Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කරන එක පට්ටම ඇනයක් කියල දන්නවනේ වාහන එලවන එවුන්..

    බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා..

    දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ..

    මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර ඉඳන්..වම් පැත්තෙන් මනුස්සයෙක්ටවත් යන්න අමාරුයි වගේ..දකුණු පැත්තෙත් lane එකක් තියෙනවා..එතකොට පාරේ lane දෙකයි..

    ඉස්සරහ හතරමන් හන්දියක්..ඊට පොඩ්ඩක් මෙහා තියෙනවා වමට දාන්න පොඩි ශෝට්කට් එකක්..ගොඩක් වාහන එතනින් දානවා..ඉස්සරහ හිටපු එකා නම් කෙලින්ම ගියා..මම වමට හරවන්න හදනකොටම බයික් එකක් ගියා බන් සූන් ගාල :angry: :angry: ඒ මනුස්සයාගේ ඇඟේ කාර් එක වදින්නත් ඇති..ඌ වැටෙන්න ගිහින් යන්තන් බේරුනා..පස්සේ පිටිපස්ස හැරිලා බල බලත් ගියා..වටේ හිටපු මිනිස්සු දැක්ක වුන දේ..මගෙත් වැරද්දක් තිබුනා මම සයිඩ් කන්නාඩියෙන් පිටිපස්සේ වම්පැත්ත බැලුවේ නැහැ..ඒ උනාට බන් ඌ දැනගන්න එපයි මම සිග්නලුත් දාගෙන ඉද්දි හරවන්න පාරකුත් තියෙද්දී අර චූටි ඉඩ අස්සෙන් නොයා ඉන්න..රෙද්ද.. :angry: :angry: වාහනේ නවත්තන්නවත් විදියක් තිබුනේ නැහැ බ්ලොක් එක නිසා..මම ආව එන්න..මම මේ කල්පනා කරේ ඒ මනුස්සය ඒ වෙලාවේ වැටුන නම් මොකක් වෙන්න තිබුනද කියල..

    සිරාවටම ඒ වගේ එහෙම ඒ මනුස්සය වැටුන නම් මොකක්ද බන් කරන්න ඕනේ? ඌ කෙලින්ම වැරැද්ද මගේ පිට දානවා ෂුවර් නේ.. :no: :no:

    ආපහු ඊයේ රෑත් මම පාරේ වම් පැත්තෙ අයිනෙන් ආව වාහනේ නවත්තන්න තැනක් බල බල..යකෝ පාරේ අනිත් පැත්තේ හොඳට ඉඩ තියෙනවා පත Prime Mover Truck එකකට උනත් යන්න ඉඩ තියෙන..මම වමට හරවන්න හදනකොටම කොහෙන්ද මන්ද බයික් එකක් මතුවුනානේ ඔයි ආපහු :angry: :angry: ඌ කලින් එකා තරම් වැටෙන්න ගියේ නැහැ, එත් ඔයි ඒ සැරෙත් නූලෙන් බේරුනේ..

    මහ වදයක් බන් මේක නම්.. :angry: :baffled:

    උඹලගේ අත්දැකීමුත් බෙදාගමු බලන්න..

    මෙතන ඇතිනේ බයික් එලවන කට්ටියත් ගොඩක්..බයික් පදින කට්ටියත් කියන්නකෝ උඹලත් එහෙම වම් පැත්තෙන් වාහන ඔවටෙක් කරලා මැරෙන්න උත්සාහ කරලා තියෙනවද කියල :angry:
     
    • Like
    Reactions: SAN_APIIT

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    කියල වැඩක් නෑ, මම එක පාරක් traffic එකේ නවත්තගෙන ඉන්නකොට එකෙක් වමෙන් කඩාගෙන ඇවිත් මගේ කාර් එකේ side mirror එකත් කුඩුකරගෙන වැටුන කියහන්කෝ.
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    true bn. godak eun wamen tamai overtake karanne. aduma gane horn ekawath use karanne na

    ඔව් බන් මල වදේ :dull:

    කියල වැඩක් නෑ, මම එක පාරක් traffic එකේ නවත්තගෙන ඉන්නකොට එකෙක් වමෙන් කඩාගෙන ඇවිත් මගේ කාර් එකේ side mirror එකත් කුඩුකරගෙන වැටුන කියහන්කෝ.

