Marvel Cinematic Universe - Characters [Avengers]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Tony Stark (Iron Man)


    12033181_531421200349991_7742801683968102781_n.jpg


    සම්පුර්ණ නම : Anthony Edward Stark
    අනුවර්ථ නාම : Tony Stark, Iron Man, The Consultant, The Starkster, The Mechanic, Howardson, Metal Man, Shellhead
    වයස : 45
    උපන් දිනය : 1970 මැයි 29
    හිමිකම : S.H.I.E.L.D. හිටපු උපදේශක, හිටපු CEO Stark Industries
    පුරවැසිභාවය : ඇමෙරිකානු
    චිත්‍රපට : Iron Man, The Incredible Hulk, Iron Man 2, Thor (සදහන් කිරීමක්), The Avengers, Iron Man 3, Captain America: The Winter Soldier (සදහන් කිරීමක්) , Avengers: Age of Ultron, Ant-Man (සදහන් කිරීමක්) , Captain America: Civil War (2016), Avengers: Infinity War (2018 - 2019)
    One-Shot : The Consultant, All Hail the King (සදහන් කිරීමක්)
    TV series : Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය : Robert Downey, Jr.


    Tony Stark 1970 මැයි මස 29 වන සිකුරදා උපත ලබන අතර ඔහුගේ පිය Howard Stark සහ මව Maria Stark නම් වේ. මේ අතර ටෝනි ඉපදීමට පෙර ටෝනි ගේ පියා Edwin Jarvis ව ඔහුගේ ප්‍රධාන මෙභෙකරුවා වශයෙන් බදවා ගන්නවා. කාලයක් යද්දී Jarvis ටොනිගේ හොදම යාළුවා බවට පත් වෙනවා. ටෝනිට අවරුදු 21 දී ඔහුගේ දෙමව්පියන් HYDRA විසින් කරන ලද රිය අනතුරකින් මිය යනවා .. මේ කලයදීම ටොනිගේ ප්‍රධාන මෙභෙකරුවා වන Jarvis ද මිය යනවා. ටොනිගේ දෙමව්පියන් හදිසියේ මියෙ යාමත් සමගම ඔවුන්ගේ Stark Industries යේ CEO ටෝනි ට හිමි වෙනවා. ඊට මස කීපයකට පසු ටෝනි තමාගේ ගෙදර වැඩ කටයුතු කරගැනීමට කෘත්‍රිම බුද්ධි පද්ධතියක් නිර්මාණය කරනවා..එය නමින් "Just a Rather Very Intelligent System", කෙටියෙන් කිවහොත් ඔහුගේ ප්‍රධාන මෙභෙකරුවා නම වන J.A.R.V.I.S. වේ. අවසානයේදී ටෝනි Stark Industries ලොව උසස් තාක්ෂණික සමාගමක් බවට පත් කරනවා. මෙතැන් පටන් ඔහුගේ කතාව MCU එකේදී දැක ගැන පුළුවන්.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Steve Rogers (Captain America)


    12196306_536538723171572_5152795518665886732_n.jpg


    සම්පුර්ණ නම - Steven Grant Rogers
    අනුවර්ථ නාම - Steve Rogers, Captain America, Captain Rogers, Cap, Capsicle, The First Avenger, The Captain, The Soldier, The Super Soldier, The Living Legend, The Old Man
    වයස - 97 (විද්‍යාත්මකව 31)
    උපන් දිනය - 1918 ජූලි 4
    හිමිකම - Captain, S.H.I.E.L.D. හිටපු නියෝජිත,හිටපු S.S.R සාමාජික, හිටපු ඇමෙරිකානු හමුදා නිලදාරී.
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Captain America: The First Avenger, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016), Avengers: Infinity War (2018 - 2019)
    One Shot - Agent Carter
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්), Agent Carter (සදහන් කිරීමක්), Daredevil (සදහන් කිරීමක්), Jessica Jones (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Chris Evans


