බෙබාලා ගොඩදාමු

Aug 18, 2011
6,147
788
0
බෙබාලා ගොඩදාමු

157163-alcoholism.jpg



ඩිස්ක්ලේමරය- මේ ත්‍රෙඩ් එක මෙලෝ රහක් නැති කරුණු වලින් සමන්විත එකක් නිසා, පොඩ්ඩක් කික් කරලා ගන්න සමහර එලකිරි සාමාජිකයොන්ගේ නම් පාවිච්චි කරන ලදී. එම සාමාජිකයන්ට අපහාස කිරීමට කිසිම අරමුණක් නැති බවත්, එම සාමාජිකයන් අකමැති නම් එම නම් ඉවත් කරන බවත් දන්වා සිටිමි


අපේ රට බොන්න කප් ගහපු රටක් නේ. පහුගිය අවුරුදු දවස් වල තැබෑරුම් වලින් කෝටි ගණන් සල්ලි ඩිපොසිට් කරාලු .ඒ තරමට බීමෙන් ස්වයංපෝශිතයි. මහින්ද මාමා පොරගේ බොරු පත්තරේ ගහලා තියෙන්නේ මතට තිත වුනාට අපි නම් තිතට මත :):)

alcoholic-dream.jpg


දැං ඔය බොන එකත් එක එක විදි නොවැ.

1. සමහරු කටේ තියන්නේ නෑලු :angry::angry::no::no: (මේ කැටගරි එක හිස් කියලා බිංගෝ ගේ නම දාන්න කියලා බුවා මගේ ඔලුව කනවා. ඒක නිසා ඔන්න පොරව දැම්මා :rolleyes::rolleyes: )
2. සමහරු 4.4 /8.8 විතරක් බොනවාලු ( සචියා) :eek::eek::sorry::sorry:
3. සමහරු වෙඩිං එකකට ගියාම හීනි ශොට් එකක් දාගන්නවා ( මලිතරොක්ස් ) :rolleyes::rolleyes::P:P
4. සමහරු ශොප් එකේ ඉන්න ගමන් හොරාට බෝතලයක් ගෙනත් සැරෙන් සැරේ ශොට් එක දාලා හවසට නෝනාගෙන් ගුටි කනවා ( උදා- යූරාජ් මාමි, කිඹුලයියා ) :shocked::shocked::lol::lol:
5. තව සමහරු බෝතලයක් දැක්කම ලෝකේ තියෙන අන්තිම බෝතලේ වගේ බීගෙන බීගෙන යනවා (බඩියා, යාලුවා , ගසා ) :yes::yes:;);)
6. අන්තිම කාණ්ඩේ ජංගම බාර්. කෑල්ලක් කපලා මිරිකුවොත් ඇල්කොහොල් බේරෙනවා ( ජින්තුවා ) :dull::dull::growl::growl:

එකී මෙකී නොකී හැම බේබද්දෙකුටම ජීවිතේ කවදා හරි බොන එක නවත්තන්න හිතුනොත් මෙන්න ක්‍රමේ :):)

කෙනෙක් ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙලාද කියලා බලාගන්න පොඩි ප්‍රශ්න 4ක් තියෙනවා.

medications_treat_alcoholism.jpg


ඒ තමයි CAGE Questionnaire එක. බෙබා ඩයල් එකක් ඩොකෙක් ගාවට වෙන ලෙඩකට එක්කන් ආවත්, සාමාන්‍යයෙන් මේ ප්‍රශ්ණ අහනවා.

