Frauds and Scams in Colombo

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    I also lost my wallet in Dematagoda when traveling on 152 bus.

    ඔය පැත්තෙ ඉන්නව මචන් කුඩ්ඩො සෙට් එකක් ඔය වැඩේටම.
    තුන් දෙනෙක් විතර එක ගේමකට එනවා. එකෙක් වැඩේ දෙද්දි අනිත් දෙන්නා ඌට සපෝර්ට් එක දෙනව.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    මේක උනේ ගල්කිස්ස beach එකේදි (Lavinia Breeze එක හරියේදී විතර ).....

    මම girlfriend එක්ක beach එකේ අවිද අවිද ඉන්නකොට ආවා මඥ්ඥොක්කා පෙති බැදපුවා bag 3ක් අරන් dial එකක්.. (packet කරපුවත් නෙමෙයි, නිකන් පුන්චි පොලිතින් බෑග් 3කට දාගෙන) පෙනුමෙ හැටියට නම් අමු කුඩ්ඩෙක්.

    ඌ කියනවා "මල්ලී මඥ්ඥොක්කා එකක් ගමුද මල්ලී, අපිට support එකක් දෙන්නකො මල්ලි". ඌ ඉතින් කියාගෙන යනවා, "අපි තමයි මෙහෙ එන එන අයට sup එක දෙන්නේ. ඊයෙත් දැක්කනේ ගෑනු ලමයෙක්ට කරදර කරන්න ගිය එකෙක්ට එලෝ එලෝ දුන්න හැටි"... ඌ ඉතින් ඔහොම එක එක කතා කියල මට මඥ්ඥොක්ක බෑග් එකක් විකුනන්නමයි try එක.. මට ඌව ඇල්ලුවෙම නෑ. මොකක් හරි අවුලක් තියෙනවා වගේ හිතුනා. ඉතින් උගෙ මඥ්ඥොක්ක ගත්තෙත් නැතුව ඌව මගෙ ඇරල ගියා.

    ටික දුරක් යනකොට මූ කොහේදෝ ඉදන් අයෙත් කඩා පාත් උනා. ආයෙත් ඌ අපිට උගෙ මඥ්ඥොක්කා බෑග් එකක් විකුනන්න හැදුවට මං ගත්තේ නෑ..

    මං කල්පනා කලා ඇයි මූ beach එකේ මෙච්චර කට්ටිය ඉදිද්දී අපි දෙන්නටම මඥ්ඥොක්ක එකක් විකුනන්න හැදුවෙ කියල. (beach එකේ වෙන කෙනෙක්ට විකුනන්න හදනවා මං දැක්කේ නෑ) මට සැකයි, මොනවා හරි දෙයක් මඥ්ඥොක්කා වලට දාලා අපිට දෙන්න හැදුවද කියලා. මත් වෙන්න මොනවා හරි roofies වගේ දෙයක් දාල දීලා, මත් උනාම couple එකට full සුද්දයක් දානවද කියල කවුද දන්නේ? දකින උන් සැක කරන්නෙත් නෑ නේ, හිතයි ඌ couple එකකට room එකක් පෙන්නන්න එක්කන් යන්ව කියල. Mt Laviniya නේ :D හොඳ සිහිය එනකොට මොනවද උනේ කියලත් මතක නැතුව තියෙයි.

    මට තාමත් සැකයි මඥ්ඥොක්ක එකක් අපිටම විකුනන්න ඌ මෙච්චර ගේමක් දුන්නේ ඇයි කියලා... එහෙම සීන් එකක් අහලා තියෙනවද කවුරු හරි?

    මගේ සැකය හරි නම් උඹල කෙල්ලත් එක්ක ගල්කිස්ස වෙරල පැත්තේ යනවා නම් ඔන්න පරිස්සමෙන් & කල්පනාවෙන්...

