වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :oo: අනේ මන්දා මාමේ...... ඒ බාස්ට මම කිව්වා මොන උට්ටක් කරලා හරි මේකේ බ්‍රේක් හදලා තියපන් හරියට කියලා..... ඌට මගේ වාහනේ බලනවට වඩා ඈන්කර් එකේ වාහන ටික බලන එක ලොකු ඈති..... හරියට බලලා නෑ මේක....... :no:

    අද හෙටම අපේ ලේලන්ඩ් හදන එකාට පෙන්වලා..... හදන්න පුරුදු වෙන්න හරි මේක ගලවන්න කියලා හදවන්න ඕනා...... :yes:

    මාස්ටර් පොම්පෙත් එක්ක සේව් බුස්ටරේ දාපන් රීකන්ඩිෂන් එකක් අරන්. බ්රේක් පාගනකොට ෂු ෂූ සද්දයක් එනවා කියලත් කිව්වා නේද.. සේව් බූස්ටර් එක අවුල් කියල තමයි අවසාන නිගමනය මගේ.. ඩයප්‍රම් එක දාන්න කියල බාස් කිව්වොත් ඊට වැඩිය ලාභ වෙයි used save booster එකක් දාන එක.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: ඒ උනාට N16 පපඩම් වගේද DX යකඩ ගොඩ..... :P

    මම පළමු වතාවට තමයි බන් මෙහෙම වද දෙන DX එකක් ගැන ඇහුවේ.. TOYOTA එකෙන් ගහපු සුපිරිම වාහන දෙකක් තමයි බන් DX එකයි ෂෙල් model Hiace එකයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [SIZE="4"
    අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා.. [/SIZE]
    [/SIZE][/QUOTE]

    [SIZE="4"]100 % True ... අපේ මිනිස්සු හිතන්නේ ලොකු වාහන පාවිච්චි කරන්නේ ලොකු වැදගත් මිනිස්සු කියල...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබේ තියෙන්නේ ඹරිජිනල් ආපු සිට් 2 නම් ඒක හදන්න බලපන්

    :yes: ආව සීට් දෙක...... සීට් එකේ ඉස්සරහාට පස්සට කරන රේල් එහෙම ගෙවිලා..... සීට් හදන එකා කිව්වා ඕක හදන්න යන ගානට අඩුවෙන් සීට් එකක් අළුතෙන් දාතහැකි කියලා...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹේ DX එකට 2JZ GTE Twin Turbo එන්ජිමක් බස්සලා, Brembo brake system එකක් දාලා ,Straight pipe exhaust එකක් දාලා, Recaro seat දෙකක් දාලා, deep dish alloy wheel සෙට් එකක් දාලා, හදලා ගමුකෝ බන්. . .

    :shocked: ඔය ටික කරන්න කීයක් යනවද බං....??

    ඒ ටික කරනකොට මට අළුත් VIGO එකක් ගන්න ගාන යනවනේ....... :dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තවත් කතාවක් මතක් වුනා..
    ඒකත් වසර 10කට පෙර.. කලින් කී මගෙ සුරතල් වාහනේම තමයි..

    ඒ කාලෙ මචන් කොල්ලා කාර් එක පදින්නෙ බුදු බයෙන්.. සාමාන්‍යයෙන් ගමනක් යනවානම් සියලුම නෑදෑ පිරිවර යාලු මිත්‍ර ආදින් දැනුවත් කරලා තමයි යන්නෙ..හේතුව මගේ තියෙන හිත හොඳකමට වඩා මගෙ අර කෙහෙල්මල කොහෙ කැඩෙයිද කියලා කියන්න බැරි නිසා.
    සාමාන්‍යයෙන් ඒක සතියකට සරයක්වත් තල්ලු කරන්න වෙනවාමයි..
    ඉතින් මට මේක කරන්නම බැරි නිසා හිතුන වාහනෙ විකුනන්න ඕන කියලා..
    ඒ කාලෙ අද වගෙ ඉන්ටර්නෙට් එකට දාල විකුනන්න බෑනෙ.. පත්තරේම තමයි දාන්න ඕන. ඔන්න ඉතින් දැම්ම පත්තරේට මේක විකුණන්න..

    කැම්පස් එකෙ තියෙනව කියලා තමයි දැම්මෙ. තව දැම්මා "ලොකුවට වෛද්‍ය ශිෂ්‍යයෙක් පාවිච්චි කල" කියලත්. හැමෝම දන්නවනෙ පත්තරෙ සෙනසුරාදා උදේට එනවනෙ.ඉතින් මම සිකුරාදා හවසට වාහනෙ හෝදලා සුද්ද කරලා නිකන් බබා වගෙ තිබ්බා..

