ යුතු වැ ඇත.
‘යුවා චරෙ බ්රහ්මචරියං’ (තරුණයකු නම් බඹසර සැරිය යුතු ය.) මේ උපදෙශයෙහි වටිනාකම වැටැහෙන්නේ නුවණින් සිතා බැලූ තරමට ය. තරුණකම මහ දිග පළල ඇති දෙයක් නොවේ. අවුරුදු දහ අටෙන් විස්සෙන් තරුණකම ආරම්භ වුණා ම තිස් පහ පමණ වන විට අවසන් වෙයි. වර්තමාන සමාජය දෙස බලන විට අවුරුදු තිස් පහ පසු වීත් යම් යම් අය ගේ හිත්වලැ තරුණකම් තුබුණත් කයේ නම් නැති තරමට ම පිරිහී ඇති බව පෙනේ. බුදුරජාණන් වහන්සේ ගේ උපදේශය, අවුරුදු 15 ක් පමණ වු තරුණ කාලය වැරැදි ආකාරයට යෙදුව හොත් අවුරුදු තිස් පහෙන් තරුණකම අවසන් වී අවුරුදු හැත්තෑවක් ජීවත් වන්නට සිදු වුවොත් ඉතිරි අවුරුදු තිස් පහ මැ අඳුරු අවාසනාවන්ත වන බව යි. ඉදින් අවුරුදු පසළොසක් පමණ වූ තරුණ කාලය හොඳින් ගත කළොත් ඉදිරියට අවුරුදු සීයක් ජීවත් වන්නට සිදු වුවත් මුළු කාලය මැ වාසනාවන්ත, අලෝකවත් ජීවිතයක් ගත කරන්නට පිළිවන් වන බව යි. මේ උපදේශය වර්තමාන තරුණ තරුණියනට හොඳින් මැ පැහැදිළි කැරැ දිය යුතු කාලය දැන් එළඹී ඇත.
2. ස්වදාරසන්තුෂ්ඨි බ්රහ්මචර්යය නම්, ස්වකීය භාර්යාව ගෙන් පමණක් සතුටු වැ විසීමේ උතුම් පැවැත්ම යි, යම් කිසි ස්වාමිපුරුෂයකු පරදාර සේවනය කරනුවා තබා තමා ගේ භාර්යාව ඉක්මවා සිතන්නේ වත් නැති වැ ස්වකීය භාර්යාවට පිරිසිදු චරිතයෙන් සංග්‍රහ කෙරෙමින් වාසය කරනුවා නම් එබඳු වූ ශ්‍රේෂ්ඨ පැවැත්ම ස්වදාරසන්තුෂ්ටි බ්රහ්මචර්යය නම් වේ.
3. ස්වපුරුෂසන්තුෂ්ඨි බ්රහ්මචර්යය නම්, ස්වකීය ස්වාමිපුරුෂයා ගෙන් පමණක් තෘප්තියකට පැමිණීමේ උතුම් පැවැත්ම යි. යම් කිසි භාර්යාවක් පරපුරුෂයන් සේවනය කරනුවා තබා පතන්නේ වත් නැති වැ පිරිසිදු චරිතයෙන් තමා ගේ පුරුෂයාට සංග්‍රහ කෙරෙමින් පතිවුතා ධර්මයෙන් යුක්ත වැ වාසය කරනවා නම් එය ස්වපුරුෂසන්තුෂ්ටි බ්රහ්මචර්යය නම් වේ.
මේ දෙවැදෑරුම් බ්රහ්මචර්යය නැති වූ විට ගෙදර සාමය ද සමාදානය ද නැත. පවුල් අවුල් වී යයි, දික්කසාද වැඩි වෙයි, දරුවෝ අනාථ වෙති, සමාජය දූෂණය වේ.