  1. Have you ever felt you needed to Cut down on your drinking? මේ කියන්නේ තමං බොනවා වැඩියි අඩු කරන්න ඕන කියලා හිතෙනවද :nerd::nerd:
  2. Have people Annoyed you by criticizing your drinking? නෝනා / නැන්දම්මා/ යාලුවෝ ඔයා බොන එක ගැන බර බරේ දානකොට මල ජම්ප්ස් වෙනවද :baffled::baffled:
  3. Have you ever felt Guilty about drinking? මේ බොන එක වැරදියි කියලා හිතෙනවද?? :growl::growl:
  4. Have you ever felt you needed a drink first thing in the morning (Eye-opener) to steady your nerves or to get rid of a hangover? උදේ පාන්දර අවදි වුනාම ඇඟට පතට පණ ගන්නත් ශොට් එකක් දාන්න ඕනද ?? :P:P
මේ ප්‍රශ්න 4න් 2කට හරි උත්තරේ ඔව් නම් ඔන්න වැඩේ අවුල්. හබියා/බෝයි ෆ්‍රෙන්ඩා ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙලා :(:( මෙහෙම කෙනෙක් මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න ඕන. එහෙම පෙන්නුවම අපි මෙයාගෙන් තව ප්‍රශ්න ටිකක් අහලා Alcohol Dependance Syndrome තියෙනවද කියලා බලනවා

1977දි එඩ්වර්ඩ් කියන ලොක්කා විස්තර කරපුවිදියට ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට මෙන්න මේ ලක්ශන තියෙන්න ඕන

1. බොන එක නවත්තන්න හැදුවත් නවත්තන්න බෑ කියන ෆීලිං එක/ නැවත නැවත බොන්න ඕන කියන ෆීලිං එක
2. Stereotypical drinking pattern එක. මේ පුද්ගලයෝ ඇල්කොහොල් නැති වුනාම එන රෝග ලක්ශන නවත්තගන්න බොනවා. ඒ කිව්වේ උදේට කාලයි ආයෙත් දවල් 12ට කාලයි හවස හයට බාගයයි. මේ විදියට ඇල්කොහොල් නැති වුනාම දැනෙන සික් එක නවත්තගන්න නිශ්චිත කාල පරාස වලදි ශොට් එක දානවා.
3.බොන එක තමයි තමංගේ ජීවිතේ ලොකුම, එකම අරමුණ. උදේ අවදි වුන වෙලාවේ ඉඳලා කල්පනා කරන්නේ අද බොන්නේ කීයටද, කොහොමද, මොනවද, කාත් එක්කද කියලා
4. ඉස්සර ශොට් 1ක් දැම්මත් වෙරි. දැං බෝතල් එකහමාරක් බිව්වත් වදින්නේ නෑ. :angry::angry::angry: බුවා ඉතින් ඉස්කාගාර සංස්ථාවේ වැඩ කරන උදවියගේ මව්පියන්ට පින් දෙනවා.:P:Pහැබැයි මෙහෙම වෙන්නේ අරක්කු බාල නිසා නෙවෙයි දැං බෙබාගේ බොඩිය ඇල්කොහොල් වලට ඔරොත්තු දෙනවා :oo::oo::dull::dull:
5. නෝනගේ බරබරේට නැවැත්තුවත් පැය 8-12 යනකොට ඇල්කොහොල් නැති වුනාම එන රෝග ලක්ශන එනවා. ගෑනිගේ වදේ ඉවස ගන්න බැරුව උදේ ශොට් එක නොදැම්මත් හවස 4-5 වෙනකොට ඇල්කොහොල් නැතුව සික් එක වගේ :baffled::baffled:
6. උදේ පාන්දරම ශොට් එකක් ගන්නවා මේ ඇල්කොහොල් නැති වුනාම එන රෝග ලක්ශන නවත්තගන්න
7. ෆුල් බොක්කෙන් බොන්නේ නෑ කියලා නැවැත්තුවත් ආයෙත් ටික දවසකින් පරණ පුරුදු ගාණටම බොනවා



මත්පැන් ඇයි නරකයි කියන්නේ?? මත්පැත් වලින් වෙන්න පුලුවන් හානි මොනවද??