    සෙනසුරාදා උදෙන්ම කෝල් එකක් ආවා එකෙක් බලන්න එනවා කියලා.. මමත් ඉතින් කෝකටත් කියල උදෙ වාහනෙ ස්ටාර්ට් කරලා බැලුවා.
    මලා තමයි මේක වී මෝල වගෙ.. බැලින්නම් සිලින්ඩර් 3 යි වැඩ කරන්නෙ.එකක් වැඩ කරන්නෙ නෑ. දන්නවනෙ එහෙම වුනාම සද්දෙ..අනිත් එක වාහනෙ දෙදරනවා.
    බලන්න ආපු එකා ස්ටාර්ට් කලා විතරයි ආපහු යන්න ගියා.
    මම කරපු වැඩේ අරන් ගියා ලග ගරාජ් එකකට ..ගිහින් වාහනෙ දාලා ආපහු ආවා මට නොකරම බැරි වැඩ වගයක් තිබුන නිසා..කෝල් එන ඒවට කියුවා හෙට (ඉරිදා) තමයි වාහනෙ බලන්න පුලුවන් වෙන්නෙ කියලා.

    හවසට ගියා වාහනෙ අරන් එන්න මේ ගෝතයා ගලවල දාල නිකන් ඉඳල.මට කියනවා අනේ මහත්තය වෙන හදිස්සි වැඩක් ආවා ඒක හිතුවට වඩා වෙලා ගියා හෙට උදෙන්ම හදලා දෙන්නම් කියලා..මට දෙලොව රත්වුනා..
    හෙට උදේ එන එවුන්ට මම මොකද කියන්නෙ කියල. පස්සෙ ඉතින් පොඩි නොගැලපෙන වැඩක් කලා..ෆෝන් එක ඕෆ් කරලා නිකන් හිටියා. පස්සෙ ගිහින් වාහනෙ අරන් ඇවිත් ගෙදරට ගිහින් දැම්ම.
    ඊට පස්සෙ ආයෙම සති 2කට පස්සෙ වාහනෙ විකුණනනවාමයි කියලා අයෙත් පත්තරේට දැම්මා ගෙදර ඇඩ්‍රස් එකෙන්..
    සිකුරාදා හවස වාහනෙ හෝදන්න ඕනෙ කියල පොඩ්ඩක් ඉස්සරහට ගත්ත විතරයි වාහනෙ එක පාරටම හෙල්ලෙන්නෙවත් නැතුව ගියා.. මටත් හිතාගන්න බැරි වුනා මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා .. ඉස්සරහට ගන්නත් බෑ පස්සට ගන්නත් බෑ. බැලින්නම් ගියර් බොක්ස් එක හිර වෙලා..
    ඒට පස්සෙ ආයෙම ගේ ගාව බාසෙක් එක්කරගෙන ඇවිත් රෝද 2 පන්නලා ඇද ගෙන ගියා ගරාජ් එකට.
    පහුවෙනිදා සෙනසුරාදා දැන් මට අයෙම හෝ ගාලා කෝල්ස් එනවා. මම ඉතින් ඇත්තම කියුවා.. වාහනෙ පොඩි ප්‍රශන්යක් වෙලා ගරාජ් එකෙ කියලා . එතැනට ඇවිත් බලන්න කියලා.. කට්ටිය එනවා .. වටෙ බලනවා..ආපහු යනවා.. ඒ විකිණීමත් එතැනින් ඉවරයි..

    මට වාහනෙ එපාම වුනා ඒ සිද්ධි 2න් පස්සෙ. වාහනෙ ඇල්ලුවෙවත් නෑ මාස 3ක් විතර.

    පස්සෙ ගෙදර වාහනෙ පැද පැද හිටියා.. ඔහොම ඉන්නකොට ආයෙම උණක් ආවා කාර් එකක් ගන්න ඕන කියලා..ඉතින් අයෙම මේක විකුණන්න ඕන කියලා හිතලා පරන බැටරියක් එහෙම ගෙනත් හයි කරලා ආයෙම පොඩ්ඩක් දුවලා ඇඩ් එකක් දාල ගත්තට වඩා යන්තම් රුපියල් 20000ක් වැඩි පුර විකිනුවා.. හැබැයි ඒ වෙනකොට මම බාස්ලට විතරක් ගෙවලා තියෙන්න ඇති වාහනෙ වටිනාකමට වැඩිය..
    මොනවා වුනත් ඒ වාහනේ හින්දා ඉගෙන ගත්ත දේවල් නම් මිලියන ගානක් වටිනවා.මොකද අපි ගැරෙජ් එකකට ගිහින් නිකන් ඉන්නෙත් නෑනෙ. කොහොමහරි මොනවා හරි ඉගෙන ගන්නවනෙ