    අම්මටසිරි..ඊට පස්සේ මොකෝ වුනේ? ඌ උඹේ ඇඟට කඩාගෙන පැනගෙන ආවද උඹට බැනගෙන? ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරාද? :oo:

    තැන්ක්ස් ෆොර් ද බම්ප්
    avatar511897_1.gif

    හැමෝටම rep given.. :yes:
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,707
    8,494
    113
    In Your Heart
    Math indala hitala overtake karanawa habai horn eka 2-3 parak gahanawa e karanneth aduma 4ft wage thiyala kiyanna ba ne wahane nikamata hari kapuwoth :nerd:. mama dannawa weradi kiyala eth block ekak tiyeddi para madin dana eka safe na .Mama wahane yaddi depeththama hondata balanawa mokada dan kolla,kella,ballo balliyo serama bike wala ne :frown:

    PS* Normally ride karaddi nam left side eken overtake karan na .
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,647
    1,896
    113
    Here and there
    මාත් බයික් කාරයෙක් තමයි. හැබැයි බොහොම කලාතුරකින් තමයි වමෙන් ඉස්සර කරන්නේ. එහෙම දැම්මත් දාන්නේ හෝන් එක ගහලා. ඉස්සරහ වාහනේ වමට සිග්නල් දාල තියෙනවනම් කවදාවත් වමෙන් දාන්නේ නෑ. :no::no::no:
    සිරාවටම ඕක මහා ගොන් බූරු වැඩක්. මාර භයානකයි. වාහනයක් එලවනකොට තමයි තේරෙන්නේ බයික් කාරයෝ වමෙන් දාන එක කොච්චර අවුල්ද කියලා.

    කොහොමවුනත් මචන් වමට හරවනවානම් අනිවා කන්නාඩිය තුන් හතර පාරක් බලපන්. අපේ එවුන් ෂුවර් නෑ.:P:P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සිග්නල් ලයිට් දාල හරවපන් හරවද්දී. සමහර හරක් සිග්නල් ලයිට් දාන්නේ බාගයක් හරවල ඉවරවෙලා.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කරන එක පට්ටම ඇනයක් කියල දන්නවනේ වාහන එලවන එවුන්..

    බලපන්කො ඊයෙ දවසටම දෙපාරක් හැප්පෙන්න ගියා ඔය මෝටර් සයිකල් වමෙන් ඔවටෙක් කිරීම නිසා..

    දෙපාරම මම වාහනේ තියාගෙන හිටියේ පාර වම පැත්තේ ගැට්ටේ..

    මුලින් ට්‍රැෆික් එකේ හිටිය..මම වමට හරවන්න සිග්නල් දාගෙන හිටියේ විනාඩි පහක විතර ඉඳන්..වම් පැත්තෙන් මනුස්සයෙක්ටවත් යන්න අමාරුයි වගේ..දකුණු පැත්තෙත් lane එකක් තියෙනවා..එතකොට පාරේ lane දෙකයි..

    ඉස්සරහ හතරමන් හන්දියක්..ඊට පොඩ්ඩක් මෙහා තියෙනවා වමට දාන්න පොඩි ශෝට්කට් එකක්..ගොඩක් වාහන එතනින් දානවා..ඉස්සරහ හිටපු එකා නම් කෙලින්ම ගියා..මම වමට හරවන්න හදනකොටම බයික් එකක් ගියා බන් සූන් ගාල :angry: :angry: ඒ මනුස්සයාගේ ඇඟේ කාර් එක වදින්නත් ඇති..ඌ වැටෙන්න ගිහින් යන්තන් බේරුනා..පස්සේ පිටිපස්ස හැරිලා බල බලත් ගියා..වටේ හිටපු මිනිස්සු දැක්ක වුන දේ..මගෙත් වැරද්දක් තිබුනා මම සයිඩ් කන්නාඩියෙන් පිටිපස්සේ වම්පැත්ත බැලුවේ නැහැ..ඒ උනාට බන් ඌ දැනගන්න එපයි මම සිග්නලුත් දාගෙන ඉද්දි හරවන්න පාරකුත් තියෙද්දී අර චූටි ඉඩ අස්සෙන් නොයා ඉන්න..රෙද්ද.. :angry: :angry: වාහනේ නවත්තන්නවත් විදියක් තිබුනේ නැහැ බ්ලොක් එක නිසා..මම ආව එන්න..මම මේ කල්පනා කරේ ඒ මනුස්සය ඒ වෙලාවේ වැටුන නම් මොකක් වෙන්න තිබුනද කියල..

    සිරාවටම ඒ වගේ එහෙම ඒ මනුස්සය වැටුන නම් මොකක්ද බන් කරන්න ඕනේ? ඌ කෙලින්ම වැරැද්ද මගේ පිට දානවා ෂුවර් නේ.. :no: :no:

    ආපහු ඊයේ රෑත් මම පාරේ වම් පැත්තෙ අයිනෙන් ආව වාහනේ නවත්තන්න තැනක් බල බල..යකෝ පාරේ අනිත් පැත්තේ හොඳට ඉඩ තියෙනවා පත Prime Mover Truck එකකට උනත් යන්න ඉඩ තියෙන..මම වමට හරවන්න හදනකොටම කොහෙන්ද මන්ද බයික් එකක් මතුවුනානේ ඔයි ආපහු :angry: :angry: ඌ කලින් එකා තරම් වැටෙන්න ගියේ නැහැ, එත් ඔයි ඒ සැරෙත් නූලෙන් බේරුනේ..