මේ හානි ශරීරික, මානසික, සාමාජීය විදියට බෙදලා වෙන් කරනවා


ශාරීරික ප්‍රශ්න

මත්පැන් වල ඩිරෙක්ට් ඉෆෙක්ට් එක නිසා
, හරියට පෝශ‍යදායි කෑම නොගන්න නිසා, බීලා වැටිලා සිදුකරගන්න අනතුරු නිසා , තමංගේ ශරීර සෞඛ්‍ය ගැන නොසැලකිල්ල නිසා ඇති වෙන්න පුලුවන්
උදා -
-අක්මාව ඩැමේජ් වීම, පසු කාලෙක සිරෝසිස් බවටම පත් වෙන්න පුලුවන් ( බොන කෙනා සිරෝසිස් වලින් මැරෙන්න තියෙන චාන්ස් එක නෝමල් බුවෙක්ට වඩා 10 ගුණයක් වැඩියිලු )
-ගැස්ට්‍රයිටිස්
-බඩවැලේ තුවාල
-ගලනාලයේ තුවාල, පිලිකා
-අග්න්‍යාශයේ ප්‍රදාහයන්
-මොලය හා ස්නායු පද්ධතිය ගත්තොත්
-ස්නායු ඩැමේජ්
-ෆිට් එක ( අපස්මාරය )
-Cerebellum කියලා මොලේ කෑල්ලක් තියෙනවා coordination, balance තියාගන්න. ඒකට ඩැමේජ් වෙන්න පුලුවන්
-ඇස් පෙනීමට කෙල වීම
-කතා කරන්න බැරි වීම
-Wernicke -Korsakoff Syndrome :සරලව කියනවා නම් මොලේට ඩැමේජ් වෙනවා

මීට අමතරව
-ඇඟේ ලේ අඩුකම
-මාංශපේශි දුර්වල වීම, හාට් එකට කෙල වීම
-විටමින්, පෝශක අඩු වීම
-ජුන්ඩා කෙලින් නොවීම :rolleyes::rolleyes:
-සහ වෙනත් විසබිජ වලින් හැදෙන ලෙඩ රෝග වුනත් හැදෙන්න පුලුවන්

400px-Possible_long-term_effects_of_ethanol.svg.png


ඊලඟට මානසික ප්‍රශ්න ගත්තොත්

-ඇල්කොහොල් නිසා හේතුවක් නැතුව නහුතෙට තද වීම. සමහර බුවාලා ඉන්නේ මූන බැලුවත් මොකද හු%%$% කියලා අමතන :lol::lol::rolleyes::rolleyes:

-short term memory එක ලොස් වීම ( ඔයා ඊයේ රෑ බිව්වා නේද ඇහුවම අනේ නෑ සුදු නෝනා බුදුම්පල්ලා බිව්වේ නෑ මට මතක නෑ කියන්නේ :P:P )

-Delirium Tremens - මේක එන්නේ දිග කාලයක් බීලා බීලා එක පාරට බොන එක නැවැත්තුවම. ඉන්න තැන, වෙලාව අමතකයි. පුද්ගලයෝ අදූර ගන්න බෑ.තමංගේ සංවේදී ඉංද්‍රියන්ගෙන් එන stimuli හරියට interprete කරගන්න බෑ. නින්ද යන්නේ නෑ.
මේ කන්ඩිශන් ඇති වෙච්ච අයට එක එක විකාර රූප පේනවා, ශබ්ද ඇහෙනවා.
උදා - රෝස පාට චූටි අලි ඇඟ පුරා දුවනවා, කකුල් තියෙන නයි බිත්ති දිගේ බඩ ගානවා :shocked::shocked:

- Pathological Jealousy : මේක නිසා නෝනව කිසිම හේතුවක් නැතුව සැක කරනවා.මිනිහෙක් එක්ක කතා කරත් වැරදියි. නොකරත් වැරදියි. ගෙදර හිටියත් වැරදියි, එලියට බැස්සත් වැරදියි. ගෑනිට පිට එකෙක් අනිනවාමයි කියලා හිතෙන්නේ :oo::oo: :dull::dull:

- ආත්ම විශ්වාසය අම්බානක වැඩි වීම : මේක නිසා තමයි නොබී ඉන්නකොට ගෑනුංගෙන් ටොකු කාලා මැරෙන සයිස් ඩයල් ශොට් එකක් දාගත්තම සිංහයෝ වෙන්නේ :lol::lol:

-මීට අමතරව Depression, Suicidal thoughts ඇති වෙන්නත් පුලුවන්

ලඟදි වුන සිදුවීමකින්ම උදාහරණයක් දෙනවා නම් අර මාතර ලමයි දෙන්නා ගඟට දාපු තාත්තා පෙන්නන්න පුලුවන්.


