~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4k saha evige bauwa...

    බවුවව පනපිටින්ද මරලද ඕනේ... හික්..

    - 42 බෝතලේ ඉවර කරමින් පිහිය අතට අරන්

    කලින් කියන්න එපැයි.. :dull:

    -රෑ මරපු බල්ලට පුළුන් පුරවමින්

    mokak , kavuda yakoo , mage bawuva maranna order ekak dunnada:angry::angry::frown::frown:

    daglasta ketuwa wagee gotanne sonnalu :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තව එකක් දා ගනින්

    avatar559392_11.gif

    avatar559392_11.gif
    avatar559392_11.gif
    avatar559392_11.gif


    3kma gehuwa
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    HOW ABOUT THIS

    http://www.elakiri.com/forum/showthread.php?t=1785637


    මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේ ජීවිතේදිම කොහොම හරි සෝවාන් වෙන්න අදිශ්ටාන කරගන්න. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.



    සෝවාන් වූ පුද්ගලයා ගේ හැසිරීම හා ක්‍රියා කලාපය කෙබඳු ද?

    පිළීතුර - සෝවාන් වූ පුද්ගලයා දෙස බැලූ බැල්මට අපට ඔහු හඳුනා ගන්නට බැහැ. අනෙක් අතින් කෙනෙක්, තමා මාර්ග ඵල ලාභියකු බව අනාවරණය කර ගත පසු ව ද, ඒ බව ප්‍රකාශ කරන්නේ නැහැ.

    පැහැදිලි කිරීම - අප වාගේ ම එදිනෙදා කටයුතු කරමින් අප සමඟ සිටින, බසයේ අප අසලින් වාඩි වී යන, අපේ ගෙදරක කුලී වැඩ කරන්නට එන, සාමාන්‍ය කෙනෙක් සෝවාන් වූ කෙනෙක් විය හැකියි.

    සෝතාපන්න යැ යි කියන පුද්ගලයා කෙබඳු සත්ත්වයකු දැයි කොහොමට වත් තේරුම් ගන්නට බැරි හැටියට අප හිතෙන් මවාගෙන සිටීමත් අවාසනාවන්ත තත්ත්වයක්. අනේකවිධ අසාමාන්‍ය ගුණ ලක්‍ෂණ ආරෝපණය කොට එහෙම කෙනකු නම් කොහොමවත් සිටින්නට බැරි යන යන වග තරයේ විශ්වාස කරන ආකාරයටයි සමාජය දැනුවත් වී තිබෙන්නේ. එසේ වූ විට කෙනෙක් මෙය අපට නම් කෙසේවත් ලබාගත නො හැකි තත්ත්වයක් යැ යි එක එල්ලේ ම තීරණය කොට ඒ වෙනුවෙන් ගත හැකි උත්සාහයත් අත හරිනවා.

    විනය පිටකයත්, සූත්‍ර දේශනයනුත් හරි අවබෝධයකින් කියවන්නට ඔබ කැමැති නම් සෝතාපන්න පුද්ගලයකුට සෝතාපන්න ව හිඳිමින් කළ හැකි දේ දැන ගත් විට ඔබ මවිතයට පත්වනු ඇති. පුද්ගලයා ගිහි වුවත්, පැවිදි වුවත්, එය එසේ ම යි.

    අපි මුලින් ම සොයා බලමු. කවර හේතුවක් නිසා වත් සෝතාපන්න පුද්ගලයකු අතින් සිදු නො වන වැරැදි මොනවා දැ යි.

    * සෝතාපන්න ආර්යයා නිසැක ව ම දන්නවා සියලු සංස්කාර ධර්ම අනිච්ඡ යි, දුක්ඛ යි, අනත්ත යි, යන බව.

    * සෝතාපන්න ආර්යයකු අතින් කිසි සේත් ම සිදු නො වන වැරැදි හයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මජ්ජිම නිකායේ 115 – බහුධාතුක සූත්‍රයේ මේ කරුණ අඩංගු වෙනවා.

    1. මව මැරීම

    2. පියා මැරීම

    3. රහතන් වහන්සේ නමක් මැරීම

    4. පවිටු චේතනාවෙන් බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම

    5. සංඝ භේදය (සෝවාන් මාර්ගයට පිවිසී සිටින්නා ගේ සිට රහත් වී සිටින්නා දක්වා අට්ඨ පුරිස වූ පුද්ගලයන් අතර සමඟිය බිඳීම)

    6. නිවන් ලැබීම සඳහා බුදුන් වහන්ස් හැර වෙනත් ශාස්තෘවරයකු අනුගමනය කිරීම.

    (එහෙත් මේ සියල්ල පෘථග්ජනයකු අතින් සිදුවිය හැකියි.)

    ඔබ දන්නවා ද අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ යන පාඨයෙහි අර්ථය? මෙහි පැහැදිලි ව ඉස්මතු කර පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයාට අයත් වන අට වැදෑරුම් පුද්ගලයන් ගැන යි. ඒ අය මෙන්න.

    1. සෝවාන් මාර්ගයේ ගමන් ගන්නා අය (තවමත් සෝවාන් වී නැති)

    2. සෝවාන් වී සිටින අය

    3. සකෘදගාමි මාර්ගයේ ගමන් ගන්නා අය

    4. සකෘදගාමි වී සිටින අය

    5. අනාගාමි මාර්ගයේ ගමන් ගන්නා අය

    6. අනාගාමි වී සිටින අය

    7. අරහත් මාර්ගයේ ගමන් ගන්නා අය

    8. අරහත් වී සිටින අය

    එසේ මාර්ග හෝ ඵල හෝ නො ලැබූ අය සංඝ නම් වූ ගණයට අයත් වන්නේ නැහැ. ඉහත අට වැදෑරුම් පුද්ගලයන් තමයි, සංඝ නම් වූ ගණයට අයත් වන්නේ.

    අපි දැන් සොයා බලමු. සෝතාපන්න පුද්ගලයකු අතින් සිදු විය හැකි වැරැදි මොනවා දැ යි.

    * ඉහත සඳහන් කරන ලද වැරැදි හැර වෙනත් ඕනෑ ම වැරැද්දක් සෝවාන් වූ පුද්ගලයකු අතින් සිදු වන්නට පුළුවන්. ඔබ මතක තබා ගත යුතු යි. මාර්ග හෝ ඵල හෝ ලැබූ අයට නැවත එම මාර්ග/ඵල ලාභය අහිමි නො වන බව.

    * අංගුත්තර නිකායේ, ඡක්ක නිපාතයේ, දුතිය පණ්ණාසකයේ, මහා වග්ගයේ, චිත්තහත්ථි සාරිපුත්ත සූත්‍රය අධ්‍යයනය කර බැලුවහොත්, ඔබ අනාවරණය කර ගනීවි, සෝතාපන්න වූ භික්ෂුවක්, කාම ආශාවන් උඩ සිවුරු හැරීම පවා සිදු කර ඇති ආකාරය.

    * ඒ වාගේ ම අංගුත්තර නිකායේ, තික නිපාතයේ, දුතිය පණ්ණාසකයේ, සමණ වර්ගයේ, සික්ඛාන්තය සූත්‍රයත්, මජ්ජිම නිකායේ 48 - කෝසම්බිය සූත්‍රයත්, අධ්‍යයනය කර බැලුවහොත්, ඔබ අනාවරණය කර ගනී වි, සෝතාපන්න භික්ෂුවක් අතින් කුඩා විනය නීති පවා උල්ලංඝනය විය හැකි බව.

    * සෝතාපන්න පුද්ගලයා බැලූ බැල්මට කොතරම් සාමාන්‍ය පුද්ගලයකුට සමාන ද යන්න ඔබ මැනවින් වටහා ගන්න. සෝතාපන්න පුද්ගලයා අතින් පන්සිල් පද සියල්ල ම වුණත් බිඳෙන්නට පුළුවන් බව තේරුම් ගන්න. එහෙත් ඒ ගැන සිහිපත් වූ වහා ම ඔහු වැරැද්ද නිවැරැදි කර ගත යුතු බව වටහා ගන්නවා. ඒ කළේ වැරැද්දක් බව ඔහු ගේ ප්‍රඥාව වහා ම ඔහුට දැනුම් දෙනවා. එවැනි වැරැදි නො කරන්නට වීර්ය වන්ත වෙනවා. එහෙත් පෘථග්ජනයා කෙතෙක් වාරයක් පන්සිල් උල්ලංඝනය වුවත් එය නිදොස් කර ගන්නට උත්සාහ දරන්නේ නැහැ. මෝහය ජය ගෙන ඇති විට ප්‍රඥාවේ ආලෝකය පහළ වන්නට ඉඩක් නැහැ.

    * ඒ වාගේ ම එක්තරා සීමාවක් යටතේ තරහ ගැනීම, ව්‍යාපාදය, ඊර්ෂ්‍යාව, ලෝභ කම, අනුන් රැවැටීම, කපටිකම, ලජ්ජා භය නැතිකම පවා සෝතාපන්න පුද්ගලයා තුළ තිබෙනවා විය හැකි යි.

    * සෝතාපන්න පුද්ගලයා සිය දිවි නසා ගැනීමට පෙළැඹුණත් ඔහු ගේ සෝතාපන්න බවට හානියක් සිදු වන්නේ නැහැ. කෙසේ වුවත් සිය දිවි නසා ගැනීම ප්‍රාණඝාතයක්.

    * ඔබ පිළිගන්නවා ද මත්පැනට ලොල් ව සිටි සරකානි නම් වූ පුද්ගලයෙක් සෝවාන් වූ පසුත් ඒ පුරුද්ද අත් නොහළ බව? ශාක්‍යවංශික සරකානි බුදුන්ගෙන් බණ අසා සෝතාපන්න ඵලයට පත් වුණා. ඒත් ඔහුට සෝවාන් වෙලාත් ඒ පුරුද්ද අතහැර ගන්නට බැරි වුණා.

    සංයුත්ත නිකායේ, සෝතාපත්ති සංයුතයේ, සරකානි වග්ගයේ, සරකානි සූත්‍රයේ ඒ පිළිබඳ තොරතුරු අඩංගු වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව සිටි එදා යුගයේත්, මත්පැනට ලොල් ව සිටි සරකානි ගේ සෝවාන් බව පිළිබඳ පෘථග්ජන පුද්ගලයන් අතර මතභේද හට ගත් බව එම කථාව කියවන ඔබට දැන ගන්නට පුළුවන්. ඒත් ඔහු සෝවාන් වූ පුද්ගලයෙක් ම බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා.

    * මීළඟට කුක්කුටමිත්ත වැද්දා සමඟ පැන ගිය කුමරිය ගේ කතාව බලමු.

    කුක්කුටමිත්ත වැද්දා ගේ බිරිඳ හත්වන වියේ දී සෝවාන් වෙලා යි හිටියේ. ඒත් මව විසින් රකින ලද – පියා විසින් රකින ලද ඇය, දෙමාපිය අනුදැනීමෙන් තොර ව මස් වැද්දකු සමඟ පැන ගියා. මෙහි දී ඇය සෝවාන් වී සිටියත් කාමමිථ්‍යාචාරයට හසු වුණා. සිටු කුමරියට මස් වැද්දා සමඟ සසර බැඳීමක් තිබුණා. ඒ බැඳීමෙන් ඇතිවුණු ඇලීමට ඇය නතු වුණා.

    ඒත් ඇය සතර අපායට වැටෙන්නේ නැහැ. සෝවාන් වූ ඇය කාම මිථ්‍යාචාරය වැරැදි බව ප්‍රඥාවෙන් දකිනවා. වැද්දා සමඟ පැන යෑම ඇගේ කැමැත්තෙන් සිදු වුවත්, එම අකුසලය කළේ අකැමැත්තෙන් ම යි. කාම මිථ්‍යාචාරය පිළිබඳ අද බොහෝ දෙනා තුළ නිවැරැදි වැටැහීමක් නැහැ. බොහෝ දෙනකු සිතා සිටින්නෙන් කාම මිථ්‍යාචාරයට හසුවන්නේ විවාහක පුද්ගලයින් පමණක් කියා යි. එනම් තම ස්වාමිපුරුෂයා ගේ රැකවරණය ලබන කාන්තාවක් හෝ තම බිරිඳ ගේ රැකවරණය ලබන පුරුෂයෙක් හෝ වෙනත් අයකු සමඟ අඹු - සැමියන් ලෙස හැසිරීම තමයි, කාම මිථ්‍යාචාරය ලෙස සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ. එය කාම මිථ්‍යාචාරයේ එක් අවස්ථාවක් පමණ යි.

    බුදුරජාණන් වහන්ස් මජ්ඣිම නිකායේ, චූල යමක වර්ගයේ, සාල්‍යෙයක සූත්‍රයේත්, මජ්ඣිම නිකායේ, චූල යමක වර්ගයේ, වේරඤ්ජක සූත්‍රයේත්, කාම මිථ්‍යාචාරයෙන් වැළැකී සිටින්නේ කොහොම ද යන්න විස්තරාත්මක ව දේශනා කර තිබෙනවා. එය සරල ව ප්‍රකාශ කළොත් මෙන්න මේ ආකාර යි...