    මහ වදයක් බන් මේක නම්.. :angry: :baffled:

    උඹලගේ අත්දැකීමුත් බෙදාගමු බලන්න..

    මෙතන ඇතිනේ බයික් එලවන කට්ටියත් ගොඩක්..බයික් පදින කට්ටියත් කියන්නකෝ උඹලත් එහෙම වම් පැත්තෙන් වාහන ඔවටෙක් කරලා මැරෙන්න උත්සාහ කරලා තියෙනවද කියල :angry:

    Macho ....

    I strongly recommend you to install an a quality dash cam and one in rear !!

    Just in case those evidence will put you in much more safer side than in deep !!!
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මේක ලංකාවනේ මචන්, උබට එහෙම කරන ඒඋන්ව ලොවෙත් වෙනස් කරන්න නම් වෙනේනැ, ඒ හින්ද තමන්ගේ පරිස්සම තමන් සලස ගන්න එක තමා හොද, ඔහොම ඔවර්ටෙක් කරලා එක පාරක් හරි මට්ටු උනත් දාන එකා දානවම තම.:baffled:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මමත් බයික් තමා.ඒත් වමෙන් දන්න ආස නෑ.ඒත් සම-හරක් වාහන කාරයෝ දකුනු ලේන් එක බදු අරන් වගේ ගාටනකොට වමෙන් දාලා යනවා. වම් මන්තීරුවේ යන කිසිම වාහනයම් ඊටත් වම් පැත්තෙන් ඉස්සර කරන්නෙ නෑ. :no:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA

    අම්මටසිරි..ඊට පස්සේ මොකෝ වුනේ? ඌ උඹේ ඇඟට කඩාගෙන පැනගෙන ආවද උඹට බැනගෙන? ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරාද? :oo:

    ලංකාවට ඇවිත් හිටිය මාසේ රෙන්ට් එකට ගත්ත වහනයක් බන් අන්තිමට මම අතින් ගෙව්ව.

    මම උට මොකද උනේ කියල බලන්න බහිනකොට ඌ මට බැනගෙන ආව මම වාහනේ ඉස්සරහට ගත්ත කියල. මොකුත් කිව්වෙ නෑ අත පුරෝලා දුන්න කනේ පාරක්. පස්සෙ පව් කියලත් හිතුන මොකට ඌටත් damage bike එකටත් damage. :rofl:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    mama bike padina kaale wahana nawathala thiyenakota witharak wamen issarahata yanwa, dakunen daannema ne anik ewunta wadayak nisa
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Math indala hitala overtake karanawa habai horn eka 2-3 parak gahanawa e karanneth aduma 4ft wage thiyala kiyanna ba ne wahane nikamata hari kapuwoth :nerd:. mama dannawa weradi kiyala eth block ekak tiyeddi para madin dana eka safe na .Mama wahane yaddi depeththama hondata balanawa mokada dan kolla,kella,ballo balliyo serama bike wala ne :frown:

    PS* Normally ride karaddi nam left side eken overtake karan na .

    මැදින් දාන එක එහෙම අවුලක් නැහැනේ බන් :baffled: බ්ලොක් එකේ වාහන හෙලවෙන්නෙත් නැහැනේ..අනේ මන්ද..මෙහෙමයි, ඉස්සරහ ලඟින් හරවන්න පොඩි ශෝට්කට් එකක්වත් නැත්තන් ශේප් එකේ දැම්මට කමක් නැහැ, එත් ඔහොම අස්සෙන් අස්සෙන් බයික් දානකොට හරි අමාරුයි බන් එලවන්න.. :oo: :oo: අනිත් එක බන් කාර් එකේ A/C ත් දාගෙන ඉන්නකොට අනිත් වාහනත් හෝර්න් එක උඩ නැගගෙන ඉද්දි, බයික් එකකින් ගහන හෝර්න් එක කාර් එකේ ඇතුලේ ඉන්න එකාට ඇහෙන්න තියෙන සම්බාවිතාව අඩුයි..

    මාත් බයික් කාරයෙක් තමයි. හැබැයි බොහොම කලාතුරකින් තමයි වමෙන් ඉස්සර කරන්නේ. එහෙම දැම්මත් දාන්නේ හෝන් එක ගහලා. ඉස්සරහ වාහනේ වමට සිග්නල් දාල තියෙනවනම් කවදාවත් වමෙන් දාන්නේ නෑ. :no::no::no:
    සිරාවටම ඕක මහා ගොන් බූරු වැඩක්. මාර භයානකයි. වාහනයක් එලවනකොට තමයි තේරෙන්නේ බයික් කාරයෝ වමෙන් දාන එක කොච්චර අවුල්ද කියලා.