4. තපොගුණයුක්ත බ්රහ්මචර්යය නම්, කෙලෙසුන් තැවීමක් වශයෙන් මෛථුනයෙන් වැළැකී සිටීමේ උතුම් පැවැත්ම යි. ‘මෛථුන විරති බ්රහ්මචර්යය’ යනු ද මීට ම නමෙකි. මේ වූ කලි භික්ෂූන් වහන්සේ මුල් කොට ඇති යෝගින් ගේ හා පෙහෙවී වාසය කරන උපාසක උපාසිකාවන් ගේ ද ශ්‍රේෂ්ඨ පැවැත්ම යි. ගිහි පින්වතුන් හෝ වරින් වරැ මේ බ්‍රහ්මචර්යයෙන් යුක්ත වීම මුලින් සඳහන් කළ ෙත වැදෑරුම් වූ බ්‍රහ්මචර්යයෙන් යුක්ත වීමට උපකාර වේ. පැරැණියන් පොහොය දින නියම කැරැගෙන පෙහෙ වැ වාසය කෙළේ මේ කරුණුත් බලා ගෙන බව කිව යුතු ය.
මේ කරුණු හොඳින් සලකා බලා සියලු කුමර කුමරියන් තම තමනට අයත් කෞමාර බ්‍රහ්මචර්යයෙන් ද, සියලු ස්වාමිපුරුෂවරු ස්වදාරසන්තුෂ්ඨි බ්‍රහ්මචර්යයෙන් ද, සියලු භාර්යාවරු ස්වපුරුෂසන්තුෂ්ඨි බ්‍රහ්මචර්යයෙන් ද, එ කී සියලු දෙනා ම අඩු ම ගණනේ මාසයකට වරක් හෝ තපොගුණ යුක්ත බ්‍රහ්මචර්යයෙන් ද යුක්ත වන්නට තරයේ ඉටා ගනිත් වා!
බ්‍රහ්මචර්යයට බාධක කරුණු බොහෝ වෙතත් ඉන් කිහිපයක් සැකෙවින් දක්වනු ලැබේ. ඒවා නම්, 1.අසභ්‍ය පොත් 2.රාග නිශ්රිත සංගීතය 3.කාමුක චිත්‍රපට 4.සුරාපානය 5.පවුල් සංවිධානය 6.ප්රවෘත්ති පත්‍ර 7.සංකර සිරිත් යන ආදිය යි.
1. කාමචින්තා සියලු සාමන්‍ය සත්ත්වයන් තුළ පවත්නා ස්වභාවය යි. ඇතැමුන් තුළ මේ චින්තා දමනය කරැගැනීමේ ශක්තිය ඇත ද ඇතැමුන් තුළ අඩු ය. ඒ අතර ඇතැම් සත්ත්වයන් තුළ දමනයක් ඇත්තේ ම නැත. තිරිසනුන් අතරැ කාම කෝප ඉවැසීමේ ශක්තිය ඇත්තේ ම නැතැ යි කිව යුතු ය. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් තුළ කාම කෝප ඉවැසීමේ ශක්තිය ඇත ද සාමාන්‍ය ජනතාව තුළ එය හොඳට ම අඩු ය. දමනයක් නැති පුද්ගලයකුට කාමය අවුස්සන පොතක් කියවන විට කෙබඳු අදහස් පහළ වෙනවා ඇද්දැ යි නුවණින් සලකා බලන කෙනෙකුට වැටැහෙනුවා ඇත. තරුණ තරුණියන් ගේ පමණක් නො වැ මහල්ලන් ගේ ද කාමය අවුස්සන තරමේ අසභ්‍ය පොත් දැන් හොඳට මැ සුලබ වී ඇත, ජාතිය විනාශ කොට මුදල් සපයාගැනීමේ අදහසින් ලියන මේ ගණයේ පොත් වහා ම වළක්වා ගත යුතු වේ.
2. රාග නිශ්රිත සංගීතය ද බ්‍රහ්මචර්යයට බාධකයෙකි. විනෝදය ගිහියනට සම්පූර්ණයෙන් තහනම් නැත. එහෙයින් ගී ගැයීම හෝ ඇසීම හෝ වරදක් නො වේ. එහෙත් කාමුක විනෝදය ශ්‍රේෂ්ඨ සමාජයක් ඇති කිරීමට බාධාවෙකි.
3. කාමුක චිත්‍රපටි ද ශ්‍රේෂ්ඨ පැවැත්මට බාධාවකි. චිත්‍රපටි සමාජ සංවර්ධනයට අතිශයින් උපකාර කැරැගත හැකි දෙයකි. එහෙත් එබඳු චිත්‍රපටි නිපදවන්නේ කලාතුරෙකිනි. දිනෙන් දින මැ වැඩි වන්නේ කාමුක චිත්‍රපටි නො වේ දැ යි සිතා බලන්න.