    ඕක මටත් වුනා බලාගෙන උව මග හැරලා යන්න,
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව් බන් මටත් රාජගිරියේදී ඔහොම උනා..:nerd:

    මන් හිටියේ ගෝල්ඩන් කී එක ළඟ ඔඩෙල් සයිඩ් එකේ..:dull:

    බයික් එහෙකින් 32 වගේ එකෙක් ආව..:frown:

    අනේ සර් අවිස්සාවේල්ල ඉඳන් ආවේ කුලියට කාමරයක් හොයන්න කිව්වා ..:(

    පොලිසියෙන් 1500 ක දඩයක් කෑවා , දැන් ගෙදර යන්න පෙට්‍රල් ගහන්න වත් සල්ලි නැහැ කිව්වා..:eek:

    පුළුවන් නම් 100 ක් දෙන්න කිව්වා.. :(

    අනේ මාත් පොන්න හරකා වගේ දුන්න සිංහලුනි...:baffled:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තව දවසක් අමාරුවෙන් වගේ ආව ගෑණු කෙනෙක්ට බස් එකේ සීට් එක දුන්නා..

    දුන්නා දුන්නමයි ආයේ සීට් එක හම්බුණේ නැහැ මචන්...:dull:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මටත් ඔය වගේ ඩයල් අම්බානෙට මාට්ටු වෙලා තියෙනවා,මම පොඩි කාලෙ නම් අහුවෙලා තියෙනවා ,ඒත් දෑන් නම් ඔය එක පරයෙක්ට වත් සත පහක් දෙන්නෙ නෑහෑ,
    …උබලටත් දෙන උපදෙස තමයි මොකෙක් හරි වෙලාවක් ඈහුවොත්,පාරක් ඈහුවොත් කියනව මිසක්, වාත වෙන්න දිගටම කතාවට එනවා නම් ඌ එන්නේ එක්කෝ මොකක් හරි බාල්දියක් පෙරලන්න තමයි,
    …ඒ නිසා පරිස්සමින් කියන්න දෙයක් තියෙනව නම් කියලා, එතනින් පස්සේ ඌව ගනන් ගන්නේ නතිව ඉදපල්ලා~!

    :yes::yes::yes:
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    I also thought, i should tell my experience about this. I was working at Dematagoda. One day when i was going home, a person came and told me he is working at military and he need some money to go home. So i gave 100 rupees. After few weeks, again this man met and told me same story. That day i blame him. He is always with a bag. But my request is if feel give some help for anyone. Because he or she may be innocent one
     
    Last edited:

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    This happened to me in narahenpita. I bought a car and when to register to rmv. But i didn't know the process of registering a car. Accidentally i met two guys and they told me they will do all the required things and only required additional 1000. So i thought it is fair and give all the documents. So one guy went with all documents and other one stay with me. After around 20 minutes he came with photos attached to my documents. And he provided me a hand written document with 8000 and told me this is amount need to pay to bank and need extra 1000 for his service. So i gave 9000. So he went with the money and after few minutes he came again and told me to come to 2nd counter and he ll be there. So i went. But i couldn't find him. Then again i went to see that second person. I couldn't find him too. So i lost my 9000. So guys pls don't ever give cents to out side people of rmv. U can do vehical registration by ur self by going to rmv. Hope at least one person will get this advice.
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    Meka mata wechcha wedak. Oyalath parissamin.