    1918 ජූලි මස 4 වන බ්‍රහස්පතින්දා New York City හි Brooklyn වල උපත ලැබූ Steve ගේ පියා Joseph Rogers වන අතර මව Sarah නම් වේ. Steve මව් කුසේ සිටියෙදීම ඔහුගේ පියා වන Joseph පළමු ලෝක යුද බිමේදී මිය යන ලදී. 1932 සිය 1936 කාලය තුල Brooklyn වල පිහිටි George Washington High School එකෙන් උසස් අධ්‍යාපනය ලැබූ Steve පසුව 1937 සිට 1938 කාලය තුල Brooklyn හිම Auburndale කලා පාසලේ අධ්‍යාපනය ලැබිය. තරුණ වියේදී ඔහුට James Bucky Barnes හමුවන අතර පසු කාලීනව Steve ගේ හොදම මිතුරාද ඔහු විය. 1940 දී Steveට වයස 22 පමණ වන විට ඔහුගේ මව tuberculosis රෝගයෙන් මිය යයි. පසුව මේ කාලයේදී දෙවන ලෝක යුද්දය පවතී අතර Steve සහ Bucky ට අවශ්‍ය වුන ඇමෙරිකානු හමුදාවට බැදී යුරෝපයේ නාසි හමුදාවට එරෙහිව සටන් කිරීමට. නමුත් හමුදා බදවා ගන්න පරීක්ෂණයෙන් Bucky සමත් වුවත් Steve අසමත් විය. Steve ඉන් කීප සැරයක්ම පරීක්ෂණ වලට සහභාගී වුවද ඉන් සියල්ලගෙන්ම ඔහු අසමත් විය. ඒ ඔහුට අවම උස නොතිබීමත්, රෝග ලක්ෂණ කීපයක්ම පැවතීමත් හේතුවෙන්. Dr. Abraham Erskine ගේ උදව්වෙන් Super Soldier පරීක්ෂණයෙන් සමත් වන Steve පසු කාලීනව Captain America බවට පත් වේ. 1946 දී නාසි හමුදාවට එරහි සටනකදී අයිස් ප්‍රදේශයකට ගුවන් යානයක් සමග කඩ වටෙන් Steve ඉන් වසර 66 කට පසු S.H.I.E.L.D. විසින් සොයාගන්න අතර 2012 ඔහු නැවතත් අවධි වෙයි. පසුව ඔහු S.H.I.E.L.D.සමග Avengers කණ්ඩායමට එකතු විය. Super Soldier පරීක්ෂණයෙන් පසු Steve බලයන් කීපයක් හිමි වේ.එනම්, කායික ශක්තිය අසමාන්‍ය ලෙස වැඩි වීම, දිවීමේ වේගය වැඩි වීම (පැයට කි.මී.60ක වේගයෙන් දිවීමට සහ පැයට කි.මී.35 වේගයෙන් පිහිනීමට හැක), බුද්ධි වර්ධනය වැඩි වීම, ශ්‍රීඝ‍්‍රතාවය වැඩි වීම,(අඩි 150 ක් පමණ එක පිම්මටද, අඩි 20 ක් පමණ දුවන්නේ නැතිවද පැනිය හැක) ඔහුට ඇති බලයන් වලින් කීපයකි.
     
    • Like
    Reactions: 3rdEye

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Thor


    11139348_535733166585461_7597999831933638836_n.jpg


    සම්පුර්ණ නම - Thor Odinson
    අනුවර්ථ නාම - The Mighty Thor, God of Thunder, Prince of Asgard, Son of Odin, Odinson
    වයස - 1000 වඩා
    හිමිකම - Asgard වල කුමාරයා
    පුරවැසිභාවය - Asgardians
    චිත්‍රපට - Thor, The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron, Thor: Ragnarok (2017), Avengers: Infinity War (2018 - 2019)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය - Chris Hemsworth


