මචන් මට ඔය අත්දැකීම දෙකම තියෙනවා, ඒ කියන්නේ බයික් එකෙන් සහ කාර් එකෙන්,
මගේ අදහස මේකයි මචන් . . .
සාමාන්‍යයෙන් වාහනයක් එලවද්දි ටිකක් වම් පැත්තෙන් ඉඩ තියාගෙන තමයි යන්නේ, අනිත් අය නම් කොහොමද දන්නේ නැහැ, හැබැයි මම නම් එහෙම තමයි. මොකද ඉස්සරහයින් ඒ කියන්නේ දකුණු පැත්තේන් වාහනයක් ඇඟට අවොත් වමට ගන්න පුළුවන් නිස. ගොඩක් වෙලාවට පුරුද්දක් විදියට මම අඩුම තරමේ තත්පර 30කට පාරක්වත් කණ්නාඩි තුනම බලනවා, ඒ කියන්නේ වම දකුණ සහ මැද. එත් හදිස්සි ආස්ථාවකදි අපි වම් පැත්තේ කණ්නාඩිය ගැන සැලකිලිමත් වෙනවා අඩුයි, මොකද අපි වාහනයක් එලවාගෙන යනකොට වම් පැත්තෙන් අපිට හම්බ වෙන බාධක ගැන අපේ හිතේ පොඩි ජායාවක් ඇඳිලයි තියෙන්නේ. අන්න ඒ ජායාවට අනුව තමයි හදිස්සි අවස්ථාවකදි අපි වාහනය වමට ගන්නේ, එත් අපේ හිතේ තියෙන ජායාවට කව්රු හරි පිටිපස්සෙන් අවිත් රිංගුවොත් ඒ කෙනා අපේ හිතේ තියෙන ජායාවේ බාධකයක් විදියට ඇඳිලා තියෙන්නේ නැහැ.
අන්න ඒ වගේ අවස්ථාවක තමයි ඔය වගේ අනතුරු ගොඩක් දුරට සිද්ධ වෙන්නේ, එකේ වරද 100%ම බයික්කාරයා පිට තමයි අපි පටවන්නේ, මොකද වම් පැත්තේ ඉස්සර කරන්න ලංකාවේ නීතියක් නැහැ. එත් ඉතින් ඕන තරම් බයික් වම් පැත්තෙන් දානවා මමත් එහෙමයි සමහර වෙලාවට දානවා. සමහර බයික් කාරයේ විතරක් නෙමෙයි ත්‍රීවිල් කාරයෝ බස් කාරයොත් දානවා පෙමන්ට් එකේ ඉඩ තිබුනොත්. ඒ වගේ වෙලාවට අපි කොච්චර පරිස්සමින් ගියත් අනතුරක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩී.
වාහනයක් පදවන කෙනෙක් විදියට අපි හැම වෙලාවෙම පුළුවන් තරම් වම් පැත්තෙන් තව කෙනෙකුට රිංගන්න බැරි විදියට වාහනය එලවගෙන යන්න ඕනේ, එත් සමහර වාහනවල යන අය පාරේ යන්නේ මැද්දෙන්, ඒ කියන්නේ පස්සෙන් එන කෙනාට දකුණුන් ඉස්සර කරලා යන්න බැහැ මොකද ඉදිරියෙන් එන වාහන වලට ඉඩ මදි නිසා, ඊට අමතරව කොච්චර හොන් ගැහුවත් වාහනය වමට ගන්න තරම් බුද්ධියක් ඒ කෙනාට නැහැ. අන්න ඒ වගේ වෙලාවට පිටි පස්සෙන් එන වාහනය ගොඩක් දුරට වම් පැත්තෙන් ඉස්සර කරන්න පෙලබෙනවා.