    Mama eka dawas negga three wheel ekakata, Borelle indan Nugegoda yanna one wela tibbe. Three wheel eka three wheel park eke nawattala tibba ekak. Mama ahuwa meter da kiyala. Pora ow kiyala kiwwa, mama negga three wheel ekata. Mama den balagena hitiye moo meter eka on karanawada kiyala. Pora meter eka nam on kara, eta passe mama dekka meter eke time eka (mathaka widiyata ee welawe 10AM wage) maru kara PM walata, ee kiyanne ree time ekata. Mata click unaa reta three wheel eke meter eke charges double. Mama ahuwa poragen ai time eka maru karanne kiyala, oo nam kiwwe weradila ebuna kiyala. Eth kohomada itin porawa trust karanne. Mama behela wena 3 wheel ekaka giye
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මට මේ සිද්ධිය උනේ සොයිසා වටරවුම ලග බ්‍රෙඩ්ටෝක් එක හරියෙදි. මම බයික් එකේ යනකොට 30ක විතර කොල්ලෙක් අත දැම්මා. මම නවත්තලා බැලුවා. මිනිහා කියනවා පොර මොරටුවෙ. කොලඹ ආපු වෙලාවෙ ත්‍රීවීල් එකේ තෙල් ඉවර උනා කියලා. අතේ පොඩි කෑන් එකකුත් තියෙනවා. මගෙන් ඇහුවා රුපියල් 100ක පෙට්‍රල් ටිකක් ගහලා දෙන්න පුලුවන් ද කියලා. මම කිව්වා, හරි යමු සෙඩ් එකකට, මම පෙට්‍රල් ගහල දෙන්නම් කියලා. මිනිහා කියනවා, මේ ලග සෙඩ් එකක් නැහැ, ටිකක් අෑතට ඇවිදින්න නම් වෙනවා කියලා. මම කිව්වා කමක් නැහැ යමු කියලා. මම ඇහුවා කෝ වාහනේ කියලා. එහා නවත්තලා තියෙනවා කිව්වා. මට තේරුනා මිනිහා කීයක් හරි කඩාගන්න හදන්නෙ කියලා. දැන් මිනිහා එනවා, හැබැයි බොහොම හෙමිහිට​. කකුලකුත් බැන් ඩේජ් කරලා තිබුනේ. කකුලේ තුවාලේ නිසා ඉක්මනට යන්න බැහැ, පරක්කු වෙයි කියලා මිනිහා කියනවා. මම කිව්වා එකත් කමක් නැහැ කියලා. ඒ ගමන මිනිහා මගෙන් අහනවා, සල්ලි දෙන්න බැරිද​, ඌව විශ්වාස නැද්ද කියලා. මම කිව්ව එහෙම අවුලක් නැහැ, මට හදිස්සියකුත් නැහැ, ඕනෙ නම් තෙල් ගහලා දෙන්නම් කියලා. ඒ ගමන පොර නිකන් මල පැනලා වගේ කියනවා, ඔයාට සැක නම් ඔයාගෙ උදව් ඕනෙ නැහැ කියලා. තෙල් ගහලා දෙන්නම්, ඕනෙ නැත්නම් කරන්න දෙයක් නැහැ කියලා මම එන්න ආව​. මිනිහට ඇත්තටම තෙල් ගහගන්න උවමනාවක් තිබුනේ නැහැ. කීයක් හරි කඩාගන්න තමා හැදුවෙ. ඕවගේ දේවල්වලින් වෙන්නෙ ඇත්තටම කරදරයකට වැටුනු මිනිහෙකුටත් උදව්වක් ගන්න අමාරු වෙන එකයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Mama bamba paththe payin yaddi gentlemen wage dial ekak english kali dala talk ekak dunna, wallet eka nathi wela salli na bus eke yanna kiyala... mama Rs20k dunna, mokada apitath owa wenawane...

    masa ganakata passe pora ayeth hamba una galle road eke ekama talk ekama dunna, mama kiwwa oyawa kalin mata hamba wela tiyanawa oya kathawama ahala tiyanawa kiyala :P
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේක වුනේ මහරගමදි දැන් අවුරුදු 3,4ක් ඇති..
    කොල්ලො 2ක් (වලියට බර උන් වගේ පෙන්නෙ..ශෝටක් එහෙම ගහන්) සුපර්මාකට් එක ගාවින් මම යනකොට කතාකලා මචන් පොඩ්ඩක් හිටපන් කියල, පස්සු මූ කියනව මචන් යාලුවෙක් හම්බෙන්න ආවෙ ඌට කරදරයක් වෙලා පොඩි වලියක් ඉස්කෝලෙ සිකරට් එකක් ගහන්න 50ක් දියන් අවුලක් නැත්තන් උඹේ මොනාහරි තියෙනවනම් කියපන් ඕන වලියකට අපි එනව කියල..මමත් ඕකේ කියල දීල ආව ඉතින්.. දැන් නම් බස් වල, අරෙහෙ මෙහෙ ඇවිදින්න යන්නෙම නැති තරම්. ඒ නිසා ඔය වගේ සීන් වලට සෙට් වෙන්නෙම නෑ..
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    kisima hingannekta salli denne na kisima hethuwak matha. eka thamai mage theory eka. amaruwak wela hadissinam polesiyata gihin kiwwama un udaw krnawa. aye hingakanna deyak na.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පිටකොටුවෙදි පර්ස් එක නැති උනා කියලා බස් එකේ යන්න සල්ලි ඉල්ලනවා...
    මගෙනුත් ඉල්ලල්ලා තියෙනවා..(මම කිව්වා මමත් මෙ එහා පැත්තේ ගුනසින්හපුර තමයි කියලා මිනිහ කොහෙන් ගියද දන්නේ නෑ)
    කුඩු ගහන්න ඉල්ලන්නේ..මෙහෙම උනහම ඇත්තටම අපේ එකෙකුට දෙයක් උනත් කවුරුත් උදව් කරන්නේ නෑ..