සාමාජීය ප්‍රශ්න මොනවද??

-පවුලේ සමගිය නැති වෙලා, නෝනට කලකිරිලා නෝනා පිට ගිහින් පවුල කැඩෙන්න පුලුවන්

- බීගෙන වැඩට එන නිසා බොසාට කලකිරිලා ජොබ් එකෙන් එලවන්න පුලුවන්

-ලමයි ලමා අපචාර වලට, හිංසනයට ලක් වෙන්න පුලුවන්. ලමයින්ගේ අනාගතය අඳුරු වෙන්න පුලුවන්. ලමයිත් මේ තත්වෙටම වැටෙන්න පුලුවන්

-අසල්වැසියෝ එක්ක සහසම්බන්ධතා නැති වෙලා පවුලම තනි වෙන්න පුලුවන්
-මාර්ග අනතුරු වලට ලක්වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්න පුලුවන්

-බොන්න සල්ලි හොයාගන්න විවිධ අපරාධ සිදු කරන්න පෙළඹවෙන්න පුලුවන්


කොහොමද අපි කරටි කැඩෙන්න ගහන බුවෙක් ගොඩ දාගන්නේ

මුලින්ම කියන්න ඕන දේ තමයි බොන එක ඇබ්බැහි වීමක්, පුරුද්දක්. තමංම හිතලා මතලා ඒකෙන් ගොඩ එන්න බලන්න ඕන. මේකට බොන බෙහෙත් ජාති වගේම මානසික ප්‍රතිකාරත් කරනවා.

sign-alcoholism.jpg


බුවෙක් කරටි කැඩෙන්නම ගහලා දවසෙම ෆුල් හින්දුස්තාන් වෙලා ඉන්නවා නම් ගෙදර අයට කරන්න තියෙන්නේ පොරට බැන බැන ඉන්න එක නෙවෙයි. වහාම කුදලගෙන දෙකට තුනට නවලා කාර් එකේ ඩිකියේ හරි ත්‍රීවීල් එකක හරි පටවගෙන වහාම ඉස්පිරිතාලෙට උස්සන් එන්න
:dull::dull:

1.මුලින්ම බීමේ ඇලී ගැලී ඉන්න බුවෙක් ආවම අපි බලනවා බුවා කොච්චර ඇබ්බැහි වෙලාද?? ඇල්කොහොල් නිසා පොරගේ ශරීරයට, මනසට කොච්චර හානියක් වෙලාද කියලා :shocked::shocked: ඒකට මම අර ඉස්සෙල්ලා දාපු ලක්ශන ජිල්බිරිස් පාවිච්චි කරනවා.

2.ඊට පස්සේ වැඩේ අල වෙලා වගේ ලයින් එකක් නම් තියෙන්නේ පොරව ඇඩ්මිට් කරගන්නවා මානසික වාට්ටුවට :(:(

3.ඊලඟට පොරගේ ශරීරයට මත්පැන් නිසා වෙලා තියෙන බලපෑම බලන්න මෙන්න මේ පරීක්ශන කරනවා

full blood count- මේකෙන් පොරගේ ඇඟේ පෝශන මට්ටම, ලේ අඩු ද, වෙනත් විශබීජ ආසාදන තියෙද සොයා බලනවා
Liver function Test - මත්පැන් නිසා අක්මාවට කොච්චර හානි වෙලාද කියලා බලන්න
Random Blood Sugar - දියවැඩියාව වගේ co-morbities තියෙනවද බලන්න, නොකා බිබී ඉඳලම සීනි අඩු වෙලාද බලන්න
Serum Electrolytes - මේකෙන් අපේ ඇඟේ සෝඩියම්, පොටෑසියම් බැලන්ස් එකට කෙල වෙලාද බලනවා
මීට අමතරව කිඹුලායියා වගේ වයසක ඩයල් එකක් ආවොත් ( ECG, Chest Xray, EEG, Ultra Sound scan-abdomen වගේ පරීකශනත් කරන්න ඕන. තියෙන අනිත් ලෙඩ , කෙලවෙච්ච කෑලි බෑලි ගැනත් හොයාගන්න ඕන නිසා :rolleyes::rolleyes: )

