අධ්‍යාපන චාරිකාව යන්න සිසු සිසුවියෝ අරක්
අධ්‍යාපන චාරිකාව යන්න සිසු සිසුවියෝ
අරක්‌කු ගෙනැවිත්
විදුහල්පති බෝතල් කුඩුකර සිසුන් පන්නලා
අර්වින් රෝයි සිල්වා - වැල්ලව
කීර්තිමත් පුද්ගලයකුගේ නමින් නම්කර ඇති කුරුණෑගල නගරයේ සුප්‍රසිද්ධ මිශ්‍ර පාසලක එකොළහ වසරේ සිසු සිසුවියන් පිරිසක් බස් රථ හතරකින් පසුගිය සිකුරාදා ත්‍රිකුණාමල ප්‍රදේශයට අධ්‍යාපන චාරිකාවක් යාමට කටයුතු සංවිධානය කර ඇත.
එදින අළුයමින් පාසලට පැමිණි විදුහල්තිතුමාට සිසුන් චාරිකාවට මත්පැන් රැගෙන යන බවට හෝඩුවාවක් ලැබී ඇත.
වහාම ක්‍රියාත්මක වූ විදුහල්පතිතුමා බස්‌රථ වලට නැග සිටි සිසු සිසුවියන් එයින් බස්‌සවා සිසුන්ගේ ගමන් මලු පරීක්‍ෂා කර ඇත. එවිට දැක ගැනීමට ලැබුණේ සිසුන් කීපදෙනෙකුගේ බෑග් තුළ මි.ලී 750 ගල් අරක්‌කු බෝතල කීපයක් හා තවත් පිරිසකගේ බෑග් තුළ කුඩා ප්‍රමාණයේ මත්පැන් බෝතල තොගයකි.
එයින් නොනැවතුන විදුහල්පතිතුමා තරුණ සිසුවියන්ගේ ගමන් මලුද පරීක්‍ෂාකර ඇත. එවිට දැක ගැනීමට ලැබුණේ සිසුවියන්ගේ බෑග් තුළ බියර් කෑන් ඇති බවයි.
මෙයින් අධික කෝපයට පත් විදුහල්පතිතුමා විදුහලේ සේවකයෙකු ලවා සියලුම මත්පැන් බෝතල කුඩුකර දමා චාරිකාව වහාම අවලංගු කර සිසුන් විදුහලින් එදින පන්නා දමා ඇත.
සිසුන්ගේ මවුපියන් කෙතරම් ඇවිටිලිකළත් විදුහල්පතිතුමා එයට අවනත නොවී බස් රථ වලට ගමන් ගාස්‌තු රු.10,000 බැගින් ගෙවා හරවා යවා ඇත.
විනය විරෝධීව කටයුතු කළ සිසු සිසුවියන්ට එරෙහිව ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බැව් විදුහලේ ප්‍රකාශකයෙකු 'දිවයින' ට පැවැසීය.