    Asgard හි රජු Odin සහ ඔහ්ගේ බ්රිද Frigga ට උපන් Thor කුඩා කල සිට හැදුනේ ඔහුගේ හදාවඩා ගත්සොයුරා වන Loki සමගයි. ඔවුන් දෙදෙනා අතර කුඩා කල සිටම Asgard වල සිංහාසනයට තරඟකාරීතත්වයක් පැවැතුණි. Thor ඔහුගේ පියා මෙන් රණශූරයෙකි. ඔහු නිර්භීත, ශක්තිමත්, පක්ෂපාති අයෙක් වගේම ඔහුට ප්‍රබල මිටියක් වන Mjølnir හිමිය.Thor හට රණශුර කණ්ඩායමක් ඇති අතර ඔවුන් නම් Sif,Loki,Fandral,Hogun සහ Volstagg වේ. Thor ඔහුගේ Mjølnir පාවිච්චි කිරීමෙන් බලයන් කීපයක්ම ලබා ගත හැකි වේ. එනම්, අකුණු ඇදගෙන එහි බලය යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර හැකි වීම, කාලගුණය පාලනය කිරීම, ඔහුගේ ආරක්ෂක ආවරණ ඇදුමට Mjølnir යොදා ගනිමින් පරිණාමය වීමට ඇති හැකියාව, Thor ගේ නියමයෙන් Mjølnir එක ඔහුගේ අතට ඕනෑම ද්‍රවයක් හරහා ගෙන්වා ගැනීමේ හැකියාව, පියාසර කිරීමේ හැකියාව, අපරිමිත වේගය (මෙයින් ග්‍රහලෝක අතර ගමන් කල හැක). බලගතු ශක්තින් පාලනය කල හැකි වීම ඒ අතර වේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Bruce Banner (Hulk)


    12196069_533274426831335_835541358215527979_n.jpg


    සම්පුර්ණ නම : Robert Bruce Banner
    අනුවර්ථ නාම : Bruce Banner, Hulk, The Incredible Hulk, David B, Mr. Green, Green Monster, The Big One, The Big Guy
    වයස : 45
    උපන් දිනය : 1969 දෙසැම්බර් 18
    හිමිකම : වෛද්‍ය, Culver University හිටපු සේවක, Avengers හිටපු සාමාජික
    පුරවැසිභාවය : ඇමෙරිකානු
    චිත්‍රපට : The Incredible Hulk, Thor (සදහන් කිරීමක්), The Avengers, Captain America: The Winter Soldier (සදහන් කිරීමක්) , Avengers: Age of Ultron, Captain America: Civil War (2016),Thor: Ragnarok (2017), Avengers: Infinity War (2018 - 2019)
    TV series : Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්), Daredevil (ඡායාරූපයක්), Jessica Jones (සදහන් කිරීමක්)
    චරිත නිරුපණය : Mark Ruffalo (2012 - 2019), Edward Norton (2008)


    1969 දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා උපත ලැබූ Bruce Banner උසස් අධ්‍යාපනය Harvard University එකේ හදාරන ලදී . Willowdale විශ්ව විධයාලයේ තම උපාධිය නිම කල ඔහු Culver University හි උපදේශකයෙකු වශයෙන් කටයුතු කළේය. ඔහු ජීව රසායන විද්‍යාව වගේම න්‍යෂ්ටික භෞතිකවිද්‍යාවන් සදහා විශේෂිත වූ අතර ජෛව විද්‍යා දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් වුහ. මේ අතරතුර කාලයේදී ඔහු සම්බන්දවෙනවා ගැමා විකිරණ සම්බන්ද වැඩ කිරීමට. 2005 කාලයේදී Bruce සම්බන්ද වෙනවා රහස්‍ය පර්යේෂණයකට. එය නමින් Bio-Tech Force Enhancement Project. ඒ Abraham Erskine 1943 Captain America නිර්මාණය කිරීමට යොදා ගත් Project Rebirth හා සමාන සුපිරි සොල්දාදුවෙකු බිහිකිරීමේ ව්‍යාප්තියක්. ඔහු ඒ සදහා කැමැත්තෙන්ම ඉදිරිපත්වෙනවා.නමුත් එ පරේෂණය අසාර්ථක වෙනවා. ඒ Bruce Banner දැවැන්ත, කොළ පැහැති සමක් සහිත, ශක්තිමත් නමුත් මනස ඉතා අඩු පුද්ගලයෙකු බවට පරිණාමය වෙමින්. නම් ඔහුගේ මේ පරිණාමය තාවකාලිකයි.ඒ වගේම මේ පරිණාමය, ඔහු ඉතා කලබලවන, ඉතා තරහා යන හැම අවස්ථාවකම සිදු වෙනවා. මෙතැන් පටන් ඔහුගේ කතාව MCU එකේදී දැක ගැනීමට හැක.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Natasha Romanoff (Black Widow)