තව එකක් තමයි ගොඩක් ලොකු ලොකු වාහනවල යන ලොකු ලොකු ජොබ් කරන කට්ටිය, සමහර ඩොක්ටර්ස්ලා, විශේෂයෙන් ලේඩි ඩොක්ටර්ස්ලා, ඔළුව ඉදිමිච්ච ගැහැණු පිරිමි දෙපක්ෂයේම කට්ටිය හිතාගෙන ඉන්නේ එයාගේ ලොකු කමට, වාහනේ වටිනාකමට, ජොබ් එකේ ලොකු කමට, තත්වෙට, තරාතිරමට වාහන එලවන්න පුළුවන් කියලා, එත් ඒ අය දන්නේ නැහැ ඒ දෙවල් මොනා තිබ්බත් ඩ්‍රවින් ලයිසන් එකක් අරගෙන මාර්ග නිති පිලිපදිමින් වාහන එලවන්න ඕනා කියලා. අන්න ඒ වගේ කට්ටිය ගොඩක් වෙලාවට පාරේ යන්නේ පාර එයාලගේ අම්මගේ අප්පගේ බූදලය කියලා හිතාගෙන, පිටි පස්සෙන් එන වාහනයක් එයාව ඉස්සර කරලා යන එක එයාට නිකන් මදි කමක් වගේ හිතෙනවා ඇති, ඒ වගේ කෙනෙක් හම්බ උනොත් මම නම් ඒයාට හොදට තෙරුම් කරලා දෙනවා එයාගේ තත්වේ තිබුනට මොලේ නැති බව. ලඟදි දවසක් මම බයික් එකේ යනකොට ප්රිමෝ එකක යන ගැනියෙකුට තෙරුම් කරලා දුන්නා අඬන්න, එකි ඒත් මට්ටු නැහැ මිනිහට කොල් කරලා එන්න කිව්වා, මිනිහා අපේ පැත්තේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක්, මම ඒකටත් කියලා දුන්නා පාරේ වාහන එලවන්නේ කොහොමද, කොච්චර ලොකු කෙනෙක් උනොත් බලපත්‍රයක් අරගෙන වාහනයක් එලවනවනම් එයා රියදුරෙක්, රියදුරෙක් නම් මාර්ග නිති පිලිපදින්න ඕනා හැටි කොහොමද කියලා. පව් පස්සේ නොන්ඩි වෙලා ලොකුකම් රෙද්ද පල්ලේන් බෙරගෙන ලස්සනට දෙන්නම යන්න ගියා,
තවත් දවසක් යාළුවෙකුගෙ ලොරියකින් තවත් යාළුවෙකුගේ ගෙදරට බඩු වගයක් පටවගෙන මම කන්ද නඟිනවා, ලෙඩි ඩොක්ටර් කෙනෙන් ජිම් එකටද කොහෙද යන්න පල්ලම බහිනවා, වාහන දෙකකට මාරු වෙන්න ඉඩ අඩුයි ඒ පාරේ, මම කන්දෙන් 75% විතර ගිහින් කාර් එක දාන එපා කියලා මම හොන් ගැහුවා ලයිට් ගැහුවා, මොන මේ යොධි දැම්මා කියහන්කෝ කාර් එක පල්ලමට. දැන් දෙන්නටම යන්න විදියක් නැහැ, මේකි කියනවා ඔයා දන්නවද මම කව්ද කියලා, මම අහවල් ඉස්පිරිතාලේ අහවල් ඩොක්ටර්, මගේ මහත්තයා අහවල් ඉස්පිරිතාලේ අහවලා, කිය කිය මට ටොක් කරනවා පස්සට ගන්න කියලා, අන්තිමට මමත් එයාට හොදට ටොක් එකක් දුන්නා රෙස්පට් බහින්නම, අවට හිටපු මිනිස්සුත් නොනගේ ඔළුවේ අමාරුවට හොදට ප්‍රතිකාර දුන්නම ලස්සනට කාර් එක පස්සට ගත්තා.
අපි බයික් එකක යනවනම් හැකිතාක් දකුණු පැත්තේන් ඉස්සර කරන්න කියන එක තමයි මම නම් කියන්නේ, එත් සමහර වෙලාවට අර මම කලින් කියපු අය වගේ අමාරු කාරයෙක් හම්බ උනොත් නම් ඉතින් වමෙන් දානවා ඇර වෙන විකල්පයක් නැහැ, ඒ වගේ වෙලාවට වමෙන් දානවා නම් පුළුවන් තරම් ඉස්සරහා යන වාහනේ පදවන කෙනාට තමා වම් පැත්තෙන් ඉස්සර කරනවා කියන එක එත්තු ගන්වන්න කිහිප සැරයක් හොන් එක ගහන්න, එක පාරටම වමෙන් නොදා ටිකක් දාන්න වගේ ගිහින් බ්‍රෙක් කරන්න, ටිකක් හයියෙන් රෙස් කරන්න කල්ච් එක අල්ලගෙන, අන්න ඒ වගේ ඉදිරියෙන් යන කෙනාව රැවටීමක් වගේ කරන්න, එත් එකා ඇහුවේ නැත්තන් හොන් එක ගහගෙනම ඉන්න, එත් ඇහුවේ නැත්තන් ඉදිරිය අරක්ෂාකාරී කියලා හිතෙනවාම් වම් පැත්තෙන් ඉස්සර කරගෙන යනගමන් වෙලාවක් තියෙනවනම් ලුණු ඇබුල් ටිකක් එක්ක අරූට මොලේ ටිකක් පාදලා යන්න,