4. ටෙස්ට් ටික කරලා තත්වේ බලාගෙන සීනි අඩු නම් ඒක නිවැරදි කරනවා, ඇඟේ දියර අඩු නම් සේලයින් දෙනවා, සෝඩියම් පොටෑසියම් වෙනස් වෙලා නම් ඒවා දෙනවා, විශබීජ ආසාදන තියෙනවා නම් ඒකට බෙහෙත් දෙනවා )

5.ඔන්න ඊලඟට පටන් ගන්නවා Detoxification Regime කියලා එකක්. මොකටද ඒක ඕන වෙන්නේ?? අපේ ඇඟ දිගටම බීපු නිසා ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙලා අපේ ස්නායු පද්ධතිය ඇල්කොහොල් නිසා supress වෙලා. එක පාරට ඇල්කොහොල් නැති වුනොත් අපිට ෆිට් , Delirium Tremens කියන එක ඇති වෙන්න පුලුවන්. ඒක නවත්තන්න අපි දෙනවා Benzodiazepines කියන බෙහෙත් ගෘප් එකට අයිති Chlordiazepoxide කියන බෙහෙත. මේකෙන් අපේ ස්නායු පද්දතිය වැඩ කරන වේගය අඩු කරලා, අපිව sedate කරලා තියනවා
ඊට අමතරව විටමින් B1 ( තයමින් ) හෝ Polybion දෙනවා තයමින් නැති නිසා මොලයට වෙන හානිය නවත්තන්න :):)

6. ඔය ටික කරාට පස්සේ බුවා පියවි සිහියට පත් වෙනවා. ඊට පස්සේ තමයි අමාරුම වැඩේ. ආයෙත් බොන එක නවත්තන්න ඕන. මෙහෙම ගොඩ දැම්මට වැඩක් නෑ අද දවල් ගෙදර ගිහින් රෑම අඩිය ගහන්න පටන් ගන්නවා නම් :oo::oo:

අඩි ගහන්න හිතෙන එක නවත්තගන්නේ කොහොමද??

මේක තමයි අමුම බෙබාලා නොවන අයටත්, අමු බෙබා තත්වයේ ඉඳලා වාට්ටුවේදි පුනුරුත්ථාපනය කරලා ගත්ත බුවාලටත් ආයෙත් බොන එක නවත්තන්න පාවිච්චි කරන්නේ
මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි මානසික ප්‍රතිකාර සහ බෙහෙත්
1. මානසික ප්‍රතිකාර ( වැදගත්ම ප්‍රතිකාර ක්‍රමය )

Stages-of-Change.jpg



මානසික ප්‍රතිකාර කරමයට කියන්නේ Cognitive Behavioral therapy කියලා. මේකෙදි ඔන්න ඔය උඩින් තියෙන diagram එකේ විදියට පිලිවෙලට තමයි ප්‍රතිකාර කෙරෙන්නේ

බොන එක නවත්තන්න කිසිම අදහසක් නැති කෙනා ඉන්නේ Pre contemplation stage එකේ. අපි ඒ වගේ කෙනෙක්ට බීමේ ආදීනව, ඇඟට වෙන හානි, මනසට වෙන හානි, සමාජ සම්බන්ධතා වලට වෙන හානි කියලා දෙනවා. ඊට පස්සේ එයාටම කියනවා බිව්වොත් ලැබෙන වාසි අවාසි, නොබිව්වොත් ලැබෙන වාසි අවාසි ලයිස්තුවක් හදන්න කියලා. ඊට පස්සේ එයාටම කියනවා තමන්ට වැඩිපුරම වාසි ලැබෙන දේ තෝරගන්න කියලා.මෙහෙම දිගටම කරන කොට බුවාටම තේරෙනවා බොලේ බිව්වම අවාසි වැඩියි කියලා.



