අපේ ගමේ කෙනෙක් ඉන්නවා කුලී වැඩ කරන.ළමයි තුන් දෙනෙක් ඉන්නවා.....
අවුරුද්දට කලින් දවස්වල මනුස්සයා ගෙවල් කිහිපයක පොල් කඩලා දුන්නලු.
ගණන් ඇහුවම කිව්වලු "පොඩි තුන් දෙනාට ඇඳුම් අරන් දෙන්න කීයක් හරි දෙන්න." කියලා. ඔය වගේ මිනිස්සු කී දෙනෙක් ඇතිද.![]()
ඔහොම නෙමෙයි ඉතින් එක වේලක්වත් හොයාගන්න හෙන කට්ටක් කන මිනිස්සුත් ඉන්නව. අපිත් ඉතින් ඒව කියල, දැකල, අහල ආයිත් අපේ ස්ටයිල් එකට වියදම් කරනව. ඒක තමයි ඉතින් හැටි සමාජයේ.
එක එක්කෙනා පුරුදු වෙලා තියෙන විදිය තමයි ඉතින්. සමහරුන්ට එක කවසක් අඳින ඇඳුම් ගන්න යන ගාන සමහර පවුල්වලට මාසයක් ජීවත් වෙන්න යන ගාන.