දමනයක් නැති සාමාන්‍ය කෙනෙකු අසභ්‍ය පොත් කියවා රාගය ඇවිස්සී සිටින විට ගුවන් විදුලියෙන් හෝ අන් මාර්ගයෙකින් හෝ රාගනිශ්රිත ගීතයක් ඇසීමෙන් රාගය හොඳට මැ උද්දීප්ත වැ තිබෙන අතර ම සිනමා ශාලාවකට ගොස් කාමුක චිත්‍රපටියක් බලත් ම කෙසේ නම් ඉවසා සිටින්න ද? කාමය හොඳට මැ ඇවිස්සී සිටින ඔහුට ඇති එක මැ උවමනාව මෙ තෙක් ඇසු දුටු දේ ක්‍රියාවෙන් රස විඳීම නොවේ ද?
4. සුරාපානය ද බ්‍රහ්මචර්යයට බාධාවෙකි. කාම සේවන අදහස් සාමාන්‍ය සත්ත්වයා තුළ තදින් බලපවත්වන්නකි. මිනිසා තමා ගේ මිනිස් කමින් එය බොහෝ දුරට යටපත් කැරැගනී. මිනිසා සුරාපානය කොට මත් වූ විට නොදැනුවත් වැ මැ මිනිස්කම යටපත් වී තිරිසනකු මෙන් අනාචාරයෙහි යෙදෙන්නට වෑයම් කිරීම සිරිතක් වැ පවතී.
5. පවුල් සංවිධානය නමින් දැනට කැරැගෙන යන කූට ව්‍යාපාරය ද බ්‍රහ්මචර්යයට බාධාවෙකි. තිරිසනුන් මෙන් කාම සේවනය කිරීමට යොදා ගත් මේ උප්පත්ති පාලනයට දැන් පවුල් සංවිධානය යන නමකුත් දී ජන ගහණය සීමා කරන්නට ය කියා හොඳ මූණකුත් පළඳවා ඇත. ලංකාවේ ද අදූරදර්ශී සිංහල බෞද්ධයන් ටික දෙනෙකු ගේ ද සහාය ඇති වැ අසිංහලයන් අබෞද්ධයන් විසින් අධික වශයෙන් සිංහල බෞද්ධයන් අතරැ පතුරුවාගෙනැ යන මේ කූට ව්‍යාපාරයෙන් ජනතාව තුළැ බ්රහ්මචර්යය නැති වැ යනුවා පමණක් නො වැ කලෙක දී මේ රටේ මහා ජාතිය සුළු ජාතිය බවට ද පත් වෙනුවා ඇත.
6. ඇතැම් ප්රවෘත්ති පත්‍ර ද බ්‍රහ්මචර්යයට බාධාවක් වැ පවතී. පොලීසිය පමණක් දැනැගත යුතු කාම අපරාධත් උසාවිය පමණක් දැනැගත යුතු ස්ත්‍රී දූෂණ නඩුත් ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර විස්තර කොට පළ කැරවීමත් ප්‍රේම බන්ධන හා ඒවා වෙනස් වූ විට දිවි නසාගන්නා අයුරු විස්තර වශයෙන් පළ කැරැවීමත් තරුණ සමාජයේ මනා පැවැත්මට බාධාවක් වී ඇත.
7. අර්ධ නිර්වස්ත්‍ර නැටුම් හා ආලිංගන නැටුම් ආදී සංකර සිරිත් ද ජනතාව ගේ උසස් පිරිසිදු ජීවිතයට බාධාවෙකි.
