I also lost my wallet in Dematagoda when traveling on 152 bus.
ඔය පැත්තෙ ඉන්නව මචන් කුඩ්ඩො සෙට් එකක් ඔය වැඩේටම.
තුන් දෙනෙක් විතර එක ගේමකට එනවා. එකෙක් වැඩේ දෙද්දි අනිත් දෙන්නා ඌට සපෝර්ට් එක දෙනව.
I also lost my wallet in Dematagoda when traveling on 152 bus.
මේක උනේ ගල්කිස්ස beach එකේදි (Lavinia Breeze එක හරියේදී විතර ).....
මම girlfriend එක්ක beach එකේ අවිද අවිද ඉන්නකොට ආවා මඥ්ඥොක්කා පෙති බැදපුවා bag 3ක් අරන් dial එකක්.. (packet කරපුවත් නෙමෙයි, නිකන් පුන්චි පොලිතින් බෑග් 3කට දාගෙන) පෙනුමෙ හැටියට නම් අමු කුඩ්ඩෙක්.
ඌ කියනවා "මල්ලී මඥ්ඥොක්කා එකක් ගමුද මල්ලී, අපිට support එකක් දෙන්නකො මල්ලි". ඌ ඉතින් කියාගෙන යනවා, "අපි තමයි මෙහෙ එන එන අයට sup එක දෙන්නේ. ඊයෙත් දැක්කනේ ගෑනු ලමයෙක්ට කරදර කරන්න ගිය එකෙක්ට එලෝ එලෝ දුන්න හැටි"... ඌ ඉතින් ඔහොම එක එක කතා කියල මට මඥ්ඥොක්ක බෑග් එකක් විකුනන්නමයි try එක.. මට ඌව ඇල්ලුවෙම නෑ. මොකක් හරි අවුලක් තියෙනවා වගේ හිතුනා. ඉතින් උගෙ මඥ්ඥොක්ක ගත්තෙත් නැතුව ඌව මගෙ ඇරල ගියා.
ටික දුරක් යනකොට මූ කොහේදෝ ඉදන් අයෙත් කඩා පාත් උනා. ආයෙත් ඌ අපිට උගෙ මඥ්ඥොක්කා බෑග් එකක් විකුනන්න හැදුවට මං ගත්තේ නෑ..
මං කල්පනා කලා ඇයි මූ beach එකේ මෙච්චර කට්ටිය ඉදිද්දී අපි දෙන්නටම මඥ්ඥොක්ක එකක් විකුනන්න හැදුවෙ කියල. (beach එකේ වෙන කෙනෙක්ට විකුනන්න හදනවා මං දැක්කේ නෑ) මට සැකයි, මොනවා හරි දෙයක් මඥ්ඥොක්කා වලට දාලා අපිට දෙන්න හැදුවද කියලා. මත් වෙන්න මොනවා හරි roofies වගේ දෙයක් දාල දීලා, මත් උනාම couple එකට full සුද්දයක් දානවද කියල කවුද දන්නේ? දකින උන් සැක කරන්නෙත් නෑ නේ, හිතයි ඌ couple එකකට room එකක් පෙන්නන්න එක්කන් යන්ව කියල. Mt Laviniya නේහොඳ සිහිය එනකොට මොනවද උනේ කියලත් මතක නැතුව තියෙයි.
මට තාමත් සැකයි මඥ්ඥොක්ක එකක් අපිටම විකුනන්න ඌ මෙච්චර ගේමක් දුන්නේ ඇයි කියලා... එහෙම සීන් එකක් අහලා තියෙනවද කවුරු හරි?
මගේ සැකය හරි නම් උඹල කෙල්ලත් එක්ක ගල්කිස්ස වෙරල පැත්තේ යනවා නම් ඔන්න පරිස්සමෙන් & කල්පනාවෙන්...







මටත් ඔය වගේ ඩයල් අම්බානෙට මාට්ටු වෙලා තියෙනවා,මම පොඩි කාලෙ නම් අහුවෙලා තියෙනවා ,ඒත් දෑන් නම් ඔය එක පරයෙක්ට වත් සත පහක් දෙන්නෙ නෑහෑ,
…උබලටත් දෙන උපදෙස තමයි මොකෙක් හරි වෙලාවක් ඈහුවොත්,පාරක් ඈහුවොත් කියනව මිසක්, වාත වෙන්න දිගටම කතාවට එනවා නම් ඌ එන්නේ එක්කෝ මොකක් හරි බාල්දියක් පෙරලන්න තමයි,
…ඒ නිසා පරිස්සමින් කියන්න දෙයක් තියෙනව නම් කියලා, එතනින් පස්සේ ඌව ගනන් ගන්නේ නතිව ඉදපල්ලා~!




පිටකොටුවෙදි පර්ස් එක නැති උනා කියලා බස් එකේ යන්න සල්ලි ඉල්ලනවා...
මගෙනුත් ඉල්ලල්ලා තියෙනවා..(මම කිව්වා මමත් මෙ එහා පැත්තේ ගුනසින්හපුර තමයි කියලා මිනිහ කොහෙන් ගියද දන්නේ නෑ)
කුඩු ගහන්න ඉල්ලන්නේ..මෙහෙම උනහම ඇත්තටම අපේ එකෙකුට දෙයක් උනත් කවුරුත් උදව් කරන්නේ නෑ..
ප.ලි.
මම ගුනසින්හපුර නෙමෙයි..