    කොහොමවුනත් මචන් වමට හරවනවානම් අනිවා කන්නාඩිය තුන් හතර පාරක් බලපන්. අපේ එවුන් ෂුවර් නෑ.:P:P:P

    අන්න එකනේ බන්..උඹට තේරිලා සීන් එක :nerd: :nerd: හෝර්න් එක ගහන එක නම් හිතන තරම්ම සාර්ථක නැහැ බන් ට්‍රැෆික් එකේදී..මම ඒකට හේතුව උඩින් කියල තියෙනවා, බලපන්..මේ වෙලාවේ මම වමට සිග්නල් එක විනාඩියක විතර ඉඳන් දාගේනමයිනේ හිටියෙත්..එත් වැඩක් වුනේ නැහැ.. :dull: ඔව් බන් මේකත් පාඩමක් මට..ආපහු නම් කන්නාඩිය බලනවා අනිවාර්යෙන්..අනිත් එවුන් වැරදි කරන්නේ නැහැ කියල හිතල වාහන එලවන්න බැහැනේ..අපේ ආරක්ෂාව අපිම සලසගන්න ඕනේ :)

    Kiyala tiyena hetiyata nam Kohuwala handiya neda :P:P

    නැහැ බන් තලවතුගොඩ :rofl:

    වමෙන් ඉස්සර කරපු ගෝතය උඹ නෙද?:angry:

    :rofl: :rofl: :lol: :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සිග්නල් ලයිට් දාල හරවපන් හරවද්දී. සමහර හරක් සිග්නල් ලයිට් දාන්නේ බාගයක් හරවල ඉවරවෙලා.

    සිග්නල් ලයිට් දාගෙන බන් හිටියේ ට්‍රැෆික් එකේ ඉද්දි..හරියටම බැලුවොත් බයික් එක කාර් එක ලඟට එන්න කිලෝමීටරයකට කලින් ඉඳන්ම වගේ මම සිග්නල් දාගෙන ඉන්න ඇති :P එත් වැඩක් නැහැ බන්.. :no:

    Macho ....

    I strongly recommend you to install an a quality dash cam and one in rear !!

    Just in case those evidence will put you in much more safer side than in deep !!!

    yeah macho, I also thought of doing that as it can provide the much needed evidence in favour of us. Better to get a dash cam fixed soon and I must make sure that two cams are fixed for extra safety (Eg: the situation that I have described here would require a cam in rear as well for evidence)

    මේක ලංකාවනේ මචන්, උබට එහෙම කරන ඒඋන්ව ලොවෙත් වෙනස් කරන්න නම් වෙනේනැ, ඒ හින්ද තමන්ගේ පරිස්සම තමන් සලස ගන්න එක තමා හොද, ඔහොම ඔවර්ටෙක් කරලා එක පාරක් හරි මට්ටු උනත් දාන එකා දානවම තම.:baffled:

    ඔව් බන් එක නම් ඇත්ත :no: :no: :baffled:

    මමත් බයික් තමා.ඒත් වමෙන් දන්න ආස නෑ.ඒත් සම-හරක් වාහන කාරයෝ දකුනු ලේන් එක බදු අරන් වගේ ගාටනකොට වමෙන් දාලා යනවා. වම් මන්තීරුවේ යන කිසිම වාහනයම් ඊටත් වම් පැත්තෙන් ඉස්සර කරන්නෙ නෑ. :no:

    ඔව් ඉතින් වාහන එහෙම යද්දී නම් ඔවටෙක් කරන්න වෙනවනේ වමෙන්..එත් අයියේ ගොඩක් එවුන් මේ වාහනේ වමෙන් යද්දී ඊටත් වමෙන් නේ දාන්න හදන්නේ...එකනේ අවුල.. :no:

    ලංකාවට ඇවිත් හිටිය මාසේ රෙන්ට් එකට ගත්ත වහනයක් බන් අන්තිමට මම අතින් ගෙව්ව.

    මම උට මොකද උනේ කියල බලන්න බහිනකොට ඌ මට බැනගෙන ආව මම වාහනේ ඉස්සරහට ගත්ත කියල. මොකුත් කිව්වෙ නෑ අත පුරෝලා දුන්න කනේ පාරක්. පස්සෙ පව් කියලත් හිතුන මොකට ඌටත් damage bike එකටත් damage. :rofl:

    අප්පා..බය හිතුනේ නැද්ද බන් මනුස්සයෙක්ට පාර මැද ගහද්දි? ඌ උඹට නඩු දැම්මේ නැද්ද? :oo: :oo: