Tony Stark (Iron Man)
සම්පුර්ණ නම : Anthony Edward Stark
අනුවර්ථ නාම : Tony Stark, Iron Man, The Consultant, The Starkster, The Mechanic, Howardson, Metal Man, Shellhead
වයස : 45
උපන් දිනය : 1970 මැයි 29
හිමිකම : S.H.I.E.L.D. හිටපු උපදේශක, හිටපු CEO Stark Industries
පුරවැසිභාවය : ඇමෙරිකානු
චිත්‍රපට : Iron Man, The Incredible Hulk, Iron Man 2, Thor (සදහන් කිරීමක්), The Avengers, Iron Man 3, Captain America: The Winter Soldier (සදහන් කිරීමක්) , Avengers: Age of Ultron, Ant-Man (සදහන් කිරීමක්) , Captain America: Civil War (2016), Avengers: Infinity War (2018 - 2019)
One-Shot : The Consultant, All Hail the King (සදහන් කිරීමක්)
TV series : Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
චරිත නිරුපණය : Robert Downey, Jr.
Tony Stark 1970 මැයි මස 29 වන සිකුරදා උපත ලබන අතර ඔහුගේ පිය Howard Stark සහ මව Maria Stark නම් වේ. මේ අතර ටෝනි ඉපදීමට පෙර ටෝනි ගේ පියා Edwin Jarvis ව ඔහුගේ ප්‍රධාන මෙභෙකරුවා වශයෙන් බදවා ගන්නවා. කාලයක් යද්දී Jarvis ටොනිගේ හොදම යාළුවා බවට පත් වෙනවා. ටෝනිට අවරුදු 21 දී ඔහුගේ දෙමව්පියන් HYDRA විසින් කරන ලද රිය අනතුරකින් මිය යනවා .. මේ කලයදීම ටොනිගේ ප්‍රධාන මෙභෙකරුවා වන Jarvis ද මිය යනවා. ටොනිගේ දෙමව්පියන් හදිසියේ මියෙ යාමත් සමගම ඔවුන්ගේ Stark Industries යේ CEO ටෝනි ට හිමි වෙනවා. ඊට මස කීපයකට පසු ටෝනි තමාගේ ගෙදර වැඩ කටයුතු කරගැනීමට කෘත්‍රිම බුද්ධි පද්ධතියක් නිර්මාණය කරනවා..එය නමින් "Just a Rather Very Intelligent System", කෙටියෙන් කිවහොත් ඔහුගේ ප්‍රධාන මෙභෙකරුවා නම වන J.A.R.V.I.S. වේ. අවසානයේදී ටෝනි Stark Industries ලොව උසස් තාක්ෂණික සමාගමක් බවට පත් කරනවා. මෙතැන් පටන් ඔහුගේ කතාව MCU එකේදී දැක ගැන පුළුවන්.
rep

