කතාව ඇත්ත......ස්ලැබ් එක දාන්න පුළුවන් මචං ඒවුනාට අපේ වගේ රටවල් වලට හොඳටම ගැලපෙන දෙයක් නෙවේ.
එකක් තමයි කොන්ක්‍රීට් උඹ කිව්වා වගේ හිතල රඳවාගන්නේ නෑ. දවල්ට ඉක්මනට රත් වෙනවා පට්ට රස්නෙයි. සාමාන්‍ය දෙපල වහල ගහනකොට floor to ceiling height එක අඩි 15ක් 20ක් වගේ එන නිසා රස්නේ හුඟක් අඩු වෙනවා. ඒත් ස්ලැබ් එක දැම්මොත් ඒ උස අඩු වෙන නිසා ඒකෙනුත් ඇතුල රත් වෙනවා වැඩී.
අනික වියදම අතින් බැලුවොත් සාමාන්‍ය ලි වහලෙයි ස්ලැබ් එකෙයි ලොකු වෙනසක් නෑ. මොකද ස්ලැබ් එක දාද්දි ගෝලයෝ වැඩියෙන් ගන්න ඕන කොන්තරක් විදියට. ෂටරින් ගහන්න වෙනම ගානක්. බීම දාන්න කම්බි අනංමනං වලට ගාන වැටෙනවා. ඒ වගේම roof terrace එකක් දානවනං ස්ලැබ් එක උඩින් water proof කරන්න ඕන. ඒකට දාන තාර ලේයර් එකට ගාන වැටෙනවා. කොන්ක්‍රීට් gutter එකක් දාන්න වෙනවා roof slab එකට. එතකොටත් ගාන වැටෙනවා.
ලේසි ක්‍රමයක් තමයි උඹ කිව්වා වගේ කට්ටිය සෙට් වෙන්න කොටසකට විතරක් roof terrace එකක් තියලා ඉතිරි කොටසට දෙපල වහලේ දාන්න පුළුවන් ඒකෙන්ම terrace එකෙත් කොටසක් වගේ ආවරණය වෙන්න. එතකොට රස්නෙත් අඩුයි.





