අස්සයා මිනිහා පිටින් වයින් හදන එකකට වැටිච්ච එකද
නෑ මිනිහෝ..
මෙහෙමයි..
එක දවසක් පන්සලේ හාමුදුරු කෙනෙක් බණක් කියනවලු සුරාව ගැන..
මෙහෙමයි අරක්කු බිව්වම පව් සිද්ධ වෙනවා අරකයි මේකයි කියල..
ඔතන හිටපු එක පොරක් හාමුදුරුවන්ගෙන් අහනවලූ හාමුදුරුවනේ මිදින්කන එක පවක්ද කියල..
හාමුදුරුවෝ කිව්වලු නෑ කියල.
ඊලගට මූ ඇහුවලු එහෙනං හාමුදුරුවනේ වතුර බොන එක පවක්ද කියල..
හාමුදුරුවෝ ඒත් නෑ කිව්වලු...
එතකොට මූ අහනවලු එහෙනං හාමුදුරුවනේ මිදියි වතුරයි එකට දාල පල්කරලා හදන වයින් බිව්වම පව් සිද්ධ වෙන්නේ කොහොමද කියල..
එතකොට හාමුදුරුවෝ අතට පස් ටිකක් අරං අරූගෙන් ඇහුවලු, මම මේ පස් ටිකෙන් ගැහුවොත් ඔය උපාසක මහත්තයට රිදෙනවද කියල.. අරූ නෑ කිව්වලු.. ඊටපස්සේ හාමුදුරුවෝ අතට වතුර ටිකක් අරං ඇහුවලු එහෙනං මා මේ වතුර ටිකෙන් ගැහුවොත් ඔය උපාසක මහත්තයට රිදෙනවද කියල.. අරූ ඒත් නෑ හාමුදුරුවනේ කිව්වලු..
ඊටපස්සේ හාමුදුරුවෝ ඇහුවලු මම මේ පසුයි වතුරයි කලවම් කරල වේලලා ගඩොලක් හදල ගැහුවොත් උපාසක මහත්තයට රිදෙනවද කියල..
අරූ කට වහගත්තලු..