    12241568_536785826480195_7396418502962160692_n.jpg


    සම්පුර්ණ නම - Natalia Alianovna Romanoff
    අනුවර්ථ නාම - Natasha Romanoff, Black Widow, Nat, Natalie Rushman, Tatiana Sokolova, Alion Vans, Audrey
    වයස - 30
    උපන් දිනය - 1984 නොවැම්බර් 22
    හිමිකම - Avengers සාමාජික, S.H.I.E.L.D. හිටපු නියෝජිත
    පුරවැසිභාවය - රුසියානු, ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man 2, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Captain America: Civil War (2016)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    බලයන් සහ හැකියාවන් - මාෂල් ආට් සටන් හැකියාව, Latin, Russian, English, French, German, Chinese ඇතුළු තවත් භාෂා කතා කිරීමේ හැකියාව, ආරක්ෂක පද්ධති Hack කිරීමේ හැකියාව.
    චරිත නිරුපණය - Scarlett Johansson


    Natasha Romanoff 1984 නොවැම්බර් 22 රුසියාවේ Stalingrad හි උපත ලැබිය. ඇය තරුණ වියේදී KGB නම් රුසියාවේ ආරක්ෂක සංවිධානයකට බදවා ගන්න ලදී. එහිදී ඇය රහස් ඔත්තු බැලීම පිලිබදව පහුණු වූ අතර පසු කාලීනව ඇයට code name එකක් ලෙස Black Widow නම ලැබිණ. මැය ලොවට තර්ජනයක් වීගෙන එන බැවින් S.H.I.E.L.D. හි අධ්‍යක්ෂ Nick Fury විසින් Clint Barton නොහොත් Hawkeye ඇයව ඝාතනය කිරීමට යවන ලදී. අයගේ හැකියාවන් ගැන උනන්දු වූ Hawkeye, Fury ගේ අණ කඩ කරමින් ඇයව S.H.I.E.L.D වලට බදවා ගැනීමට උත්සහ කරයි. පසුව Fury ගේ කැමැත්ත මත ඇය රුසියාවෙන් පලා ඇවිත් S.H.I.E.L.D හා සම්බන්ද වෙනවා ඇයගේ මුල් Natalia නම Natasha නමින් වෙනස් කරගනිමින්.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Clint Barton (Hawkeye)


    12119002_536793256479452_1435501011832704704_n.jpg


    සම්පුර්ණ නම - Clinton Francis Barton
    අනුවර්ථ නාම - Clint Barton, Hawkeye, The Hawk, Old Man, Legolas
    වයස - 44
    උපන් දිනය - 1971 ජනවාරි 7
    හිමිකම - Avengers හිටපු සාමාජික, S.H.I.E.L.D. හිටපු නියෝජිත
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Thor, The Avengers, Avengers: Age of Ultron, Captain America: Civil War (2016), Avengers: Infinity War (2018 - 2019)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    බලයන් සහ හැකියාවන් - දුනු විදීමේ හැකියාව, මාෂල් ආට් සටන් හැකියාව,දෑත ම හුරුකම (ඇත දෙකෙන්ම ඕනෑම ඉලකයකට දුනු විදිය හැක)
    චරිත නිරුපණය - Jeremy Renner