    මම හිතුවේ මගේ 13 වැනට් එක වගේ වෙන වාහන මේ තුන් ලෝකෙම නැතුව ඇති කියල.. බැලුවාම තව එකක් තිබිලානේ බන්... අත්දැකීම් ලිව්වට හුඟක් ස්තුතියි...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Engine + wire harness + ecu + gearbox = 12 - 14 lkhs
    complete brake system = 1.50 lakhs
    fuel pump + lines = 25000
    recaro seats = 1.20 (used)
    deep dish alloys = 1.50 lakhs (branded) without tyres
    straight exhaust = 35000 ( stainless steel )
    radiator + intercooler + other parts = 2 lakhs

    fainted1.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකෝ ඕක දැන් ලොරියක් වගේද...? :P

    :P විකාරෙන් වගේ එන හැටි දැක්කහම අනිත් වාහන ඉඩ දෙනවා...... ඩ්‍රයිවර් ලේලන්ඩ් එලවන එකෙක් කියලා තේරිලා වෙන්ඩ ඕනා...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹට නවාරා ගන්න වෙන එකක් නැහැ බන් හිඟා කන්න . DX එක තව ටික කලක් පැද්දොත් උඹට හිඟා කන්න වෙයිද මන්ද..:lol::lol::lol: මම නැවතත් කියනවා.. ඕක දීල දාපන් බරට බරක් වියදම් කරන්නේ නැතුව..

    :dull: කියලා වැඩක් නෑ....... :no: දෙන්න තමා බං ට්‍රයි එක.... දැන් හාවෝ අඩුයි මේවා ගන්න....... :yes: ඔක්කොම ණය වෙලා හරි මරුටියකට හරි යනවා මිසක්...... :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්තයෝ......මෙන්න මේකෙ පිටු 100 කොටල

    ඔව් බන් මම මේ අනාත වෙලා ඉන්නේ කොනක් පටක් හොයාගන්න බැරුව.. ඊයේ හිටියේ පිටු 88 වගේ මතකයි..අද සීයත් පැනල.. අපේ හැමදෙනාගේම අත්දැකීම් එකතු උන මේ ත්‍රෙඩ් එක ඉදිරියට ඇදගෙන යන්න සහයෝගය දුන්නු හැමෝටම මගෙන් මෙන්න කේක්

    ca73cf76_modulescopperminealbumsuserpics96293Picture_1018_640x480.jpeg


    100.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මරාලෙ දීපන් මාමේ සීට් දාන්න හදන්නේ නැතුව..:yes:

    ඒක ඉතින් අමුතුවෙන් ගන්න දෙයක් තියනවයෑ...:baffled:

    :frown: මරාලේ ගැන නෙවේ කිව්වේ...... උඹ මගේ වීගෝ හීනෙට දාපු කෝචොක් එකට කිව්වේ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මාස්ටර් පොම්පෙත් එක්ක සේව් බුස්ටරේ දාපන් රීකන්ඩිෂන් එකක් අරන්. බ්රේක් පාගනකොට ෂු ෂූ සද්දයක් එනවා කියලත් කිව්වා නේද.. සේව් බූස්ටර් එක අවුල් කියල තමයි අවසාන නිගමනය මගේ.. ඩයප්‍රම් එක දාන්න කියල බාස් කිව්වොත් ඊට වැඩිය ලාභ වෙයි used save booster එකක් දාන එක.

    :yes: අරූ හරියන්නේ නෑ..... වෙන වැඩර් කෙනෙක් හොයාගන්න වෙනවා..... ලේලන්ඩ් හදන එකා හදලා දෙන්නම් කිව්වොත් නම් ගොඩේ ගොඩ....... ආයේ ඉතින් තව අවුරුදු ගානකට බ්‍රේක් පැත්තට අතක්වත් නොතියන්නම හදලා දෙයි ඌ නම්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම පළමු වතාවට තමයි බන් මෙහෙම වද දෙන DX එකක් ගැන ඇහුවේ.. TOYOTA එකෙන් ගහපු සුපිරිම වාහන දෙකක් තමයි බන් DX එකයි ෂෙල් model Hiace එකයි..

