අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයකටත්, රාජ්‍ය සේවකයින් සඳහා මාස 06 කාලයකට අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
එම කාල සීමාවේදී ණයවර ලිපි විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. රුපියල අවප්‍රමාණයට ලක්වීම සිමා කිරීම මෙම තීරණය ගැනීමට හේතුවයි.
එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සදහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනේ වටිනාකමෙන් 50% කට පමණි. මුලින් එය 70%ක් ව පැවතියා.
බස්, ලොරි, ගිලන් රථ හැර වෙනත් වාහන සදහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට 200 ක තැන්පතු අවශ්‍ය බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.
මේ අතර ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, රූපවාහිනි, සුවද විළවුන්, ජංගම දුරකථන සහ අනෙක් දුරකථන, රෙදි සෝදන යන්ත්‍ර, ටයර් සහ පාවහන් ආනයනය කිරීමේදී එම භාණ්ඩ වල වටිනාකමෙන් 100% ක තැන්පතුවක් තිබීම අනිවාර්ය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
රජය අඛණ්ඩව විනිමය අනුපාතයන් වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මුදල් හා ජනමාධය අමාත්‍යාංශය නිවේදනය කරනවා.