    1971 ජනවාරි 7 නම් බ්‍රහස්පතින්දා දවසක උපත ලැබූ Clinton කුඩා කල සිටම ඔහුගේ දෙමව්පියන් සමග වැඩුණි. ඔහු තරුණ වියේදී දුනු විදීමේ ශිල්පය ගැන ඉගෙන ගත් ඔහු ඒ හැකියාවේ ඇති විශේෂත්වය නිසා S.H.I.E.L.D. වලට බදවා ගන්න ලදී. ඉන් ඔහුට Hawkeye නම් codename එක හිමිවිය. මේ කාලයේදීම ඔහු Laura නම් කාන්තාවක් පෙම් සබදතාවක් පටන් ගත අතර පසුව ඔවුන් විහාහ වීය. Clinton ගේ S.H.I.E.L.D. File එක Nick Fury විසින් ආරක්ෂා කල අතර Clinton ගේ බිරිද හා දරුවන් පිලිබදව දැන සිටියේ ඒ වන විට Fury පමණි. පසු කාලීනව Clinton හට Natasha හමු වීමත් සමග ඔවුන් දෙදෙනා S.H.I.E.L.D. හි මෙහෙයුම් සදහා එකට සටන් කෙරුණි. මේ හේතුවෙන් Clinton ඔහුගේ පවුල පිලිබද රහස ඇයට පැවසු අතර පසුව Laura සහ Natasha දෙදෙනා අතර ඉතා කිට්ටු යාළුකමක්ද පැවතුනි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Wanda Maximoff (Scarlet Witch)


    12234855_536799643145480_2390740850662177944_n.jpg


    සම්පුර්ණ නම - Wanda Maximoff
    අනුවර්ථ නාම - Scarlet Witch, Little Witch, The Twins
    හිමිකම - Avengers , HYDRA හිටපු නියෝජිත
    පුරවැසිභාවය - Sokovian
    චිත්‍රපට - Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Captain America: Civil War (2016)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    බලයන් සහ හැකියාවන් - දුරඇති දෙයක් සිතේබලෙන් සෙලවීමේ අධිමානසික හැකියාව, පරචිත්තඥානය (වෙන කෙනෙකුගේ හිතේ ඇති අදහස් දන ගැනීමේ හැකියාව), මෝහනය කිරීමේ හැකියාව, පියාසර කිරීමේ හැකියාව, කම්පනයන් ඇති කිරීමේ හැකියාව, බලය යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව, විවධ භාෂා කතා කිරීමේ හැකියාව.
    චරිත නිරුපණය - Elizabeth Olsen


    නැගෙනහිර යුරෝපයේ Sokovia නම් රටෙහි උපත ලැබූ Wanda හට Pietro නම් නිවුන් සහෝදරයෙක්ද සිටිහ. ඇය අවරුදු 10දී ඇයගේ පවුලේ අය සමග රාත්‍රී අහර ගනිමින් සිටියදී මෝටාර් ප්‍රහාරයක් ඇයගේ නිවසට වැදීමෙන් මව සහ පියා ජිවිතක්ෂයට පත් විය. දෙවැනි මෝටාර් ප්‍රහාරයත් ඔවුන් අසලට වැටුණු නමුත් එය පුපුරා නොගිය අතර එම මෝටාර් හි Stark Industries නම් නම සදහන් විය. දවස් දෙකක් සුන් බුන් අතර සිටි ඔවුන්ට ඉන් දිවි ගලව ගැනීමට හැකි විය. Stark Industries හා Tony Stark කෙරෙහි ක්‍රෝධයෙන් කාලය ගෙවූ ඔවුන් හට HYDRA හට එකතු වීමෙන් Avengers ගෙන් පලි ගැනීමට අවස්ථාවක් හිමි විය. එහිදී ඔවුන් Scepter හි බලය යොදා ගනිමින් HYDRA විසින් සිදු කල පරීක්ෂණ වලට යොදා ගත අතර Wanda සහ Pietro හට ඉන් බලයන් කීපයක් හිමි විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Pietro Maximoff (Quicksilver)


    12208455_536801716478606_8324316215574182080_n.jpg


    සම්පුර්ණ නම - Pietro Maximoff
    අනුවර්ථ නාම - Quicksilve, Quick Little Bastard, Something Too Fast To See, The Twins
    හිමිකම - Avengers , HYDRA හිටපු නියෝජිත
    පුරවැසිභාවය - Sokovian
    මිය ගිය දිනය - 2015 මැයි 6
    චිත්‍රපට - Captain America: The Winter Soldier, Avengers: Age of Ultron
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    බලයන් සහ හැකියාවන් - අධික වේගයෙන් දිවීමේ හැකියාව, කාලය කළමනාකරණය කිරීමේ හැකියාව, ද්විභාෂාත්වය
    චරිත නිරුපණය - Aaron Taylor-Johnson