    ප.ලි.
    මම ගුනසින්හපුර නෙමෙයි..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,671
    19,541
    113
    පිටකොටුවෙදි පර්ස් එක නැති උනා කියලා බස් එකේ යන්න සල්ලි ඉල්ලනවා...
    මගෙනුත් ඉල්ලල්ලා තියෙනවා..(මම කිව්වා මමත් මෙ එහා පැත්තේ ගුනසින්හපුර තමයි කියලා මිනිහ කොහෙන් ගියද දන්නේ නෑ)
    කුඩු ගහන්න ඉල්ලන්නේ..මෙහෙම උනහම ඇත්තටම අපේ එකෙකුට දෙයක් උනත් කවුරුත් උදව් කරන්නේ නෑ..

    ප.ලි.
    මම ගුනසින්හපුර නෙමෙයි..

    😂😂😂😂😂😂😂😂😂
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ගාලු පාරේ බස් වලට නැගල කොන්ඩේ ටිකක් දිගට වවල cap එකක් දාගෙන ඉන්න ඩයල් එකක් (25-35 වයස)
    මුලින්ම අහනවා සිංහලෙන් ද english වලින් කියන්නද කියල
    පස්සේ බන් රචනාවක් කියනවා වගේ කියාගෙන කියාගෙන යනවා පාඩම් කරපු ටික
    රත්නපුරේ ඉඳන් ය ආවේ ජොබ් එකක් හොයන්න ඇවිදලා ඇවිදලා දැන් ගෙදර බස් එකේ යන්න සල්ලි නෑ අනන් මනං
    number එක දෙන්නලු දුන්න සල්ලි වලට පස්සේ reload එකක් දාන්නම්ලු
     

    janish05656

    Well-known member
  • ලැජ්ජා නෑ..මටම උන කේස් එකක්...
    ඉස්සර මම පන්නිපිටිය (මස් කඩේ) බස් හෝල්ට් එකේ හවස ඉන්නකොට කොල්ලෙක් (බුවා තට්ටයා) ඇවිත් සල්ලි ඉල්ලුවා..,,මූ එතන ඉන්න හැම එකාදිහාම බලලා එකෙක් ලගට ගිහින් කියනවා, මල්ලි, මම අවිස්සාවේල්ලේ ඉන්නේ,මගේ පර්ස් එක උස්සලා,,ගෙදර යන්න විදිහක් නෑ මට බස් එකට යන්න ටිකට් එකට සල්ලි දීපන් කියලා..මම ඉතින් පොල් බූරුවා වගේ ඌගේ ගහේ නැග්ගා..ඌට රුපියල් 50ක් දුන්නා..මූ එල මල්ලි කියලා ගියා..මටත් පුල් හැපී..

    මම සතියකට විතර පස්සේ මම අපේ කොල්ලෙක් එනකන් ඉදිදි, මූව දැක්කා එතන එහාපැත්තේ හෝල්ට් එකේ (ධර්මපාල හෝල්ට් එකේ) තව කොල්ලෙක්ටම ලනුව දීලා පරණ පාරට ගිහින් සිගරට් එකක් ගහනවා.. කෙලින්ම මතක් උනේ මම කාපු මූගේ ලනුව,,ඒකාලේ පඩිය දුන්නාට නෑ වගේ..බස් එකේ යන්නේත් හෙන අමාරුවෙන්..මොනා කරන්නද ගියදේ ගියා කියලා හිත හදාගත්තා..

    ටික දවසක් යද්දි හවස කොච්චියේ යනබුවෙක් සෙට් උනා පන්නිපිටියේ බහින..ඌට පට්ටම කටට්ක් තියේන්නේ,,මම මූ එක්ක චැටක් දාගන එදිදි අරු අයේත් එනවා,,මම අජියාට පෙන්නුවා අරූව.මූ දන්නවා අරූ කරන බිස්නස් එක.ලගට එද්දිම අරූ අහපිය, අහා මචන් උබ තාම ගෙදර ගිහින් නෑ වගේ නේ කියලා..අරු සද්ද් නැතුව පනාව දාලා ආපු බස් එකකට නැග්ගා..

    දැන්න්නන් මචන්ලා සල්ලිනන් දෙන්නේ නෑ එක යකෙක්ට..