    :dull: නෑ මාමේ..... කලින් අයිති උන් ඉතින් පොඩි සද්දයක් ආවත් බලලා නැති එකේ විපාක තමා මේ..... නැත්නම් අපි දැන් 2001 ඉදන් ලේලන්ඩ් දුවන්නේ.... තවම එන්ජිමට අතක් වත් තියන්නේ නැතුව...... 10000Km වලින් එන්ජින් ඔයිල් මාරු කරලා..... 35000Km වලින් ගියර් / ඩිෆරෙන්ෂල් ඔයිල් මාරු කරලා ඔය තියන් ඉන්නේ යස අගේට..... ඈළුමිනියම් බොඩි වෙලත්.... අපේ ඒවා විතරයි ගැරේජ් එකක් ඈතුලේ දාලා තියෙන ලේලන්ඩ්...... :yes:

    DX එකට සත්කාර ලැබෙන්න අරන් තියෙන්නේ මගේ ගාවට ආවට පස්සේ....... :yes: විකුණගන්න බැරි උනොත් ටික ටික හදනවා හෙමින් සැරේ...... වැඩ නම් කීයක් කරගන්නවද....?? ශොප් එකේ ඩෙස්ක්ටොප් / ලැප්ටොප් ටික අදිනවා...... ඉනිමන් / බට / ගෑස් / බල්ලෝ අදිනවා...... :yes: ලොරියක වැඩ ගන්න පුලුවන් වාහනයක් නේ...... :love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: කියලා වැඩක් නෑ....... :no: දෙන්න තමා බං ට්‍රයි එක.... දැන් හාවෝ අඩුයි මේවා ගන්න....... :yes: ඔක්කොම ණය වෙලා හරි මරුටියකට හරි යනවා මිසක්...... :yes:

    නිකමට වගේ නොකෙරෙන ගානකට ikman එකට දාල තියහන්.. කොහෙන් හරි හාවෙක් එයි බන්.. මම මගේ minicab එක දාල තිබ්බ ඕනවට එපාවට 12 50 000 ක් කියල .. එකෙක් ඇවිත් ලක්ස දහයක් ලීසිං දාල දෙකක් අතිනුත් දීල අරන් ගියා.. දානකොට හොඳ වදින පින්තුර ටිකක් දාපන්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: නෑ මාමේ..... කලින් අයිති උන් ඉතින් පොඩි සද්දයක් ආවත් බලලා නැති එකේ විපාක තමා මේ..... නැත්නම් අපි දැන් 2001 ඉදන් ලේලන්ඩ් දුවන්නේ.... තවම එන්ජිමට අතක් වත් තියන්නේ නැතුව...... 10000Km වලින් එන්ජින් ඔයිල් මාරු කරලා..... 35000Km වලින් ගියර් / ඩිෆරෙන්ෂල් ඔයිල් මාරු කරලා ඔය තියන් ඉන්නේ යස අගේට..... ඈළුමිනියම් බොඩි වෙලත්.... අපේ ඒවා විතරයි ගැරේජ් එකක් ඈතුලේ දාලා තියෙන ලේලන්ඩ්...... :yes:

    DX එකට සත්කාර ලැබෙන්න අරන් තියෙන්නේ මගේ ගාවට ආවට පස්සේ....... :yes: විකුණගන්න බැරි උනොත් ටික ටික හදනවා හෙමින් සැරේ...... වැඩ නම් කීයක් කරගන්නවද....?? ශොප් එකේ ඩෙස්ක්ටොප් / ලැප්ටොප් ටික අදිනවා...... ඉනිමන් / බට / ගෑස් / බල්ලෝ අදිනවා...... :yes: ලොරියක වැඩ ගන්න පුලුවන් වාහනයක් නේ...... :love:

    මගේ California එකට මුහුදු වැලි පැටෙව්වේ ඒ කාලේ මුහුදෙ රළ ගහන තැනටම රිවස් කරලා බන්.. ඇද්දෙ නැත්තේ මිනී විතරයි.. සුනාමිය දවසේ මිනියක් අදින්න ඔන්න මෙන්න තියෙද්දී මල්ශාලාවෙන් මිනි අදින වාහනේ දුන්න අඳුනන නිසා..
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :P විකාරෙන් වගේ එන හැටි දැක්කහම අනිත් වාහන ඉඩ දෙනවා...... ඩ්‍රයිවර් ලේලන්ඩ් එලවන එකෙක් කියලා තේරිලා වෙන්ඩ ඕනා...... :rofl:

    :P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol: මට මැවිලා පේනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නිකමට වගේ නොකෙරෙන ගානකට ikman එකට දාල තියහන්.. කොහෙන් හරි හාවෙක් එයි බන්.. මම මගේ minicab එක දාල තිබ්බ ඕනවට එපාවට 12 50 000 ක් කියල .. එකෙක් ඇවිත් ලක්ස දහයක් ලීසිං දාල දෙකක් අතිනුත් දීල අරන් ගියා.. දානකොට හොඳ වදින පින්තුර ටිකක් දාපන්

    :dull: ඉක්මන් එකේ දැම්මා...... 3.25 + ලීස් කියලා..... කෝල් කරන උන් විස්තරේ බලන්නේ නැතුව 3.25ට අරන් යන්න එන්නේ...... :angry:
     
    Status
    Not open for further replies.