Contemplation Stage
ඔන්න දැන් ලෙඩා පිලි අරගෙන තියෙන්නේ බිව්වම වැඩේ අල බතල වෙනවා කියලා. ඊට පස්සේ එයාටම කියනවා නොබී ඉන්න විදිය ගැන ප්ලෑන් එකක් හදන්න කියලා. උදා - හවසට ගෙදර ඇරිලා යන පාරේ බාර් එකක් තියෙනවා නම් මොකක්ද කරන්නේ? ඒ පාරෙන් නැතුව වෙන පාරකින් ගෙදර යනවා

බොන යාලුවෝ හැම සිකුරාදම බොන්න සෙට් වෙන්න කතා කරනවා නම් මොකද කරන්නේ?? සෙට් වෙන වෙලාවේ වෙන වැදගත් වැඩක් දාගන්නවා.
පඩි හම්බෙන දවසේ බොන්නමයි හිතෙන්නේ ? බැංකුවට පඩිය බැර වෙන්න දාලා, දවසේ වියදමට ඕන සල්ලි විතරක් අතේ තියාගන්නවා

* මේ උත්තර සේරම එක එක ලෙඩ්ඩු දුන්න උත්තර :D
ඔය විදියට බොන්න වෙන අවස්ථා ගැන හිතලා ප්ලෑන් එකක් හදාගන්නවා ඒවා මග ඇරලා නොබී ඉන්න විදිය ගැන

Preparation
දැං බුවා මත්පැන්වල ආදීනවත් දන්නවා, ඒක නවත්තන්න ඕන කියන එකත් දන්නවා. නවත්තන්න ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. දැන් තියෙන්නේ ක්‍රියාත්මක කරන්න. ලෙඩා සූදානම් නම් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න , එයාට කැමති වෙලාවක, කැමති දවසක පටන් ගන්න ඉඩ දෙනවා


Action
මේක තමයි හදපු ප්ලෑන් එක ක්‍රියාත්මක කරන ස්ටේජ් එක. අපි මෙතනදි සැරින් සැරේ ආයෙත් ලෙඩාව ගෙන්නලා පොරව මෝටිවේට් කරනවා.නොබී ඉන්න දවස් ගානට අපි එයාව උනන්දු කරන්න ටාගට්, රිවෝඩ්ස් දෙනවා. උදා-සතියක් නොබී හිටියොත් මැච් එකක් බලන්න යන්න. මාසයක් නොබී හිටියොත් ට්‍රිප් එකක් යන්න

සෝශල් ඩ්‍රින්කිං කරන කෙනෙක් නම් ඇල්කොහොල් ඩයරි එකක් හදාගන්න කියලා දෙනවා.බොන නොබොන දවස් බීපු ප්‍රමානය මාක් කරලා සතියට නිශ්චිත මත්පැන් ප්‍රමානයක් විතරක් බොන විදියට හදාගන්නවා. උදා මුලු සතියටම බෝතලයයි - සදුදා බාගයක් බිව්වොත් ඉතුරු දවස් 6 ඇතුලත බොන්න පුලුවන් ඉතුරු බාගය විතරයි :no::no:

Maintenance
මේකෙදි කරන්නේ පටන් ගත්ත දේ දිගටම කරගෙන යන්න උදව් කරනවා. නොබී ඉන්න ගියාමත් ටික කාලයක් යනකොට මෙලෝ ආතල් එකක් නැති වෙනවා. එතකොට ආයෙත් ශේප් එකේ ශොට් එක දාගන්න පුරුදු වෙනවා. මේක නවත්තන්න අපි මෙන්න මේ දේවල් එයාට හඳුන්වා දෙනවා

- අලුත් සමාජ සහසම්බන්ධතා අලුත් මිතුරන්/නෑදෑයෝ අඳුර ගන්න උනන්දු කරනවා
-ඉස්සර විවේක වෙලාවට කරපු දේවල් කරන්න උනන්දු කරනවා ( උදා ක්‍රිකට් ගහන එක, ෆුට් බෝල් ගහන එක )
-ඇඟ වෙහෙසලා කරන වැඩ කරන්න උනන්දු කරනවා.
-ගෙදර උදවිය එක්ක කතා කරලා එයාලගේ සපෝට් එක උපරිමව අරන්දෙනවා. කොච්චර නොබී හිටියත් ගෙදර ගියාම නෝනා ගේම ඉල්ලනවා නම් වැඩක් නෑ නේ :oo::oo:

මේක හරියට කර ගත්තොත් වැඩේ ගොඩදාගෙන අර විශම චක්කරෙන් මිදෙන්න පුලුවන්.

