රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

    රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

    ගීතය හරි අපූරුය.... ගීතයක් එක් එක් අය ග‍්‍රහණය කරගනු ලබන්නේ තමන්ගේ හැගීම් හා රසවින්දනය පරාසය තුළය.... ගීතයක් අපූරු වී ඇත්තේ ද ඒ නිසාය.... එබැවින් ගීතයක් සඳහා එක් අයෙක් දකින අර්ථයට වඩා හාත්පසින්ම වෙනත් අර්ථයක් තවත් කෙනෙකුට හැගි යා හැකිය... මේ හේතුව නිසාම ගීතයක වටිනාකම වැඩිවීමට හෝ කමකට නැති එකක් වීමට ඇති හැකියාව ද වැඩිය.... කපුගේ, කරුණාරත්න සුසංයෝගයෙන් බිහි වූ රුවක් ඇදෙනවා ගීතය වාදනය වන සෑම අවස්ථාවක එහි අර්ථය සොයා මා වෙහෙස වුණු වාර ගණන අපමණය... සයිබර් ලෝකයේ කිහිප තැනක ද මේ ගීතයට අර්ථ සපයා ඇති බව මා දැක ඇති අතර, එයින් බහුතරයක් මෙයට සමලිංගික ලේබලය අලවා තිබෙනු දුටිමි....

    රුවක් ඇදෙනවා ගීතය ඇත්තටම සමලිංගික ද...?

    ගීතයට පාදක වන ස්ථානය අවන්හලකි.... නාඳුනන පිරිමින් දෙදෙනෙකු අතර ඇතිවන සංවාදයකි.... ඔවුන් දෙදෙනා ඇතැම් තැනක උනුන්ගේ ලෝකයේ තනිවෙන බවක් ද හැගේ... එක් අයෙක් යොවුන් වියේ පසුවන්නෙකි... අනෙකා මුහුකුරා ගිය අයෙක් බව ද අනුමාන කළ හැකිය...

    අවන්හලක් කරා විවිධ ආකාරයේ මිනිසුන් එති... ඔවුන් කුමන අරමුණක් උදෙසා පැමිණියද ඔවුන් සියල්ලෝම සැබෑ ලෝකයෙන් අත්මිඳී යථාර්ථයට පයින් ගැසීමට එසේත් නැත්තම් තාවකාලිකව යථාර්ථයෙන් පැන යාමට උත්සහා දරන්නෝ වෙති.... මෙම ගීතයේ ගැටලූව වී ඇත්තේ මොවුන් දෙදෙනා අවන්හල පැමිණ ඇත්තේ කුමන යථාර්ථයෙන් වසන් වීමට ද යන්නය....

    අවහන්හලේ එකම මේසයක ගැටවරයෙක් හා පැසුණු පුද්ගලයෙක් මීවිත තොල ගාමින් සිටිති.... ඔවුන් මින් පෙර හමු වී කතා බහ නොකළ අය වෙති.... බොහෝ අය සිතනුයේ ගීතයේ පළමු පදවැල් වලින් ඔවුන් දෙදෙනා අතර ඇතිවන සංවාදයක් පෙන්නුම් කරන බවකි... නමුදු සත්‍ය එය නොවේ... ඔවුන් ඔවුන්ගේ ලෝකවල තනි වී සිටිති....

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳිරිය දෑස වසනවා....

    මෙම පද පේළි මුහුකුරා ගිය පුද්ගලයාගේ සිතිවිලි හුවා දක්වයි... මොහු මීවිතට පමණක් ලොබ බැඳ අවන්හලට පැමිණි අයෙක් නොවේ... ඔහු යම් අයෙකුගේ පැමිණීම අපේක්ෂා කරයි.... නමුදු ඔහු බලාපොරොත්තු වන්නේ කවරෙක්ද යන්න ඔහුවත් නොදනී.... ගොදුරක් සොයා පැමිණියද කවුරුන් ගොදුරුවේදැයි දඩයම්කරු කෙලෙස දනීද....?