    ”මව විසින් රකින, පියා විසින් රකින, මව්පියන් දෙදෙනා ම විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑදෑයින් විසින් රකින, ගෝත්‍රය විසින් රකින, ධර්මය විසින් රකින ස්ත්‍රීන් හෝ, ස්වාමියා සිටින හා විවාහ ගිවිස ගත් ස්ත්‍රීන් හෝ විවාහය තීන්දු කරන ලද ස්ත්‍රීන් හෝ කෙළෙසීමෙන් වැළැකී සිටීම”

    මේ තත්ත්වය ගැහැණු - පිරිමි දෙපාර්ශ්වයට ම අදාළ කර විමසා බලන්න. දැන් ඔබට වටහා ගන්නට පිළිවන් වේවි, මේ කිසියම් කාණ්ඩයකට හෝ අයත් වන කෙනෙක් කාම මිථ්‍යාචාරයට හසු විය හැකි බව.

    සෝවාන් වූ අය අතින් අකැමැත්තෙන් සිදු වන අකුසල් පටිවිරතෝ ගණයට යි, අයත් වන්නේ. රහත් නො වූ, එ නම් සෝවාන් සකෘදාගාමි සහ අනාගාමි අය ගේ සීලය “පටිවිරතෝ” ලෙස හඳුන්වන්නේ ඔවුන් අතින් කිසියම් මට්ටමකට අකුසල් සිදු වන්නට හැකි නිසා යි. ඒත් රහත් වූ අයට සීලය පිහිටන්නේ “වේරමණී” ලෙස යි. එවැනි උතුමන් අතින් එම සීලය බිඳෙන්නේ ම නැහැ.

    සෝවාන් වූ කෙනකු අතින් ඡන්දය, ද්වේෂය, භය, මෝහය නිසා යම් කුඩා පාපයක් කෙරෙන්න පුළුවන්. ඒත් පාප ගති ලක්‍ෂණයට පත්වෙලා අගතිගාමි වෙන්නේ නැහැ. තිරිසන්, නිරය, ප්‍රේත තත්ත්වයට පත් වන්නේ නැහැ. ප්‍රඥාවෙන් දැක දැක වරද සකස් කර ගනිමින් මත්තෙහි දී සංවරයේ පිහිටන්නට බලනවා. මෙය හඳුන්වන්නේ ආයති සංවරය යනුවෙන්.

    අතේ වණයක් තුවාලයක් නොමැති ව විස ඇල්ලූ විට ඒ විස ශරීරයට ඇතුළු නො වන්නාක් සේ සතර අපා ගතවන ප්‍රබල පාප චේතනා දුරු කළ සෝවාන් ඵල ලාභියා සතර අපා ගතවන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

    එහෙත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා අතින් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන් ගේ ශරීරයේ ලේ සෙලැවීම, සංඝ භේදය සහ නිවන් සඳහා අන්‍ය ශාස්තෘවරුන් සරණ යෑම යන මේ කාරණා හය කවර ම ආකාරයෙන් වත් සිදු නො වන බව නිසැක ව ම අප දැන ගත යුතු කාරණයක්.

    සක්විති රජ කෙනකුටත් වඩා, ධ්‍යාන ලැබූ පුද්ගලයකුටත් වඩා, සෝවාන් වූ පුද්ගලයා ආශ්චර්යවත් වන්නේ ඔහු තම සසර ගමන ඉදිරි භව හතකට සීමා කරගෙන - කෙටි කරගෙන ඇති නිසාත්, ඔහු සාක්‍ෂාත් කර ගනු ලැබූ ආර්ය මාර්ග ඵලය කවර හේතුවක් නිසා වත් භව ගමන මුළුල්ලේ ම පිරිහෙන්නේ නැති නිසාත්, ම යි. අප ඉතා ඕනෑකමින් යුතු ව පුන පුනා - යළි යළිත් – නැවත නැවතත් – හැම විට මත් – පසු කරන චිත්ත ක්ෂණයක් පාසාමත්, සිහියේ තබා ගත යුත්තේ සෝවාන් ඵලයට පත් වීම අපට ලබන්නට අපහසු දෙයක් නො වන බව යි.

