Marvel Cinematic Universe - Movies [Phase One]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Iron Man (2008)


    12038110_531435703681874_526454380922421236_n.jpg


    අධ්‍යක්ෂණය : Jon Favreau
    නිෂ්පාදනය : Victoria Alonso, Avi Arad, Peter Billingsley, Louis D'Esposito
    තිර රචනය : Mark Fergus, Hawk Ostby, Art Marcum
    තිරගත වූ දිනය : 2008 මැයි 2
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 585
    සම්මාන : Best Science Fiction Movie, Best Science Fiction Actor (Scream Awards)
    IMDb : 7.9


    2008 නිපදවූ Iron Man චිත්‍රරපටය Marvel Cinematic Universe වල පළමු සහ Phase One වල පළමු චිත්‍රපටය වේ.
    කතාව ගැන පොඩි හැදින්වීමක්, ලොව නවීනම යුධ අවි නිපදවන ඉතාමත්ම විශාල සමාගමක් වන Stark Industries හි CEO වන්නේ Tony Stark. ඔහුගේ නවතම නිර්මාණය වන Jericho නම් විනාශකාරී මිසයිල පද්ධතිය හඳුන්වා දීමට මොහු ඇෆ්ගනිස්ථානයට යනවා. එහෙදි ඔහු ඇෆ්ගන් Ten Rings ත්‍රස්තවාදීන්ට අහු වෙනවා. ඔවුන් ටෝනිට බල කරනවා ඔවුන් වෙනුවෙන් මිසයිලයක් සැකස දෙන ලෙස. මේ මුවාවෙන් ටොනි armored suit එකක් සාදාගෙන ඔවුන්ගෙ ග්‍රහණයෙන් පැන ගන්නවා. නැවත රටට පැමිණ ටෝනි Stark Industries හි අවි නිපදවීම නතර කිරීමට තීරණය කරනවා. මේ නිසා Stark Industries සේවය කල ටොනිගේ පියාගේ යාළුවෙකු වන Obadiah Stane, ටෝනි සමග ආරවුලක් ඇති වෙනවා. අවසානයේදී Obadiah Stane Iron Monger බවට පත් වෙනවා. Iron Man නොහොත් ටෝනි Iron Monger සටනින් පරාජය කරනවා. ඉන් පසු ටෝනි පුවත් පත් සාකච්චාවක් කැදවා Iron Man තමා යයි පවසනවා. අවසානයේදී Iron Man අනන්‍යතාවය හෙළි වීමත් සමග S.H.I.E.L.D අධ්‍යක්ෂ Nick Fury ටෝනි සොයා එනවා Avengers Initiative ගැන සාකච්චා කිරීමට.
     
    • Like
    Reactions: LazyLizard

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Iron Man 2 (2010)


    12030433_533284963496948_5147653733633666527_o.jpg


    අධ්‍යක්ෂණය : Jon Favreau
    නිෂ්පාදනය : Victoria Alonso, Louis D'Esposito, Susan Downey, Jon Favreau, Kevin Feige
    තිර රචනය : Justin Theroux
    තිරගත වූ දිනය : 2010 මැයි 7
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 624
    සම්මාන : Visual Effects of the Year (Hollywood Film Award), Favorite Action Movie (People's Choice Awards)


    Iron Man චිත්‍රපටයෙහි දෙවන කොටස වන මෙය Marvel Cinematic Universe වල තුන්වන ව්‍යාප්තිය මෙන්ම Phase One වලට අදාල තුන්වන චිත්‍රපටයයි.
    Iron Man චිත්‍රපටයෙහි අවසානයේදී Iron Man අනන්‍යතාවය හෙළි කිරීමත් සමග Ivan Vanko තම පියාගේ පලිගැනීමක් වෙනුවෙන් Tony සොයා එනවා. මේ අතර Tony තම Stark Industries හි CEO පදවිය Pepper Potts හට පිරිනමනවා. Monaco වල පැවැත්වුණු Formula One තරගයකදී Vanko (Whiplash) Tony සමග ගැටුමක් ඇති කරගන්නවා. එහිදී Whiplash පරාජය වී අත්අඩංගුවට පත් වෙනවා. නමුත් Whiplash සිරභාරයෙන් පැන යනවා. ඉන් පසු ඔහු Justin Hammer සමග එක්ව හමුදා රොබෝවරුන් කණ්ඩායම නිර්මාණය කරනවා. Whiplash මේ හමුදා රොබෝවරුන් කණ්ඩායම පාලනය තම අතට ගෙන Tony ගෙන් පලි ගැනීම නැවත පටන් ගන්නවා. Whiplash සමග සටනේදී Iron Man ට James Rhodes නොහොත් War Machine ගේ සහයද ලැබෙනවා.Whiplash පරාජය කිරීමෙන් පසු හමුදා රොබෝවරුන් කණ්ඩායම විනාශ කර දමනවා. අවසානයේදී S.H.I.E.L.D. හි Fury කැමති කරගන්නවා Tony ව Avengers Initiative හි උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    The Incredible Hulk (2008)


    12049720_533590120133099_7298311055665229521_n.jpg


    අධ්‍යක්ෂණය : Louis Leterrier
    නිෂ්පාදනය : Avi Arad, Stephen Broussard, Kevin Feige, Gale Anne Hurd, David Maisel
    තිර රචනය : Zak Penn, Edward Norton
    තිරගත වූ දිනය : 2008 ජූනි 13
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 264


    Marvel Cinematic Universe වල දෙවන නිර්මාණය වන මෙම චිත්‍රපටය MCU Phase One වලට අයත් වේ. මෙය 2003 නිර්මාණය වූ Hulk චිත්‍රපටයම නැවත ප්‍රතිනිර්මණයයි.
    Bio-Tech Force Enhancement Project එක අසාර්ථක වීමත් සමග Bruce Banner නිදහසේ රහසිගතව ජීවත්වෙනවා Brazil හි Rocinha වල. ඔහු රැකියාව කරන්නේ සිසිල් බීම කරමන්ත ශාලාවක. මේ අතර ඔහු පරිණාමයන මිදීමට Mr. Blue ගෙන් උදව් ගෙන ප්‍රති ඖෂධය සොයා ගැනීමටද උත්සහ කරනවා. දිනක් ඔහු සේවය කරන අතරතුර කැපී ලේ බින්දුවක් සිසිල් බිම බෝතලක් තුලට වැටෙනවා. මේ සිසිල් බිම එක පානය කල පරිභෝගිකය අසනීප වීම මාර්ගයෙන් General Thaddeus Ross සොයා ගන්නවා Banner සැගව සිටින ස්ථානය. ඔහු Emil Blonsky ඇතුළු විශේෂ හමුදා කණ්ඩායමක් යවනවා Banner ව අල්ලාගැනීම සදහා. එහිදී Banner හල්ක් ලෙස පරිණාමය වෙමින් ඔවුනට පහර දී එතනින් පලා යනවා Guatemala වලට. එහිදී ඔහු Stanley නම් ඔහුගේ යාළුවෙකු හමු වීමට යනවා. එතනදී Banner ට ඔහුගේ පරණ පෙම්වතිය වන Betty Ross හමුවෙනවා.අය සමග සිටින අවස්ථාවකදී Blonsky ඇතුළු පිරිස නැවත පැමිණෙනවා Banner ව අල්ලාගැනීමට. එතනදිත් හල්ක් Ross සමග එතනින් පැන යනවා. ඉන් පසු ඔවුන් Grayburn College පැමිණෙනවා Mr. Blue හමුවීමට. ඔහු ඉදිරිපත් කරනවා ප්‍රතිවිෂක් Bannerගේ පරිණාමය වැලැක්වීම සදහා.නමුත් ඒ ප්‍රති ඖෂධය ද සාර්ථක වෙන්නේ නෑ . Blonsky ඇතුළු පිරිස මෙම ස්ථානයටද කඩ පනින අතර Ross හා Banner එතනිදී කොටු වෙනවා. පසුව Blonsky බල කර සිටිනවා Banner ගේ ගැමා විකිරණ සහිත ලේ සාම්පලයක් එන්නත් කරන ලෙස තම හට. කලින් Blonsky සුපිරි සොල්දාදු පරික්ෂණයට මුහුණු දුන් නිසා Banner ගේ ගැමා විකිරණ සහිත ලේ මිශ්‍ර වීම නිසා Blonsky, abomination බවට පත් වෙනවා. තමාට ලැබුණු බලය පාවිච්චි කරමින් abomination නගරය පුරවට කෝලාහල ඇති කරනවා. එය මැඩ පැවැත්වීමට හල්ක් ඉදිරිපත් වී abomination ව පරාජය කිරීමට හැකි වෙනවා. මසකට පසු Banner, British Columbia වල ජිවත් වෙනවා තම පරිණාමය පාලනය කිරීමට උත්සහ කරමින්.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Thor (2011)


    12208622_534148816743896_985815613595512709_n.jpg


    අධ්‍යක්ෂණය - Kenneth Branagh
    නිෂ්පාදනය - Victoria Alonso, Mike Bodkin, Michael Chong, Louis D'Esposito, Kevin Feige, Alan Fine.
    තිර රචනය - Ashley Edward Miller, Zack Stentz, Don Payne
    තිරගත වූ දිනය - 2011 මැයි 2
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 450
    සම්මාන - Best Male Newcomer, Best Sci-Fi/Fantasy (Empire Awards)


    2011 නිපද වූ මෙය Marvel Cinematic Universe වල හතරවන ප්‍රධාන නිර්මාණයයි. Phase One වලට අයත් වේ. Iron Man 2, The Incredible Hulk හා මෙම චිතරපටය එකම කාල වකවානුවකට අයත් සිදු වූ සිදුවීම් වේ.
    ක්‍රි .ව 965 දී Frost Giants සහ Asgardians අතර යුද්දයක් ඇති වෙනවා. මෙහිදී Asgardians යුද්දයෙන් ජය ගන්නවා. ඊට වසර කීපයකට පසු Asgard වල උත්සවයක් පැවැත්වෙනවා. මෙහිදී Frost Giant විසින් ප්‍රහාරයක් එල්ල කරනවා. මේ නිසා Asgardians වල රජුගේ පුත් Thor කෝපයට පත්ව ප්‍රතිප්‍රහාරයකට සුදානම් වනවා .නමුත් Asgardians වල රජු වන Odin මෙයට කැමති වෙන්නේ නෑ . මේ නිසා Thor හොර රහසේම Frost Giants සමග ගැටුමකට යනවා. Frost Giants සහ Asgardians අතර නැවතත් යුද්ධයකට අද දැමීම නිසා Odin විසින් Thor ව ඔහුගේ මිටියත් සමග පෘථිවියට පිටමන් කරනවා. පෘතුවියේදී මෙක්සිකෝ හි කාන්තාරයක ගවේෂණයක් කරන අතරතුරදී Jane Foster ට Thor හමුවෙනවා. ඉන් පසු Foster උදව් ඇතිව Thor තම මිටිය සොයා ගැනීමට උත්සහ කරනවා. ඒ වන විටත් මිටිය S.H.I.E.L.D. විසින් සොයාගෙන අවසන්. මේ නිසා Thor මිටිය තිබෙන තැනට කඩ පැන මිටිය එසවීමට උත්සහ කරනවා. නමුත් Odin විසින් එහි බලය නැති කිරීම නිසා එය එසවීමට Thor ට නොහැකි වෙනවා. මේ අතර Asgard හි Loki හා Frost Giants සම්බදවෙමින් Asgard රජකම ලබා ගැනීමට උත්සහ කරනවා. Asgard වල රජකම ලබා ගැනීමට Loki උත්සහ කරනවා Thor මරා දැමීමට. එහිදී Thor ගේ පරාර්ථකාමී බව වැටහුණු Odin මිටියෙහි බලය නැවත ඇතිකරනවා . ඒ බලයෙන් Thor නැවත Asgard වලට පැමිණ Loki හා Frost Giants සමග සටන් කර ජයගන්නවා .
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Captain America: The First Avenger (2011)



    12196182_534809443344500_838722141043457153_n.jpg


    අධ්‍යක්ෂණය - Joe Johnston
    නිෂ්පාදනය - Victoria Alonso, Mitchell Bell, Mike Bodkin, Stephen Broussard, Louis D'Esposito..
    තිර රචනය - Christopher Markus, Stephen McFeely
    තිරගත වූ දිනය - 2011 ජූලි 22
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 371
    සම්මාන - Best Superhero (Scream Awards), Film Music Award (BMI Film & TV Awards)

    Phase One වලට අයත් Marvel Cinematic Universe වල 5 වැනි නිර්මාණයයි.
    1942 මාර්තු මස දෙවන ලෝක යුධ සමයේ නාසි අණ දෙන නිලධාරී HYDRA හි Johann Schmidt, Norway හි Tonsberg නම් ගමක දේවස්ථානයකින් Tesseract හෙවත් Space Stone එක හොයාගන්නවා. මේ කාලයේදීම New York City හි Steve Rogers නම් හමුදා පරීක්ෂණ වලින් කිපසරයක්ම ප්‍රතිෂේප වූ තරුණයෙකු නැවත නැවතත් හබුදවට බැදීමට ඇති උනන්දුව නිසා පරීක්ෂණ වලට ඉදිරිපත් වෙනවා. මොහුගේ මේ උනන්දුව ගැන සැලකිල්ලක් දැක වූ Dr. Abraham Erskine, Steveට යෝජනා කරනවා ඔහුගේ super-soldier පරීක්ෂණයට ඉදිරිපත්වන ලෙස. ඉන් Steve සාර්ථක වනනේ සුපිරි බලයක් සහිත පුද්ගලයෙක් ලෙස. නමුත් එතැනදී HYDRA සාමාජිකයෙකු විසින් එල්ල කරන පහර දීමක් නිසා Erskine මිය ගොස් super-soldier සුත්‍රය විනාශ වෙනවා. මේ නිසා U.S. Senator තීරණය කරනවා Steve ව ඔවුන්ගේ යුධ ආධාර ප්‍රවර්ධන වැඩසටහන් සදහා යොදා ගැනීමට. අකමැත්තෙන් වුවත් Steve එයට කැමති වෙනවා. ඔහු Captain America නමින් එහි ප්‍රසිද්ධ වෙනවා. දිනක් ඔහු හොර රහසේම නාසි කදවුරකට තනියම කඩ පැන සටන් කර ඇමෙරිකානු හමුදා පිරිසක් බේරාගෙන පැමිණෙනවා. මේ හේතුවෙන් ඔහු උසස්වීමක්ද සමග Steve හමුදාවට බදවා ගන්නවා. ඉන් පසු ඔහු දෙවන ලෝක යුද්දේදී නාසි හමුදාවට එරෙහි කැපී පෙනෙන ලෙස සටන් කරනවා. ඔය අතරතුර කාලයේදී Schmidt, Tesseract බලය උපයෝගී කරගෙන අධිබලැති ආයුදයක් නිර්මාණය කර ඇමෙරිකාවේ නගර වලට පහර දීමට සැරසෙනවා. නමුත් Captain America ඔහුගේ HYDRA මූලස්ථානයට පහර දී Schmidt සමග සටන් කර ජය ගන්නවා. එහෙත් ඒ වනවිටත් Schmidt ගුවන් යානයකින් නගර වලට පහර දීම සදහා යොදා ගත් බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට නොහැකි වෙනවා. මේ හේතුවෙන් Steve තීරණය කරනවා ගුවන් යානය තමන් සමගම කඩා වැදීමට. ඔහු කඩ වදිනවා අයිස් සහිත ප්‍රදෙශයකයට. වසර 70 කට පමණ පසු Steve අවදීවනවා S.H.I.E.L.D. හි Nick Fury රැකවරණය යටතේ
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    The Avengers (2012)


    12189050_535716589920452_7133835328538426896_n.jpg


    අධ්‍යක්ෂණය - Joss Whedon
    නිෂ්පාදනය - Victoria Alonso, Mike Bodkin, Louis D'Esposito, Jon Favreau, Kevin Feige, Alan Fine
    තිර රචනය - Zak Penn, Joss Whedon
    තිරගත වූ දිනය - 2012 මැයි 4
    Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1518
    සම්මාන - Choice Summer Movie (Teen Choice Awards), Movie of the Year (MTV Movie Awards), Best Director/Best Supporting Actor/Best Science Fiction Film (Saturn Awards)


    Marvel Cinematic Universe වල හයවන නිෂ්පාදනය වන මෙය Phase One වල අවසාන චිත්‍රපටය වේ. ඒ වගේම මෙය The Incredible Hulk, Iron Man 2, Thor, සහ Captain America: The First Avenger චිත්‍රපට අතර crossover එකක් වේ.
    පෘථිවියේ S.H.I.E.L.D. යටතේ පවතින Tesseract (Space Stone) එක ආපසු ලබා ගැනීමට Thanos විසින් Loki ව පෘථිවියට එවනවා. Loki, S.H.I.E.L.D. හි පරේෂණ ස්ථානයකට පහර දී Tesseract එක රැගෙන පල යනවා. මේ පහර දීමත් සමග Nick Fury තීරණය කරනවා Avengers Initiative ක්‍රියාත්මක කිරීමට. ඒ අනුව Fury යවනවා Natasha Romanoff ව කොල්කටා වලට Bruce Banner වත්, Phil Coulson යවනවා Tony Stark වත් Avengers Initiative බඳවා ගැනීමට. Fury විසින් Steve Rogers හමු වී පවසනවා Tesseract එක Loki පැහැරගෙන ඇති බවත් එය නැවත ලග ගැනීමට උදව් අවශ්‍ය බවටත්. ඒ අනුව ඔවුන් එකතු වී සොයා ගන්නවා Loki සිටින ස්ථානය. පසුව Rogers (Captain America) සහ Tony (Iron Man) එකතු වී Loki ව අත්අඩංගුවට ගන්නවා. Loki ව අත්අඩංගුවේ රැගෙන යද්දී Thor පැමිණ Loki ව නැවත Asgard වලට රැගෙන යාමට උත්සහ කරනවා. නමුත් Rogers ගේ ඉල්ලීම මත Thor කැමති වෙනවා Loki ව ඔවුන්ට භාර දීමටත් ඔවුන් සමග එකට වැඩ කිරීමටත්. Loki ව S.H.I.E.L.D. ට අයත් Helicarrier යානයෙන් රැගෙන යද්දී Loki ගේ පිරිස විසින් යානයට ප්‍රහාරයක් එල්ල කරනව. එතනදී Loki පල යනවා. පලාගොස් New York City හි පිහිටි Stark Tower එක උඩ සිට ලෝකය හරහා විවරක් වෘත කරනවා. එම නිසා Thanos ගේ Chitauri හමුදාව පෘථිවියට පැමිණ නගරයට පහර දෙන්න පටන් ගන්නවා. අවසානයේදී Avengers විසින් Chitauri හමුදාව සහ Loki ව පරාජය කරනවා. Thor, Loki ව අත්අඩංගුවට ගෙන Tesseract එකත් සමග Asgard වලට පිටත්ව යනවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    :) download කරන්නේ නෑ බන් බාන එවුන්ගෙන් ඉල්ලගන්නව :lol: මේකේ හොඳ කොපියක් හම්බුනේ නෑ තාම :P .

    නුවර ආව වෙලාවක වරෙන් අපේ ඔෆිස් එක පැත්තේ.මන් දෙන්නම් ;)