    හද පොදි බැදි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා....

    මේ දෙවැන්නාගේ සිතිවිලියි.... ඔහු අවහන්හලට පැමිණ ඇත්තේ ඔහුගේ හදවතෙහි වෙලාගෙන ඇති දුක නැති කර ගැනීමටයි... ඇය බොහෝ දුර ගොස්ය.... ඇයගේ ආදරය, නුරාව යළි සැබෑ ලෝකයේ දී ළං කරගත නොහැකිය... මීවිත නමැති මායාව ඔස්සේ ඇයව සොයා යාම ඔහුගේ අරමුණ වී ඇත.... ඒ අනුව අවන්හලට ඔහුව ගෙන්වා ඇත්තේ වියෝවය.... ඔහු වියෝ දුකින් තෙරපුණු හදවතින් දුක්විඳින්නේය... ඔහුට අවැසි වී ඇත්තේ යළිත් ඇය හා එක්වීමටය... ඔහු ඊට සහය පතන්නේ මීවිතිනි.

    දෙවැනි කොටසින් චරිත දෙක උනුන් හා සංවාදයේ යෙදෙති...

    සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
    කිම තොල මීවිත පොගවන්නේ....

    යෞවනයේ එළිපත්තේ සිටින ගැටවරයා දුටු පැසුණු මිනිසාට ගොදුර සම්භ වූවා යැයි සිතෙන්නට ඇත... ගොදුර එක එල්ලේම අල්ලාගත යුතුය.... ඒ සදහා ගැටවරයා සමග සංවාදයේ යෙදෙයි... තාරුණ්‍යයේ එළිපත්තේ සිටින ගැටවරයාගෙන් මීවිතට පෙම් බඳින්නේ ඇයිදැයි අසා සිටියි...... ගැටවරයා තමන්ගේ හදවතේ තෙරපී ඇති දුක, වේදනවා මිනිසා ඉදිරියේ මුදා හරින්නේ මෙසේය....

    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරා විතින් මා දෙතොල තෙමන්නේ....

    ඇයගෙන් ලද ආදරය නුරහව ගින්නක් ලෙස මහද දවයි.... මා හට සත්‍යය ලෝකයේ සිට මෙම වියෝව උහුලාගත නොහැකිය... එබැවින් මම මීවතින් මත් වෙමි.... මීවෙතන් ඒ ගින්න මැඩ පවත්වමි....

    නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
    හතර වටින් දලූ ලා එනවා

    ඒත්... මීවිත ඔහුගේ විරහව මොහොතකට පලවා හැරියද, නුරාව පලවා හැරීමට එය අසමත් වී ඇත.... ඇයගේ පෙර දවසක ලද උණුසුම ගින්නක් සේ ඔහුගේ හද වෙලා ගනියි... මීවිතෙන් වී ඇත්තේ ඔහුගේ විරහව යටපත් කොට නුරාව ඉස්මතු කිරීමයි.... ගැටවර වියේ හැගීම් ඉස්මතු වී ආලයට නොව රාගයට අත වනන මානයට ඔහු පැමිණ ඇත....

    ගීතය ව්‍යාකූල වන්නේ, සංකීර්ණ වන්නේ අවසන් දෙපේළියෙනි....

    අවන්හලේ මීවිත තනි කරලා
    වරෙන් මලේ පියවර නගලා....

    දැන් ගොදුර දඩයම් කිරීමට සුදුසු මායිමට පැමිණ ඇත... එනම් ගැටවරයාගේ නැගුණු නුරාව සංසිදවීමට මිනිසා සූදානම්ය.... මෙතැනදී ‘මලේ’ යන අර්ථය මල්ලි යන අර්ථයෙන් ගතහොත් මිනිසා ගැටවරයාට නුරාව සංසිඳවා ගැනීමට ආරාධනා කරයි.... එය බොහෝ විට සමලිංගික ඇසුරකට වඩා ගණිකා ඇසුරකට ආරාධනා කිරීමක් යැයි සිතීම සාධාරණය....