    සංඝ නම් වූ ඒ අට වැදෑරුම් වූ ආර්ය පුද්ගලයන් අතුරින් සෝවාන් මාර්ගයේ ගමන් ගන්නා (තව ම සෝවාන් වී නැති) සහ සෝවාන් වී සිටින පුද්ගලයා කෙ බඳු ද යන්නත්, තමා සෝවාන් වූ පුද්ගලයකු දැ යි වටහා ගන්නේ කෙ සේ ද යන්නත්, අපි දැන් විමසා බලමු.

    මාර්ග සහ ඵල යන පදවලින් හඳුන්වන්නේ කුමක් ද?

    සෝවාන් මාර්ගය

    මග්ග හෙවත් මාර්ග යන වචනයේ සාමාන්‍ය තේරුම ලෙස පාර යන්න ගත හැකි යි. මග්ග ලාභය කියන්නේ, පාරට වැටීමේ වාසනාව යි, හරි මඟ දැකීම යි, පාර පෑදීම යි. නිවැරැදි පාරට යොමු වීම යි. සෝවාන් මාර්ගයට පිවිසීම යි.

    මෙය මොහොතක දී හදිසියේ ම වාගේ සිදු වන කාරණයක්. මං මුළා වී වනගත ව හෝ මරු කතරක හෝ අසරණ ව සිටින පුද්ගලයකුට හදිසියේ ම ගම්මානයකට, ක්ෂේම භූමියකට, යොමු වී තිබෙන පාරක් පෑදෙනවා වාගේ සිද්ධියක්. මෙය ක්ෂණික ව ඇති වන මානසික පරිවර්තනයක්.

    හිතට නැඟෙන සුවිශේෂ අවබෝධයක්, සත්‍යයක්, විදර්ශනයක්, විශ්ව සාධාරණ ධර්මතාවක්, විදුලි කෙටීමක් හා සමාන ව ක්ෂණයකින් මනැස පෑදෙන සත්‍ය දර්ශනයක් තමයි මේ මානසික පරිවර්තනය.

    දැන් මඟියා ආර්ය මාර්ගයට පිවිස සිටිනවා. ඔහු ආර්ය පුද්ගලයෙක්. ආර්්‍ය ශ්‍රාවකයෙක්. පෘථග්ජන භුමියෙන් සදහට ම නිදහස් වූවෙක්. සෝතාපත්ති ඵලය නෙළා ගත් අයෙක්. සතර අපායෙහි – එ නම්, තිරිසන් යෝනියට, පේ‍්‍රත ලෝකයට, අසුර නිකායට, හා නිරයට නො වැටෙන්නෙක්.

    මේ ගමන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ සැරිසැරීම නම් වෙයි. ලෝකෝත්තර වන්නේ පෘථග්ජන/ ලෞකික ජීවිතයට සදාකාලික ව බැඳ තබන සංයෝජන කිහිපයකින් හෝ නිදහස ලබා ගත් නිසා ම යි.

    සෝතාපත්ති ඵල නෙළා ගත් අවස්ථාවේ දී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස යන සසරට බැඳ තබන බැමි තුනකින්, සංයෝජනවලින් මිදෙන බව අත්දැකිය හැකි තත්ත්වයක්.

    සක්කාය දිට්ඨිය පිළිබඳ අර්ථ විග්‍රහය කෙබඳු ද?

    ස (තමා ගේ) කාය (කය පිළිබඳ) දිට්ඨි (දෘෂ්ටිය)

    සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා තමා ලද කයට, මම ය, යන දැඩි බැඳීමෙන් යුතු ව කටයුතු කරනවා. තමා ලෙස තීන්දු කළ පුද්ගලයා කේන්ද්‍ර කොට ගනිමින් මා ගේ ය යන ඇල්මෙන් ජීවත් වීමට දැඩි ආශාවකින් සම්පත් රැස් කරමින් සිටිනවා. මේ ජීවත් වන කය තමා බව තරයේ විශ්වාස කරනවා.

    බලන්න, ඔහු එසේ “මම” යැ යි හැඳින්වූ කය, මතු භවයේ දී තවත් “මම” යන කයකට මාරු කර ගන්නවා. ඊ ළඟට කරන්නේ එ දාට ලැබූ කය “මම” යැ යි තදින් බැඳී ගෙන ඔය ආකාරයට ම ක්‍රියාත්මක වීම යි.