බ්‍රහ්මචර්යයෙහි ආනිසංස බොහෝ ය. මේ ආනිසංස නියම වශයෙන් ලැබෙන්නේ මෛථුන විරති බ්‍රහ්මචර්යයෙන් ය. සාමාන්‍ය බ්‍රහ්මචර්යා වෙන් ද එක්තරා ප්‍රමාණයෙකින් මේ ආනිසංස ලැබෙනු ඇත. 1.හතුරන් නැති බව. 2.සර්වජනප්රියභාවය. 3.ආහාර පාන සුලබ බව. 4.සැප සේ නිඳන බව. 5.තියුණු නුවණැති බව. 6.අපාය භයින් මිදුණු බව. 7.පුරුෂයකු නම් ස්ත්‍රියක නොවන බව හා ස්ත්‍රී පුරුෂ දෙපස මැ පණ්ඩක නපුංසක නොවන බව. 8.නොකිපෙන බව 9.ඔවුනොවුනට ප්‍රිය බව. 10.පරිපූර්ණ ඉන්ද්රියයන් ඇති බව හෙවත් ඉන්ද්රියයන් විකල නොවන බව. 11.විරූප නොවීම මෙන් මැ සුරූපභාවය. 12.සුව සේ ප්‍රීතියෙන් වාසය කරන බව යන ආදිය යි.
දිනමිණ 1963.05.06
ප්‍රඥාප්‍රභා 2
යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

ඇත්තටම ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලිව විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. මමත් කිසිසේත්ම මචන් විවාහයට කලින් ලිංගික එක්වීම කියන එක අනුමත කරන්නේ නැහැ. මම හිතන විදියට නම් ඒක තමන්ගේම කෙල්ලට කරන ද්‍රෝහිකමක්. තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් කෙල්ලගේ ආත්ම ගරුත්වය, බඳින්න කලින් කෙලෙසන්නෙත් නෑ කෙලෙසන්න හිතෙන්නෙත් නෑ..![]()
අනිත් එක තමයි ලිංගික ජීවිතය කියන එක බඳින්න කලින් විඳින එක මෝඩකමක් (මට හිතෙන විදියට ). ගොඩක් අසාර්ථක විවාහයන්ට හේතුවත් ඕකම තමයි මට හිතෙන්නේ. විවාහ ජීවිතය කියන එක අලුත්ම අත්දැකීමක් නොවෙන්න පටන්ගත්තහම මොකක්ද ඇතිවෙන තත්වය..
![]()
මම මුලින් නමට විතරක් බෞද්ධයෙක් වගේ තමයි හිටියේ. ඒත් දැන් හරියටම බුද්ධාගමේ තියෙන පිළිවෙත් ඒ විදියටම පිළිපදින්න උත්සාහ කරනවා. (නමට විතරක් බෞද්ධ කියලා කිව්වේ මම නිතරම පන්සල් නොගියපු නිසා..එහෙම නැතුව මම මේ අරක්කු සිගරට් බොන එකෙක් නම් නෙමෙයි..ජීවිතේට බීලත් නෑ බොන්නෙත් නෑ..හොරකම් කරලත් නෑ..සල්ලිවලට ඇඟවල් අරගෙනත් නෑ..) එහෙම බුද්ධාගම ප්‍රායෝගික විදියට පිළිපදින්න මගේ කෙල්ලත් ගොඩක් හේතු වුනා..කොල්ලෙක් හැදෙන්න නම් ගොඩක් හොඳ කෙල්ලෙක් ලැබෙන්නත් ඕනෙ. මම දන්නව මට ලැබිල ඉන්න කෙල්ල මට ලැබුනේ මම කලින් ආත්මෙක කරපු ලොකු පිංකමක් නිසා කියල..එයා එ තරමටම හොඳයි. අපි දෙන්නම ගොඩක් ධාර්මික විදියට ඉන්නව කාටවත් කරදරයක් නැතිව..මම මෙහෙම කතා කරාට මට තාම වයස 19යි. තව ජීවිතයේ ගොඩක් කල් තියෙනවා දුක විඳින්න. පුලුවන් තරම් විදියට හැම දෙයක්ම මැදහත් සිතින් විඳ දරාගන්න උත්සාහ කරනවා..
මම ඉන්ටනෙට් එකේ ඉන්නකොට මට හම්බුනා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ලියපු ලිපියක්. ඒක මම මෙතන දාන්නම්..කොමෙන්ට් එක දිග වැඩි වුනා නම් සමාවෙන්න..