එතකොට අර බෙහෙත් වගයක් තියෙනවා කිව්වේ

ඔව් බෙහෙත් තියෙනවා. හැබැයි ඒ බෙහෙත් වලින් කරන්නේ බොන එක නවත්තගන්න ලෙඩා ඇති කරගත් උවමනාවට සපෝට් එකක් දෙන එක විතරයි.
බෙහෙත් ගැන කිව්වොත්

-තයමින් මාස 3ක් විතර දෙනවා අර මොලේ මංජං වෙන සීන් එක නවත්තන්න
- anti-cravings කියලා සෝයි බෙහෙත් සැට් එකක් තියෙනවා ඒවත් පාවිච්චි කරනවා.
උදා Acamprosate / Naltrexone - මෙව්වා වලින් මත්පැන් බොන්න තියෙන උවමනාව ආසාව අඩු කරනවා :rolleyes::rolleyes:
-තව Disulfiram කියලා බෙහෙතකුත් තියෙනවා. මේක බිව්වට පස්සේ අරක්කු බිව්වොත් ඇඟට පණ නැති වෙනවා, හුස්ම ගන්න අමාරු වෙනවා, දාඩිය දාලා, හාට් රේට් එක වැඩිවෙලා බඩු බනිස් වෙන්න යනවා වගේ ෆීලිං එකක් එනවා :shocked::shocked: එතකොට නම් ආයෙත් අරක්කු දිහා බලන්න හිතෙන්නේ නෑ :lol::lol:


ඔන්න ඔහොම තමයි කරටි කැඩෙන්න ගහන අයව ගොඩ දාන්නේ
අන්තිමට වැදගත් කරුණු සාරාංශ කරොත්

- බොන එක නවත්තගන්න නම් හොඳ insight එකක් තියෙන්න ඕන. බීමේ ආදීනව, නැවැත්වීමේ වාසි,
- බොන එක නවත්තන්න දැඩි උවමනාවක් strong motivation එකක් තියෙන්න ඕන.
-ගෙදර අය, යාලුවෝ, නෑදෑයෝ ෆුල් බැකප් එක දෙන්න ඕන.
- හොඳ මානසික වෛද‍ය උපදෙස් ලැබෙන්න ඕන ( මේකට වෙනම Alcohol Units, sessions, Groups තියෙනවා. ඒවාට සම්බන්ධ වෙලා තමන්ගේ අදහස් බෙදාගෙන වැඩේ කරගෙන යන්න පුලුවන් )

ප.ලි-මම බොන්න එපා කියන එක නෙවෙයි මේ ත්‍රෙඩ් එක දාලා කියන්න අදහස් කරේ. අපි හැමෝම වැඩි හිටියෝ අපි බොන නොබොන එක අපේ තීරණයක්. නීති දාලා පාලනය කරන්න අවශ්‍ය නෑ. බොනවා නම් ඇබ්බැහි නොවී බොන්න. මොකද ඇබ්බැහි වුනොත් ගොඩ දාගන්න අමාරුයි.බීලා සිරෝසිස් හැදිලා බඩ ඉදිමිලා වාට්ටු වල ඉන්න අය ලේ නහර පුපුරලා පස්චාත් භාගයෙන්, කටින් ලේ විදලා මැරෙනවා :baffled::baffled:. Rectum එකේ, oesophagus එකේ රුධිර නාලිකා පිපිරුවම ලේ යන එක නවත්තන්න වත් , ලේ දෙන්නවත් වෙලාවක් නෑ.ඒ අය දුක් විඳලා මැරෙන හැටි දැක්කා නම් බොන එක එපා වෙනවා :baffled::baffled: ඒ නිසා බොනවා නම් ප්‍රමානය දැනගෙන බොමු :):)

recovery.jpg

 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ado bebalata apahasa karanna epa hariya...


    me patharanga jathake kiyawanawata wada hodayi....adiyak gahala dumak danawa