    බොහෝ විට මිනිසා ගණිකාවන් සපයන පිම්පියෙකුගේ චරිතයක් විය හැකිය... මන්ද යත් මෙහි තරුණයා ආදර වියෝවෙන් පෙළෙන්නෙකු මිස සමලිංගකයෙකු ලෙස පෙනී නොසිටිනි බැවිනි... එවැනි තරුණයෙක් ෂොට් එකක් දා ගත් පමණින් පිරිමියෙක් හා යහන් ගත වේ යැයි සිතීම විහිලූවකි.... ඒ අනුව මම පිරිමියා ආලයෙන් පැරදී අවන්හල්වල බීමත්ව අරමුණක් රහිතව සිටින තරුණයන්ට ගණිකාවන් සපයා ආදායමක් උපයා ගන්නා පිම්පියෙක් ද...?

    සංවාදයට විවෘතයි....

    ප.ලි. අනෙක් අතට මෙහි ‘මලේ’ යන අර්ථය ‘මල’ ලෙස ගෙන කාන්තාවක් මලට උපමා කර ආමන්ත‍්‍රණය කළේ නම් අර්ථය හාත්පසින්ම වෙනස් වන්නේය.... එවිට පැසුණු පුද්ගලයා හා ගැටවරයා යන දෙදෙනාම ආදර වියෝවෙන් පෙළෙන්නන් වන අතර, ඔවුන් දෙදෙනොම අවන්හලට පැමිණ ඇත්තේ මීවිතෙන් වියෝව දුරු කර ගැනීමටය... එලෙස ගතහොත් ගීතය වෙනස්ම මානයකට අපව ගෙන යන්නේය.... :oo:

    pathfinder_PNG_Face.png

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ මිත්‍රයා.....
    ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....

    වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    මගේ මිත්‍රයා.....
    ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....

    වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......

    :lol::lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මගේ මිත්‍රයා.....
    ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....

    වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......

    අයියණ්ඩි... ඔබේ මානයේ සිට සංවාදයේ නිරත වනු මැන... මා හා එකග වන්නේ ද? නැද්ද ? මීට වඩා වෙනයම් අර්ථයක් තිබේද... නොවලහා පවසනු මැන.... :oo:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම උඹ දාල තියන ලිපිය ගැන නෙමෙයි කියන්නෙ. ඒත් අද කාලෙ ගීත කවි විචාරය කරනව කියල පට්ට බේගල් ඇදබාන්නෙ ගොඩක් දෙනා. වචනයේ අර්ථය විතරක් ගන්න බලන්නෙ. විචාරය ඕනෙ කෙනෙක්ට කැමති විදිහකට කරන්න අයිතිය තියනව. නමුත් අන්තිමට වෙන්නෙ ගීත රචකය හීනෙන්වත් නොහිතපු දෙයක් කියල රචකයාටත් අපහාස කිරීමක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය සින්දුවේ ඉන්න තරුණ එකයි නාකියයි දෙන්නම එක්කෙනෙක් වෙන්න බැරිද.? time travel සින් එකකින් වගේ...:baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම උඹ දාල තියන ලිපිය ගැන නෙමෙයි කියන්නෙ. ඒත් අද කාලෙ ගීත කවි විචාරය කරනව කියල පට්ට බේගල් ඇදබාන්නෙ ගොඩක් දෙනා. වචනයේ අර්ථය විතරක් ගන්න බලන්නෙ. විචාරය ඕනෙ කෙනෙක්ට කැමති විදිහකට කරන්න අයිතිය තියනව. නමුත් අන්තිමට වෙන්නෙ ගීත රචකය හීනෙන්වත් නොහිතපු දෙයක් කියල රචකයාටත් අපහාස කිරීමක්.