    Sokovia නම් රටෙහි උපත ලැබූ Pietro හට Wanda නම් නිවුන් සහෝදරියෙක්ද සිටිහ. ඔහු අවරුදු 10දී ඔහුගේ පවුලේ අය සමග රාත්‍රී අහර ගනිමින් සිටියදී මෝටාර් ප්‍රහාරයක් ඔහුගේ නිවසට වැදීමෙන් මව සහ පියා ජිවිතක්ෂයට පත් විය. දෙවැනි මෝටාර් ප්‍රහාරයත් ඔවුන් අසලට වැටුණු නමුත් එය පුපුරා නොගිය අතර එම මෝටාර් හි Stark Industries නම් නම සදහන් විය. දවස් දෙකක් සුන් බුන් අතර සිටි ඔවුන්ට ඉන් දිවි ගලව ගැනීමට හැකි විය. Stark Industries හා Tony Stark කෙරෙහි ක්‍රෝධයෙන් කාලය ගෙවූ ඔවුන් හට HYDRA හට එකතු වීමෙන් Avengers ගෙන් පලි ගැනීමට අවස්ථාවක් හිමි විය. එහිදී ඔවුන් Scepter හි බලය යොදා ගනිමින් HYDRA විසින් සිදු කල පරීක්ෂණ වලට යොදා ගත අතර Pietro සහ Wanda හට ඉන් බලයන් කීපයක් හිමි විය.Ultron සමග සටනේදී මොහු මිය ගියේය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Vision


    12241585_536811296477648_4539263553683744399_n.jpg


    සම්පුර්ණ නම - Vision
    වයස - 0 (මාස 6)
    හිමිකම - Avengers
    උපන්දිනය - 2015 මැයි 5
    චිත්‍රපට - Avengers: Age of Ultron, Captain America: Civil War (2016)
    බලයන් සහ හැකියාවන් - ශක්තිය විහිදුවීමේ හැකියාව, කෘත්‍රිම දෑ මැවීමේ හැකියාව, කායික බලය වැඩි කර ගැනීමේ හැකියාව, පියාසර කිරීමේ හැකියාව, පද්ධති Hack කිරීමේ හැකියාව.
    චරිත නිරුපණය - Paul Bettany


    Doctor Helen Cho යන්ත්‍රයක් උපකාරයෙන් කෘතීම ශරීරයක් නිර්මාණය කරන අතර Scepter නොහොත් Mind Stone එකේ පාලනය එම ශරීරයට ඇතුලත් කරයි. පසුව Bruce Banner සහ Tony Stark ගේ අධීක්ෂණය යටතේ J.A.R.V.I.S. නම් කෘතීම බුද්ධිය ඇතුලත් කරන ලදී. Thor අකුණු බලය යොදා ගනිමින් එම ශරීරයට ජිවය දුන් අතර එය Vision නමින් හැදින්වුණි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Sam Wilson (Falcon)


    12226936_536818236476954_4162810141453016170_n.jpg


    සම්පුර්ණ නම - Samuel Thomas Wilson
    අනුවර්ථ නාම - Sam Wilson, Falcon
    වයස - 37
    උපන් දිනය - 1978 සැප්තැම්බර් 23
    හිමිකම - Avengers , ඇමෙරිකානු ගුවන් හමුදා හිටපු නිළදාරි
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    බලයන් සහ හැකියාවන් - Winged jetpack ආධාරයෙන් පියාසර කිරීමේ හැකියාව, මාෂල් ආට් සටන් හැකියාව
    චරිත නිරුපණය - Anthony Mackie