    සක්කාය දිට්ඨියෙන් මිදුණු පුද්ගලයාටත් ලෞකික වශයෙන් මම යැ යි කියා ගනිමින් ජීවත් වන්නට සිදු වන බව ඇත්ත. එහෙත් ජීවත් වන සෑම මොහොතක ම සියලු සංස්කාර අනිච්ඡ බවත්, දුක්ඛ බවත්, අනත්ත බවත්, පිළිගනිමිනු යි ඔහු ජීවත් වන්නේ . එහෙයින් ම මමම ය, මා ගේ ය ලෙස පුද්ගලයකු මවා ගනිමින් පෝෂණය කිරීම අර්ථයක් නොමැති බවත්, මේ පුද්ගලයා මේ පොළොව මත තබා යන්නට සිදු වන බවත්, හොඳින් ම දන්නවා.

    මා නමින් හඳුන්වන පුද්ගලයා මගේ යැ යි සිතා කැමැති පරිදි හැසිරැවිය නො හැකි බවත්, එ සේ හසුරුවන්නට යාම ම දුක උපදවා ගැනීමක් බවත්, එය ම නිෂ්ඵල අනර්ථ උත්සාහයක් බවත්, මනා ව වටහා ගනිමිනු යි, ඔහු ජීවත් වන්නේ, මේ ප්‍රඥාව ඔහු ගේ මුළු භව ගමන පුරා ස්ථිරසාර ලෙස මුල් බැස ගෙන හමාර යි. එ විට ඔහු සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

    විචිකිච්ඡාව පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද?

    විචිකිච්ඡාවෙන් යුතු පුද්ගලයා ප්‍රඥාවෙන් විමසා බලා යමක් වටහා ගන්නේ නැහැ. ඔහුට සියල්ල සැක යි. සසර ගමනේ තවතවත් පුද්ගලයකු රඳවන අට තැන් පිළිබඳ පවත්වා ගන්නා මෙන්න මේ ආකාරයේ සැකයක් තිබෙනවා.

    එ නම්, බුදුන් පිළිබඳ සැකය, ධර්මය පිළිබඳ සැකය, සංඝයා පිළිබඳ සැකය, සීලය පිළිබඳ සැකය , මා පෙර සිටියා දැ යි සැකය, මා නැවත ඉපැදේ දැ යි සැකය, මා පෙර සිටියා ද - නැවත ඉපැදේ දැ යි සැකය, සහ පටිච්ච සමුප්පාද ධර්මය ( හේතු - ඵල දහම) පිළිබඳ සැකය යි.

    විචිකිච්ඡාවෙන් තොර පුද්ගලයා නුවණින් විමසා බැලීම නිසා ම යි, ඉහත කරුණු ගැන සැකයෙන් තොර වී තිබෙන්නේ. කිසියම් එක ම එක දහම් කරුණක් හෝ ප්‍රඥාවෙන් විමසා බලන විට කෙනකු තුළ පවත්නා, අට තැන් පිළිබඳ සැකය නිකම් ම දුරු වී යනවා. ඔහු තුළ විශ්වාසය ඇති වෙනවා. විමංසා නුවණින් යුතු ව ධර්මයේ සැරිසැරීමෙන් ම යි, මෙම විශ්වාසය තහවුරු වන්නේ.

    ඉහත ආකාරයේ විශ්වාසයක් ගොඩ නැඟුණු පුද්ගලයා ගේ හැසිරීමේ කෙබඳු වෙනසක් ඇති වේ දැ යි සිතා බලන්න. ඔහු මේ සසර ගමනේ බොහොම ප්‍රවේසම් සහිත වූවෙක්. පවෙහි ලජ්ජා-භය ඇත්තෙක්.

    සමස්ත භව ගමන පුරා ම ස්ථිරසාර ලෙස ම බුදුන් සරණ, දහම් සඟුන් සරණ ගිය කෙනෙක්. එ වැන්නෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?

    සීලබ්බත පරාමාස පිළිබඳ අර්ථ විග්‍රහය කෙ බඳු ද? සීල (සීලය සහ ) වත ( හැසිරීම පිළිබඳ) පරාමාස ( වැරැදි දෘෂ්ටිය)

    සීලබ්බත පරාමාසයෙන් යුතු පුද්ගලයා බුදුන්, දහම් සහ සඟ සරණින් බැහැර වූ වෙනත් සරණ පතනවා.

    අනේක විධ පුදපූජා පවත්වනවා. මේවා බොහෝ විට ලෞකික සම්පත් පතමින් කරනු ලබන දේවල්. නැති නම් දුක් කම්කටොල්වලින් මිදෙන්නට සහනය පතා කරනු ලබන දේවල්. ඒ වාගේ ම නා නා වෘත සමාදන් වෙනවා. බුද්ධ කාලීන බලු වත, ගෝ වෘත ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන් බලන්න, එහි දී එම පුද්ගලයන් තුළ පවතින්නේත්, තෘෂ්ණාව ම තමයි. වෙනත් ආකාරයකට කිව හොත්, ලෞකික ජීවිතයට ඇති ආශාව යි. දුක් කම්කටොල්වලින් මිදෙන්නට කරනු ලබන පුදපූජා ගැන දැඩි ලෙස බල පවත්වන විශ්වාසය යි. මේවා මෝහයේ ප්‍රබල ලක්‍ෂණ යි.

    මෙ වැනි පුද්ගලයින් තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්චප්පසාදනයක් නැහැ.

    සීලබ්බත පරාමාසයෙන් තොර පුද්ගලයා ප්‍රඥාවෙන් දකිනවා, ඉපැදීමෙන් ම තමා දුක් කම්කටොල්වලට ඉඩ සලසා ගෙන ඇති බව. එම ප්‍රඥාව නිසා ම යි, ඔහු සීලබ්බත පරාමාසයෙන් තොර වූයේ, කුසල් හි යෙදෙමින් ම, අකුසල්වලින් තොර වෙමින් ම, පැමිණි දුක් කම්කටොල්වලින් මිදෙන්නට වීර්යයෙන් යුතු වෙනවා. යහපත් ප්‍රයෝග යොදනවා.

    මේ අතරතුර ම එළැඹෙන තත්ත්වවල හැකි තාක් කම්පා නො වී සිටිනවා. යැදීමෙන් නො ව දැහැමි ඉපැයීමෙන් අවශ්‍ය දේ පමණක් සපයා ගන්නටත්, ලද දෙයින් සතුටු වීමේ තෘප්තිය ලබන්නටත්, සූදානම් ව සිටිනවා.

    යමක් ලැබෙතැ යි වග වන්නට බැරි, එය ලැබුණා නම් ඒ කවර හේතුවක් නිසැ දැ යි නිශ්චය කර ගන්නට බැරි, යැදීම්වල නිරත වෙමින් සීලබ්බත පරාමාසයෙන් තොර ප්‍රඥාවන්තයා කිසි විටෙකත් තමා ගේ බුද්ධිය හෑල්ලූ කරන්නේ නැහැ. එ වැනි උතුම් ගුණ ඇත්තෙක් සතර අපායක නො වැටීමේ වරප්‍රසාදයක් ලැබීම සාධාරණ නැද්ද?
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    mokak , kavuda yakoo , mage bawuva maranna order ekak dunnada:angry::angry::frown::frown:

    daglasta ketuwa wagee gotanne sonnalu :angry::angry::angry::angry::angry::angry:

    සාරා තමයි කිව්වේ එවිල් ගෙ බල්ලව ටෙඩි කෙනෙක් කරලා ඕනේ කියලා :dull: මම නෑ ඕවට...

    - ආයිත් ඇරෝගේ ගමේ නාන ලිඳට බහිමින්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කොල්ලනි කෙල්ලනි..
    සුභම සුභ උදෑසනක් වේවා..
    අපි පිටත් වෙන්න කියල..
    කට්ටියටම දවස ජයවෙන්න ඕනේ.

    සුභ උදෑසනක්!! :D
    ඔක්කොම නඩු ටික හරියට විසඳන්න ලැබේවා!
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරා තමයි කිව්වේ එවිල් ගෙ බල්ලව ටෙඩි කෙනෙක් කරලා ඕනේ කියලා :dull: මම නෑ ඕවට...

    - ආයිත් ඇරෝගේ ගමේ නාන ලිඳට බහිමින්



    මගේ බල්ලව ටෙඩියෙක් කරන්ඩ:frown::frown::angry::angry:,

    හිතුවා මදී :angry::angry::frown::frown: බල්ලව හන්ගලා මරනවා කීවත් ටෙඩියෙක් කරන්නේ නෑ මන් තියා මගේ බල්ලවත්:angry::angry:

    එවුවා අදාල නෑ දෙන්නම ලෑස්ති වෙලා හිටු:angry::angry: