Link එක හැදුවා.කලින් post එකේ බලන්න.
![]()

මේ කලින් ගිය thread එකක්...රතු රෝස නිෂ්පාදක රන්ජන් ද සිල්වා ගේ පුතා කියල කෙනෙක් පොස්ට් දාලත් තියනවා ...original tapes fungus කාල කියල තමයි කියන්නේ ... ඒ උනාට ඊට එහා ගිය කතාවක් තියනවා මට හිතෙන විදියට ...බලපන් කී දෙනෙක් ආයෙත් බලන්න ආසවෙන්ද ඉන්නේ කියල ...අඩුම ගානේ photo එකක්වත් හොයාගන්න නෑනේ වැඩේ කියන්නේ ...චාපා විදියට රගපාපු කෙල්ල පළමු සහ අවසාන රගපෑම ලු ...දැන් ඒ නිළිය ඉන්නේ උඩහමුල්ලේ ලු ළමයි එක්ක ...අඩුම ගානේ media එකකින්වත් interview එකක්වත් නැනේ බන් ...මොකක් හරි හේතුවකට බලපු හැම කෙනෙක්ටම වගේ සදා අමතකනොවන නාට්‍යක් වුණා රතු රෝස..මට හිතෙන්නේ ලොව පුරා 90 දශකයේ තරුණ තරුණියන් අත්වින්ද අවිහිංසක ආදරණිය බව රතු රෝස තුල තිබුන නිසා වෙන්න ඇති ...
ඔව්.පිස්සු හැදෙයි මචන් ...බලපන් අන්තිමේට photo ටිකක් විතරයි ඉතුරු ...තව කාලෙකින් photo එකක්වත් නැති වෙයි ..![]()
ඒක ම නිසා තමයි මම Facebook එකෙන් අරන් වෙන ම upload කරලා තියාගත්තෙ. 
රන්ජන් ද සිල්වාගෙ පුතා සම්පත් ද සිල්වා එළකිරි එකේ කියලා තිබ්බා ටොරානා එකෙන් නිෂ්පාදක සහ අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වාට හොරෙන් රතු රෝස පටිගත කරපු (pirated copies) නිසා නඩු දැම්මා කියලා.
ඔක ටෝරානා එකේ ඇති,එ අය ඉස්සර ගිය ඔක්කොම ටෙලි නාට්‍ය පටිගත කරලා තියෙනවා,80 වේ මුල වගේ ඉඳන්.ඉස්සර නන් විකුණලා තියෙනවා VHS වලට දැන් නම් එහෙම කරන්නෙ නැ,එත් ඇති එ අය ගාව.



රන්ජන් ද සිල්වාගෙ පුතා සම්පත් ද සිල්වා එළකිරි එකේ කියලා තිබ්බා ටොරානා එකෙන් නිෂ්පාදක සහ අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වාට හොරෙන් රතු රෝස පටිගත කරපු (pirated copies) නිසා නඩු දැම්මා කියලා.
මැද පෙරදිග රටවල්වල තව මත් ඕක තියෙනවා කියලත් කියලා තිබ්බා. හොයාගන්න පුළුවන් නම් වටිනවා.![]()
දැන් තියෙනවා වගේ අන්තර්ජාල පහසුකම් එකාලේ තිබ්බ නැති නිසා ටෝරානා එකෙන් කලේ රේකොර්ඩ් කරලා පිටරට යවපු එක,දැන් කරන්නෙ රේකොර්ඩ් කරලා යුටියුබ් දාන එකනේ,දෙකම එකයි. අඩෝ වන්ඩිය දැකලා හිත නතර උනා බං. ඔරිජිනල්ම තත්වයෙන් තියෙන විදිහට![]()

කල්පනා ලියනාරච්චි නේද?චාපාගෙ නංගිව නං මම දන්නව. එයා තමා කාලයක් කාන්තා ක්‍රිකට් කන්ඩායමේ කීපර් වෙලා හිටියෙ. ස්ලිම් ලයින් තමා වර්ක් කරෙැවෙ.