    ඇමරිකානු ගුවන් හමුදාවේ පැරිෂුට් කරුවෙකු ලෙස සේවය කල මොහු 58 වැනි මුදවගනිමේ භට කණ්ඩායමේ නිලදයෙකුව සිටිහ. යුද මෙහෙයුමකදී ඔහුගේ සගයෙකු වන Riley, RPG ප්‍රහාරයකින් මිය ගිය අතර ඔහුව බේරා ගැනීමට නොහැකි වූ නිසා Wilson ට ඉන් පසු මෙහෙයුම් වලට මුහුණ දීමට නොහැකි විය. මේ හේතුවෙන් ඔහු යුද්දෙදි මිය ගිය රණවිරුවන්ගේ ඥාතින්ගේ අභිචේතනය වැඩි කිරීමේ වැඩසටහනක් පවත්වාගෙන ගියහ. පසුව ඔහුට Steve Rogers හමුවන අතර ඒ මාර්ගයෙන් ඔහු Avengers හට සම්බන්ද වේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    James Rhodes (War Machine)


    12227031_536821033143341_1207957010497868608_n.jpg


    සම්පුර්ණ නම - James Rupert Rhodes
    අනුවර්ථ නාම - Rhodey, War Machine, Iron Patriot
    වයස - 46
    හිමිකම - Avengers , ඇමෙරිකානු ගුවන් හමුදා සේනාපති
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man, Iron Man 2, Iron Man 3, Avengers: Age of Ultron, Captain America: Civil War (2016)
    බලයන් සහ හැකියාවන් - War Machine ආධාරයෙන් පියාසර කිරීමේ හැකියාව, මාෂල් ආට් සටන් හැකියාව
    චරිත නිරුපණය - Don Cheadle (2010 සිට), Terrence Howard (2008)


    තරුණ අවදියේදී Tony Stark ගේ හොදම මිතුරෙකු වන මොහු පසුව ඇමෙරිකානු ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙකු ලෙස සේවය කළහ. මේ හේතුවෙන් Tony ගේ Stark Industries හා ඇමෙරිකානු හමුදා අවි අංශය සමග සම්බන්ධතවයක්ද ඇති කරගැනීමට හැකි විය. Tony ගේ උදව්වෙන් War Machine නිර්මාණය වූ අතර එය Rhodes විසින් භාවිත කිරීමත් සමග පසු කාලීනව ඔහු Avengers හා සම්බන්ධ වේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Scott Lang (Ant-Man)


    11036990_536829389809172_7108569326897776652_n.jpg


    සම්පුර්ණ නම - Scott Edward Harris Lang
    අනුවර්ථ නාම - Scott Lang, Ant-Man, Jack, Scotty, Chang, Princess
    හිමිකම - Baskin-Robbins හිටපු සේවක, Vistacorp හිටපු සේවක,
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Ant-Man, Captain America: Civil War (2016)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    බලයන් සහ හැකියාවන් - Ant-Man Suit එක ආධාරයෙන් ශරීරය කුඩා කර ගැනීමේ හැකියාව, කුඩා කෘමින් හසරවීමේ හැකියාව, සොරකමට ඉතා දක්ෂ වීම, පද්ධති Hack කිරීමට ඇති හැකියාව.
    චරිත නිරුපණය - Paul Rudd


    ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව අංශයෙන් උපාධියක් ඇති Scott 2007 දී පමණ Maggie නම් කාන්තාවක් සමග විවාහ විය. ඔහු සොරමට ඉතා දක්ෂ වූ අතර ඔහුගේ බිරිද මේ නිසා අකමැත්තෙන් සිටිහ. පසුව ඔවුන්ට Cassandra Lang නම් දුවක් ඉපදුන අතර ය ඉපදීමෙන් පසුව Scott සොරකම් හා අපරාධ නවත්වන ලෙස පොරොන්දු විය. VistaCorp නම් ආයතනයක සේවයට බැදුණු ඔහු කාලයක් යද්දී තේරුම්ගන්නවා එම ආයතනය පරිභෝගිකයන්ගෙන් අයතා ල්ව්ස මුදල් උපයන බව. මේ හේතුවෙන් Scott ඔහු සේවය කරන VistaCorp මූලස්ථානය හොරෙන් කඩ පැන පද්ධතිය Hack කර පරිභෝකයගෙන් වැඩි පුර ලබා ගත මුදල් නැවත ඔවුන්ගේ ගිණුම් වලට හැරවිය. පසුව ඔහු අත්අඩංගුවට ගෙන San Quentin State Prison හි රදවන ලදී. අවරුදු 3ක් සිරගෙදර ජිවත් වූ Scott 2015 ජුලි 17 වන දින හිරෙන් නිදහස් විය. පසුව Hank Pym ගේ ආධාරයෙන් Ant-Man බවට පත් වෙන ඔහු ඉදිරියේදී Avengers කණ්ඩායමට සමබන්ද වෙයි.
     
