රුවක් ඇදෙනවා... සමලිංගිකද...?
ගීතය හරි අපූරුය.... ගීතයක් එක් එක් අය ග්‍රහණය කරගනු ලබන්නේ තමන්ගේ හැගීම් හා රසවින්දනය පරාසය තුළය.... ගීතයක් අපූරු වී ඇත්තේ ද ඒ නිසාය.... එබැවින් ගීතයක් සඳහා එක් අයෙක් දකින අර්ථයට වඩා හාත්පසින්ම වෙනත් අර්ථයක් තවත් කෙනෙකුට හැගි යා හැකිය... මේ හේතුව නිසාම ගීතයක වටිනාකම වැඩිවීමට හෝ කමකට නැති එකක් වීමට ඇති හැකියාව ද වැඩිය.... කපුගේ, කරුණාරත්න සුසංයෝගයෙන් බිහි වූ රුවක් ඇදෙනවා ගීතය වාදනය වන සෑම අවස්ථාවක එහි අර්ථය සොයා මා වෙහෙස වුණු වාර ගණන අපමණය... සයිබර් ලෝකයේ කිහිප තැනක ද මේ ගීතයට අර්ථ සපයා ඇති බව මා දැක ඇති අතර, එයින් බහුතරයක් මෙයට සමලිංගික ලේබලය අලවා තිබෙනු දුටිමි....
රුවක් ඇදෙනවා ගීතය ඇත්තටම සමලිංගික ද...?
ගීතයට පාදක වන ස්ථානය අවන්හලකි.... නාඳුනන පිරිමින් දෙදෙනෙකු අතර ඇතිවන සංවාදයකි.... ඔවුන් දෙදෙනා ඇතැම් තැනක උනුන්ගේ ලෝකයේ තනිවෙන බවක් ද හැගේ... එක් අයෙක් යොවුන් වියේ පසුවන්නෙකි... අනෙකා මුහුකුරා ගිය අයෙක් බව ද අනුමාන කළ හැකිය...
අවන්හලක් කරා විවිධ ආකාරයේ මිනිසුන් එති... ඔවුන් කුමන අරමුණක් උදෙසා පැමිණියද ඔවුන් සියල්ලෝම සැබෑ ලෝකයෙන් අත්මිඳී යථාර්ථයට පයින් ගැසීමට එසේත් නැත්තම් තාවකාලිකව යථාර්ථයෙන් පැන යාමට උත්සහා දරන්නෝ වෙති.... මෙම ගීතයේ ගැටලූව වී ඇත්තේ මොවුන් දෙදෙනා අවන්හල පැමිණ ඇත්තේ කුමන යථාර්ථයෙන් වසන් වීමට ද යන්නය....
අවහන්හලේ එකම මේසයක ගැටවරයෙක් හා පැසුණු පුද්ගලයෙක් මීවිත තොල ගාමින් සිටිති.... ඔවුන් මින් පෙර හමු වී කතා බහ නොකළ අය වෙති.... බොහෝ අය සිතනුයේ ගීතයේ පළමු පදවැල් වලින් ඔවුන් දෙදෙනා අතර ඇතිවන සංවාදයක් පෙන්නුම් කරන බවකි... නමුදු සත්‍ය එය නොවේ... ඔවුන් ඔවුන්ගේ ලෝකවල තනි වී සිටිති....
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා....
මෙම පද පේළි මුහුකුරා ගිය පුද්ගලයාගේ සිතිවිලි හුවා දක්වයි... මොහු මීවිතට පමණක් ලොබ බැඳ අවන්හලට පැමිණි අයෙක් නොවේ... ඔහු යම් අයෙකුගේ පැමිණීම අපේක්ෂා කරයි.... නමුදු ඔහු බලාපොරොත්තු වන්නේ කවරෙක්ද යන්න ඔහුවත් නොදනී.... ගොදුරක් සොයා පැමිණියද කවුරුන් ගොදුරුවේදැයි දඩයම්කරු කෙලෙස දනීද....?
හද පොදි බැදි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා....
මේ දෙවැන්නාගේ සිතිවිලියි.... ඔහු අවහන්හලට පැමිණ ඇත්තේ ඔහුගේ හදවතෙහි වෙලාගෙන ඇති දුක නැති කර ගැනීමටයි... ඇය බොහෝ දුර ගොස්ය.... ඇයගේ ආදරය, නුරාව යළි සැබෑ ලෝකයේ දී ළං කරගත නොහැකිය... මීවිත නමැති මායාව ඔස්සේ ඇයව සොයා යාම ඔහුගේ අරමුණ වී ඇත.... ඒ අනුව අවන්හලට ඔහුව ගෙන්වා ඇත්තේ වියෝවය.... ඔහු වියෝ දුකින් තෙරපුණු හදවතින් දුක්විඳින්නේය... ඔහුට අවැසි වී ඇත්තේ යළිත් ඇය හා එක්වීමටය... ඔහු ඊට සහය පතන්නේ මීවිතිනි.
දෙවැනි කොටසින් චරිත දෙක උනුන් හා සංවාදයේ යෙදෙති...
සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොගවන්නේ....
යෞවනයේ එළිපත්තේ සිටින ගැටවරයා දුටු පැසුණු මිනිසාට ගොදුර සම්භ වූවා යැයි සිතෙන්නට ඇත... ගොදුර එක එල්ලේම අල්ලාගත යුතුය.... ඒ සදහා ගැටවරයා සමග සංවාදයේ යෙදෙයි... තාරුණ්‍යයේ එළිපත්තේ සිටින ගැටවරයාගෙන් මීවිතට පෙම් බඳින්නේ ඇයිදැයි අසා සිටියි...... ගැටවරයා තමන්ගේ හදවතේ තෙරපී ඇති දුක, වේදනවා මිනිසා ඉදිරියේ මුදා හරින්නේ මෙසේය....
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ....
ඇයගෙන් ලද ආදරය නුරහව ගින්නක් ලෙස මහද දවයි.... මා හට සත්‍යය ලෝකයේ සිට මෙම වියෝව උහුලාගත නොහැකිය... එබැවින් මම මීවතින් මත් වෙමි.... මීවෙතන් ඒ ගින්න මැඩ පවත්වමි....
නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දලූ ලා එනවා
ඒත්... මීවිත ඔහුගේ විරහව මොහොතකට පලවා හැරියද, නුරාව පලවා හැරීමට එය අසමත් වී ඇත.... ඇයගේ පෙර දවසක ලද උණුසුම ගින්නක් සේ ඔහුගේ හද වෙලා ගනියි... මීවිතෙන් වී ඇත්තේ ඔහුගේ විරහව යටපත් කොට නුරාව ඉස්මතු කිරීමයි.... ගැටවර වියේ හැගීම් ඉස්මතු වී ආලයට නොව රාගයට අත වනන මානයට ඔහු පැමිණ ඇත....
ගීතය ව්‍යාකූල වන්නේ, සංකීර්ණ වන්නේ අවසන් දෙපේළියෙනි....
අවන්හලේ මීවිත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා....
දැන් ගොදුර දඩයම් කිරීමට සුදුසු මායිමට පැමිණ ඇත... එනම් ගැටවරයාගේ නැගුණු නුරාව සංසිදවීමට මිනිසා සූදානම්ය.... මෙතැනදී ‘මලේ’ යන අර්ථය මල්ලි යන අර්ථයෙන් ගතහොත් මිනිසා ගැටවරයාට නුරාව සංසිඳවා ගැනීමට ආරාධනා කරයි.... එය බොහෝ විට සමලිංගික ඇසුරකට වඩා ගණිකා ඇසුරකට ආරාධනා කිරීමක් යැයි සිතීම සාධාරණය....
බොහෝ විට මිනිසා ගණිකාවන් සපයන පිම්පියෙකුගේ චරිතයක් විය හැකිය... මන්ද යත් මෙහි තරුණයා ආදර වියෝවෙන් පෙළෙන්නෙකු මිස සමලිංගකයෙකු ලෙස පෙනී නොසිටිනි බැවිනි... එවැනි තරුණයෙක් ෂොට් එකක් දා ගත් පමණින් පිරිමියෙක් හා යහන් ගත වේ යැයි සිතීම විහිලූවකි.... ඒ අනුව මම පිරිමියා ආලයෙන් පැරදී අවන්හල්වල බීමත්ව අරමුණක් රහිතව සිටින තරුණයන්ට ගණිකාවන් සපයා ආදායමක් උපයා ගන්නා පිම්පියෙක් ද...?
ප.ලි. අනෙක් අතට මෙහි ‘මලේ’ යන අර්ථය ‘මල’ ලෙස ගෙන කාන්තාවක් මලට උපමා කර ආමන්ත්‍රණය කළේ නම් අර්ථය හාත්පසින්ම වෙනස් වන්නේය.... එවිට පැසුණු පුද්ගලයා හා ගැටවරයා යන දෙදෙනාම ආදර වියෝවෙන් පෙළෙන්නන් වන අතර, ඔවුන් දෙදෙනොම අවන්හලට පැමිණ ඇත්තේ මීවිතෙන් වියෝව දුරු කර ගැනීමටය... එලෙස ගතහොත් ගීතය වෙනස්ම මානයකට අපව ගෙන යන්නේය....

සංවාදයට විවෘතයි....