    ඕනෑම කලාකෘතියක් විශිෂ්ට වන්නේ ඒකට සැපයෙන අර්ථය විශාල පරාසයක තියෙන කොටයි.... මොනාලීස චිත‍්‍රය අදත ගෞරවයට පාත‍්‍ර වන්නේ එහි අර්ථය තවමත් සොයන බැවිනි.... ඇතැම් විට අද මොනාලිසා ගැන කට්ටිය කියන අදහස් එදා ඩාවින්චි හීනෙන්වත් හිතපු දේවල් නෙවෙයි වෙන්න ඇති.... කලාව කියන්නේ ඒකටනේ...

    අනෙක් අතට ගීතයකට අර්ථ සපයනවා කියන්නේ වචනවල ගැඹුර මනින එකට තමා... ගීතයක වචන අර්ථගන්වන්නේ නැතිව ගීතයක් රස විඳින්න බෑ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියණ්ඩි... ඔබේ මානයේ සිට සංවාදයේ නිරත වනු මැන... මා හා එකග වන්නේ ද? නැද්ද ? මීට වඩා වෙනයම් අර්ථයක් තිබේද... නොවලහා පවසනු මැන.... :oo:
    වරක් පළමු වරට මධු පැන් හලෙක මධු විතෙක් තොල ගෑමට තරුණයෙකු එයට ඇතුළු විය. ඔහු වාඩි වූයේ තරමක වැඩිමල් පුගුලෙකු ආසන්නයේ ය.

    පුතා ඉස්සෙල්ලම නේද මෙතනට ආවේ ශොට් එකක් දාන්න? වැඩිමල් පුගුලා විමසීය.

    ඔව් අංකල් තරුණයා පිළිවදන් දිනි.

    පුතා බාර් එකක් බොන කොට තියනව නෝර්ම්ස් සහ ට්‍රැඩිෂන්ස්. වැඩිමලා පැවසීය. දැන් හොදටම වැදිලා මේකේ යකා නටන්න එහෙම ගත්තොත් හැමොටම අප්සට්. අනික ගෙදර යනකොට වීල් කාරයෝ සුද්දෙ දාන්න පුළුවන්. ඒ නිසා රතු කට්ට පනින්න බොන්න එපා. කොටින් ම අර මේසේ වාඩි වෙලා බොන දෙන්නා හතර දෙනෙක් වෙලා පේනකං බොන්න එපා.

    තරුණයා වැඩිමහල්ලා පෙන්වූ මේසය දෙස බැලීය.

    අංකල් එතන ඉදගෙන ඉන්නේ එක්කෙනයි නේ.................
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම උඹ දාල තියන ලිපිය ගැන නෙමෙයි කියන්නෙ. ඒත් අද කාලෙ ගීත කවි විචාරය කරනව කියල පට්ට බේගල් ඇදබාන්නෙ ගොඩක් දෙනා. වචනයේ අර්ථය විතරක් ගන්න බලන්නෙ. විචාරය ඕනෙ කෙනෙක්ට කැමති විදිහකට කරන්න අයිතිය තියනව. නමුත් අන්තිමට වෙන්නෙ ගීත රචකය හීනෙන්වත් නොහිතපු දෙයක් කියල රචකයාටත් අපහාස කිරීමක්.

    :yes::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕනෑම කලාකෘතියක් විශිෂ්ට වන්නේ ඒකට සැපයෙන අර්ථය විශාල පරාසයක තියෙන කොටයි.... මොනාලීස චිත‍්‍රය අදත ගෞරවයට පාත‍්‍ර වන්නේ එහි අර්ථය තවමත් සොයන බැවිනි.... ඇතැම් විට අද මොනාලිසා ගැන කට්ටිය කියන අදහස් එදා ඩාවින්චි හීනෙන්වත් හිතපු දේවල් නෙවෙයි වෙන්න ඇති.... කලාව කියන්නේ ඒකටනේ...

    අනෙක් අතට ගීතයකට අර්ථ සපයනවා කියන්නේ වචනවල ගැඹුර මනින එකට තමා... ගීතයක වචන අර්ථගන්වන්නේ නැතිව ගීතයක් රස විඳින්න බෑ....
    ඒක නං එහෙම තමා.....
    නමුත් කලා කෘතියකින් විය යුත්තේ රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීමයි.(මෙහෙම කියන්නේ මම නෙවෙයි ඉංගිරිසි ජාතික කාව්‍ය විචාරක රොබර්ට් ෆ්‍රොස්ට්)
    කලා කෘතියක අරුත් පසිදලීමේ දී ජාගර සහ කුණු රසයක් මැවීමෙන් රසිකයා ප්‍රඥාව කරා ඔසවන්නේ කෙසෙ දැයි මට ගැටළුවෙක් පවතී.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හද පොදි බැදි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක නං එහෙම තමා.....
    නමුත් කලා කෘතියකින් විය යුත්තේ රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීමයි.(මෙහෙම කියන්නේ මම නෙවෙයි ඉංගිරිසි ජාතික කාව්‍ය විචාරක රොබර්ට් ෆ්‍රොස්ට්)
    කලා කෘතියක අරුත් පසිදලීමේ දී ජාගර සහ කුණු රසයක් මැවීමෙන් රසිකයා ප්‍රඥාව කරා ඔසවන්නේ කෙසෙ දැයි මට ගැටළුවෙක් පවතී.

    මෙහෙමනේ අයියේ... මම ඇපල් ගෙඩියක් හිතේ තියාගෙන වර්ණනාවක යෙදෙනවා... ඒ වුණාට බහුතරයකට ඒක පැපොල් වෙනවා නම් මොකද වෙන්නේ.... ගීතයක පද භාවිතය අනුව ගීතයක් විචාරනවා වෙනුවට අපි රචකයාගේ අභ්‍යන්තරයට කිදා බහින්න බෑ... දවසක රචකයා කියනවා මම හිතුවේ මෙහෙමයි කියලා... හැබැයි හිතපු එක නෙවෙයි විද්‍යාමාන එක නෙවෙයිද වැදගත්... අනෙක් අතට කලාකෘතියක කුණු රසය තියෙන්න බැරිද...?
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    වරක් පළමු වරට මධු පැන් හලෙක මධු විතෙක් තොල ගෑමට තරුණයෙකු එයට ඇතුළු විය. ඔහු වාඩි වූයේ තරමක වැඩිමල් පුගුලෙකු ආසන්නයේ ය.

    පුතා ඉස්සෙල්ලම නේද මෙතනට ආවේ ශොට් එකක් දාන්න? වැඩිමල් පුගුලා විමසීය.

    ඔව් අංකල් තරුණයා පිළිවදන් දිනි.

    පුතා බාර් එකක් බොන කොට තියනව නෝර්ම්ස් සහ ට්‍රැඩිෂන්ස්. වැඩිමලා පැවසීය. දැන් හොදටම වැදිලා මේකේ යකා නටන්න එහෙම ගත්තොත් හැමොටම අප්සට්. අනික ගෙදර යනකොට වීල් කාරයෝ සුද්දෙ දාන්න පුළුවන්. ඒ නිසා රතු කට්ට පනින්න බොන්න එපා. කොටින් ම අර මේසේ වාඩි වෙලා බොන දෙන්නා හතර දෙනෙක් වෙලා පේනකං බොන්න එපා.

    තරුණයා වැඩිමහල්ලා පෙන්වූ මේසය දෙස බැලීය.

    අංකල් එතන ඉදගෙන ඉන්නේ එක්කෙනයි නේ.................

    නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
    හතර වටින් දලූ ලා එනවා-