    • Like
    Reactions: hzr27

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Natasha Romanoff (Black Widow)


    12241568_536785826480195_7396418502962160692_n.jpg


    සම්පුර්ණ නම - Natalia Alianovna Romanoff
    අනුවර්ථ නාම - Natasha Romanoff, Black Widow, Nat, Natalie Rushman, Tatiana Sokolova, Alion Vans, Audrey
    වයස - 30
    උපන් දිනය - 1984 නොවැම්බර් 22
    හිමිකම - Avengers සාමාජික, S.H.I.E.L.D. හිටපු නියෝජිත
    පුරවැසිභාවය - රුසියානු, ඇමෙරිකානු
    චිත්‍රපට - Iron Man 2, The Avengers, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron, Captain America: Civil War (2016)
    TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
    බලයන් සහ හැකියාවන් - මාෂල් ආට් සටන් හැකියාව, Latin, Russian, English, French, German, Chinese ඇතුළු තවත් භාෂා කතා කිරීමේ හැකියාව, ආරක්ෂක පද්ධති Hack කිරීමේ හැකියාව.
    චරිත නිරුපණය - Scarlett Johansson


    Natasha Romanoff 1984 නොවැම්බර් 22 රුසියාවේ Stalingrad හි උපත ලැබිය. ඇය තරුණ වියේදී KGB නම් රුසියාවේ ආරක්ෂක සංවිධානයකට බදවා ගන්න ලදී. එහිදී ඇය රහස් ඔත්තු බැලීම පිලිබදව පහුණු වූ අතර පසු කාලීනව ඇයට code name එකක් ලෙස Black Widow නම ලැබිණ. මැය ලොවට තර්ජනයක් වීගෙන එන බැවින් S.H.I.E.L.D. හි අධ්‍යක්ෂ Nick Fury විසින් Clint Barton නොහොත් Hawkeye ඇයව ඝාතනය කිරීමට යවන ලදී. අයගේ හැකියාවන් ගැන උනන්දු වූ Hawkeye, Fury ගේ අණ කඩ කරමින් ඇයව S.H.I.E.L.D වලට බදවා ගැනීමට උත්සහ කරයි. පසුව Fury ගේ කැමැත්ත මත ඇය රුසියාවෙන් පලා ඇවිත් S.H.I.E.L.D හා සම්බන්ද වෙනවා ඇයගේ මුල් Natalia නම Natasha නමින් වෙනස් කරගනිමින්.

    Infinity War එකේ නටෂා නැද්ද :(:(:(

    මන් බලන්නේ නැහැ Infinity War නටෂා කෙලි පොඩි නැත්නම් :angry::angry:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    QuickSilver Infinity War ekedi aapahu genawa neda kollo???

    එහෙම කතාවකුත් යනවා. හරියටම කියන්න බෑ බන්. Marvel, Fox agreement එක කොහොම වෙයිද කියන්න බෑ දැනටමත් QuickSilver X-men universe එකේ ඉන්න නිසා.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Infinity War එකේ නටෂා නැද්ද :(:(:(

    මන් බලන්නේ නැහැ Infinity War නටෂා කෙලි පොඩි නැත්නම් :angry::angry:

    agreement තියෙන්න ඔච්චරයි. එක වෙනස් වෙන්න පුළුවන් අයෙත් අලුතෙන් agreement sign කලොත්. එත් ඉතින් Civil War එකේ superhero කෙනෙක් මැරෙනවා කියලත් කියනවනේ. සමහර විට Nat වෙන්නත් පුළුවන් :eek: