සිංහලු මේකයි වැඩේ . මගේ FB13 යේ එන්ජිම මිස් කරනවා. ගොඩක්ම තියෙන්නේ 1 , 2 ගියර් වලදී. බාසෙක්ට පෙන්නුවා පොර ස්පාර්ක් බලලා කිව්වා ඒවා අවුලක් නැහැ කියලා . මොකක් වෙන්න ඇද්ද ලෙඩේ. හැබැයි වෙලාවකට දැනෙනවා 1 ගියර් එකෙන් 2 ට මාරු කරලා ඇක්සලේට් කරද්දී තෙල් එන්ජිමට එන්නේ නැති ගතියක්. ආපහු පාගන්න ඕන. එතකොට වාහනේ ගැස්සෙනවා. මේක විතරයි බං ලෙඩකට තියෙන්නේ රට වටේම දුවලා තියෙනවා කවදාවත් මග අතරමං කරලා නැහැ
මචන් ඔහොම ලෙඩක් ආවම එක එක බාස්ලට අත ගහන්න දෙන්න එපා. බාස්ලා ඕවා අත ගාල වණ කරනවා. බොරැල්ලෙ නියම බුවෙක් ඉන්නවා, පොර වාහනේ ඔක්කොම සිස්ටම් පරීක්ෂා කරල බලනවා. බලල ලෙඩ කියනවා. අපේ dx එකෙත් එන්ජිම ආශ්රිත සියළුම ලෙඩ කිව්වා පොර. අපිට නොතේරෙන දෝෂත් කියනවා. මම හෙට හෝ අනිද්දා නම්බර් එක දෙන්නම්. ටෙලිෆෝන් නම්බර් එක නෑ අපේ ලඟ. අපිවත් එක්ක ගියෙ යාළුවෙක්.