ඉහත දී ඇති ලිපිය සුරක්ශිත කර තබා ගැනීමේ සහ අනෙකුත් සියලු අයිතීන් අදාල පුද්ගලයන්ට හිමිවිය යුතු බව සලකන්න...මෙන්න මේ ලින්කුවෙන් තමයි මමත් මේ ලිපි ටික හොයගත්තේ..මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මේ ලිපි පෙළ ගැන කලින් කියල..රිප්ලයි 8 යිද කොහෙද තිබුනේ. අපේ එවුන්ට ඉතින් 18+ කියල දැම්ම නම් ඔන්න වීව්ස් බර ගානක් මෙලහකට ලැබිල මම බැනුනුත් අහලා...![]()
http://www.sobhana.net/contact/sinhala/nayaka/pa065.doc
http://www.sobhana.net/contact/sinhala/nayaka/index.htm

.යකෝ අපිත් වැරදි කරුවොනේ බලන් යද්දි 
. මොනා නැතත් නමට ගැලපෙන්න වැඩේ දීලා තියනවා Ridhila™ 
. අනේ මම බඩු ගසා ඇත. මම මොකුත් නොකියමි. 

ආතල් දීම
ගල් බිස්නස්
එතකොට අහවල් එක කිරීම දක්වා මේවගෙන් මaොනවද අකුසල් 

අම්මටසිරි.යකෝ අපිත් වැරදි කරුවොනේ බලන් යද්දි
. මොනා නැතත් නමට ගැලපෙන්න වැඩේ දීලා තියනවා Ridhila™
. අනේ මම බඩු ගසා ඇත. මම මොකුත් නොකියමි.
![]()

අම්මටසිරි.යකෝ අපිත් වැරදි කරුවොනේ බලන් යද්දි
. මොනා නැතත් නමට ගැලපෙන්න වැඩේ දීලා තියනවා Ridhila™
. අනේ මම බඩු ගසා ඇත. මම මොකුත් නොකියමි.
![]()





ඔබ මේ පිළිබඳව ඔබගේ අනාගත භාර්යාවට පවසා ඇත්තෙහිද?![]()

ඒ උනාට මම යාලු වෙලා හිටි කෙල්ලෝ 3 න් දෙනාටම මගෙන් මොකුත් හානියක් වෙලා නැහැ කියන එක ඕනේ තැනක දිවුරලා පවසන්න පුලුවන්.. 
දැන් කෙල්ලටත් මොකුත් අහිතක් කරලා නැහැ. මම හිතන්නේ බං කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් මේ ත්‍රෙඩ් එක දාපු මල්ලි වගේ ඒක ලොකු දෙයක්.. නමුත් ඒ බැරිනම් කෙල්ල එක්ක ගුබ්බෑයම් අස්සේ රිංගන්නේ නැතිව අර විදිහට ඒක කන්ට්‍රෝල් කරගන්නවනම් තමයි හොඳ..
මම කියවල තියෙන විදියට ධනවාදයෙ දැන් අපි ජීවත් වෙන යුගයෙ තියෙන එක විශේෂ ලක්ෂණයක් තමයි ඔය ඉස්මතු වෙලා තියෙන්නෙ ... ඒ කියන්නෙ තමන්ට කැමති කැමති දේවල් කරගන්න ආගම දහම පවා වෙනස් විදියට අර්ථකතනය කරගන්නව ... ඕනම බලු වැඩක් කරල ඒක හරි කියල සාධාරණීකරනය කරගන්නව ... මේ යුගයට අනුව කිසි කෙනෙක් වැරදි නෑ ... හැමෝම හරි කියන එක තමයි දෘෂ්ටිවාදය
අනේ යක්කුනේ ඔව්වා කියන්න පුලුවන්ද බං.?ඒ උනාට මම යාලු වෙලා හිටි කෙල්ලෝ 3 න් දෙනාටම මගෙන් මොකුත් හානියක් වෙලා නැහැ කියන එක ඕනේ තැනක දිවුරලා පවසන්න පුලුවන්..
දැන් කෙල්ලටත් මොකුත් අහිතක් කරලා නැහැ. මම හිතන්නේ බං කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් මේ ත්‍රෙඩ් එක දාපු මල්ලි වගේ ඒක ලොකු දෙයක්.. නමුත් ඒ බැරිනම් කෙල්ල එක්ක ගුබ්බෑයම් අස්සේ රිංගන්නේ නැතිව අර විදිහට ඒක කන්ට්‍රෝල් කරගන්නවනම් තමයි හොඳ..
