Iron Man (2008)
අධ්‍යක්ෂණය : Jon Favreau
නිෂ්පාදනය : Victoria Alonso, Avi Arad, Peter Billingsley, Louis D'Esposito
තිර රචනය : Mark Fergus, Hawk Ostby, Art Marcum
තිරගත වූ දිනය : 2008 මැයි 2
Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 585
සම්මාන : Best Science Fiction Movie, Best Science Fiction Actor (Scream Awards)
IMDb : 7.9
2008 නිපදවූ Iron Man චිත්‍රරපටය Marvel Cinematic Universe වල පළමු සහ Phase One වල පළමු චිත්‍රපටය වේ.
කතාව ගැන පොඩි හැදින්වීමක්, ලොව නවීනම යුධ අවි නිපදවන ඉතාමත්ම විශාල සමාගමක් වන Stark Industries හි CEO වන්නේ Tony Stark. ඔහුගේ නවතම නිර්මාණය වන Jericho නම් විනාශකාරී මිසයිල පද්ධතිය හඳුන්වා දීමට මොහු ඇෆ්ගනිස්ථානයට යනවා. එහෙදි ඔහු ඇෆ්ගන් Ten Rings ත්රස්තවාදීන්ට අහු වෙනවා. ඔවුන් ටෝනිට බල කරනවා ඔවුන් වෙනුවෙන් මිසයිලයක් සැකස දෙන ලෙස. මේ මුවාවෙන් ටොනි armored suit එකක් සාදාගෙන ඔවුන්ගෙ ග්රහණයෙන් පැන ගන්නවා. නැවත රටට පැමිණ ටෝනි Stark Industries හි අවි නිපදවීම නතර කිරීමට තීරණය කරනවා. මේ නිසා Stark Industries සේවය කල ටොනිගේ පියාගේ යාළුවෙකු වන Obadiah Stane, ටෝනි සමග ආරවුලක් ඇති වෙනවා. අවසානයේදී Obadiah Stane Iron Monger බවට පත් වෙනවා. Iron Man නොහොත් ටෝනි Iron Monger සටනින් පරාජය කරනවා. ඉන් පසු ටෝනි පුවත් පත් සාකච්චාවක් කැදවා Iron Man තමා යයි පවසනවා. අවසානයේදී Iron Man අනන්‍යතාවය හෙළි වීමත් සමග S.H.I.E.L.D අධ්යක්ෂ Nick Fury ටෝනි සොයා එනවා Avengers Initiative ගැන සාකච්චා කිරීමට.
Phase two eke euwa monada??

මේකේ හොඳ කොපියක් හම්බුනේ නෑ තාම
.